අධෝ වාතය.. – Fart

Posted: March 29, 2012 in කෙටි කථා, රම්බා'ගේ කතා

අපෝ අදනම් මහම මහ මුඩු කාළකණිනි දවසක්…

උදේ පාන්දර ඉදන්ම බඩේ තුබූ වේදනාව ඔෆීසියේදී කුරු කුරුවක් බවට හැරුනේ දහ අතේ දුවන හිත බඩටම යොමුකරවමිනි.

උදේ පාන්දර මේසය මත තිබූ ෆයිල් මිටිය තාමත් එහෙමම මේසය කොනේමය..

කිසිම වැඩක් පලක් කර ගැනීමට ඇඟට පණ ඇති ගතියක්නම් නොදැනේ…

හපෝ මේකනම් මහ කරුම බඩේ අමාරුවක්..

ආයෙමත් සැරයක් ශරීර කෘතය සඳහා දිව ගිය ඔහු නැවත පැමිණියේ මරන්න ගෙනියන හරකෙක් මෙනි.

තවදුරටත් කාර්යාල ස්ථානයේ රැදී සිටීමනම් කොහෙත්ම කල නොහැක්කක් බව මේ වන විටත් ඔහුගේ චිත්තය තීරණය කොට හමාරය.

වෙව්ලමින් ගැස්සෙමින් තව දුරටත් මේ පුටුවේනම් වාඩිවී සිටිය නොහැකිය.අදුම තරමේ half day එකක්වත් දාගන්නෝනි මැනේජර් ගාවට ගිහින්.ඒත් කොහොමද අප්පා විලිලැජ්ජාවක් නැතුව ඔය ගෑණිට ඕක කියන්නෙ..

ඔලුවේ අත ගසාගෙන හුන් ඔහු යන්තමින් මදක් වෙව්ලා පිටවීමට ගිය වාතය හිරකරගත්තේය.

ඊළඟට ඔහු දකින්නට ලැබුනේ වීදුරු වලින් වට කොට ඇති මැනේජර්ගේ කාර්යාලය තුළය..

පිටින් බැලූ විට පෙනුනේ ඔහු පණුවෙක් මෙන් ඇඹරෙමින් හිස කසන බවය.

නමුත් ඇත්තටම සිදුවූයේ මැනේජර් විසින් කරණු ලැබූ දෝශාරෝපණයන් රැසක් සමඟ ඔහුට half day එකක් ලැබීමය.

කළමනා ටික අකුලාගත් ඔහු වහ වහා ඔෆීසියෙන් පිටවූයේ හැකිතාක් ඉක්මනට නිවස බලා යාමටය..

ඒ අතරවාරයේ ඊයේ රාත්‍රී ආහාර ගත් සයිවර් කඩේ උන්ගේ ඤාතී පරම්පරාවටම පින් පෙත් පුදකිරීමටද අමතක නොකල ඔහු පැමිනි ප්‍රථම බසයටම ගොඩවිනි.

සෙනග අඩු බසට සිසාරා බැල්මක් හෙලූ ඔහුට දක්නට ලැබුනේ පාසල් නිල ඇඳුමින් සැරසී හුන් පිරිකරු යුවතියන් කිහිප දෙනෙක් පිටිපස්සෙම සීට් එකේ සිටින බවය.දෙවරක් නොසිතා ඔහු ඊට ඉදිරිපස අසුනේ හිඳගත්තේ ඒ වනවිට බඩේ අමාරුව පිළිබඳව වගක්වත් සිහියට නොනැගීම නිසාමය.

බඩ කොරවීගෙන පිටවීමට ආ වාතයක් ඔහුගේ සිතුවිලි දැහැන සසල කරවීය.ඒ මේ අත ඇඹරුනු ඔහු ඉතා සෙමින් හඬ නොනැගෙන සේ වාතය්ක් පිටකරේය.

හප්පා ගඳ… මුකුත් නොදන්නා විලාසෙන් වීදුරුව ඉදිපස කෙලවරටම තල්ලු කර දැමූ ඔහු හමා ආ හුළඟින් පපුව පුරවා ගත්තේය.

අලි මදිවාට හරක් කීවාලු.ඒ සමඟම හදිසියේම ඔහුටත් නොදැනීම අධෝ වාතයක් පිටවූයේ මහා සද්දයක්ද සමඟයි…

බ්බ්බ්බ්‍රරාස්ස්….

සියල්ලම සිදුවූයේ නිමේශයකිනි.හාත්පස කිංකිණි රාවයක් පැතිර ගියේ පාසල් සිසුවියන්ගේ ප්‍රථිචාරයක් ලෙසිනි.

එකෙනිහිම පහල වූ කපටි සිතුවිල්ලට ප්‍රථිචාරයක් වශයෙන් කටින් විවිද ශබ්ද අනුකරනයන් කිරීමට ඔහු පෙලඹුනේ පෙර නැගුනු ශබ්ධය හුදු මුවින් නැගුනු ශබ්ධයක් බව අනෙකුන්ට පසක් කරවීමටය.

මෙලෙස විනාඩි කිහිපයක්ම ඔහුගේ රඟපෑම දැක්වූ ඔහු නිහඬ වූවා පමණි බසයෙන් බැසීමට බෙල් එක නාද කල යුවතියන් අතර සිටි එක් කටකාර යුවතියක්.

අයියෙ කටින් දාන සද්ද ඔක්කොම හොඳයි හැබැයි එකක්වත් අර පඩේ තරම් ගතියට ආවෙ නෑ

පවසා බසයෙන් බැස නොපෙනී ගියාය.

—————————————————————————————-

නම අමතක එක් ප්‍රසිද්ධ කලා කාරයකුට සිදුවූ සත්‍ය සිදුවූමක් මසිත පහළ වූ ආකාරය මෙසේය..

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..
php සිංහලෙන්

පිංතූර හම්බුනේ…

fart-sounds.net
smosh.com

Advertisements
Comments
  1. බඩේ අමාරුව නම් මොකක්ද කිව්වලු‍ කෙල්ල කියල තියෙන එකත් එක්ක බලද්දි….

    පී එච් පී ලින්ක් එක වැඩ කරන්නෙ නෑ බන්…

    • ඒක නේන්නම් කියන්නෙ බන්..පිස්සු හැදෙනව ඒකිගේ ටෝකට.

      ගොඩක් තෑන්ක්යූ වේවා මචං කීවට.ලින්ක් එක හැදුවා.දැන් වැඩ. 🙂

  2. එල සීන් එක ……
    හොඳට හිනා උනා ………

  3. රාජ් says:

    විලිලැජ්ජාවේ බෑ.

    • එහෙනම්.ලැජ්ජයි කියන්නෙ විලිලැජ්ජයි..

      බලපන් දැන් උන්ගෙ පරම්පරාවෙ එකෙකුටවත් කියන්න පුලුවන්ද නම්බු පිට අඩෝ අපේ පරම්පරාවෙ එකෙක්වත් බස් එකේ පඩයක් ඇරල නෑ කියලා.

      හෙක් හෙක්..

  4. බඩේ අමාරුව තරං චාටර් සීන් එකක් නෑ අප්පා…අනික ඔය වාත සීන් එක…කොහොම කියලා නවත්තන්නද…අර කෙල්ල කියපු එකට මළ පහ පිටවෙන්න ඇති එතනම….එළ සීන් එක….

    • ඔව් බං කියලා වැඩක් නෑ.ඒකනම් මහ වාතයක්ම තමයි..

      හෙ හෙ …….මල නං උපරිමේටම එන්න ඇති..

  5. හැක් හැක්! ඉඳලා ඕන්නෑ එහෙම කේස් එකක් වුනානම්…
    henryblogwalker the Dude

    • හපුච්චේ මේ ඉංග්‍රීසි සර් නේද?

      හෙක් හෙක් වුනානම් නෙවී වුනාලු..

      ඔය අන්තිම කථාව පත්තරේ තිබ්බ සීන් එකක්.වෙලා තියෙන්නෙ අපේ රටේ ප්‍රසිද්ධ කලාකාරයෙකුට.මට කරුමෙට මතක නෑ නම.ගොඩාක් කාලෙකට කලින් කියවපු කථාවක්.

      මම කරේ මට හිතුන විදියට ඌණ පූරණයක් දුන්න එක තමා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s