Archive for January, 2014

imagesමේ කියන්න යන්නෙත් අපේ හොස්ටල් සෙට් එකේම හිටපු තවත් එකෙක් ගැන.ආදරේට මිනිහට කියන්නෙ පොලා කියලා හිතමුකො.

දන්න කියන කාලෙක ඉදන් මිනිහට පුදුම උනන්දුවක් තියෙන්නෙ වාහන සම්බන්දයෙන්.කොටින්ම මිනිහා හැමදාම උදේ පාන්දර වාහනයක් අමාරුවෙන් හපුතලේ කන්ද නගිනවා වගේ ගියර් දදා ගොරවනවා පීනස වැඩි කමට.

මිනිහා වාහන ගැන කොච්චර ආසද කියනවනම් විනෝදංශයක් වශයෙන් විකුණන්න තියෙන වාහන එහෙම බලන්න යනවා.කොටින්ම කියනවානම් වෙන දන්න කියන කවුරු හරි වාහනයක් බලන්න යනවානම් අනිවාර්යයෙන්ම මිනිහව එක්කරගෙන යනවා ආයෙ ඒකෙ දෙකක් නෑ.

එක්කරගෙන ගියාම මූ නිකන් ශර්ලොක් හෝල්ම්ස් වගේ තමයි.අරෙහෙට තට්ටු කරනවා මෙහෙට තට්ටු කරනවා,ඉව කරල බලනවා,ඉඹල බලනව,ලෙවකාල බලනවා,යටට රින්ගල බලනවා වගේ වැඩ කෝටියයි.

ඔන්න කොහොම හරි දවසක් මූ එක පෝය දවසක කථා කරලා අපේ තවත් කොල්ලෙකුට වාහනවක් බලන්න යන්න කියලා.
ගිහිල්ලා තියෙන්නෙ කොහෙද මන්දා ටෙන්ඩර් දාල තියෙන වාහන සෙට් එකක් බලන්නලු.

තැනට ගිහින් බැලුවම මෙලෝ යකෙක් ඉන්න පාටක් නෑලු.ඒ මදිවල ගේට්ටුවත් වහලා දාලා.
පස්සෙ සිකියුරිටි අංකල් ඇවිත් කිව්වලු “මහත්තයා අදනම් වාහන බලන්න බෑ අද වහලා තියෙන්නෙ” කියලා..

දැන් අනිත් පොර කියනවලු එහෙනම් පොලා අද මේක වහලා ඇති බන් අපි යමු යන්න කියලා.
කොහෙද මූ කියන එකක් අහන්නෙම නැතිලු මූට කොහොමහරි අදම වාහන බලන්න ඕනිලු.

සීන් එක මෙහෙම ටික වෙලාවක් ඇදිලා ගියාට පස්සෙ මිනිහා සික්කා අංකල්ට කියනවලු පොඩ්ඩක් ඉන්නවකො මම තමුසෙට පෙන්නන්නම් කියලා..

ඒ කරල පොලා වාහනේට ගිහින් ඉංග්‍රීසි පත්තර කෑල්ලක් අරන් ආවලු.

තමුසෙ කිව්වට මේ බලනව අයිසෙ මේ තියෙන්නෙ එක්සෙප්ට් පෝය ඩේස් ඇන්ඩ් සන්ඩේස් කියලා…

තමුසෙ කොහොමද කියන්නෙ අද වහලා කියලා

Advertisements