Posts Tagged ‘එදිනෙදා’

මුලින්ම කිව යුත්තේ මේ කථාව කිසිම රැකියාවකට එරෙහිව සමාජ පෙළගැස්වීමක් උදෙසා නොව සියල්ලන්ගේම දැන ගැනීම පිනිස පල කරන එකක් බවයි.

පුරවැසියෙක් වශයෙන් මෙවැනි දෑ පිලිබදව සමාජය දැනුවත්කිරීම මාගේ වගකීමක් බව සිතමි.

විශේෂයෙන්ම මට එවැනි අත්දැකීමකට මුහුන දීමට සිදුවීම නිසා එය පිළිබදව දැනුවත් කිරීම අවැසි බව සිතමි.

මගේ දින චර්යාවේ සුපුරුදු අංගයක් වන්නේ හදිසි අනතුරකට මුහුන දී රෝහල් ගතවී සිටින සොහොයුරා බලා අවසන වැඩට යාමය.

ගොඩක් වේලාවට දිවා කාලයේ තිබෙන අධික රස්නය නිසා කාලයක් තිස්සේම මා පුංචි බොරැල්ලේ සිට ඔරුගොඩවත්තට ගියේ තී වීලරයකය.කොහොමටත් ත්‍රී වීලර් පාර්ක් වල ඒවායේ අස්ප ගනන් නිසා බොහෝ වේලාවට පාරේ ගමන් කරන ත්‍රීවීල් එකක් නවතාගෙන යාම පර්ස් එකට වාසිදායකය.

මේ කෝකටත් වඩා ලාබදායීම ක්‍රමය මීටර් ටැක්සිය.ඇත්තෙන්ම එම සේවාව අගය කල යුත්තේ මීටර් ටැක්සියක එම දුරට අය වෙන ප්‍රමාණය මෙන් 50%ක් වැඩිපුර වෙනත් ත්‍රීවීල් වල අය කරන බැවිනි.

එදින මා ඔෆීසියේ ලැපී මෙන්ම සහෝදරයාගේ රෙදිද රැගෙන අතින් කටින් බෑග් එල්ලන් ගියේ අදනම් කොහොමටත් වීල් එකක යනවායයි සිතාගෙනය.සිතූ සේම පුංචි බොරැල්ල හංදියට ගිය වහාම මීටර් ටැක්සියක් දුටුවෙමි.

එයට නැඟුනු වහාම මා වෙනදා මෙන්ම කරේ මීටරය 0 කරාදැයි කියාය.ඒ වෙනූවට දකින්න ලැබුනේ මීටරය ක්‍රියාත්මට කර නැති බවයි.ඒ ගැන විමසූ විට රියදුරු කියා සිටියේ

මහත්තයා මේ ලග හයර් එකක්නේ මේ වෙලාවට මීටර් එක ඔන් කරොත් ඒක ඔෆීස් එකේ අය දැනගන්නවා.එතකොට ආයෙම එකක් හම්බෙන්න නෑ පැය ගානකට ලෙසයි.

මට මේ පිලිබදව සැකයක් ඇති වුනේ එයට පසුවය.මොකද සමහර අවස්තාවලදී ඒ මීටර් ටැක්සි සේවාවේ ඔෆීස් එකෙන් කථා කර ඉන්න තැන රියදුරු ගෙන අහනවා මට මතකයක් තිබුනි.නමුත් ඒ මොහොතේ තිබූ අවස්ථාව අනුව මට වෙන එකක යාමට තරම් සිතක් නොතිබුනි.රැගෙන යාමට තිබූ බෑග් ප්‍රමාණය මෙන්ම ඒ වේලාවට තියෙන අධික රස්නයද මෙයට හේතුවකි.

කෙසේ නමුත් අදාල තැනට පැමිණි පසු මොහු වෙනත් ත්‍රීවීල් වල අය කරණ ප්‍රමානයම ඉල්ලා සිටියේය.නමුත් මා පැවසුවේ මීටර් ටැක්සියකට මෙතරම් ගාණක් අයකිරීම අසාධාරණ බවය.

අවසානයේ ඔහු ඉල්ලූ ගාණ දී මා පවසා සිටියේ වරද මගේය.ඒ මම විසින් මීටර් ත්‍රීවිලරයක මීටරය ඔන් නොකර පැමිණීමට ඉඩ ලබාදීමය.ඒ නිසා පමණක් මා මේ මුදල ගෙවන බවටත් මිනිස්සුන්ට වංචා නොකරන ලෙසටත් ඔහුට පවසමිනි.

අවසානයේ මා බැලුවේ මොහු වැඩ කරන මීටර් ටැක්සි සේවය කුමක්ද කියාය.ඒ මොහු පිළිබඳව පැමිනිල්ලක් කිරීමටය.අහෝ ඛේදයකි! මා නැවත රැවටී ඇත.එහි ඇත්තේ Metered Taxi කියා පමණකි.

මදෑ කොලා.

මම කවදාවත් ඔය Metered Taxi කියල ගහල තියෙන ඒවගෙයි කම්පැණියක් මඟින් නඩත්තු කරන Metered Taxi වලයි වෙනසක් දැක්කෙ නෑ.එදා තමයි ඒ දෙකේ වෙනසක් තියෙනවා කියල තේරුනේ.ඇත්තටම එහෙම මොකක් හරි කම්පැණි එකක් මඟින් නඩත්තු වෙන වල යම් තරමක ගුනාත්මක ප්‍රමිතියක් තියෙනවා කියලා කියන්න පුලුවන්,ඒ මොකද මෙච්චර කාලෙකට එහෙම එකකින් කිසිම ආකාරයේ අසාධාරණ ක්‍රියාවක් සිදුවුනා කියන එක මම අහල නැති නිසා.

ඒ නිසා කවුරු කවුරුත් මීටර් ටැක්සියක ගමනක් යන්න පෙර මේ ගැනත් අවධානයක් යොමු කලොත් හොඳයි.

Advertisements