Posts Tagged ‘රම්බාගේ කථා’

කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් චාන්ස් එකක් ආව දෙයියනේ කියල නිදහසේ පෝස්ට් එකක් දාන්න.පහුගිය දොහේ ඔෆීසියෙන් බ්ලොග්ස්පොට් ,වර්ඩ්ප්‍රෙස් තහනම් කරලා දාල තිබ්බ නිසා හරිහමන් වෙලාවක් අහුවුනේම නෑ පෝස්ටුවක් දාන්න.හවසට වැඩට එන නිසා මහ රෑ ජාමෙ ගෙදර ගියාට පස්සෙ ආයෙ කොහෙද බ්ලොග් කෙරුවාවට ඉඩක්.

හරි හරි අටුවා ටිකා ටිප්පනි ඔනි නෑ කථාව පටන්ගමු නේද.

මේක වුනේ මට මතක හැටියට 2005 ඒ කියන්නෙ අපි දෙවෙනි පාරට කැම්පස් යන්න හිතන් විභාගෙ කොරපු කාලෙ.

ඔය කාලෙ අපේ කස්ටියගෙන් හෙන ගැන්සියක්ම නැවතිලා හිටපු තැන තමයි මිරිහානේ බෝඩිම.හෙ හෙ ඕනි තරම අපේ එවුන් ඕකෙ ඉදලා ඇති ඉහේ කෙස් ගානට…

ඕන්න දැන් විභාගේ ටික ටික ලං වෙන්න වෙන්න අපේ කස්ටියගෙ ඉවසීම බොහෝම දරුණු වීගෙන යනවා.මොකෝ ඉතින් ක්ලාස් ගිහිල්ල පාඩම් කරපු එකක්යැ.අවමෙන් කියනවනම් ක්ලාස් වත් ගියායැ.ඒ අවුරුද්දත් කරේ කලින් අවුරුද්දෙ වගේම “අප්පමාදෝ අමතපදං” තමයි.ඕව බොලව් අපිට කියල දුන්නෙ ස්කෝලෙන්ම තමයි.මොකෝ බොරුද මම අහන්නෙ??

ඔන්න දැන් දැන් කට්ටියටම විභාග භීෂනේ දැනෙන කාලේ.අනේ මගෙ දෙයියනේ ලංකාවට හෙන නියඟයක් දෙන්න,ගංවතුර ගලවන්න,බෝම්බ ගස්සන්න විභාගේ තියාගන්න බැරිවෙන්න මොකක් හරි කරලා දෙනන කියල කන්නලව්ව පටන් ගන්න කාලෙ.එක්කොත් මාව වැටියන් තුවාල වියන් අතක් කැඩියන් ඔන්න ඕව එහෙමත් හිතෙනවනොවැ විභාගේ මඟාරින්න හිතුනම.

ඔන්න ඒ පාර අපේ එකෙකුට කල්පනා වුනා බොලව් එකනෙ මරුම වැඩේ මම අත කඩාගන්නවා කියල.

ඇහ්:… අපි තිෂ්නිම්භූත…

නෑ නෑ යකොව් බොරුවට දානවා අතට ගල් බැන්ඩේජ් එකක්…

ආයෙ ඉතින් විභාගෙ ලියලා ඉවරයි.හෙහ් හෙහ්..

පිස්සුද බං අපි කොහොමද ඕව දාන්නෙ අපි දන්නවද යකෝ ඕව දාන්න..

පිස්සු ඉදපන් මම කියල දෙන්න කියල මේක අපිට ෆුල් ශාස්ත්‍රීය දේෂනයක් දුන්න ගල් බැන්ඩෙජ් පරම්පරාව ගැනම.වෙන මොකවයින්වත් නෙවී බොලව් පළපුරුද්ද පළපුරුද්ද ඕකගෙ කලිනුත් අත කැඩුනනෙ සෙල්ලම් කරනකොට..

ඔන්න ඉතිං කොහොමෙන් කොහොම හරි අපිත් එකඟ වුනා වැඩේට.
හවස් වරුවෙ නුගේගොඩට ගිහිල්ල බැන්ඩේජ් ප්ලාස්ටර් ඔෆ් පැරිස් , පුලුන් වගේ අවශ්‍ය කලමානා ටිකත් ගෙනාවා.වැඩේ පටන් ගත්තෙ රෑ වෙලා. හොර වැඩ රෑ වෙලාම කොරන්නෙ ඇයිද කියලා අදටත් මටනම් ප්‍රශ්ණයක්.හික්.. 🙂

කට්ටිය ආධුනික වුනාට මොකද පැයක විතර මෙහෙයුමකින් පස්සෙ ලස්සන ෆිනිශිං එක්කුත් එක්ක ගේම දුන්නා.දැන් හරි බොලව් උරමු බටයක්..

හුටා යකෝව් කෝ සිගරට්..අඩේ බංකරයක් හරි තියේනම් දියව් කියලා කස්ටිය ගජරාමෙට හොයනවා.මොන..එකක්වත් අහුවුනේ නෑ නොවැ කරුමෙට.නිකමට හිතලා බලපල්ල කොල්ලෝ තොගයක් ඉන්න තැනක මේ වගේ සීරියස් වැඩකින් පස්සෙ බොන්න සිගරට් එකක් නෑ කිව්වම.ඇඩෙනවා.

අඩෝ රම්බා ඇඹුල්දෙනියෙ කඩේ මේ වෙලාවට ඇරලද බං?

මම කොහොමද දන්නෙ බං සමහර විට ඇරලා ඇති යමන් ගිහින් බලමු..

ඔන්න දැන් අපි කස්ටිය බෝඩිමේ තාප්පේන් පැනල එහෙම පයින් යනවා ඇඹුල්දෙනියට.ඔව් ඔව් අත කැඩිච්ච එකත් ආව තමයි අමාරුයි අමාරුයි කියන්නැතිව.

හපොයි කියන්න අමතක වුනානෙ මේ කාල චන්දයකුත් ඔන්න මෙන්න කාලෙ පාරෙ හැම තැනම පෝස්ටර්ද අරවද මෙවද පිරිල.ඔන්න එක පාරටම පොලිස් ජීප් එකක් අපිව පහු කරන් ගියා.අපේ මොකෝ බොලව් අපි වරදක් කරලයැ.අපි පාඩුවේ ගියා ගමන.

අනේ සංසාරේ කරුමෙක මහත මෙලෝ බලු බල්ලෙක් නෑ ඇඹුල්දෙනිය හන්දියේ.කඩත් තිබ්බ වහල දාලනම්.හුහ් අපි පරදියි හැරුනා අනිත් පැත්තට යමව් නුගේගොඩට.

කස්ටියම ආපහු නුගේගොඩට යන ගමන පටන් ගත්තා.අම්මපා සිගරට් එකක් හින්ද කොල්ලො කොච්චරනම් කට්ට කනවද කියල මතක් වෙනකොටත් පුදුම දුකක් හිතට දැනෙන්නෙ..යන්තම් ගාටලා ගාටලා නුගේගොඩට සේන්දු වුන කස්ටියම බඩකට පුරා පරාටා සප්පායම් වුනේ ඇවිද්ද දුක තුනී වෙලා යන්නත් එක්කම.

ඊට පස්සෙ ඉතින් කොහෙද බොලව් ඉස්සර ඔය තිතට මත සීන් එකක් තිබ්බෙ නෑ නොවැ.කඩේ අස්සටම වෙල ලෝර්ඩ් පකීර්ලා වගේ ගෝල්ඩ් ලීෆ් ගැහුවා අර තිබ්බ සංකාව නැති වෙනකන්ම.
මදි පාඩුවටත් සිගරට් ස්ටොක් කරගත්ත අපි ආපහු ඔන්න මිරිහානේ බෝඩිමට පයින් යන මහා සංග්‍රාමය දියත් කරා.

ඔය මිරිහානට යන අතරමග තමයි ජුබිලි කණුව තියෙන්නෙ.ඔන්න ජුබිලි කණුව හන්දියේ තියෙනවා බිම දැම තැනම විසි කරලා දාපු ජන්ද පත්‍රිකා.දුකේ බෑ අපේ ග්‍රේරු සර්ගෙ ඒවත් තියෙනවා බොලව්.මෙහෙව් දේවල් වලට ඉඩ දෙන්න පුලුවන්ද අපි ජීවත්ව ඉන්නකම්.අපි හිතේ දුකටත් එක්ක සර්ගෙ ජන්ද පත්‍රිකා ටිකකුත් එක්කහු කොර ගත්තා.

සිගරට් පාරකුත් උර උරම ගිය අපි මිරිහාන පොලිසිය පහු කරලා තියෙන කන්ද නැගල ඉවර වුනා විතරයි අපි හැරෙන්න ඕනි ගල්වල පාර පෙනි පෙනීම නැවැත්තුවේ නැද්ද බ්‍රාස් ගාල පොලිස් ජීප් එක.

දන්නවනෙ ඉතිං ලංකාවේ පොලිස් මාමලාගෙ සෙල්ලම් බැස්ස ගමන් මාවයි ළඟ හිටපු එකයි දෙන්නගෙම ඔළු වලින් අල්ලලා හැප්පුවේ නැද්ද තරු පේන්න.අපි එකෙකුටවත් හිතාගන්න දෙයක් තිබ්බේ නෑ.ලොවෙත් සඳ පෝරියල් එකක් දුන්න පොලිස් මාමාල ර්‍රට පස්සෙ තමයි අපෙන් විස්තර අහන්න ගත්තෙත්.

අපේ හත්මුතු පරම්පරාවෙම මළ ගිය ඤාතීන් සිහි කරන්න තරම් මතකයක් තිබ්බ උන්නැහෙලා ටික අපේ අතේ තිබ්බ ග්‍රේරු සර්ගෙ ජන්ද පත්‍රිකා ටික සමඟ පුදුමාකාර වෛරයක් පෙන්නුම් කරා.යන්තම් වැදලා කිවට පස්සෙ තමයි උන්ටත් තේරුනේ මේවා අපිට උගන්වන සර්ගේ අපි හිතේ දුකට ගෙදර අරන් යන්නෙ කියලා.

ඊට පස්සෙ කස්ටියවම ජීප් එකට දාගත්ත මාමලා අපිට අමු තිත්ත කුණුහරුපෙන් සංග්‍රහ කොරන ගමන්ම තව වට ටිකක් වත්ත වටේ කැරකිලා අපිව බෝඩිමට දාන්න තරම් කාරුණික වුනේ අහවල් රෙද්දකටද කියල මටනම් හිතාගන්න බෑ.හික් හික්.

බෝඩිම ළඟටම යන්න බැරි ජීප් එක මඟ නතර කරපු මාමාලා අතරින් එක පොරක් මාවත් ඇඳගෙන ගෙදර වුන්ට අපිව බාර දෙන්න ගියා.අනිත් වුන් තාම ජීප් එකේ.මම ගැහි ගැහී ඌත් එක්ක යනවා.යනවා කීයට ඇඳගෙන යනවා බොලව්..

හුටා කෝ බොලව් මේ ගේට්ටුව ඇරෙන්නෑ නොවැ.ඒක ලොක් කොරලා.

මම අහිංසම බැල්මක් දැම්ම.

තොපි ගිහිල්ලා තියෙන්නෙත් ගේට්ටුවෙන් පැනල බල්ලො.ගිය විදියටම ඇතුළට ගිහින් ඇරපිය ගේට්ටුව.

මමත් ඉතිං මගෙ අතේ තිබ්බ දු.ක පොරට දීල ගේට්ටුව තරණය කරන්න හඳනකොට මම දැක්ක පොලිස් කාරය පොඩ්ඩක් ගැස්සුනා.ඇයි බොලව් අපි වගේ හින්නිකිතර පොඩි එව්වො ගාව දු.ක ක් තියෙනවා කියන්නෙ ඒ කාලෙ හැටියට අපිත් සැලකිය යුතු පොරවල් වෙන්නැති කියල පොරට හිතෙන්නැති.

කෙලින්ම අපි හිටපු උඩ තට්ටුවට ගියපු පොර එක දොරක් පෙන්නලා මේක අරිනවා කියපි.හත් දෙයියනේ අපි අරූගෙ අතේ ගල් බැන්ඩේජ් එක දාපු කාමරේ.මේක ඇරිය කියන්නෙ අපි හැමෝම ගස් කියල ගැහි ගැහී මම දොර අරින්න හැදුවා.මොන … ම්ම්ම්ම්හු.. මරු අඩේ දොර ලොක් කරලා.ලොක් කරපු දොරක් නිසා එච්චර සතුටක් මට මේ තාක්කල්නම් හම්බෙලා නෑ.

බෑනෙ ඇරෙන්නෑ.ලොක් කරලා.. යතුර ඇත්තෙ අර ජීප් එකේ ඉන්න කෙනෙක් අතේ තමයි

මම ෆුක් ගටෙන් කීවා..
හ්ම්ම් කමක්නෑ එහෙනම්..

යමන් යටට කියපු පොර මාවත් ඇදන් පඩිපෙල දිගේ පල්ලෙහාට ගියා.
බෝඩිමේ ඇන්ටි නිදන කාමරේ ළඟට.

මාත් ඉතින් ඇන්ටී ඇන්ටී කියල කතා කොරල නොදන් හිටපු ඇන්ටියි අන්කලුයි ඇහැරවා ගත්තා

ඒ දෙන්නා ලොවෙත් බයවෙලා.ඇයි යකඩෝ මහ රාත්‍රීයේ ඇහැරලා බලනකොට කොස්සෙක් ගේ අස්සෙ ඉන්නව දැක්කම අප්සට් නොයන්නෙ මොකාටද..

මූ ඒ පාර ප්‍රශ්න අහනවා ඒ දෙන්නගෙන්.

කී දෙනෙක් ඉන්නවද..බ්ලා බ්ලා බ්ලා…

ඊ ගාවට අත කැඩිච්ච කෙනෙක් ඉන්නවද?

ඈහ් ඇන්ටිගෙ කට හොඳටම ඇරුනා..

ඇයි ඇන්ටි අර ___.පොරගෙ අත ආයෙම කැඩුනනෙ…

ආහ්..

කොහොමින් කොහොම හරි අපිටයි ඇන්ටිලාටයි අවවාද පාරක් දාපු පොලිසිය යන්න ගියා..

හැබැයි ඊට පස්සෙ අහන්න වුනු මෙන්න මේ කථා දෙක මටනම් තාම හිතාගන්න බෑ.

1.මම බෝඩිම පෙන්නන එන අතරෙ ජීප් එකේ හිටපු වුන්න පොලිසියේ එකෙක් කියලා අපි දැක්ක උඹල කලිනුත් යනවා ඇඹුල්දෙනියට තොපි කන්න ගියේ කියලා දන්නවා තොපේ වැරැද්දකුත් නෑ කියලා දන්නවා කියලා..

ඇයි යකෝ එහෙනම් මොන රෙද්දකට අපිට වද දුන්නද…@#$@#%&

2.පහුවදා ආපු ඇන්ටි.

බලන්න පුතා මේ පොලීසියේ මිනිස්සුන්ගෙ වැඩ.මම සමහර දවස්වලට ඇදුම් නැතුව නිදාගන්නෙ.ඊයෙ යන්තම් ඇදන් හිටියා.එහෙම නැතුව හිටපු දවසක එහෙම ආවනම්….

හපෝයී…@#$$%^$&

ඔන්න එහෙනම් මම ආයෙම හොස්ටල් කථාවක් ගෙනාවා.පුකෑෂ් කිරිල්ල කියද්දි මම කීවනෙ හැම දේටම වෙනම උප සංස්කෘතියක් තියෙනවා කියලා.

මේකත් ඒ වගේ උප සංස්කෘතියක් තිබ්බ වැඩක් තමයි.වෙන මොකවත් නෙවී හොරෙන් රෑට තැඹිලි බෑම.

සාමාන්‍යයෙන් ලස්සනට වලු(තැඹිලි වලු හොදේ) දිලිසි දිලිසි තියෙන පොට් දෙකක් තියෙනවා.එකක් ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ.අනික අල්ලපු වත්තෙ තියෙන පල්ලියේ තැඹිලි ගහ.

මේ ගස් නගින වැඩේට හිටපු හොඳම එකා තමයි කොටා හෙවත් මීයා.අපේ සෙට් එකේ හිටමු මිටිම එකා.අපි මේකව මෝරා කරන් ගස් නග්ගනව කියලා මීයා හිටියෙ වැඩි හිත හොදකින් නෙවී.

කොහොමටත් ඉල්ලුම වැඩිවුනාම අපේ වුන්ගේ අහවල් එක ඉහලට එනවනොවැ.මේකා දැන් ගස් නගින්න බෑම කියනවා.

මටත් ඉතිං මේ කෙරුවාව බලන් ඉන්න බැරිම තැන ආව.තොට බැරිනම් ඉඳපන් මම නඟිනවා කියල මම සෙට් වුනා.

මේ කීවට ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ තිබ්බ තැඹිලි ගහේ යට ටිකේම කම්බි කටු ඔතල තිබ්බ නිසා මේක නගිනව කියන්නෙ ලේසි පහසු කෙරුවාවක් නෙවෙයි.

ලේට් ස්ටඩිය එහෙම ඉවර වෙලා රාත්‍රී ජාමේ අපි පිටත්වුනා හොර තැඹිලු බෑමට.සද්දෙ ඇහෙන නිසා මම කඩල දාන තැඹිලි ගෙඩි කවුරු හරි අල්ලන්නෝනි කියලා කතාවෙලා මම අර කටු කම්බි තරණය කරලා හෙනම ගේමක් දීල කරටියට ළගා වුනා.

ඔන්න පුතේ පළවෙනි ගෙඩිය කැඩුවා.යකෝ අල්ලන්න එකෙන් නෑ කියාපියව්කො.නගින්න කලින් හැමෝම පොරකෑව මම අල්ලන්නම් ඕක මොකක්ද කියලා.

මට නේද මාරයා.මම බහිනවා යකෝව් එකෙක්ව්ත් අල්ලන්නැත්තම්.

පිස්සිද බංඋඹට යකෝ ඔච්චර උඩ ඉදන් දාන තැඹිලි අල්ලන්න පුලුවන් කාටද මේ කළුවරේ ඔන්න ඔහෙබිමට දාපන් බං.
යටින් කියාපි.

මට තවත් මල.මචං සුසිල් උඹ අල්ලපන්..පොර තමා මම තැඹිලි අල්ලන්න ඔෆීසියලි බාරදීල ගහට නැගපු පොර.

එළ එළ උඹ දාපන් මම අල්ලන්නම්.

මටත් හෙන සැටිස්.ඔන්න මචෝ එහෙනම්.

මොන එකෙක්වත් පේන තෙක් මානෙක නෑ.තැඹිලු ගෙඩිය බිම..

අඩේ ඒක මිස් වුනා බං අනික අල්ලනව අනිවා..

එළ ඔන්න එහෙනම්..

එකත් බිමනෙ යකෝ කව්ද අල්ලන්නෙ.

කොහොමින් කොහොම හරි ඔහොම ගෙඩි ටිකක් බෑව.

හරි ඔන්න එහෙනම් මේකත්..

මචෝ සුසිල් සුසිල් අල්ලපං…

මම කීවත් එක්කම මෙන්න කරටියට ටෝච් එළියක්..

මට හීන් දාඩිය දාල දෙලෝ රත් වුනා.

හුටා ස්කෝලෙන් දොට්ට තමයි පුතේ..

කරුමෙ කියන්නෙ මේ ආපු පොරගෙත් නම සුසිල් කියපන්කො..පොර ස්කෝලෙ සේවකයෙක්..මම අපේ සුසිලට කථා කොරාට ඇවිත් තියෙන්නෙ මේ සුසිලා.

ආ මහත්තයා පරිස්සමෙන් බහින්නකො කියල මේකා කියාපි.

මම බහී ඒව කොහෙද?

ටික වේලාවක් බලන් ඉදල ඒ සුසිල යන්න ගියා.

මම දඩි බිඩි ගාල ගහෙන් බැහැලා අපේ වුන් හොයන් ගියා.

මුන්නම් මහා පාදඩ රෑනක් අම්මපල්ල මම එන්නත් කළින් සුසිලට බයේ දුවපු මුන් තැඹිලි ගෙඩි ටිකට වග කියලනොවැ.මට යන්තං ඩිංගිත්තක් උඟුරක් හම්බුනා.

කටු කම්බි තරණයෙන් යටිපතුලෙ ඇතිවුන හිල් ටිකට පහන් තිරේක තෙල් රත් කොරලා වක් කරගත්තෙ අම්මා අතින් ගමේ ගියාම.

දන්නවනෙ රම්බට කලින් වුන චාටර් සීන් මේකත් ටිකක් ඒ වගේ.හැබැයි මේ චාටරේ අනිත් පැත්තට හැරෙන්න අවුරුදු 2 ක 3ක් රම්බට බලන් ඉන්න වුනා.හෙ හෙ බොරු බයිලා නැතුව එහෙනම් සිද්ධියට බහිමු.

මේක වුනේ රම්බා හා හා පුරා කියල හොස්ටල් එකට ආපු අවුරුද්දෙ.ඒ කියන්නෙ අපි එතකොට 6 වසරෙ.ඒ වෙනකන් අපි කොච්චර දැනුම එකතු කරල තියෙනවද කියනවනම් කුණුහබ්බ එහෙම හොඳට දන්නව රම්බනම් ඒ කාලෙ.

ඒත් ඉතිං හැමෝම එක වගේ නෑනෙ.හොද හුරතලේට ගෙවල් අස්සෙම හැදිලා කුනුහබ්බයක් අහලවත් නැති උනුත් ඉන්නවනේ.

ඔන්න ඉතිං දවසක් රම්බා කස්ටියටම තෙලක් බෙද බෙද ඉන්නකොට එකෙක්ට ඇති වුනා ප්‍රශ්නයක්.වෙන මුකුත් නෙවී ළමයි හම්බෙන්නෙ කොහොමද කියල.(මේකට මේක ඇතිවෙන්න 6 වසර වෙනක් ඉන්න ඕනිද කියල හිතෙනවද?).

මාත් ඉතිං හුදී ජන පහන් කරවන්න දැනුම බෙදා හදා ගන්න ආස හින්ද පැනල කියපි
“ළමයි හම්බෙන්නෙ හි___ කියල.”

හප්පොච්චියේ කස්ටියගෙම මූණවල් දෙක තුන වෙලා බෙරි වෙලා ගියා.කස්ටියටම ෆුල් අප්සැට් වැඩේට.මුන් කුණුහබ්බෙ දන්නවා උනාට තමන්ගෙ අම්මයි තාත්තයි සම්බන්ධයි කියල හිතල නෑ මෙච්චර කල්.

ඕන්න දැන් හැමෝම එක පැත්තක් මම අනිත් පැත්තෙ.ඔය අස්සෙ අර තක්බීර් වෙලා ඉන්න වුන් වෙනුවෙන් නියොජිතයෙක් නැගිටල (බිග් තොලා) මෙන්න මෙහෙම අදහස් ප්‍රකාශ කරා.

“උඹලගෙ අම්මල තාත්තලානම් ඕවා කරන්නැති අපේ අම්මල තාත්තලානම් ඕව කරලා අපිව හදලා නෑ.මම දන්න නැන්ද කෙනෙකුයි මාමෙකුයි හිටිය එයාල ඕව කරේ නෑ එක ඇදේ නිදියලා එයාලට ළමේකුත් හම්බුනා.”

හුටා කෙළල වරෙන්කො එහෙනම් අල්ලපු ගෙදර එකාද කරෙ බොලං.

ඔන්න ඉතිං මාත් හඬ අවදි කරා “උඹ කොහොමද එහෙම කියන්නෙ ඒ අය කරද නැද්ද කියල උඹ දන්නෙ කොහොමද කියලා?”

මේ යකා ඉත්තේරුවෙන්ම සපථ කොරනවානොවැ උන් 2න්න වැඩේ නොකර තමයි ළමයි හම්බුනේ කියා ඒ මදිවට අලි මදිවට හරක් කියලා අනිත් වුනුත් කියනවනොවැ ඒ 2න්න ඕක කොරේමනෑ කියලා.

කොහොමින් කොහොම හරි මම පිලිගත්තා අනේ අපේ අම්මයි තාත්තයිනම් කරල තමයි මාව හැදුවෙ කියලා.අනිත් පැත්තෙ තිබ්බ මහා ජන බලවේගය උන් එහෙම නැතෙයි කියලා මාව චාටර් කරලා පුදුමාකාර සතුටින් විසිර ගියා.මාත් ඉතිං ඔහේ හිටියා.

කොකාට වාරයක්නම් තිත්තයාටත් වාරයක් තියෙනවා කියනවනෙ ඔන්න පුතෝ කාලෙ ගත වෙලා කස්ටියම මේවා ගැන සක්සුදක් සේ පැහැදිලි කරගත්ත කාලේ ආවා.දැන් මගේ වාරෙ මාත් දෙනව බැස්ටිය දුටු තැන.

:අඩෝ උඹලගෙ අම්මයි තාත්තයි ඕව කරල නෙවේද උඹ හම්බුනේ”

හි හි කොල්ලා ශේප් නියාය දාල මාව මඟ ඇරල යනවා එතකොට.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්.
crushable.com
ehow.com

රම්බගේ පුංචි කාලෙ කතාව අම්මේ දූෂණය කරනවා කියන්නෙ මොකක්ද? තමයි ඔන්න බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදන් දාපු පෝස්ට් වලින් වැඩිම ප්‍රේක්ෂකයො ගානක් බලපු පෝස්ට් එක.ඒ හින්ද මේ සීරීස් එකේම ඉතුරු චාටරුත් මේ එක්කම කියල දාන්න හිතුනා.අනේ ඉතිං අපේ උනුත් කුනුහබ්බයක් තිබ්බොත් විතරනේ අපි වගේ උන්ගේ පෝස්ට් බලන්නෙත්.

මේකත් ටිකක් කලින් එක වගේම තමයි ඔන්න දවසක් මායි අයිය කාරයයි සෙල්ලම් කර කර ඉන්නකොට මේ යකා මොකකද සීන් එකකට( කරුමෙට මට මතක නෑනෙ සිද්ධිය ) හු__ කියල කීව නොවැ.මටත් ඉතිං ෆුල් හැපී දැන් ඉතිං මුගෙ සෙල්ලම් ඉවරයි දෙන්නම් මූට බ්ලැක් මේල් පාර කියලා.ඇයි ඉතිං අයිය කාරයාගෙ ලොකු සීන් වලට බැස්ටිය දුන්නැකිනෙ මට.ආයෙ ඉතිං මම ඕක අම්මට කීවම මූගෙ සීන් එක ඉවරයි කියල තමා මට කල්පනා වුනේම.

මාත් ඉතිං කික් කරලා වාහනේ ස්ටාර්ට් කොරගෙනම කෙලින්ම “අම්මේ” කියල ලව්ඩ් ස්පීකරේ දාගෙන ගියා අම්ම හොයගෙන.මේකත් ඉතිං මගෙම අයියනොවැ මේ යකා ඒ හදිස්සියට මටත් හොරෙන් කලින්ම අම්ම ළඟටම ගිහින්.මාත් කෙලින්ම ගියා අම්ම ලඟට.ගිහින් හොදට උගුර පාදලා එහෙම දුන්න මෙහෙම ටෝක…

මම : අම්මේ…..
අම්ම : හ්ම්ම්ම්..
මම : අම්මෙ අයියා කුණුහරුපයක් කීවා.

කලින් පෝස්ට් එක එහෙම කියවලා තියේනම් මේ වගේ අවස්තාවලට රම්බගෙ අම්ම ප්‍රතික්‍රියා කොරන හැටි දන්නවනොවැ.එලෙසමයි සීන් එක වුනෙත්..ම්ම්ම්හ් අම්ම නෙවී කට ඇරියෙ.මට ඉතින් එදත් හිතුනෙම අම්මට කන් ඇහෙන්නෑ කියලම තමයි හෙ හෙ ..මට ඉතිං උපරිමේ මළ මේ සීන් එකට ඇයි යකඩො දෙන්නෙපැයි අයියා කාරයට හොඳ සබ්බුවක් හරිනම් ආයෙ කුණුහරුප මතක් නොවෙන්නම.

අයියා කීවට මේක හෙනම දසයා.මේකා ඇහුවනවැ අම්ම ඉස්සරහ

“මොකක්ද මම කිව්ව කුනුහරුපෙ කියල”

කාල වරෙන්කො..දැන් දීපංකො ඉතින් උත්තර.රම්බ දැන් විලිලැජ්ජාවෙ ඇඹරෙනවා.අම්මගෙ මූණ බැලුවට අම්මත් ඔහෙ දන්නෑ වගේ ඉන්නව.මහපටගිල්ලෙන් සිමෙන්ති පොළව කන්න හඩන්නවා රම්බ විලිලැජ්ජාව වහගන්න.

ඒ පාර මේක බැලුවා යකඩෙ රත් වුන වෙලාවෙ තලාගන්න ඕනි කියලා පොර දැන් අම්ම ඉස්සරහ වීරය වගේ මගෙන් ප්‍රශ්ණ කරනවා.

“මම මොකක්ද කිව්වෙ,තමුසෙ කොහොමද දන්නෙ” කිය කියා.

ඔන්න ඉතිං පුතේ මගෙත් රතු කට්ට පැන්න. මාත් ඇදල ඇරියා අම්ම ඉස්සරහම ..

අම්මෙ අයියා හු__ කිව්වා කියලා.

අම්ම ඒත් සද්දයක් නෑ බොලව්..මෙන්න ඒ අතරේ අයිය කාරය

“හරි හරි දැන් තමුසෙත් කුණුහරුපයක් කීවා කියලා හෙන සතුටින් එතනින් දුවන් ගියා නොවැ.”

කාලා වරෙන්කො ඉතිං මමත් ෆුක් තක්බීර්

මට ආතක් පාතක් හිතාගන්න බැරිවුනා ඒ වුන වැඩේට.කිව්වත් වගේ දැන් මාත් කුණුහබ්බයක් අතෑරලා නොවැ.ඒකත් අම්ම ඉස්සරහම.ඔහොම අට මඟුලක් තමයි වුනොත් වෙන්නෙ මටත්.

ඊට පස්සෙ ඉතිං රම්බත් හීන් සීරුවේ ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ එතනින් ලිස්සලා ගියා.

මට ඒත් තාම හිතාගන්න බැරි මටත් කලින් අයියා කාරයා අම්ම ළඟට ගිහින් මොකක්ද කීවෙ කියලා.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
stockphotos.it
livestrong.com