පිස්සෙක්….

Posted: March 14, 2012 in Uncategorized
Tags:

පිස්සෙක්….

ඔව් හරියටම හරි පිස්සෙක් තමයි වචනේ..

ඔය උඩිනුත් මාතෘකාවට දාල තියෙන්නෙ..

හිතනවද ඒක බහු වචනයක් නෙවී කියලා…

මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..ඒ මෙතනට එන්න කලින් විතරයි..

මෙතන ඉන්න හැමෝටම කියන්නෙ පිස්සෙක් කියලා…

නම් ගම් පරම්පරා වාසගම් හණ ගැහිලි ඔය මොකුත් වලංගු නෑ.උඹලා ඇඟිල්ල දික් කරල පිස්සෙක් කියල පෙන්නන හැම වාරෙම අපි හැමෝටමයි ඒ ඇඟිල්ල දික් වෙන්නෙ.ආයෙම කියනවා වචනෙ පිස්සෙක්.ඒක බහු වචනයක්…

මොකක්..නෑ පිස්සෝ කියන්නෙ බහු වචනේ නෙවේ.පිස්සු තොපිට..බහු වචනේ වෙන්නෙ පිස්සෙක්..

බීඩියක් ගන්න සල්ලි තියෙනවානම් මේකෙ තමන් වටා කැරකැවෙන ප්‍රජාවක් හදාගන්න එක මහ ලොකු කජ්ජක් නෙවී..රුපියල් දෙකක් ඔව් හරියටම රුපියල් දෙකක් ඇති මට මෙතන ලොක්කෙක් වෙන්න..

උඹලට සල්ලි මලු ගනන් හොයලත් මේක ඇතුලෙ මට තියෙන තත්වෙට ලන් වෙන්න තියා හිතන්නවත් බෑ…

හිතන්නෙ මෙතන ඉන්න උන්ට ඇත්තටම පිස්සු කියලද?මහ ලොකු දාර්ශනිකයෝ මෙතන නැහැයි කියලද?මෙතන ඉන්න උන් උඹලට වඩා කොච්චර උසස් කියලා දන්නවද?වෙලාවට බෙහෙත් කරන්න තියෙන අකමැත්ත හින්දම ආයෙ ආයෙ මේකට එනවා කියලද හිතාගෙන ඉන්නෙ.ගෙවල්වලට ගියාම අපේ කොල්ලන්ට හොඳට සලකනවද කවුරුත්.මේක ඇතුලෙ තියෙන මේ තත්වය උඹලගේ ඔය කුණු ගඳ ගහන ලොකෙට වඩා උසස්..

ගියපු එවුන් තමන් ලෙඩ වෙනවා කියන එක දැන දැනම බෙහෙත් නොබී ඉන්නෙ තොපේ කුහකකම් වලට මූණ දෙන්න බැරි කමට.උන්ට ඕනි කොහොම හරි ආයෙම මේකට එක්ක.එක බීඩියක් දහදෙනෙක් එක්ක විතර එකතුවෙලා බොන්න.වත්තෙ තියෙන අඹ ගහේ ගැට පැහෙන්නත් කළින් කාල ඒ සතුට ගන්නයි අපිට ඕනි.

අපිව උඹලගේ ලෝකෙන් කොන් කරන්නේ උඹලගෙ තියෙන කුහකකම් නිසා නෙමේද?අපේ පපු කැණතුවල තියෙන අවංක ගතිය උඹලා කා ගාවවත් තියෙනවද?

කවදහරි අපේ ලෝකෙට ඇවිත් මේ ඇත්ත අත්විඳල තියෙනවද උඹලා.අපිව හරියට දන්නෙ නැතුව ඇඟිල්ල දික් කරලා පිස්සෙක් කියන්න හේතුවක් දන්නවද?

මම ඉන්න තැන දන්නැත්නම් උඹ පිස්සෙක් වෙන්නෝනි.ඔව් එතන තමයි පිස්සන් කොටුවෙ..

කවදහරි පුළුවන් වුනොත් ඇවිත් අපිව බලලා ආශ්‍රය කරලා අපිව අදුරගෙන පලයන්.

පිස්සෙක් වුන අපි ගැන උඹලගෙ ආකල්ප වෙනස්කරගන්න පුලුවන් වෙයි එදාට..

Advertisements
Comments
  1. Ravi says:

    ඇත්තටම පිස්සෙක්ට හිතෙන්නෙ මොනවද?…..මටත් පුදුම ආසාවක් තියෙන්නෙ ඔය ගැන හරියටම දැන ගන්ට……මම එක පාරක් ලිව්ව පිස්සෙක්ගෙ කතාවක්….ඒත් ඒක මානසික අක්‍රමිකතාවයකින් පෙලෙන්නෙකුගෙ ( පිස්සො කියනවට මම කැමති නෑ… 🙂 ) මනස ඇතුලෙ අහුමුළු අත ගාපු විශ්ලේෂණයකට වඩා සමාන උනේ මතුපිටින් අත පත ගෑමකට….

    මිනිස්සු හිතන දේ අපිට දැනගන්ට පුලුවන් යම් උපකරණයක් අනාගතේ නිපදවුවහොත් මම නම් මුලින්ම කරන්නෙ පිස්සුය කියල තීරණය කරල ඉන්න කෙනෙක් හිතන්නෙ මොනවද කියල හොයල බලන එක…හෙහ්,හෙහ්, දැන් අනිවාර්යයෙන් කියයි ඔන්න මටත් පිස්සුය කියල 🙂

    • පිස්සුද එහෙම කියනවද මම.අර කව්ද කෙටි කථාවක් ලියලා තියෙනව මම දැක්ක ඔය මනස කියවන උපකරණෙ නිපදවලා වුන කෙලිය ගැන.හික්…

      මම ගියා පිස්සන් කොටුවට.පොඩ්ඩක් කථා කරල බැලුවම මට හිතුනෙ මේ මිනිස්සුන්ට පිස්සු නෑ කියලා.අනේ මන්දා ඒ පොරවල්වලට හැමදේම හොඳට තේරෙනවා.

  2. පිස්සෙක්… ඵල ඵල පිස්සු කතාවක්!

  3. asaranaya says:

    මොන පිස්සුවක්ද?

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s