හොස්ටල් එකට ඇතුල්වෙන තැනම දකුණු පැත්තට වෙන්න තිබ්බේ කොමඩ් රූම් එක..කොමඩ් රූම් එක කියලා නොදන්නකමට කීවට ඒකෙ ඇත්ත නම කොමන් රූම් එක කියලා තමයි තියෙන්නෙ.

මේක තමා හොස්ටල් එකටම තිබ්බ පොඩිම ඩෝම් එක.ඒ හින්දමද මන්ද ඒකට රූම් කියනව මිසක් ඩෝම් කියනව මටනම් කවදාවත් ඇහිලා නෑ.

සාමාන්‍යයෙන් මේකට වැටෙන්න 7 වසරට වගේ එනකම් ඉන්න වෙනවා.ඒත් සමහර වෙලාවල්වලදි 6 වසරට එන කස්ටිය වැඩි වුනොත් 6 වසරෙ කට්ටියටත් මේකෙ ඉන්න චාන්ස් එකක් හම්බෙනවා.

වම් පැත්තට වෙන්න තිබ්බෙ ඩයිනින් හෝල් එක හෙවත් කෑම කාමරේ.මේකෙ සාමාන්‍යයෙන් ගේමක් නැතුව 100කට 150කට කන්න පුළුවන්.මේ වගේ තවත් ඩයිනින් හෝල් එකක් තවත් වම් පැත්තට වෙන්න තියෙනවා.ඩයිනින් හෝල් වුනත් මේවා මල්ටි පර්පස් විදියට භාවිතා කරලා පාඩම් කරන්න එහෙමත් පාවිච්චි කරනවා.

සාමාන්‍යයෙන් දැන් හිතෙන්නෙ මේවා දකිනකොට මතක් වෙන්නෙ කන එක හරි පාඩම් කරන එක හරි කියලා නේද?

හෙ හෙ එහෙම හිතුනනම් සම්පූර්ණයෙන්ම වැරදියි.මොකද මතක් වෙන්නෙ කෑම කකා ඉන්නකොට කකුල දිගේ උණුවට වැක්කෙරෙන්න සුලුදිය පහකරපු පල් බළල් හැත්ත..උන් හුජ්ජ කරනවා මදිවට ඊට පස්සෙ වෙව්ලා තමා නවතින්නෙ.මේ වෙලාවට තමා උන්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නෙ.මොකද කෑම කනකොට හිතු මතේ නැගිටලා යන්න කාටවත් බෑ.

ඒ යනවනම් ඉන්න ශිෂ්‍ය නායකයෙකුට කියන්නෝනි.ඔය සෙනඟක් ඉස්සරහ බලලෙක් කකුලට හුජ්ජ කරා කියන්න තියෙන ලැජ්ජාවට හැමෝම ඉවසන් ඉන්නවා.හෝදගන්නෙ කෑමෙන් පස්සෙ.

කොහොමින් හරි එතකොට අපි උන්නෙ 7 වසරෙ.කොමඩ් රූම් එකේ හිටියෙත් අපේම සෙට් එකේ කට්ටියක්.

සිද්දිය වුනේ රෑක.හවස 8ක විතර ඇති.කට්ටියම ලයිට් එහෙම ඕෆ් කරලා දාලා හොඳට නැගලා යන සිංදුවක් කියන්න සෙට් වුනා.මෙන්න මෙහෙම සෙට් වෙලා ආතල් එක උපරිමේටම ආපු වෙලාවට ආපි හොස්ටල් එකේ වෝඩන්.පොර ඇවිත් ලයිට් දැම්මා විතරයි සී සී කඩ දුවපු උන් ඇඳවල් වල නිදි.ආයේ මිනිහට බොරු කරන්න බෑ කොනක ඉඳන් පටන් ගත්තා වේවැල් සබ්බුව.

ඇඳවල්වල නිදන් හිටන් උන්න එවුන්ට පවා පහර දීගෙන පැමිණි පොර වට්ටන්න අපේ බුරියට පුළුවන් වුනා.මූ පොතක් කියවනවා ඒ අල්ල පනල්ලෙ.නෑ සර් මම මේ පාඩම් කරා ඌ කියපි.මූ අතෑරපු වෝඩන් අපිට නෙලලා ගියා,ඒත් අපි හැමොටම මීටර් වුනාට සර්ට මීටර් වුනේ නෑ මූ කළුවරේ පාඩම් කරලා තියෙන්නෙ කියලා.හෙක් හෙක්.

හරි පඳුර තලලා ආවෙ ඊළඟ කථාවට.ඔය කලින් කියපු ඩයිනින් හෝල් එක පිටිපස්සෙ තිබුනා පාඩම් කරන්න හදලා තිබ්බ පොඩි කාමර කෑල්ලක්.

එක දවසක් අපි ඕකෙ පාඩම්.ඒ වුනාට ඇතුල් වෙන තැනම හෙන සයිස් බලු බෙට්ටක්.අපිත් ඉතින් මෙලෝ සංසාරයක් දන්නෙ නෑ වගේ පාඩම් කරණවා.

ඔහොම පාඩම් කරගෙන යනකොට ආවා එතනට අපේ ශිෂ්‍ය නායකතුමෙක් ඉවක් බවක් නැතුව විදලා ආපු පොර නැවතුනේ අර බලු ජරාව පාගමින්..

ඉහවහා ගිය කෙන්තියෙන් ඉල්ප ගිය ඔහු විසින් බෙරිහන් දුන්නේ

මම ආයෙම එන්න කලින් මේක අයින් කරලා තියපියව් නැත්තම් ඔක්කෝම කනවා කියාය.

අපි වහාම ක්‍රියාත්මක වෙලා අර සනීපාරක්ෂක කම්කරුවෙකුට කියලා සුද්ද කරලා දැම්මේ මොනා වුනත් එහෙම ශිෂ්‍ය නායකයෙකුට බලු බෙට්ටක් කන්න දෙන්න හිත හදාගන්න බැරි නිසා.හෙ හෙ..

Advertisements
Comments
  1. කොමඩ් රූම් එක. (:D) ඒක නම් මරු කෑල්ල.
    හොස්ටල් කතාවල ආතල් එක නම් සියලු කලට වලංගුය.
    කල් ඉකුත් වන්නේ නැත.

    henryblogwalker the Dude

    • ආයෙත් කියලා.කවදාකවත් අමතක වෙන්නෙ නැති රස කථා තමා තියෙන්නෙ.හැබැයි ඒ කාලෙ කාපු කට්ට දැන් හිතෙන්නෙ ආතල් එකක් කියලා.

      • //හොස්ටල් එකට ඇතුල්වෙන තැනම දකුණු පැත්තට වෙන්න තිබ්බේ කොමඩ් රූම් එක// මම හිතුවේ මේ වැසිකිලියක් ගැන කියන්න හදනවා කියල.

  2. මොකෝ මේ සද්දෙ වහලා?

    • ඕන් ආයෙම ඇරියා කඩේ.

      අනෙ මන්දා කාලෙකට ඔහොම වෙනව.කථා හිතේ තිබ්බට ලියන්න තරම් මානසික තත්වයක් නෑ.

  3. අදමයි ආවේ බං… උඹේ ලිවිල්ල නියමයි. දිගටම ලියපන් බං. ජය වේවා..

  4. Pro says:

    එළ කිරි පෝස්ට් එක මචං. දිගටම ඔය වැනි රස කතා ලියවේවායි පතනවා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s