Archive for the ‘කෙටි කථා’ Category

අපෝ අදනම් මහම මහ මුඩු කාළකණිනි දවසක්…

උදේ පාන්දර ඉදන්ම බඩේ තුබූ වේදනාව ඔෆීසියේදී කුරු කුරුවක් බවට හැරුනේ දහ අතේ දුවන හිත බඩටම යොමුකරවමිනි.

උදේ පාන්දර මේසය මත තිබූ ෆයිල් මිටිය තාමත් එහෙමම මේසය කොනේමය..

කිසිම වැඩක් පලක් කර ගැනීමට ඇඟට පණ ඇති ගතියක්නම් නොදැනේ…

හපෝ මේකනම් මහ කරුම බඩේ අමාරුවක්..

ආයෙමත් සැරයක් ශරීර කෘතය සඳහා දිව ගිය ඔහු නැවත පැමිණියේ මරන්න ගෙනියන හරකෙක් මෙනි.

තවදුරටත් කාර්යාල ස්ථානයේ රැදී සිටීමනම් කොහෙත්ම කල නොහැක්කක් බව මේ වන විටත් ඔහුගේ චිත්තය තීරණය කොට හමාරය.

වෙව්ලමින් ගැස්සෙමින් තව දුරටත් මේ පුටුවේනම් වාඩිවී සිටිය නොහැකිය.අදුම තරමේ half day එකක්වත් දාගන්නෝනි මැනේජර් ගාවට ගිහින්.ඒත් කොහොමද අප්පා විලිලැජ්ජාවක් නැතුව ඔය ගෑණිට ඕක කියන්නෙ..

ඔලුවේ අත ගසාගෙන හුන් ඔහු යන්තමින් මදක් වෙව්ලා පිටවීමට ගිය වාතය හිරකරගත්තේය.

ඊළඟට ඔහු දකින්නට ලැබුනේ වීදුරු වලින් වට කොට ඇති මැනේජර්ගේ කාර්යාලය තුළය..

පිටින් බැලූ විට පෙනුනේ ඔහු පණුවෙක් මෙන් ඇඹරෙමින් හිස කසන බවය.

නමුත් ඇත්තටම සිදුවූයේ මැනේජර් විසින් කරණු ලැබූ දෝශාරෝපණයන් රැසක් සමඟ ඔහුට half day එකක් ලැබීමය.

කළමනා ටික අකුලාගත් ඔහු වහ වහා ඔෆීසියෙන් පිටවූයේ හැකිතාක් ඉක්මනට නිවස බලා යාමටය..

ඒ අතරවාරයේ ඊයේ රාත්‍රී ආහාර ගත් සයිවර් කඩේ උන්ගේ ඤාතී පරම්පරාවටම පින් පෙත් පුදකිරීමටද අමතක නොකල ඔහු පැමිනි ප්‍රථම බසයටම ගොඩවිනි.

සෙනග අඩු බසට සිසාරා බැල්මක් හෙලූ ඔහුට දක්නට ලැබුනේ පාසල් නිල ඇඳුමින් සැරසී හුන් පිරිකරු යුවතියන් කිහිප දෙනෙක් පිටිපස්සෙම සීට් එකේ සිටින බවය.දෙවරක් නොසිතා ඔහු ඊට ඉදිරිපස අසුනේ හිඳගත්තේ ඒ වනවිට බඩේ අමාරුව පිළිබඳව වගක්වත් සිහියට නොනැගීම නිසාමය.

බඩ කොරවීගෙන පිටවීමට ආ වාතයක් ඔහුගේ සිතුවිලි දැහැන සසල කරවීය.ඒ මේ අත ඇඹරුනු ඔහු ඉතා සෙමින් හඬ නොනැගෙන සේ වාතය්ක් පිටකරේය.

හප්පා ගඳ… මුකුත් නොදන්නා විලාසෙන් වීදුරුව ඉදිපස කෙලවරටම තල්ලු කර දැමූ ඔහු හමා ආ හුළඟින් පපුව පුරවා ගත්තේය.

අලි මදිවාට හරක් කීවාලු.ඒ සමඟම හදිසියේම ඔහුටත් නොදැනීම අධෝ වාතයක් පිටවූයේ මහා සද්දයක්ද සමඟයි…

බ්බ්බ්බ්‍රරාස්ස්….

සියල්ලම සිදුවූයේ නිමේශයකිනි.හාත්පස කිංකිණි රාවයක් පැතිර ගියේ පාසල් සිසුවියන්ගේ ප්‍රථිචාරයක් ලෙසිනි.

එකෙනිහිම පහල වූ කපටි සිතුවිල්ලට ප්‍රථිචාරයක් වශයෙන් කටින් විවිද ශබ්ද අනුකරනයන් කිරීමට ඔහු පෙලඹුනේ පෙර නැගුනු ශබ්ධය හුදු මුවින් නැගුනු ශබ්ධයක් බව අනෙකුන්ට පසක් කරවීමටය.

මෙලෙස විනාඩි කිහිපයක්ම ඔහුගේ රඟපෑම දැක්වූ ඔහු නිහඬ වූවා පමණි බසයෙන් බැසීමට බෙල් එක නාද කල යුවතියන් අතර සිටි එක් කටකාර යුවතියක්.

අයියෙ කටින් දාන සද්ද ඔක්කොම හොඳයි හැබැයි එකක්වත් අර පඩේ තරම් ගතියට ආවෙ නෑ

පවසා බසයෙන් බැස නොපෙනී ගියාය.

—————————————————————————————-

නම අමතක එක් ප්‍රසිද්ධ කලා කාරයකුට සිදුවූ සත්‍ය සිදුවූමක් මසිත පහළ වූ ආකාරය මෙසේය..

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..
php සිංහලෙන්

පිංතූර හම්බුනේ…

fart-sounds.net
smosh.com

හුළඟ දරුණුවටම ඇල්ලුවේ නැතිවුනත් මොකද කුඩේකින්වත් පාරෙ බැහැලා යන්න විදියක් තිබුනෙ නෑ.කැඩි කැඩී එන හුළඟ හිරිකඩවලින් මුලු සර්වාන්ගෙම තෙත් කලේ ඇඳුම් ඇඟටම අලවමින්.

තෙත රෙදි ඇතිල්ලෙද්දි දැණුන අපුල ගතියත් එක්කම ප්‍රදේශය පුරාම තිබ්බ ගොම ගද ඒ අපුල බව තවත් වැඩි කරා.වෙනදට මේ වැස්සට වෙල් යායෙන් එන හිත පිරෙනකම් හුස්මක් උඩට ඇදල හිරකරන් ඉන්න ඒ පුස්ඹ මැකිලා ගිහිල්ල කියල ක්ෂණික සිතුවිල්ලක් අසංකගෙ හිතට ඇවිත් එහෙමම වැස්සට හේදිලා ගියා.

උසාවියේදි තමන්ට උන ඒ මදි පුංචිකම් හැම එකකටම හේතුව තමන්ගේ අවංකකමද නැත්නම් තමන්ගෙ සබකෝලයද කියන එක අසංකට මේ වන තෙක් හිතාගන්න බැරි වෙලා හිටියේ.

මිනිස්සු කිහිප දෙනෙක් ඉන්න තැනකවත් උස් හඬකින් කථා කරන්න බැරි තරමෙ නොහැකියාවක් තමන්ට ඇති වුනේ කොහෙන්ද කියලා මතක් කරගන්න උත්සාහ කරපු අසංකගෙ නළල රැළි වැටෙනවාත් එක්කම වැහි බිංදුවක්ද මන්ද නෙත් කෙවෙනි වලින් පිට පැනල ලුණු රසට අසංකගෙ දෙතොල්වල වැදුනා..

තමන්ට වඩා අවුරුදු 2ක් විතර බාල නෑනා ඉන්න මොන්ටිසෝරියට තමන් මුලින්ම ගිය දවස අසංකට මතක් වුනා.තමන් මේ ගම් පළාතට අලුතෙන් ආව නිසා එදා තමන් පංතිය ඉස්සරහා සිංදුවක් කියන්න දෙන්න කියලා ඉල්ලපු ඉල්ලීම ප්‍රතික්ෂේප වුන හැටි අසංකට මතක් වුනා.

ඒ වෙනුවට ඒ අවස්ථාව මොන්ටිසෝරියේ ටීච දුන්නෙ අසංකගෙ නෑනාට.

පුංචි කාලෙම තමන්ට වුන ඒ දේ තමන්ගෙ පෞරුෂය විනාස කරන්න අඩිතාලම බව ඔහුට පසක් වුනා..

ඉන් පසුව තමන්ගේ හිතේ වැඩිහිටියකුට අදහසක් පළ කිරීමට තිබූ බියේ උච්චතම අවස්ථාව වූයේ ඉතා අධිකව අසනීප වී සිටි ගෙදර සැදූ සුරතල් බල්ලා මළා යයි සියල්ලන්ම උපකල්පනය කළ දාය.එයට හෙතුව වූයේ බල්ලා හුස්ම ගන්නවා නුදුටු අසංක ඒ බව දෙමව්පියන්ට දැන්වීමය.

දෙමව්පියන් බල්ලා වැලලීමට කුලී කාරයෙකුට පවරූ පසු ඔහු විසින් වල ලෑමට මොහොතකට පෙර බල්ලා තමන් දෙස හෙලා නගුට වැනූ හැටි අසංකගේ හදවත කීතු කීතු කළේය.

මේ ආකාරයෙන් හුදකලී වූ සිතත් සමඟ සිටි අසංක ඉන්පසු දෙමව්පියන් සමඟවත් කිසි දෙයක් නොකීමට පුංචි සන්ධියේ පටන් පුරුදු විය.

මේ ආකාරයෙන් පෞරුෂය ගරා වැටීමකට ලක් වුයේ පුංචි සන්ධියේ හැමදේටම ඉදිරිපත් වුන තමාමද යන්න තවමත් අදහා ගන්නට අසංකට නොහැකිය..

අවසන සිදු වීයේ ජීවිතයේ කවරමදාකවත් තමන්ට ආදරය අත් විදීමට නොහැකි වීම නේද යනුවෙන් අසංක අවසන් නිගමනයත් කලේය.

චික් මේ වතුරෙබලු ගූත් ඇති.ක්ෂණිකව ආ ඒ සිතුවිල්ල ඔක්කාරයක් තරම් දික් ගැස්වීමට එතරම් වේලාවක් ගත නොවිනි.

ඇඟිලි කරු කසනවාක් මෙන් හැඟීමක්ද ඒ සමඟම වාගේ පිට පැන්නේ ගාල් කඩා ගත් හරකෙක් දිව එන්නා සේමය.

දෙමව්පියන්ට එරෙහිව හඬක් නැගීමට තරම් පෞරුෂයක් නොතිබූ තමාට අවසන විවාපත් වීමට සිදුවූයේ පුංචි සන්ධියේම තමන්ට මදිපුංචි කමක් කරමින් ගී ගැයූ නෑනාම වීම ඔහුගේ ජීවිතයේ තවත් ශෝකාන්තයක් විය.

ඉන්පසු සිදුවූයේ තමාට සමාජයට පවා මුහුණ දිය නොහැකි තත්වයක් ඇය විසින් ඇති කිරීම නොවේද සිතී අසංක පාවෙමින් තිබූ පොල් කෝම්බයකට පා පහරක් දුන්නේය.

අවසන ගෙදරටම ගාල්වූ තමාව අද දින උසාවියට ඉදිරිපත් කළ ඇය ලෝකයම ඉදිරියේ තමාව ලැජ්ජාවට පත් කලාය.

ඒ ඔක්කොම හොඳයි මාසෙකට 4000ක් දෙන්න මම සල්ලි ගස්වලින් කඩනවා කියලද දන්නෑ නඩුකාර හාමුදුරුවො හිතන් උන්නෙ…

අසංක කිව්වා නොව ඉබේම කියවුනි.ඒ වහාම තමාගේ උස් වචන භාවිතය පිළිබද සබකෝලයට පත් ඔහු වටපිට බලා කිසිවෙක් නොදුටු හෙයින් සැනසුම් සුසුමක් හෙලුවේය.

ඈතින් පැමිණෙන සයිමන් සහ පිරිසගේ බොන්ද ජායාව දුටු අසංක ඔවුන්ගෙන් සැඟවීමට සිතා නියර දිගේ දිවීම ආරම්භ කලා පමනි..

ඩෝං…. හඬින් පිපිරූ මහා ආලෝකයක් තමා දෙසට එනු නෙත් පියවීමට ක්ෂණයකට පෙර අසංක දුටුවේය…

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..php සිංහලෙන්

බෑ අයියෙ මට රවිඳුව අමතක කරන්න මගේ හිත පුරාම ඉන්නෙ එයා.මම කොහොමද හිත හදාගෙන වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ.

සංචලාගේ බෝල ඇස් කෙවෙනි තුළින් ගලා ගිය මහ විශාල කඳුලු බිදුව පිහමින් ඇය පැවසුවාය.

මට තේරෙනවා නංගි මම හදන්නෙ ඔයාට නපුරක් කරන්න නෙවීනෙ.මම ඔයාව දැක්ක දවසෙ ඉදලම ඔයා ගැන බලාපොරොත්තු තියන් හිටියා කියලා ඔයා දන්නවනේ නංගි.රවිඳු මගෙ හොදම යාලුවා මම හැමදාල ඌ පස්සෙ හිටියා හැම දේකදිම.එහෙව් එකේ මට බෑ නංගි ඔයාට ඔහොම ජීවිතේ විඳවන්න දෙන්න.

අපි හැමෝගෙම අවාසනාවට තමා ඒ වගේ යහපත් මනුස්සයෙක් හදිසියේම ඒ වගේ හදිසියේම අපෙන් වෙන්වෙලා ගියේ

ඒ වදන් පෙලත් සමගම සංසලාගේ මතකයේ ඒ අඳුරු රාත්‍රියේ සිඳුවූ දෑ සියල්ලම නැවතත් පෙල ගැසෙන්නට විය.

එපා අයියේ ඒ දවස මතක් කරන්නවත් එපා.සංසලා වහාම එයට මැදිහත් වී ඔහුගේ කථාව නවතා දැමුවේය.

මම හින්දා නෙවෙයි රවිඳුගෙයි මගෙයි පොඩි පුතා ප්‍රශාන් වෙනුවෙන් පුතු පැටියගෙ අනාගතේ වෙනුවෙන් මම හොඳට හිතලා තීරණයක් ගන්නම්.

ඒත් අයියේ එතකම් මට නිදහසේ ඉන්න දෙන්න.මට එහෙම අයියගෙ ඉල්ලීමට කැමති වෙන්න පුලුවන් කමක් ආවොත් හරි මට එහෙම හිත හඳාගන්න පුලුවන් වුනොත් විතරක් එදට මම කියන්නම් අයියට.

—————————————————————————————-
කියන්න නංගි දැන්වත් ඔයාගෙ තීරණේ ඔයා දන්නවනෙ මම මොන තරම් දේවල් කැප කරලද මේ ඔයා වෙනුවෙන් තාම බලන් ඉන්නෙ කියලා.ඔයා හිතන්නෙපා මම කවදාවත් ඔයාටවත් ප්‍රශාන්ටවත් අඩුපාඩුවක් වෙන්න තියයි කියලා.

අනික නංගි ඔයා උනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නෝනි නේද මේ පුතු පැටියගෙ අනාගතේ නේද මේ ඔයාගෙ හිතුවක්කාරකම් වලින් විනාශ වෙන්නෙ.පුතාට අප්පච්චි කෙනෙක් ඔනි නේද?මට පුලුවන් කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඒ දේ කරන්න නංගි.

අනේ අයියේ එහෙම වැරදියට හිතන්නෙපා මගෙ ගැන.සංචලා කීවේ බැගෑපත් හඩිනි.මටත් තේරෙනවා තමා අයියේ පුතු පැටියගෙ අනාගතේ ගැන මට තීරණයක් ගන්න වෙනවා කියලා.ඒත් අයියෙ රවිඳු තමා මගෙ හිත පුරාම ඉන්නෙ.අයියා මට ඒ ගැන කරදර කරන්න හඳන්නෙපා මම එකඟ වෙන්නම් අයියගෙ ඉල්ලීමට මට අවශ්‍ය නිසා නෙවී මේ පුතූගෙ අනාගතේ වෙනුවෙන්…

හැබැයි අයියේ මට මහ ලොකුවට මඟුල් කන්නනම් බෑ ආයෙම.ඒකයි මම අයියට කියන්නෙ එහෙම ඔයාගෙ තියෙන ආසාවල් මගෙන් පිරිමහන්න බෑ කියලා.

අයියෝ නංගි එහෙම නෑ.මට ඔය මහ ලොකුවට මඟුල් කන්න අවශ්‍යතාවයක් නෑ.අපි ගෙවල් දෙකේ කට්ටියට කියලා පොඩියට කසාදෙ රෙජිස්ටර් කරමු.

—————————————————————————————-

අධික වෙහෙසකට පසු දහදිය පෙඟුනු සිරුරෙන් ඇදේ පසකට පෙරලුනු ඔහු කට කොනකට නන්වාගත් මද සිනහවෙන් යුතුව ප්‍රශ්නයකින් සංචලාට දමා ගැසුවේය..

මොකද නංගි කියන්නෙ රවිඳුද හොඳ මමද හොඳ??

අසුරු සැනින් දෙකම්මුල් පෙති පුරා ගලාගිය කඳුලු වැල් මැද විසිවී ගිය ඈ ඇඳ පොරෝනය ළඟට ඇදගෙනම කාමරයේ අඳුරු මුල්ලේ ගුලි ගැසුනි…

රතු පැහැ ගැන්වුන ලොඹු කටින් බුලත් කෙළ තලියක් විද්ද අප්පුහාමි මාමා පිල්කඩේ යහමින් හරි බරි ගැහුනේ බීමතින් සිටි අපි දෙස ඔච්චම් බැල්මක් හෙලමිනි.

මයෙ හිතේ අක්කුං ළමයගෙ සීයා ඉන්න කාලෙද කොහෙද ඔය කියන සංතෑසිය වුනේ.එතකොට අපි උඹලටත් වඩා පුංචි එවුන්.

බීමත්ව සිටි කස්ටියම මහ හඩින් කොක් හඬලා හිනාවූයේ මදෙස බලාය.

මට ගම් තුලානේ ඈයෝ අමතන්නේ අක්කුං කියාය.නෑදෑ කමට අක්කුං අයියා , මල්ලී,පුතා වැනි විවිධාකාර නම් තිබුනත් ඔය කොයි එකටත් මුලට අක්කුං කෑල්ල ඈදී තිබුනේය.හිච්චි එකා කාලේනම් ඔය කොයිකත් ගාණක් නොවුන නමුත් ස්කෝලේ යනකොට කෙල්ලො අක්කුං යැයි කීම නිසාම ඒ නමට නොදැනීම වෛරයක් ඇතිවිය.

ඒ කාලේ ඔය නම කියන ඕනෑම කෙනෙක් සමඟ සණ්ඩුවට යන හැටි මතක් වුන මටත් හීන් හිනාවක් ගියේය.

ඒ ඇත්තිගෙ නම කුමාරි.

පැල් කොටේ තිබ්බේ පන්නල කන්ද මුදුනෙම වගේ.හරි සීදේවි කෙල්ල ඒ කාලෙ වෙනකොට.උඹලට කියන්න එහෙව් රූප සම්පත්තියක් තියෙන එකියක් මේ අවුරුදු 70 ගාණටම මම තාම දැකල නෑ බොලව්.මගෙ අම්මපල්ලා.

අපේ ගම් තුලානේ අද ඊයේ උපන් පොඩි එකා පවා දන්නා කථාව ඒ කාලෙ ජීවත්වුන වැඩිහිටියන් අනන්තවත් කියනවා මා විසින්නම් අසා ඇත.මේ බේබදු රෑනත් ඉහේ කෙස් ගාණට ඔය කථාව අසා ඇති බව ඉත්තේරුවෙන්ම කියතහැකිය.

නමුත් මේ ඇඳිරි වැටීගෙන එහ හැන්දෑවේ අප්පුහාමි මාමාගේ ගැඹුරු කටහඩින් මේ කථාව අහන්නට හැමෝම කටවල් අයාගෙන බලා සිටී.

ලස්සන විතරක්ම නෙවී බොලව් ඒකිගෙ අප්පොච්චට කුඹුරු වැඩවලට හරි හරියට උදව් කරෙත් ඒකි තමයි.හොදට හයි හත්තිය ඇති ගෑණු ඒ කාලෙ හිටියෙ.මේ අද වගේ සීනිබෝල එවුන් නෙවී.

දුප්පත් වුනාට ඒකිගෙ හෙන රාජ ඌෂ්ණයක් තිබ්බෙ ඒ කාලෙ.පාර තොටකදිවත් මිනිහෙක් එක්ක වැඩි හිනාවක් කථාවක් නෑ.උන්දැගෙ අම්මණ්ඩි රාජ පෙළපතින්ලු එන්නෙ.අඩු කුලේ එකෙක් වුන සිමියොං එක්ක පැනල ඇවිල්ලනොවැ ඔය පැල අටවන් උන්නෙ.හැබැයි වැඩි දොහක් උන්න කියානම් ආරංචියක් නෑ.අපි පුංචි සංදියේවත් උන්දැව දැකල තිබුන්නෑ.

ඒ කාලෙ මේ අහල ගං හතකම පිරිමි ඕකිට ඇහැ ගහගෙන උන්නේ.අපිත් හිච්චි කමට ඒකි ගැනමයි කතාබස් කොරෙත්.

හෙක් හෙක් හෙක් කියා ලොඹු කටින් සිනාසුන අප්පුහාමි මාමාගේ මුවින් ගිලිහුනු රතු කෙල බිංඳුවක් උන්දෑගේ පපුව දිගේ ගලා බැස්සේය.

ඈ සිහිවුන නිසාවෙන්ද කොහෙදෝ දිලිසෙන්නට ගත් අප්පුහාමි මාමාගේ ඇස් කෙවෙනි තුළ සැඟවී තිබුන වේදනාවත් තේරුම් ගත හැකි වූයේ මා ඒ දෙසම බලාගෙන වුන් නිසාවෙනි..

ඒත් බොලව් ඒකි ඔය එක කොල්ලෙක්වත් පිච්චියකටවත් මායිම් කොරේ නෑ.කොල්ලො කී දෙනෙක්නම් පොර බඳින්න ඇත්ද ඕකිට.ඇරපු අතක් නෑ රාජ කුමාරියක් වගේම තමා බොලව්.එහෙව් එකියක් දකින්න පින් කොරන්න ඕනි බොලව් පින් කොරන්නෝනි.

උඹලට කියන්න ඉර බහින හැන්දෑ ජාමෙට පාඬහැල දිය ඇල්ල මුදුනේ ඒකි නාන්න එනවා මහ උන්දැ එක්ක.ඒ වෙලාවට ඒකි කියන සිංදුවල තිබුනේ පුදුමාකාර ලස්සනක් බොලව්.

ආයේ රූප සම්පත්තිය වගේම තමා කටහඩත්.. අපි ඒ කාලෙ පාඬහැල ඇල්ල පාමුලට වෙලා ඔය සිංදු අහනවා බොලල්ලා..

මේ කාලෙ තමා ඔය කථාවට සම්බන්ධ වෙච්ච අනිත් මිනිහා ආවේ.ඒ යකා කොහෙන් පාත්වුන එකෙක්ද මන්දා පාඬහැල මුදුනෙම පැලක් අටවගත්තා උන්දැත්.

හැබැයි පුතෝ අන්න පිරිමි.ගමේ තියෙන ඕනිම වැඩකටයුත්තකට මුල් වෙලා කටයුතු කරේ උන්දෑ තමා.ඔය පාඬහැල ඇල්ල මුදුනෙ තියෙන අමුණ ඔතන හඳනත් උන්දෑම තමා පෙරමුණ ගත්තෙ උඹලට කියන්න.එතනින් පස්සෙ තමා බොලව් ඔය පේන වෙල් යායම සරුවට අස්වද්දන්න ගත්තෙ.

ඕනෑම දේකට කැපිලා පේන්න තරම් උන්දැට පුදුම බලයක් තිබ්බා.හැමදේම හරියට උන්දෑ දෙහාට හොයාගෙන එනවා වගේ බොලව්.මාත් ඉස්සර යනවා ඒ කාලෙ උන්දෑ වපුරපු වෙල් යායට.

උන්දැගේ අතෙ නිතරම තිබ්බ බටනලාවක්.ආයෙ ඒක පිබිනකොට අපි අහන් උන්නෙ ඇස් පියන්..

හෙ හෙ ගමේ ගැටිස්සියෝ හිටියෙ ඌට පණ ඇරලා.

ඒ වුනාට මොන කරුමයකටද මන්ද වෙන්න තිබුන නරකම විදිහට හැමදේම උනා බොලව්..

අප්පුහාමි මාමාගේ කටහඩ වෙව්ලීමක ලක්වූයේ කථාවේ ඉදිරිය ගැන අපේ හිත්වල කුතුහලයක් දනවමිනි.

හෙ හෙ කොපමණ අසා තිබුනත් මේ කථාව ඒ හැම මොහොතකම පුදුමාකාර හැඟීමක් හිතේ ඇති කරන්නේ මන්ද යන්න මට අදටත් හිතා ගත නොහැකිය.

මුන්දැට හිත ගියෙත් කුමාරිටම නොවැ.ඒ කාලෙ ගම් තුලානෙ හැම තැනමත් කථා බහ කෙරුවෙ මුන් දෙන්න ගැනමයි.

ආයෙ තකට තක ඇරපු අතක් නෑ දෙන්නම දෙන්නට මවලා වගේ, හැමෝම හිතුවෙ එහෙමයි.

ඒත් කුමාරි නෙවේ මේකට කැමතිවුනේ.

ඒකිට ආයෙ තව මුන්දැට වඩා ඉහල එකෙක්ද?රාජ කුමාරයෙක්ම හොයගන්න වෙන්ඩැ හිතන් ඉන්න ඇත්තෙ.

කොහොමින් කොහොම හරි කාටත් හොරෙන්ම හැම දේම සිද්ධ වෙලා තිබ්බා.

ගමම දැනගත්තේ මහ රෑ කළුවරේ කුමාරිගෙ අප්පොච්චා බෙරිහන් දෙනකොටලු..

ඔය පන්නල කන්ද මුදුනෙ මහ ලොකු සෙනඟක් පදිංචි වෙලා උන්නු කාලයක් නෙවී බොලව් එතකොට ඔය දැන් වගේ.

මයෙ හිතේ පවුල් තුනක් නැත්නම් හතරක් ඉන්නැති.

උන් ඔක්කොම දුවලා තියෙනවා කෑ ගැහිල්ලට මහ හද්දා කළුවරේම.

යනකොට කුමාරිගේ පැල් කොටේ ලේ එකයිලු.කුමාරියි අලුතෙන් ගමට ආපු හාඳයයි එකෙකුට එකෙක් මරාගෙන.

කුමාරිගෙ අප්පුච්චා කියලා තිබ්බේ රෑ කළුවරේ ආපු මුන්දෑ තමනුත් එක්ක කථාබහ කොරල කුමාරිව බලන්න කියලා පැල් කොටේට රිංගලා.

ඒ ගිහිල්ලා තියෙන්නේ තමන්ට අකමැති වුන කුමාරිව අවසන් ගමන් යවන්න හිතාගෙනමයි බොලව්

මං තොපිට කිව්වෙ බොලව් එහෙව් යක්ෂ ගෑණු දැන් කාලෙ නෑ කියලා තමන්ට ඇනපු උල් පිහිට ඇදල ගත්ත ඒකි ඒකෙන් අරූටත් සබ්බුව දීලා.දෙන්නම එකා උඩ එකා මැරිල වැටිල ඉදලා තියෙන්නෙ.

ඔය අක්කුං ළමයගෙ ගෙදරට යන පාරෙ තියෙන නාන ගල්වල දන්නවනොවැ.කුමාරිගෙ අප්පුච්චා හම්බුනේ එතනින් උන්නැහේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා තියෙනවා පහුවදාම.

ඒක සිහිවෙන්න තමා බොලව් ඔය දැන් තියෙන දේවාලෙ හදලා තියෙන්නෙ ඊට එපිටහින්.

කථාවේ අවසානයත් එළෙසින් සනිටුහන් කර අප්පුහාමි මාම කළ ගෙඩියෙන් පොල්කටුවකට නවාගත් වතුරෙන් කට සෝදා අමුවෙන්ම වක්කරගත් ගල් වීදුරුවක් ඇද මහා සුසුමක් හෙලුවේය.

එහෙනම් මං ගොහින් එන්නං බොලව්.සුනංගු නොවී ගෙදර පලයන් අක්කුං ළමයා ගල්වලත් පහුකොරන් යන්න එපායෑ.




මෙන්න මෙතනනොවැ ඔය පිංතූර තිබ්බෙ
uq.edu.au
listal.com

හිත තුල හිරවුන පැසව පැසවා තිබෙන මේ ආසාව කුමක්දැයි සමින්දටම හිතගන්නට බැරි තරමටම දුර දිග ගොස් ඇති බව සමින්දට වැටහුනි.මේ තියෙන්නේ ආසාවක්ද රාගයක්ද කියන එක ඔහුටම තීරණය කල නොහැකි විය.නමුත් ටක්කෙටම කිව හැක්කක් ඇත ඒ තමන්ට ඈ අවශ්‍ය බවය.

සමින්ද තමාගේ රෝගීන්ගේ වගතුග සෙවීම නොකල නමුත් මේ කාන්තාව තමාගේ සිත තුළ ඇති කල හැඟිම නිසාම ඇය පිළිබද තව තවත් විස්තර දැනගැනීමට සමින්දගේ සිතේ තිබුනේ නොතිත් ආසාවකි.

මේ කියන පරිදි ඈ විවාහකනම් හා දරුවෙක් සිටීනම් තමන්ට තවම ඔවුන් දක්නට නොහැකි වූයේ මන්ද යන්න සමින්දගේ සිත කැළඹූ තවත් ප්‍රශ්නයකි.

ඈ බැලීමට පැමිනෙන්නාවූ එකම පුද්ගලයා වූයේ රෞද්‍ර පෙනුමකින් යුතු ගැහැණිය පමණි.එනමුත් ඈනම් මැයගේ මව් නොවන බැව් සමින්දට පමණක් නොව ඔබට හා මටද දුටු සැනින් පැවසිය හැකි තරමක වෙනසක් ඒ දෙදෙනා අතර විය.

ඔබට සුරදූතියක හා යමපල්ලෙකු අතර වෙනස හිතා ගත හැකිනම් එවන් ආකාරයේ වෙනසක් මේ දෙදෙනා අතරින් විද්‍යාමාන වන බව සමින්ද දැනටමත් තීරණය කර හමාරය.

තමාගේ පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරී ජීවිතයද පසුබෑමකට ලක්වී ඇති බව සමින්දට පසක් වුනේ ඉබේටම මෙනි.කුඩා කාලයේ සිටම ඕනෑම අභියෝගයකට තනිවවම මුහුන දීමට ඉගෙනගෙන තිබූ සමින්ද වහාම තමන්ගේ ජීවිතය හරිමගට ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට ඉටා ගත්තේය.

අවාසනාවක මහත, තමාගේ තීරණය සමඟ පසු දින රාජකාරියට වාර්ථාකල සමින්දට දැනගන්නට ලැබුනේ ලොකු දොස්තර මහතා විසින් ඇගේ ටිකට් කපා ඈ ගෙදර ගොස් ඇති බවය.

සමින්ද හෙදියගෙන් මේ විස්තර ඇසූ විගසම මුහුන අඳුරු වලා පටලයකින් වැසී ගියේය.ඒ සමගම හෙදිය කියූ දෙයින් අන්ද මන්ද වූ සමින්දට කර කියා ගත යුතු දෙයක් සිහියට නොගැනුනි.

ඔය ගෑණි ඉන්නවයි කියන්නෙ අර වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ ඔෆීස් එක ලඟින් ඇතුලට තියෙන පාරෙලුනෙ.චරිතෙ හොඳ නැති ගෑණියෙක්ලු.

සමින්දගේ ඉහ මොළ ගිනිගත්තේ මෙවිටය.

තමුසෙට කව්ද කීවෙ..??

ඇයි සර් අර බලන්න එන ගෑණු කෙනා නොවැ.ඒ මුන්දැගෙ නැන්දම්මලු.මිනිහා මැරිලයි කියන්නේ.

සමින්ද එදින නවාතැන බලා ගියේ අධික වේදනාවක් මෙන්ම හීන් සතුටු බලාපොරොත්තුවක්ද හිත තුළ සඟවාගෙනය.

මිදුලේ තිබූ සියඹලා ගහ යට පුටුවක් තබාගත් සමින්ද කාස්ටක ඉර ඈතින් අමාරුවෙන් හුස්ම අඳිනවා බලාගෙන මොහොතක් ගෙවා දැම්මේය..නිරුවත් උඩුකය හරහා ඇදීයන මේ වි‍යළි සුළග සමින්දගේ අතේ තිබූ දුම්වැටියෙන් වැඩි ප්‍රමානයකට වග කියන බවක් සිතුවිලු සයුරේ ගිලී සිටි සමින්දට නොතේරුනි.

බියර් කෑන් එකෙන් උඟුරක් ගිල දැමූ සමින්ද

ඒකට මොකෝ මම කියලත් පිවිතුරු මිනිහෙක්යැ.ගෑණු කීයක් එක්ක ඔට්ටුවෙලා තියෙද

තමාටම පවසාගත්තේය.

මේකට හරියන මිනිහා ධර්මේ ඒ වුනාට ඕකුන් ලං කරගන්නව කියන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙවී.

බියර් මතින්ම එදා සමින්ද ඇඳට වැටුනේ මහා ලොකු බලාපොරොත්තු ගොන්නක්ද පොදිගසාගෙනමය.

පසුදින සවස් කාලයේ ඩිස්පෙන්සරිය අසල ත්‍රීවීලරයේ ධර්මේ සමඟ සමින්ද කථා බහ කලේ ඇය ගැන විස්තරයක් දැන ගැනීමට ඇති කුතුහලය නිසාමය..

බලනවකො ධර්මේ මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනානෙ අයිසෙ.

ආ ඒ මොකක්ද ඒ පොඩි දොස්තර මහත්තයා මම දන්නෙත් නෑනෙ..මහත්තයාට කරදරයක් නෑනෙ..

නෑ නෑ අයිසෙ මට කරදරයක් නෑ.අර අතන මහඉලුප්පල්ලම වාරිමාර්ගෙ හරියෙ ඉන්න ගෑනියෙක් ඕයි.ගෑනියෙක් කීවට තරුණ කෙල්ලෙක්…

අප්පට උඩු මහත්තය කියන්නෙ අර සොපියගේ ලේලි ගැන වෙන්ඩ ඇති. මට ආරංචි වුනා පහුගිය දොහේ ඒකි ඇක්සිඩන්ට් වෙනා හිටිය කියලා..
කව්ද දන්නෙ මහත්තයගෙ අතින් හැප්පුනේ කියලා.

සමින්දගේ හදවත ගැහෙන රාවය ඔහුටම පාලනය කර ගත නොහැක.නමුත් තමාගේ හැඟීම් සඟවා තබා ගැනීමට නිරර්තක උත්සාහයක නිරතවීම සමින්ද දිගටම කරගෙන ගියේය.

ආහි එතකොට ධර්මෙ දන්නවද ඔය කියන ගෑණු කෙනාව.

මොකෝ මහත්තයා මං නොදන්නෙ ඔය අපේ ආමි එකේ හිටපු චතුරංග මලයගෙ ගෑනි වෙච්චි.රූපෙනම් ඉටිවලින් හඳලා වගේ තමයි ඒත් ඕකි මහ අවාසනාවන්ත ගෑණි.කොටින්ම ඕකි ගෙනාවත් හරි චතුරංග මලය වෙඩි වැදිල මැරුනා.

ඉවර නෑ හොදේ.තව තියේ…