Posts Tagged ‘පිස්සෙක්….’

පිස්සෙක්….

ඔව් හරියටම හරි පිස්සෙක් තමයි වචනේ..

ඔය උඩිනුත් මාතෘකාවට දාල තියෙන්නෙ..

හිතනවද ඒක බහු වචනයක් නෙවී කියලා…

මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..ඒ මෙතනට එන්න කලින් විතරයි..

මෙතන ඉන්න හැමෝටම කියන්නෙ පිස්සෙක් කියලා…

නම් ගම් පරම්පරා වාසගම් හණ ගැහිලි ඔය මොකුත් වලංගු නෑ.උඹලා ඇඟිල්ල දික් කරල පිස්සෙක් කියල පෙන්නන හැම වාරෙම අපි හැමෝටමයි ඒ ඇඟිල්ල දික් වෙන්නෙ.ආයෙම කියනවා වචනෙ පිස්සෙක්.ඒක බහු වචනයක්…

මොකක්..නෑ පිස්සෝ කියන්නෙ බහු වචනේ නෙවේ.පිස්සු තොපිට..බහු වචනේ වෙන්නෙ පිස්සෙක්..

බීඩියක් ගන්න සල්ලි තියෙනවානම් මේකෙ තමන් වටා කැරකැවෙන ප්‍රජාවක් හදාගන්න එක මහ ලොකු කජ්ජක් නෙවී..රුපියල් දෙකක් ඔව් හරියටම රුපියල් දෙකක් ඇති මට මෙතන ලොක්කෙක් වෙන්න..

උඹලට සල්ලි මලු ගනන් හොයලත් මේක ඇතුලෙ මට තියෙන තත්වෙට ලන් වෙන්න තියා හිතන්නවත් බෑ…

හිතන්නෙ මෙතන ඉන්න උන්ට ඇත්තටම පිස්සු කියලද?මහ ලොකු දාර්ශනිකයෝ මෙතන නැහැයි කියලද?මෙතන ඉන්න උන් උඹලට වඩා කොච්චර උසස් කියලා දන්නවද?වෙලාවට බෙහෙත් කරන්න තියෙන අකමැත්ත හින්දම ආයෙ ආයෙ මේකට එනවා කියලද හිතාගෙන ඉන්නෙ.ගෙවල්වලට ගියාම අපේ කොල්ලන්ට හොඳට සලකනවද කවුරුත්.මේක ඇතුලෙ තියෙන මේ තත්වය උඹලගේ ඔය කුණු ගඳ ගහන ලොකෙට වඩා උසස්..

ගියපු එවුන් තමන් ලෙඩ වෙනවා කියන එක දැන දැනම බෙහෙත් නොබී ඉන්නෙ තොපේ කුහකකම් වලට මූණ දෙන්න බැරි කමට.උන්ට ඕනි කොහොම හරි ආයෙම මේකට එක්ක.එක බීඩියක් දහදෙනෙක් එක්ක විතර එකතුවෙලා බොන්න.වත්තෙ තියෙන අඹ ගහේ ගැට පැහෙන්නත් කළින් කාල ඒ සතුට ගන්නයි අපිට ඕනි.

අපිව උඹලගේ ලෝකෙන් කොන් කරන්නේ උඹලගෙ තියෙන කුහකකම් නිසා නෙමේද?අපේ පපු කැණතුවල තියෙන අවංක ගතිය උඹලා කා ගාවවත් තියෙනවද?

කවදහරි අපේ ලෝකෙට ඇවිත් මේ ඇත්ත අත්විඳල තියෙනවද උඹලා.අපිව හරියට දන්නෙ නැතුව ඇඟිල්ල දික් කරලා පිස්සෙක් කියන්න හේතුවක් දන්නවද?

මම ඉන්න තැන දන්නැත්නම් උඹ පිස්සෙක් වෙන්නෝනි.ඔව් එතන තමයි පිස්සන් කොටුවෙ..

කවදහරි පුළුවන් වුනොත් ඇවිත් අපිව බලලා ආශ්‍රය කරලා අපිව අදුරගෙන පලයන්.

පිස්සෙක් වුන අපි ගැන උඹලගෙ ආකල්ප වෙනස්කරගන්න පුලුවන් වෙයි එදාට..

Advertisements