මේ බොලොගේ පටන්ගත්තා කියලා දැන ගත්තට පස්සෙ යාලුවෝ අහන්නෙ අඩේ මම ගැන ලියල නෑ නේද උඹ කියලා..ඔය කලින් එක යාලුවෙක්ගෙ කෙරුවාවක් ලියලා තියෙනවනෙ..මේ ඒකෙම දිගුවක්..අපේ සෙට් එකේ යාළුවන්ගේ විස්තර.

කිරියා කියන්නෙ අපේ කට්ටියගෙන් ඉන්න හිත හොඳම එකෙක්.ඒ වුනාට අව්ලකට තියෙන්නෙ පොරම වෙලාවකට මෙලෝ සංසාරයක් නොතේරෙන එක තමයි.

මෙන් පොරගෙ වැඩ කිඩ ස්වල්පයක් පොරගේම හඬින් කියවලාම බලන්නකො.

මචං පට්ට චූ බරක හිටියෙ බං.මම කෙලගෙන ගියා මචං.දෙපැත්තෙම කෙල්ලෝ සූ ගාලා.උනුත් හිනාව දාගෙන හිටියා.මාත් සැරට ගියා දන්නවනෙ ඉතිං ආයෙ.ගිහින් බැලුවා හිටගෙන කරන ඒවා එකක්වත් නෑ.කෙලින්ම ගිහින් දොර තියෙන එකක දොර වහගත්තා.අප්පට උඩු ටික්කින් තමා බං මීටර් වුනේ මේ ගිහින් තියෙන්නෙ ගෑණු ටොයිලට් එකට කියලා.මම එහෙමම හිටියා ඉන්ටවල් ඉවර වෙනකම්ම බන්.කව්ද යකෝ දන්නෙ මේවා ගෑණු ඒවද නැද්ද කියලා අපි මොකෝ කලින් රොටරියට ගිහින් තියෙනවායෑ.

හිතාගන්න පුලුවන් නේද පුත්‍රයාගෙ තරම.

මේං අනිත් සීන් එක.මේ ඊයෙ පෙරේදා වුනේ.

මම වැඩ ඇරිලා බෝඩිමට එනකොට මේසෙ උඩ කෑම එකක්.දවල් ගෙදර හිටියෙ කිරියා විතරයි.ඕකගෙ හැටි ඉතින් ආයෙ මට කියලා දෙන්න දෙයක් නෑ නොවැ.මම දන්නවා අමතක වෙලා කියලා.ගත්තා පොරට කෝල් එකක්.

මචං කෑම එකක් මේසෙ උඩ තියෙන්නෙ මොකෝ බං.

මේන් පොරගෙ උත්තරේ.

ආ බං ඒ මම මේ දවල් වෙලානෙ කන්න ගියෙ.ඉතින් උදේට එකකුයි දවල්ට එකකුයි දෙකක් ගෙනාවා.මම එනකොට බඩගිනි තිබ්බෙත් නෑ බං.ඉතින් මම ඕක තියලා ආවා.

මට ඉතිං…. මේකා පිලිගත්තෙම නෑ නොවැ මූට අමතක වෙලා කියලා.

එක මම ඔය ඇහුවමයි දවල්ට කඩේට ගිහින් උදේටයි දවල්ටයි කෑම දෙකක් ගේන එකෙක්.ඕන්න උදේටයි දවල්ටයි කෑම එකක්නම් කනවා.

අනික මේ යකා මේක හොඳට පාර්සල් කරල බෑග් එකකට දාල බඩගිනි නෑ කියලා තියලා ගියපු එකනොවැ අනිත් වැඩේ.

කස්ටිය කලින් ලියපු මේක බලලා තියෙද?ඔය සෙල්ලමේ Bench mark එකක් තියපු එකෙක් තමා මේ කිරියා.මෙතුවල් කල් කවුරුත් අනුගමනය නොකරපු ක්‍රම හඳුන්වා දුන්නෙ කිරියා.

ඔන්න දවසක් හම්පඩ ඩෙනිමක් ඇඳන් ගියපු එකා එනවලු හොස්ටල් එකට පට්ට අලුත් ඩෙනිමක් දාගෙන.කට්ටියම ඉතිං දන්නවානෙ මේක උස්සලා කියලා.එකෙක් ඇහුවලු

කෝ බං ඇඳන් ගියපු එක?

ආ ඒක මම නවලා තියලා ආවා කීවලු.කට්ටියට ඉතිං මාරයා.ඇයි යකෝ තෝ කරන්නෙ අපිට කෙලවන්නද කියලා බැනල යන්තම් ආයෙ යවලා පරණ ඩෙනිම ඌට කියලා හොරකම් කෙරෙව්වලු.කොහොමද කිරියගෙ සීන්.තමන්ගෙම පරණ ඩෙනිම කඩේකින් හොරකම් කොරපු එකෙක් මේ සම්මජ්ජාතියේ ඇති කියලා මමනම් හිතන්නෑ.

ඔය මොනා වුනත් කොල්ලා ඉගෙනනීමට බර ඇති කියලා හිතෙනවද?මෙන්න කිරියගෙ අධ්‍යාපන සුදුසුකම්.

O/L රිසල්ට් බලන්න යනකොට මෙන්න බොලේ අහම්බෙන් වගේ කිරියත් ඒ ජොයින්ට් එකටම ඇවිත් රිසල්ට් බලන්න කියලා.බැලුවම දෙන්නටම A3 යි තිබ්බෙ.

ඔන්න රිසල්ට් එහෙම බලාගෙන හොස්ටල් එකට ආවම කස්ටිය බලා ගත්ත අත බලාගෙන ඉන්නවා.දන්නවනෙ ඉතින් ඔ/ල් රිසල්ට් ආවම කොල්ලන්ගෙ මූණු කොහොමද කියලා.

ඒ අස්සෙ එකෙක් කියනවා අඩෝ කිරියනම් සිරා පොරක් බන් බලපන්කො A8ක් අරන් කියලා.මම තක්බීර් වුනා යටි හක්ක පොළොවෙ හැපුන්නැති ටික විතරයි.පිස්සුද බං ඒකට A3යි.මාත් එක්කමෙ ගිහිල්ලනෙ බැලුවෙ.අම්මට උඩු කොල්ලො @#$!@%&*%$….

ඔය ස්කෝලෙ කාලෙන පස්සෙන් පහු කිරියා මාත් එක්කම ඩිග්‍රිය කොරන කාලෙ අපි ගියා IDH පැත්තෙ පොරකගෙන් සයිට් හඳන්න ඉගෙනගන්න.ඔනන් ඉතින් මාස 4කට වඩා ගෑටුවට පස්සෙ දවසක් හදන එකක පොඩි අවුලක් ඇවිත් මම කිරියට කිව්වා අඩේ මචං මේක පොඩ්ඩක් බලන් වරෙන් ගිහින් කියලා.අපරාදෙ කියන්න බෑ කොල්ලා දවසක්ම ගිහින් හඳන් ආවා.

හවස මම බලනකොට site එක ලොන්ත වෙලා.image එකක් රිපීට් වෙලා.මම කිව්වා මචං උඹ මේ ඉමේජ් එක රීසයිස් කරේ නැද්ද බං කියලා.

නලියා දුන්න සුපිරි උත්තරයක්.

අනේ මට තේරෙන්නෑ බං ඔය මඟුලෙ html…

හුටා අපේ වෙබ් සිහිනයට කෙළ වුනා.

යකෝ මේකට මේක තේරෙන්න මාස 4ක් ගියාද???

අනික නලියගෙ ඉංග්‍රීසි.මූට බැරි කමක් නෑ හොඳට පුලුවන්.වැඩේ කියන්නෙ ඉඳල හිටලා මූගේ අර අවුල ඉංග්‍රීසිවලටත් ගහනවා.

මූයි මායි කාලයක් වෙබ් සයිට් එකක් හඳන්න කියලා හොරණ පැත්තෙ ගෙදරක හොඳට කාල බීලා හිටියා.ඒ අන්කල්ට ඕනි වුනේ wildlife සයිට් එකක් කරන්න.මේන් දවසක් රෑ ඉමේජස් බලන වෙලාවක මූ අන්කල්ට කියනවා.

අන්කල් ලියෝපැස්ඩ්ස්ලා සර්ච් කරානම් හරි කියලා.

අන්කල්ල පිස්සු වගේ වුනා මූණ අමුතු වුනා.

කිලියෝපැට්‍රා ඒ අහවල් එකකටද?

අන්කල්ට හිතෙන්න ඇත්තේ මූ වැලක් සර්ච් කරන්න කියනවා කියලද මන්දා …සංසාරේ..

නෑ නෑ අංකල් අර ලියොපැඩ්ලා…

ආහ් මේ ලෙපඩ්ලා කියලා අන්කල් ලොවෙත් කින්ඩි හිනාවක් දැම්මා..මටත් එක්ක විලි ලැජ්ජාවේ බෑ.මේ යකා නොදන්න මඟුල් වලට කට නොදා ඉන්න හැටි..

ඔහෙ ඉන්න කාලෙ දවසක් අන්කල් නස්තා වෙන්න ගහල ඇවිත් අපිට මෙහෙම ටෝකක් දුන්නනෙ.

ඔය පුතා හෝටල් කාරයෝ ඉන්නවවනෙ.ඕකුන් හරියට ෂර්ලොක් හෝම්ස් වගේ මස් රාත්තලමයි ඉල්ලන්නෙ…

හි හි මට ඉතින් ලොවෙත් ආපු හිනාව ගිලලා තව ටිකෙන් මැරෙනවා.

පොඩ්ඩක් දිග වැඩි වුනා නොවැ.ආයෙ පස්සෙ වෙලාවක කිරියගෙ ඉතුරු කථා ටිකත් ලියන්නම්කො..

මේන් ෆොටෝ හොයාගත්ත තැන්.

itsyowyow.com

crazytownblog.com

Advertisements
Comments
  1. කිරියා මාර පොරක් නේ අප්පා…කඩෙං කොහොමද මූ ආයිත් කලිසම උස්සලා තියෙන්නේ…..

    • ඒක තමා බං අනිත් සීන් එක.අපි ඉස්සුවේ යන්තම් කලිසමට යටින් ඇදන් එහෙමනෙ.මේ යකා පරණ ප්‍රංශමුල්ලෙ බෑග් එකක් අරන් ගිහින් අර කවුන්ටරේ පෝළිමෙ ටික වෙලාවක් ඉඳල අර කලිසම පරණ බෑග් එකට දාගෙන දැන් ගත්තා වගේ ඇවිත්.

      අනේද කියන්නෙ.කිරියා තමා කිරියා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s