කිරියාගේ රස කථා…2-තත්වෙකට ඒම සහ තවත් කථා

Posted: March 27, 2012 in කරපු පිස්සු, ගෑන්සිය, රම්බා'ගේ කතා, හොස්ටල් සිතුවම
Tags: , ,

ඔන්න ඉතිං කිරියගෙ සීරීස් එකේ දෙවෙනි කොටසත් මෙහෙමම ලියලා දාන්න හිතුවා.

අපේ ගැන්සියේ කට්ටියගෙ කටවල් වල කාලෙන් කාලෙට එන කෑලි වලට අමතරව අපේම වචන සෙට් එකකුත් වෙනම තියෙනවා.

ඒවයින් ආපු අලුත්ම එක තමා තත්වෙකට එනවා කියන එක.මේක හඳුන්වා දෙන්න මූලික වුනේ වෙන කවුරුවත් නෙවී කථානායක කිරියාම තමයි.

සාමාන්‍යයෙන් සෑහෙන තරමකට බීමකට වග කියන්න පුළුවන් කිරියට මේ ළඟකදි ඉදන් මූඩියක් පෑගුනත් වෙරි වෙන සීන් එකක් ඇවිත්.

මූ ඒකට කියන්නෙ තත්වෙකට එනවා කියලා.මෙහෙම ක්ෂණිකව තත්වෙකට එන කිරියා මේ දවස්වල රෑට රෑට පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ ටයිල් පොලොවෙ වැටිල ඉන්න එක සාමාන්‍ය සීන් එකක්.

ඔන්න දවසක් රෑ 10ට විතර මට කිරියාගෙන් කෝල් එකක් එනවා.

අඩෝව්ව් රම්ම්බා උඹා කොහෙද බං….

මම මේ ගමේ යනවා බං.මොකෝ සීන් එක..

අඩෝව්ව් බිව්වා ඩෝ හොඳටම උඹ කොහෙද දැන් ඉන්න්නෙ..

දැන් මේ අවිස්සාවේල්ල පහු කරලා යනවා බං..එළ එළ උඹ බීලානෙ බං පිස්සෙක් වගේ…

අම්මට උඩු එහෙමද..හරි මං කියන්නම් උඹ ඔහොමම වරෙන් අවිස්සාවේල්ල පහු කරන් නුගේගොඩ හන්දියට.මම විනාඩි 15න් එනවා….

ඈ… පිස්සුද යකෝ අවිස්සාවේල්ල පහු කරන් කොහෙද නුගේගොඩ තියෙන්නේ….??

ආ එහෙමද එළ එළ එහෙනම් උඹ එනවානේ…

පිස්සුද යකෝ මම එන්නෑ මම ගමේ යනවා.තෝ පලයං ගෙදර…

එළ එළ මචාන් එහෙනම්..

යන්තම් හෙන ගේමක් දීලා ෆෝන් එක තිබ්බවාගත්තා…මේන් තව විනාඩි 30කට විතර පස්සෙ ආයෙම කෝල් එකක්..

ඒ මචං රම්බා උම්ම්ඹ කොහෙද බං.මම මේ කළුබෝවිල බං.හොඳට බීවා.

ඇයි බන් දැන් පැය භාගෙකට කලිනුත් කලුබෝවිල කිව්වා නේද?

මොනා කරනවද බන් පලයන් ගෙදර…

අඩෝ ඒ මම කථා කරාද බන්….උඹ එනවද එතකොට නුගේගොඩට..

පිස්සුද බන් පලයන් තෝ ගෙදර මම එන්නෙ නෑ…

ආ එහෙමද එහෙනම් එළ මචං..මම මේ කාණුවක වැටුනා මචන්….

ඔන්න ඔහොම හෙන කථාවකට පස්සෙ පට්ට අමාරුවෙන් තමයි මූ ලව්වා ෆෝන් එක තිබ්බවාගත්තෙ.

දැන් මාසෙකට විතර කලින් අපේ මද්දා බැන්දා.උගේ හෝම් කම්න්ග් එකට ගියපු කිරියා මුලින්ම කරේ ගෑණු ටික මඟ ඇරලා බොන්න ගියපු උන්ව දැකලා මූ ඒ කෙල්ලො ටික එක්කරන් ගිහින් අරුන් බොන තැනට..

එතන එක ජංජාලයයි.කොල්ලො අම්ම මෝ නැතුව බනිනවා කිරියට.

ඕන් මුගෙ විචාර බුද්ධියේ තරම.

මේ ඔක්කොම කෙලි කරලා ගැලවිලා මුකුත් නොදන්නවා වගේ ඉන්න කිරියගෙ තියෙනවා පොරට ආවේණිකම defence mechanism එකක්.

ඒ තමයි මූට ඒ වෙලාවට මුකුත් ඇහෙන්නෑ වගේ ඉන්න එක.කොටින්ම බනින්න නෙවී නිකම් කථාවට මුගේ කණට කරලා කෑ ගහල කීවත් මෙලෝ සංසාරයක් ඇහුන්නෙ නෑ වගේ ඉන්නවා කිරියා.

එහෙම තමා මෙච්චර හරියක් කරලා කිරියා තාම අපෙන් ගැලවිලා හිත් අමනාපකමක් නැතුව ඉන්නේ.

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..php සිංහලෙන්

Advertisements
Comments
  1. Ravi says:

    කිරියගෙ වැඩත් නියමයි මලේ උඹ ලියල තියනව ඊටත් නියමයි…:) 🙂

    හෙහ්, හෙහ්,….මධු පානයෙහිදී සිදුවූ අමතක නොවන සිදුවීම්…..මයෙත් තියනව බොල කෙළ කෝටි එකහමාරක් විතර……:) 🙂

    අපෙත් හිටිය ඔය වගෙ කරටිය කැඩෙන්ඩ ගහන පොරක්..

    ඌට වැඩිඋනාම එතනම බිම වැටිල, අර ගර්බාසෙ දරුවො ඉන්නෙ…. ආං ඒ විදිහට ගුලි ගැහෙනව…..අපි ඉතිං මොකද කරන්නෙ ඒකට රෙද්දක් එහෙම පොරවල අපේ වැඩේ කරගෙන යනව.

    එක දවසකත් ඔය වැඩේ සුපුරුදු ආකාරෙටම උනා,

    ටික වෙලාවකට පස්සෙ අපේ එකෙක් බිම වැතිරිල ඉන්න එකා දිහා බලල මෙහෙම කිව්ව

    ” දෙයියෝ සාලෙ…..මේ යකාට කොච්චර කිව්වත් වැඩක් ඇතෑ…තමංගෙ ලිමිට් එක දැනගෙන එපයි බොන්න ”

    මේං අර බිම වැතිරිල හිටපු එකා ඔලුව උස්සල අර කතාව කියාපු එකාගෙ මූණ දිහාවෙ ටිකක් වෙල බලා ඉඳල මෙහෙම කිව්ව

    ” මගෙ ලිමිට් එක මේක තමයි ******* ගෙ පුතෝ”

    අපිට මැරෙන්ඩ හිනා…අරක්කු මගෙ ඉස්පොල්ලෙ ගිහිල්ල මම නොමැරි බේරුනෙ පූරුවෙ වාසනාවකට…

    • හයියෝ සංසාරෙ අන්න පොරවල්.

      අපිට එහෙම හිතුනට ලිමිට් පන්නලා බොනවා කියල උන්ගෙ ගාන ඒක වෙන්නැති තමා.හික් හික්…

      ස්තූතියි රවී අයියා මේ පැත්තෙ ආවට.ඔන්න ඔහෙ වෙලාවක ඒ කථා ටිකත් කියලා දාමු.

  2. මූ ෆෝන් එක නැතිකරගන්නෙ නැති එකනෙ පුදුමෙ. මම කල්පනාකලේ මේ නමේ අප්සෙට් එකක්ද කියලා, මොකද මගෙත් යාලුවෙක් හිටියා ඉස්සර කිරිවත්තුඩුව කියලා. ඉතින් ඌට කියන්නෙත් කිරා, නැතිනං කිරියා. ඌත් ඔයවගෙමයි බිව්වාම. මම ඌව අන්තිමට දැකපු දවසෙත් නන්නත්තාර වෙන්න වැදිලා හිටියෙ.

    ලියලා තියෙන විදිහ මරු.(බොන්න ආසා හිතෙනවා. 😀 )

    henryblogwalker the Dude

    • ඇත්තටම අම්මාපල්ල.මේ වෙනකම් තාම ඕකගේ ෆෝන් එකටනම් කිසිම හෙනයක් වෙලා නෑ.හෙක් හෙක් වෙන්න පුළුවනි.කව්ද දන්නේ නමේ වැරැද්දක්ද කියලා.මූටනම් කිරියා කියන්නෙ හමේ පාට කිරි පාට නිසා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s