ඔබත් බස් කොන්දස්තරලාත් එක්ක මලෙන්ද? – Are you up in arms with bus conductors?

Posted: April 3, 2012 in කරපු පිස්සු, රම්බා'ගේ කතා

සිකුරාදා රෑ වැඩ ඉවරවුනේ හරියටම 10.30.ඒත් මේ සති අන්ත්වල තියෙන රිලීස් එකක වැඩක් යෙදිලා තියෙන නිසා ආයෙම උදේ 2.30ට වැඩ පටන් ගන්න තිබ්බා.ඔය කාලෙත් ඔෆීසියටම වෙලා ගෙවලා දාන්න මගෙ තියෙන අකමැත්ත හින්දා රෑ ගියා බෝඩිමට.යනකොට මෙන්න කස්ටියම බෝතලයකුත් තියාගෙන සෙට් වෙලා ඉන්නවා.

ගෙදර යනකොට වෙලාව 11යි.ආයෙම ගෙදරින් එන්න තිබ්බෙ 1 ට.මේ වගේ වෙලාවක ඒ පැය දෙකේ ගන්න ආතල් එකට සම්බන්ධ නොවෙන එකා මොකාද.මාත් වාඩිවෙලා හීනියට ගත්ත පොඩ්ඩක් ආයෙම වැඩට එන්නත් තියෙන නිසා.ඔය අතරෙ බස් කොන්දස්තරලා ගැන කථාවක් ඇදිලා ගියා.මරුම කථා වගයක් අහන්න හම්බුනා.

මුලින්ම පටන් ගත්තෙ එකෙකුට සිද්ධ වුන අසාධාරණයක් එක්ක.හැබැයි කොන්දාගෙන්නම් නෙවෙයි මේ අපි වගෙම බස් වල යන කෙනෙක්ගෙන්ම.

මූ කීවෙ මෙහෙමයි…

ඒ යකා මචං සීට් එක පුරා වාඩිවෙලා මට අයිනෙ පොඩි ඉඩක් තමා ඉතුරු වෙලා තිබ්බෙ.මම වාඩිවෙනකම් ඉස්සරහට වෙලා හිටපු පොර මම සීට් එකේ හේත්තු වෙනවා දැකලා හොඳට සීට් එකේ හේත්තු වෙලා උරහිස ගස්සලා මාව පැත්තකට තල්ලු කරා.මමත් ආයෙ ඉතින් අතෑරියේ නෑ ගේම.ඒ මදිවට මේ යකා කකුල් දෙකත් පළල් කරන් මහාකෝණයක් හදාගෙන.මට මාරයා.මට දැන් පේනවා හිතෙන් මූට දෙකක් අනින හැටි…

ඔන්න ඔහොමයි සීන් එක වෙලා තියෙන්නෙ.කොහොමින් කොහොම හරි බස් එකෙන් බහිනකම් මූ ඇවිත් තියෙන්නෙ මල පැනලා…

මේ අතරෙදි තමා ඔන්න ඔය වෙනා සීන් එකට කරන්න පුළුවන් හොඳම විකල්පය ඉදිරිපත් කරේ තව පොරක්.

ඔය වෙලාවට කරන්නෝනි මචං කොන්දා එනවනෙ ටිකට් එකක් දෙන්න.ඉල්ලපන් භාගෙ එකක්.මේ මට දෙන්න භාගෙ ටිකට් එකක් කියලා.කොන්දත් අන්දොස් වෙනවනෙ මෙහෙම වුනාම.ඌ අහපුවාම කියපන් මේ බලනවකො මේ මිනිහා සීට් එකේ තුන් කාලක වාඩිවෙලා මම කොහොමද යන්නෙ.මට දෙනවා භාගයක් කියලා.

ඇත්තටම මේ සීන් එක තමා ඔය වගේ අවස්ථාවලදි කොරන්න පුළුවන් හොඳම දේ කියලා හිතුනා මටත්.ඕනි කෙනෙකුට කරලා බලලා කියන්න පුලුවනි මොකෝ වුනේ කියලා.

ඒ අස්සෙ එකෙක් කියපි

පත්තරේ මරු සීන් එකක් තිබ්බා බං.සුවර් එකටම 177ක හරි 175 ක හරි සීන් එකක්.බස් ගාස්තු වැඩීවුන අලුත කොහොම හරි ගෑණියෙක් දීලා තියෙන්නෙ 16 ටිකට් එකට 12ක් ලු.කොන්දම මේකට මල පැනලා ඌ ගෑණිත් එක්ක ගේම ඉල්ලලා.ගෑණි කියනවලු මේ ගාණ තමා හැමදාම දෙන්නෙ.ආයේ මේකට විතරක් මොකටද වැඩිපුර දෙන්නෙ එහෙම කියලා.කොහොම හරි මේ ගේම ඉවරවෙලා නෑ ටවුන් හෝල් එනකනුත්.

බස් එකේ ඩ්‍රයිවර් කාරයා ඉඳලා තියෙන්නෙ සුපිරි පොරක්.මූට මල පැනල නස්තාර් වෙන්න.

මූ බස් එක නවත්තලා ඇවිත් දෙන්නටම බැනලා.

මොනාද ඕයි තමුසෙ මේ රුපියල් හතරකට මෙතන පැය ගානක් කියවන්නෙ.දෙන ගාණක් අරන් ඉන්නවකො තමුසෙටත් ඕනි නැති මඟුලක් නෑ මෙතන කියලා කොන්දට බැනලා

මේ නෝනත් මෙතන හරියට ගාණ දැනගෙන ආවනම් ඉවරයිනෙ රුපියල් හතරකට මෙතන මරාගන්න හදන්නෙ.වැදගත් මිනිස්සු නේද කියලා

දෙන්නටම බැනලා ගිහින් පාඩුවේ එළවගෙන ගියාලු.අර ඩබලම මීක් නැතුව ගියාලු ඊට පස්සෙ.

අනිත් සීන් එක වෙන්නෙ පොළොන්නරුව කොළඹ බස් එකකලු..
හික් හික්…

මේ කියන කොන්දා සාමාන්‍යයෙන් අපි මේ කථා කරණ අයට වඩා වෙනස්ලු.මේ පැත්තෙ බස්වල ඉතින් සාමාන්‍යයෙන් යන්නෙ ටිකක් අදුරණ කට්ටියනෙ.කොන්දා බස් එකේ මිනිස්සු පැක් කරණ්නෙ මෙහෙමලු.

අයියෝ මේ දන්න කියන කට්ටිය නේද මොකද මේ ඈත් වෙලා යන්නෙ.ඔය මල්ලිලා එහෙම නන්ගිලාට ටිකක් කිට්ටු වෙලා යන්නකො.ආයෙ අදුරන්න්නැති උදවිය වගේනෙ…

ඔන්න ඔහොම තමා මිනිහා පැක් කරණවා කියන්නෙ.හැබැයි වැඩේ කියන්නේ මිනිස්සු කාටවත් කේන්ති යන්නෙ නෑ වගේම හැමෝම පොරත් එක්ක හිනාවෙලා ඉන්නවලු.

ඒ වගෙම ගොඩක් කෙනෙක්ට කොන්දලා එක්ක මල පනින්න හේතුවත් මෙහෙම පැක් කරලා ඒ මදිවල ඒක අස්සෙ ටිකට් කඩන්න එන එකටලු.හික් හික්…ඒ මදිවට කොන්දා හේත්තු වෙන්නෙත් යන මිනිහෙක්ගෙම ඇඟක වීම මේ මල දෙගුණ කරනවලු..

ඒ අස්සෙ තව මරු කොන්දා කෙනෙක් ඉන්නවලු 120 බස් පාරෙ.පොරට කේන්ති යනවලු හොඳටම.මිනිස්සුන්ට පස්සට යන්න කියලා කෑ ගහන්නෙ දිව එළියට දාගෙන විකාගෙනලු.

පස්සෙ බැලින්නම් මේ පොර තාවකාලික කොන්දෙක්ලු..පොරට ගතමන්ට් එක හම්බෙන්නෙ මිනිස්සු ගාණ වැඩිවෙනකොට නිසා මිනිහට මල පනිනවලු මිනිස්සු හරියට පැක් වුනේ නැත්තම්..

පිංතූර හම්බුනේ…
movies.sulekha.com
english-speaking-zone.blogspot.com

Advertisements
Comments
  1. Gold fish says:

    උඹට කොන්දා බැන්න විදිය ලියන්නේ නැද්ද්..????

  2. කොන්දලගෙ වැඩ නම් කතා කරලා වැඩක් නෑ. බස් කතා බස්!!
    ඒක නෙවෙයි කොලුවො. මොකක්ද ඔය රස්සාව කරන වෙලාවල්. 10.30ට ගෙදර ඇවිත් ආයෙම පාන්දර 2.30 ට වැඩට යන්නෙ? ඕක නම් එච්චර හොඳ කෙලියක් නෙවෙයි. නිදි එකවුන්ට් එකට නය වෙන එක හොඳ නෑ.මොකද ඕකෙන් සෞඛයයට බරපතල හානි වෙන්න පුලුවන්. කියෙව්වද මගෙ බ්ලොගියෙ ජූඩ්ගෙ කතාව?

    • හෙ හෙ මාතෘකාව දැකපු ගමන් මීටර් වුනේ නෑ.ගිහින් බැලින්නම් මම ඕක දෙතුන් පාරක්ම කියෙව්ව එකෙක්නොවැ.වෙන මොනා කරන්නද වැඩ කොරන්න වෙලා තියෙන්නෙ සුද්දගෙ වෙලාවල්වලට නොවැ.උන්ට රිස්ක් අඩුම වෙලාව තමා සිකුරාදා රෑ 10 උන්ගෙ වෙලාවෙන්.ඉතින් අපි ඕනි මෙහෙදුක් විදින්න.

      ඔබතුමාට FBඑකේ request එකක් දැම්මා පුබුදු කියලා අද උදේ… 🙂

      • හරි. මම තාම ගියෙ නෑ මූණු පොත පැත්තෙ. හෙන බිසි. මට ඔබතුමා වගෙ නරක වචන කියන්න එපා බං. අඩෝ පඩෝ ‍තෝ යකෝ වගෙ ප්‍රිය වචනෙන් කතාකලානම් හරි. ගුරු රස්සාව කරනෙ ඉස්කෝලෙදි විතරයි. හුටා මේක ගැහුවෙත් ඉස්කෝලෙ ඉඳන් තමයි හැබැයි. 😀

      • සංසාරේ……..

        අනේ මන්ද මම මේ බ්ලොග් අවකාශෙ ඔය වචනෙ පාවිච්චි කොරපු හැම වාරෙම ආවෙම ඔය විදියෙ ප්‍රථිචාර තමා…ඒත් දෙතුන් ගමනක් කල්පනා කොරල ඔය ගැහුවෙ.හුටා ආයෙමත් ඒ විදියෙම ප්‍රථිචාරයක්.මේකනම් සමීක්ෂණයක් කොරන්න ඕනි පුරශ්නයක්..

        ස්කෝලෙ ඉදනුත් බොලොග් කෙරුවාව කරන්න තරමටම බිසී වෙලා ..! හෙක් හෙක්

  3. asaranaya says:

    කොන්දා කියන්න එපා පවු කොන්දාස්තර මාමා කියන්න.ඉඳල හිටලා කියක් හරි වැඩියෙන් ගත්තට කමක් නැහැ.

    • ඒ පැත්තට ඔළුව දාල මේ යකා අලුත් මොකුත් ලියලා නෑනෙ කියලා හිතලා ආව විතරයි.

      උඹට අප්සැට්ම වගේනම් ඔන්න ඔහෙ කොන්දොස්තර මාමා කියමු….

  4. Anonymous says:

    Machan rambo… liyapnko ube parana kellek gana kathawak ehema… hik hik hik…. (Mes….. gana)
    Kochchara rasa katha thiyanawada hostel eke uba gana… kiyapanko deka thunak….

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s