විලිලැජ්ජා සහගත ත්‍රී ඩී ෆිල්ම් බැලිල්ල..

Posted: September 26, 2012 in Uncategorized

කාලෙකට පස්සෙ නිදහසේ ගත කරන්න හම්බුන සති අන්ත ඉරිදාවේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක සැවෝයි එකේ 3ඩී ෆිල්ම එක බලන්න ගියා..

යනකොටත් පටන් ගන්න ඔන්න මෙන්න.කලුවරේම ගිහින් බුක් කරලා තිබ්බ සීට් වල වාඩි වුනා.

අයිනෙම හිටියෙ නුවන් ඊළඟට මම එහා පැත්තෙ සුසිල්.(දන්නවනෙ පොරව)

වාඩි වෙලා විනාඩියක් ගියේ නෑ ෆිල්ම් එක පටන්ගත්තා.

3ඩී ග්ලාස් දාගත්ත සුසිලා එක පාරටම..

ඒ නුවන් මේ මාරයිනෙ බන් මරුවට පේනවනෙ කියලා බෙරිහන් දුන්නා….

හීනියට කිචි කිචියක් ඉස්සරහ පේළියෙන් ඇහුනා..

ඊළඟට,

ඒ මඟෙ සීට් එක ඇඳයි බන් උඹලගෙත් එහෙමද?

මායි නුවනයි නෙවෙයි මීක් කියන්නෙ..

නුවන මට කියනවා ඒ බන් අරූට කෑ ගහනැතුව ඉන්න කියපන් බන් කියලා…

තව චුට්ටයි ගියේ ආයෙම

ඒ බන් මේකෙ සීට් එක පස්සට කඩන්න බැරිද බන් මම හිරවෙලානෙ…

ඉස්සරහින් ඇහෙන කිචි කිචිය අපිට ඇහෙන්නෑ වගේ අපි හිටියා…

ඔක්කොම ඉවරවෙලා ලැජ්ජා සහගතව එළියට ආපු අපි

පිස්සුද බන් උඹට විලිලැජ්ජාවේ බෑ යකෝ ඔහොම කෑ ගහනවද ෆිල්ම් බලලා නැති වුන් වගේ..

ඒ බන් මම හයියෙන් කෑ ගැහුවද බන්..

ඒක නෙවී කොහොමද ඒකෙ තිබ්බ සීතල… ඒ සුසිල්

වෙලාවට ඒක විතරයි තොට කියන්න බැරිවුනේ..

ඒක තමා මම ඒකත් කියන්න හඳල ආයෙම නිකන් හිටියා

Advertisements
Comments
  1. ඒක නෙමෙ… මොකෝ ඒ ෆිල්ම් හෝල් එකේ සීට් ඇඳවෙලා තියෙන්නේ.

    • ඒ මම හිතන්නෙ හෝල් එකේ හැඩේ සීන් එකක්.හිටියෙ මැද තීරුවේ නෙවේ දකුණු පැත්තෙ එකේ.ඒකෙ පොඩි ඈන්ගල් එකක් තියේ.
      එත් එහෙමයි කියා ඔහොම ප්‍රසිද්ධියේ ඒක ප්‍රකාශ කරන්නෙ නෑනෙ බන් සෙනඟ මැද්දෙ

  2. මචං 3ඩී හොදයිද සැවෝයි එකේ … මමත් යන්න ඉන්නේ තවම බැරි උනා..

    • මම වෙන ඒවල බලලා නැති නිසා වෙන ඒවල තත්වෙනම් දන්නෑ මචෝ.ඒ වුනාට මේකෙනම් සෑහෙන තරමකට හොඳයි කියලා තමා මට හිතෙන්නෙ.
      ගිහිල්ලා බලපන්.සිරාවටම වෙනස් අත්දැකීමක්

  3. indika27 says:

    හයියෝ බං අවුලක් තියෙනං ඒක එතන කියන්නෙ නැතුව මොන ලබ්බටද බං වෙන තැන්වල කියන්නෙ…අපි ගියානං ඒත් ඔය සරණම තමයි….

  4. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ… 🙂

  5. හප්පට සුර, අපේ සෙට් එකේ එකෙක් රම්බෝ බලලා ෆිල්ම් හෝල් එක ඇතුලේ කුඩයක් ඉහලාගෙන පට්ට ජෝගියක් දැම්මා

    • උඹේ කමෙන්ට් දෙකෙන් එකයිනෙ බන් පෙන්නන්නෙ.අනික මොන මඟුලක් වෙලාද මන්දා?
      ඒක තමා මාත් කල්පනා කරේ ඒ රම්බා කව්ද කියලා

  6. හෑ.. මිනිහා ත්‍රීඩි ග්ලාස් දෙක කන්දෙකටද දන්තියෙන්නෙ… අපිට ඔහොම වෙන්නෙ කැෆේ වල නෙට්වර්ක් ගේම් ගහද්දි ලොල්…

    • ඈ බං කමෙන්ට් කරන්න සයින් අප් වෙන්නෙපැයි! පරන හදපු WP එකවුන්ට එකක් තිබ්බ නිසා අවුලක් නෑ.. ඕනෑ එකෙක්ට කමෙන්ට් කරන්න හදාපිය!

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s