Archive for the ‘Uncategorized’ Category

imagesමේ කියන්න යන්නෙත් අපේ හොස්ටල් සෙට් එකේම හිටපු තවත් එකෙක් ගැන.ආදරේට මිනිහට කියන්නෙ පොලා කියලා හිතමුකො.

දන්න කියන කාලෙක ඉදන් මිනිහට පුදුම උනන්දුවක් තියෙන්නෙ වාහන සම්බන්දයෙන්.කොටින්ම මිනිහා හැමදාම උදේ පාන්දර වාහනයක් අමාරුවෙන් හපුතලේ කන්ද නගිනවා වගේ ගියර් දදා ගොරවනවා පීනස වැඩි කමට.

මිනිහා වාහන ගැන කොච්චර ආසද කියනවනම් විනෝදංශයක් වශයෙන් විකුණන්න තියෙන වාහන එහෙම බලන්න යනවා.කොටින්ම කියනවානම් වෙන දන්න කියන කවුරු හරි වාහනයක් බලන්න යනවානම් අනිවාර්යයෙන්ම මිනිහව එක්කරගෙන යනවා ආයෙ ඒකෙ දෙකක් නෑ.

එක්කරගෙන ගියාම මූ නිකන් ශර්ලොක් හෝල්ම්ස් වගේ තමයි.අරෙහෙට තට්ටු කරනවා මෙහෙට තට්ටු කරනවා,ඉව කරල බලනවා,ඉඹල බලනව,ලෙවකාල බලනවා,යටට රින්ගල බලනවා වගේ වැඩ කෝටියයි.

ඔන්න කොහොම හරි දවසක් මූ එක පෝය දවසක කථා කරලා අපේ තවත් කොල්ලෙකුට වාහනවක් බලන්න යන්න කියලා.
ගිහිල්ලා තියෙන්නෙ කොහෙද මන්දා ටෙන්ඩර් දාල තියෙන වාහන සෙට් එකක් බලන්නලු.

තැනට ගිහින් බැලුවම මෙලෝ යකෙක් ඉන්න පාටක් නෑලු.ඒ මදිවල ගේට්ටුවත් වහලා දාලා.
පස්සෙ සිකියුරිටි අංකල් ඇවිත් කිව්වලු “මහත්තයා අදනම් වාහන බලන්න බෑ අද වහලා තියෙන්නෙ” කියලා..

දැන් අනිත් පොර කියනවලු එහෙනම් පොලා අද මේක වහලා ඇති බන් අපි යමු යන්න කියලා.
කොහෙද මූ කියන එකක් අහන්නෙම නැතිලු මූට කොහොමහරි අදම වාහන බලන්න ඕනිලු.

සීන් එක මෙහෙම ටික වෙලාවක් ඇදිලා ගියාට පස්සෙ මිනිහා සික්කා අංකල්ට කියනවලු පොඩ්ඩක් ඉන්නවකො මම තමුසෙට පෙන්නන්නම් කියලා..

ඒ කරල පොලා වාහනේට ගිහින් ඉංග්‍රීසි පත්තර කෑල්ලක් අරන් ආවලු.

තමුසෙ කිව්වට මේ බලනව අයිසෙ මේ තියෙන්නෙ එක්සෙප්ට් පෝය ඩේස් ඇන්ඩ් සන්ඩේස් කියලා…

තමුසෙ කොහොමද කියන්නෙ අද වහලා කියලා

හැමෝටම සුභම සුභ නත්තලක් වේවා.

කාලෙකට පස්සෙ නිදහසේ ගත කරන්න හම්බුන සති අන්ත ඉරිදාවේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක සැවෝයි එකේ 3ඩී ෆිල්ම එක බලන්න ගියා..

යනකොටත් පටන් ගන්න ඔන්න මෙන්න.කලුවරේම ගිහින් බුක් කරලා තිබ්බ සීට් වල වාඩි වුනා.

අයිනෙම හිටියෙ නුවන් ඊළඟට මම එහා පැත්තෙ සුසිල්.(දන්නවනෙ පොරව)

වාඩි වෙලා විනාඩියක් ගියේ නෑ ෆිල්ම් එක පටන්ගත්තා.

3ඩී ග්ලාස් දාගත්ත සුසිලා එක පාරටම..

ඒ නුවන් මේ මාරයිනෙ බන් මරුවට පේනවනෙ කියලා බෙරිහන් දුන්නා….

හීනියට කිචි කිචියක් ඉස්සරහ පේළියෙන් ඇහුනා..

ඊළඟට,

ඒ මඟෙ සීට් එක ඇඳයි බන් උඹලගෙත් එහෙමද?

මායි නුවනයි නෙවෙයි මීක් කියන්නෙ..

නුවන මට කියනවා ඒ බන් අරූට කෑ ගහනැතුව ඉන්න කියපන් බන් කියලා…

තව චුට්ටයි ගියේ ආයෙම

ඒ බන් මේකෙ සීට් එක පස්සට කඩන්න බැරිද බන් මම හිරවෙලානෙ…

ඉස්සරහින් ඇහෙන කිචි කිචිය අපිට ඇහෙන්නෑ වගේ අපි හිටියා…

ඔක්කොම ඉවරවෙලා ලැජ්ජා සහගතව එළියට ආපු අපි

පිස්සුද බන් උඹට විලිලැජ්ජාවේ බෑ යකෝ ඔහොම කෑ ගහනවද ෆිල්ම් බලලා නැති වුන් වගේ..

ඒ බන් මම හයියෙන් කෑ ගැහුවද බන්..

ඒක නෙවී කොහොමද ඒකෙ තිබ්බ සීතල… ඒ සුසිල්

වෙලාවට ඒක විතරයි තොට කියන්න බැරිවුනේ..

ඒක තමා මම ඒකත් කියන්න හඳල ආයෙම නිකන් හිටියා

පිස්සෙක්….

ඔව් හරියටම හරි පිස්සෙක් තමයි වචනේ..

ඔය උඩිනුත් මාතෘකාවට දාල තියෙන්නෙ..

හිතනවද ඒක බහු වචනයක් නෙවී කියලා…

මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..ඒ මෙතනට එන්න කලින් විතරයි..

මෙතන ඉන්න හැමෝටම කියන්නෙ පිස්සෙක් කියලා…

නම් ගම් පරම්පරා වාසගම් හණ ගැහිලි ඔය මොකුත් වලංගු නෑ.උඹලා ඇඟිල්ල දික් කරල පිස්සෙක් කියල පෙන්නන හැම වාරෙම අපි හැමෝටමයි ඒ ඇඟිල්ල දික් වෙන්නෙ.ආයෙම කියනවා වචනෙ පිස්සෙක්.ඒක බහු වචනයක්…

මොකක්..නෑ පිස්සෝ කියන්නෙ බහු වචනේ නෙවේ.පිස්සු තොපිට..බහු වචනේ වෙන්නෙ පිස්සෙක්..

බීඩියක් ගන්න සල්ලි තියෙනවානම් මේකෙ තමන් වටා කැරකැවෙන ප්‍රජාවක් හදාගන්න එක මහ ලොකු කජ්ජක් නෙවී..රුපියල් දෙකක් ඔව් හරියටම රුපියල් දෙකක් ඇති මට මෙතන ලොක්කෙක් වෙන්න..

උඹලට සල්ලි මලු ගනන් හොයලත් මේක ඇතුලෙ මට තියෙන තත්වෙට ලන් වෙන්න තියා හිතන්නවත් බෑ…

හිතන්නෙ මෙතන ඉන්න උන්ට ඇත්තටම පිස්සු කියලද?මහ ලොකු දාර්ශනිකයෝ මෙතන නැහැයි කියලද?මෙතන ඉන්න උන් උඹලට වඩා කොච්චර උසස් කියලා දන්නවද?වෙලාවට බෙහෙත් කරන්න තියෙන අකමැත්ත හින්දම ආයෙ ආයෙ මේකට එනවා කියලද හිතාගෙන ඉන්නෙ.ගෙවල්වලට ගියාම අපේ කොල්ලන්ට හොඳට සලකනවද කවුරුත්.මේක ඇතුලෙ තියෙන මේ තත්වය උඹලගේ ඔය කුණු ගඳ ගහන ලොකෙට වඩා උසස්..

ගියපු එවුන් තමන් ලෙඩ වෙනවා කියන එක දැන දැනම බෙහෙත් නොබී ඉන්නෙ තොපේ කුහකකම් වලට මූණ දෙන්න බැරි කමට.උන්ට ඕනි කොහොම හරි ආයෙම මේකට එක්ක.එක බීඩියක් දහදෙනෙක් එක්ක විතර එකතුවෙලා බොන්න.වත්තෙ තියෙන අඹ ගහේ ගැට පැහෙන්නත් කළින් කාල ඒ සතුට ගන්නයි අපිට ඕනි.

අපිව උඹලගේ ලෝකෙන් කොන් කරන්නේ උඹලගෙ තියෙන කුහකකම් නිසා නෙමේද?අපේ පපු කැණතුවල තියෙන අවංක ගතිය උඹලා කා ගාවවත් තියෙනවද?

කවදහරි අපේ ලෝකෙට ඇවිත් මේ ඇත්ත අත්විඳල තියෙනවද උඹලා.අපිව හරියට දන්නෙ නැතුව ඇඟිල්ල දික් කරලා පිස්සෙක් කියන්න හේතුවක් දන්නවද?

මම ඉන්න තැන දන්නැත්නම් උඹ පිස්සෙක් වෙන්නෝනි.ඔව් එතන තමයි පිස්සන් කොටුවෙ..

කවදහරි පුළුවන් වුනොත් ඇවිත් අපිව බලලා ආශ්‍රය කරලා අපිව අදුරගෙන පලයන්.

පිස්සෙක් වුන අපි ගැන උඹලගෙ ආකල්ප වෙනස්කරගන්න පුලුවන් වෙයි එදාට..