Posts Tagged ‘චාටර්’

ඔන්න එහෙනම් මම ආයෙම හොස්ටල් කථාවක් ගෙනාවා.පුකෑෂ් කිරිල්ල කියද්දි මම කීවනෙ හැම දේටම වෙනම උප සංස්කෘතියක් තියෙනවා කියලා.

මේකත් ඒ වගේ උප සංස්කෘතියක් තිබ්බ වැඩක් තමයි.වෙන මොකවත් නෙවී හොරෙන් රෑට තැඹිලි බෑම.

සාමාන්‍යයෙන් ලස්සනට වලු(තැඹිලි වලු හොදේ) දිලිසි දිලිසි තියෙන පොට් දෙකක් තියෙනවා.එකක් ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ.අනික අල්ලපු වත්තෙ තියෙන පල්ලියේ තැඹිලි ගහ.

මේ ගස් නගින වැඩේට හිටපු හොඳම එකා තමයි කොටා හෙවත් මීයා.අපේ සෙට් එකේ හිටමු මිටිම එකා.අපි මේකව මෝරා කරන් ගස් නග්ගනව කියලා මීයා හිටියෙ වැඩි හිත හොදකින් නෙවී.

කොහොමටත් ඉල්ලුම වැඩිවුනාම අපේ වුන්ගේ අහවල් එක ඉහලට එනවනොවැ.මේකා දැන් ගස් නගින්න බෑම කියනවා.

මටත් ඉතිං මේ කෙරුවාව බලන් ඉන්න බැරිම තැන ආව.තොට බැරිනම් ඉඳපන් මම නඟිනවා කියල මම සෙට් වුනා.

මේ කීවට ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ තිබ්බ තැඹිලි ගහේ යට ටිකේම කම්බි කටු ඔතල තිබ්බ නිසා මේක නගිනව කියන්නෙ ලේසි පහසු කෙරුවාවක් නෙවෙයි.

ලේට් ස්ටඩිය එහෙම ඉවර වෙලා රාත්‍රී ජාමේ අපි පිටත්වුනා හොර තැඹිලු බෑමට.සද්දෙ ඇහෙන නිසා මම කඩල දාන තැඹිලි ගෙඩි කවුරු හරි අල්ලන්නෝනි කියලා කතාවෙලා මම අර කටු කම්බි තරණය කරලා හෙනම ගේමක් දීල කරටියට ළගා වුනා.

ඔන්න පුතේ පළවෙනි ගෙඩිය කැඩුවා.යකෝ අල්ලන්න එකෙන් නෑ කියාපියව්කො.නගින්න කලින් හැමෝම පොරකෑව මම අල්ලන්නම් ඕක මොකක්ද කියලා.

මට නේද මාරයා.මම බහිනවා යකෝව් එකෙක්ව්ත් අල්ලන්නැත්තම්.

පිස්සිද බංඋඹට යකෝ ඔච්චර උඩ ඉදන් දාන තැඹිලි අල්ලන්න පුලුවන් කාටද මේ කළුවරේ ඔන්න ඔහෙබිමට දාපන් බං.
යටින් කියාපි.

මට තවත් මල.මචං සුසිල් උඹ අල්ලපන්..පොර තමා මම තැඹිලි අල්ලන්න ඔෆීසියලි බාරදීල ගහට නැගපු පොර.

එළ එළ උඹ දාපන් මම අල්ලන්නම්.

මටත් හෙන සැටිස්.ඔන්න මචෝ එහෙනම්.

මොන එකෙක්වත් පේන තෙක් මානෙක නෑ.තැඹිලු ගෙඩිය බිම..

අඩේ ඒක මිස් වුනා බං අනික අල්ලනව අනිවා..

එළ ඔන්න එහෙනම්..

එකත් බිමනෙ යකෝ කව්ද අල්ලන්නෙ.

කොහොමින් කොහොම හරි ඔහොම ගෙඩි ටිකක් බෑව.

හරි ඔන්න එහෙනම් මේකත්..

මචෝ සුසිල් සුසිල් අල්ලපං…

මම කීවත් එක්කම මෙන්න කරටියට ටෝච් එළියක්..

මට හීන් දාඩිය දාල දෙලෝ රත් වුනා.

හුටා ස්කෝලෙන් දොට්ට තමයි පුතේ..

කරුමෙ කියන්නෙ මේ ආපු පොරගෙත් නම සුසිල් කියපන්කො..පොර ස්කෝලෙ සේවකයෙක්..මම අපේ සුසිලට කථා කොරාට ඇවිත් තියෙන්නෙ මේ සුසිලා.

ආ මහත්තයා පරිස්සමෙන් බහින්නකො කියල මේකා කියාපි.

මම බහී ඒව කොහෙද?

ටික වේලාවක් බලන් ඉදල ඒ සුසිල යන්න ගියා.

මම දඩි බිඩි ගාල ගහෙන් බැහැලා අපේ වුන් හොයන් ගියා.

මුන්නම් මහා පාදඩ රෑනක් අම්මපල්ල මම එන්නත් කළින් සුසිලට බයේ දුවපු මුන් තැඹිලි ගෙඩි ටිකට වග කියලනොවැ.මට යන්තං ඩිංගිත්තක් උඟුරක් හම්බුනා.

කටු කම්බි තරණයෙන් යටිපතුලෙ ඇතිවුන හිල් ටිකට පහන් තිරේක තෙල් රත් කොරලා වක් කරගත්තෙ අම්මා අතින් ගමේ ගියාම.

Advertisements

මේකනම් පුංචි කාලෙ අහපු රස කුනුහබ්බ කථාවක්.හැබැයි ගොඩක් අය මේක අහල නැති නිසා හුදී ජනතාවට දැණුම බෙදා දීමේ පරම චේතනාවෙන් මේ පෝස්ට් එක ලියන්න තීරණය කරා.

ඔන්න දවසක් බස් එකක යන මගීන් අතරෙ කද මහත තඩි බඩක් තියෙන මුස්ලිම් මනුස්සයෙකුයි සිංහල ගෑණියෙකුයි යනවලු.

මුස්ලිම් මනුස්සයා ගෑණිගෙන් මෙහෙම ඇහුවලු ඔය අතරෙ..

මුස්ලිම් මනුස්සයා: බඩ් මොක්.
සිංහල ගෑණි: දරු පැට්.

ඒ කියන්නෙ මුස්ලිම් මිනිහා අහල තියෙන්නෙ බඩ මොකද කියල ගෑණු කෙනාගෙ උත්තරේ වෙලා තියෙන්නෙ දරු පැටියෙක් කියලා.දැන් ඉතිං භාෂාව තේරෙනවනෙ නේද?

ඊට පස්සෙ සිංහල ගෑණිත් කට පියන් ඉන්න බැරි කමට මුස්ලිම් මනුස්සයගෙ බඩ පෙන්නලා ඇහුවලු

සිංහල ගෑණි:  බඩ් මොක්.
මුස්ලිම් මනුස්සයා:  අලි පැට්.
සිංහල ගෑණි:  බෝර් කිං එප්.
මුස්ලිම් මනුස්සයා:   මං මොක් බෝර් කිං මේ තින් හොණ්ඩ්වැල්

කියලා ඇඳන් හිටපු සරම උස්සලාම අලි පැටියගෙ හොඬවැල පෙන්නුවාය කියන්නෙ.

————————————————————————————-

ප/ලි:මේ තියරිය භාවිතා කිරීම තුළින් මමත් මහඟු ඵල නෙලාගෙන ඇති අතර බඩ සම්බන්ධ මාතෘකාවලින් ගැලවී ඇති බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

දන්නවනෙ රම්බට කලින් වුන චාටර් සීන් මේකත් ටිකක් ඒ වගේ.හැබැයි මේ චාටරේ අනිත් පැත්තට හැරෙන්න අවුරුදු 2 ක 3ක් රම්බට බලන් ඉන්න වුනා.හෙ හෙ බොරු බයිලා නැතුව එහෙනම් සිද්ධියට බහිමු.

මේක වුනේ රම්බා හා හා පුරා කියල හොස්ටල් එකට ආපු අවුරුද්දෙ.ඒ කියන්නෙ අපි එතකොට 6 වසරෙ.ඒ වෙනකන් අපි කොච්චර දැනුම එකතු කරල තියෙනවද කියනවනම් කුණුහබ්බ එහෙම හොඳට දන්නව රම්බනම් ඒ කාලෙ.

ඒත් ඉතිං හැමෝම එක වගේ නෑනෙ.හොද හුරතලේට ගෙවල් අස්සෙම හැදිලා කුනුහබ්බයක් අහලවත් නැති උනුත් ඉන්නවනේ.

ඔන්න ඉතිං දවසක් රම්බා කස්ටියටම තෙලක් බෙද බෙද ඉන්නකොට එකෙක්ට ඇති වුනා ප්‍රශ්නයක්.වෙන මුකුත් නෙවී ළමයි හම්බෙන්නෙ කොහොමද කියල.(මේකට මේක ඇතිවෙන්න 6 වසර වෙනක් ඉන්න ඕනිද කියල හිතෙනවද?).

මාත් ඉතිං හුදී ජන පහන් කරවන්න දැනුම බෙදා හදා ගන්න ආස හින්ද පැනල කියපි
“ළමයි හම්බෙන්නෙ හි___ කියල.”

හප්පොච්චියේ කස්ටියගෙම මූණවල් දෙක තුන වෙලා බෙරි වෙලා ගියා.කස්ටියටම ෆුල් අප්සැට් වැඩේට.මුන් කුණුහබ්බෙ දන්නවා උනාට තමන්ගෙ අම්මයි තාත්තයි සම්බන්ධයි කියල හිතල නෑ මෙච්චර කල්.

ඕන්න දැන් හැමෝම එක පැත්තක් මම අනිත් පැත්තෙ.ඔය අස්සෙ අර තක්බීර් වෙලා ඉන්න වුන් වෙනුවෙන් නියොජිතයෙක් නැගිටල (බිග් තොලා) මෙන්න මෙහෙම අදහස් ප්‍රකාශ කරා.

“උඹලගෙ අම්මල තාත්තලානම් ඕවා කරන්නැති අපේ අම්මල තාත්තලානම් ඕව කරලා අපිව හදලා නෑ.මම දන්න නැන්ද කෙනෙකුයි මාමෙකුයි හිටිය එයාල ඕව කරේ නෑ එක ඇදේ නිදියලා එයාලට ළමේකුත් හම්බුනා.”

හුටා කෙළල වරෙන්කො එහෙනම් අල්ලපු ගෙදර එකාද කරෙ බොලං.

ඔන්න ඉතිං මාත් හඬ අවදි කරා “උඹ කොහොමද එහෙම කියන්නෙ ඒ අය කරද නැද්ද කියල උඹ දන්නෙ කොහොමද කියලා?”

මේ යකා ඉත්තේරුවෙන්ම සපථ කොරනවානොවැ උන් 2න්න වැඩේ නොකර තමයි ළමයි හම්බුනේ කියා ඒ මදිවට අලි මදිවට හරක් කියලා අනිත් වුනුත් කියනවනොවැ ඒ 2න්න ඕක කොරේමනෑ කියලා.

කොහොමින් කොහොම හරි මම පිලිගත්තා අනේ අපේ අම්මයි තාත්තයිනම් කරල තමයි මාව හැදුවෙ කියලා.අනිත් පැත්තෙ තිබ්බ මහා ජන බලවේගය උන් එහෙම නැතෙයි කියලා මාව චාටර් කරලා පුදුමාකාර සතුටින් විසිර ගියා.මාත් ඉතිං ඔහේ හිටියා.

කොකාට වාරයක්නම් තිත්තයාටත් වාරයක් තියෙනවා කියනවනෙ ඔන්න පුතෝ කාලෙ ගත වෙලා කස්ටියම මේවා ගැන සක්සුදක් සේ පැහැදිලි කරගත්ත කාලේ ආවා.දැන් මගේ වාරෙ මාත් දෙනව බැස්ටිය දුටු තැන.

:අඩෝ උඹලගෙ අම්මයි තාත්තයි ඕව කරල නෙවේද උඹ හම්බුනේ”

හි හි කොල්ලා ශේප් නියාය දාල මාව මඟ ඇරල යනවා එතකොට.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්.
crushable.com
ehow.com

රම්බගේ පුංචි කාලෙ කතාව අම්මේ දූෂණය කරනවා කියන්නෙ මොකක්ද? තමයි ඔන්න බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදන් දාපු පෝස්ට් වලින් වැඩිම ප්‍රේක්ෂකයො ගානක් බලපු පෝස්ට් එක.ඒ හින්ද මේ සීරීස් එකේම ඉතුරු චාටරුත් මේ එක්කම කියල දාන්න හිතුනා.අනේ ඉතිං අපේ උනුත් කුනුහබ්බයක් තිබ්බොත් විතරනේ අපි වගේ උන්ගේ පෝස්ට් බලන්නෙත්.

මේකත් ටිකක් කලින් එක වගේම තමයි ඔන්න දවසක් මායි අයිය කාරයයි සෙල්ලම් කර කර ඉන්නකොට මේ යකා මොකකද සීන් එකකට( කරුමෙට මට මතක නෑනෙ සිද්ධිය ) හු__ කියල කීව නොවැ.මටත් ඉතිං ෆුල් හැපී දැන් ඉතිං මුගෙ සෙල්ලම් ඉවරයි දෙන්නම් මූට බ්ලැක් මේල් පාර කියලා.ඇයි ඉතිං අයිය කාරයාගෙ ලොකු සීන් වලට බැස්ටිය දුන්නැකිනෙ මට.ආයෙ ඉතිං මම ඕක අම්මට කීවම මූගෙ සීන් එක ඉවරයි කියල තමා මට කල්පනා වුනේම.

මාත් ඉතිං කික් කරලා වාහනේ ස්ටාර්ට් කොරගෙනම කෙලින්ම “අම්මේ” කියල ලව්ඩ් ස්පීකරේ දාගෙන ගියා අම්ම හොයගෙන.මේකත් ඉතිං මගෙම අයියනොවැ මේ යකා ඒ හදිස්සියට මටත් හොරෙන් කලින්ම අම්ම ළඟටම ගිහින්.මාත් කෙලින්ම ගියා අම්ම ලඟට.ගිහින් හොදට උගුර පාදලා එහෙම දුන්න මෙහෙම ටෝක…

මම : අම්මේ…..
අම්ම : හ්ම්ම්ම්..
මම : අම්මෙ අයියා කුණුහරුපයක් කීවා.

කලින් පෝස්ට් එක එහෙම කියවලා තියේනම් මේ වගේ අවස්තාවලට රම්බගෙ අම්ම ප්‍රතික්‍රියා කොරන හැටි දන්නවනොවැ.එලෙසමයි සීන් එක වුනෙත්..ම්ම්ම්හ් අම්ම නෙවී කට ඇරියෙ.මට ඉතින් එදත් හිතුනෙම අම්මට කන් ඇහෙන්නෑ කියලම තමයි හෙ හෙ ..මට ඉතිං උපරිමේ මළ මේ සීන් එකට ඇයි යකඩො දෙන්නෙපැයි අයියා කාරයට හොඳ සබ්බුවක් හරිනම් ආයෙ කුණුහරුප මතක් නොවෙන්නම.

අයියා කීවට මේක හෙනම දසයා.මේකා ඇහුවනවැ අම්ම ඉස්සරහ

“මොකක්ද මම කිව්ව කුනුහරුපෙ කියල”

කාල වරෙන්කො..දැන් දීපංකො ඉතින් උත්තර.රම්බ දැන් විලිලැජ්ජාවෙ ඇඹරෙනවා.අම්මගෙ මූණ බැලුවට අම්මත් ඔහෙ දන්නෑ වගේ ඉන්නව.මහපටගිල්ලෙන් සිමෙන්ති පොළව කන්න හඩන්නවා රම්බ විලිලැජ්ජාව වහගන්න.

ඒ පාර මේක බැලුවා යකඩෙ රත් වුන වෙලාවෙ තලාගන්න ඕනි කියලා පොර දැන් අම්ම ඉස්සරහ වීරය වගේ මගෙන් ප්‍රශ්ණ කරනවා.

“මම මොකක්ද කිව්වෙ,තමුසෙ කොහොමද දන්නෙ” කිය කියා.

ඔන්න ඉතිං පුතේ මගෙත් රතු කට්ට පැන්න. මාත් ඇදල ඇරියා අම්ම ඉස්සරහම ..

අම්මෙ අයියා හු__ කිව්වා කියලා.

අම්ම ඒත් සද්දයක් නෑ බොලව්..මෙන්න ඒ අතරේ අයිය කාරය

“හරි හරි දැන් තමුසෙත් කුණුහරුපයක් කීවා කියලා හෙන සතුටින් එතනින් දුවන් ගියා නොවැ.”

කාලා වරෙන්කො ඉතිං මමත් ෆුක් තක්බීර්

මට ආතක් පාතක් හිතාගන්න බැරිවුනා ඒ වුන වැඩේට.කිව්වත් වගේ දැන් මාත් කුණුහබ්බයක් අතෑරලා නොවැ.ඒකත් අම්ම ඉස්සරහම.ඔහොම අට මඟුලක් තමයි වුනොත් වෙන්නෙ මටත්.

ඊට පස්සෙ ඉතිං රම්බත් හීන් සීරුවේ ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ එතනින් ලිස්සලා ගියා.

මට ඒත් තාම හිතාගන්න බැරි මටත් කලින් අයියා කාරයා අම්ම ළඟට ගිහින් මොකක්ද කීවෙ කියලා.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
stockphotos.it
livestrong.com