Archive for March, 2012

අපෝ අදනම් මහම මහ මුඩු කාළකණිනි දවසක්…

උදේ පාන්දර ඉදන්ම බඩේ තුබූ වේදනාව ඔෆීසියේදී කුරු කුරුවක් බවට හැරුනේ දහ අතේ දුවන හිත බඩටම යොමුකරවමිනි.

උදේ පාන්දර මේසය මත තිබූ ෆයිල් මිටිය තාමත් එහෙමම මේසය කොනේමය..

කිසිම වැඩක් පලක් කර ගැනීමට ඇඟට පණ ඇති ගතියක්නම් නොදැනේ…

හපෝ මේකනම් මහ කරුම බඩේ අමාරුවක්..

ආයෙමත් සැරයක් ශරීර කෘතය සඳහා දිව ගිය ඔහු නැවත පැමිණියේ මරන්න ගෙනියන හරකෙක් මෙනි.

තවදුරටත් කාර්යාල ස්ථානයේ රැදී සිටීමනම් කොහෙත්ම කල නොහැක්කක් බව මේ වන විටත් ඔහුගේ චිත්තය තීරණය කොට හමාරය.

වෙව්ලමින් ගැස්සෙමින් තව දුරටත් මේ පුටුවේනම් වාඩිවී සිටිය නොහැකිය.අදුම තරමේ half day එකක්වත් දාගන්නෝනි මැනේජර් ගාවට ගිහින්.ඒත් කොහොමද අප්පා විලිලැජ්ජාවක් නැතුව ඔය ගෑණිට ඕක කියන්නෙ..

ඔලුවේ අත ගසාගෙන හුන් ඔහු යන්තමින් මදක් වෙව්ලා පිටවීමට ගිය වාතය හිරකරගත්තේය.

ඊළඟට ඔහු දකින්නට ලැබුනේ වීදුරු වලින් වට කොට ඇති මැනේජර්ගේ කාර්යාලය තුළය..

පිටින් බැලූ විට පෙනුනේ ඔහු පණුවෙක් මෙන් ඇඹරෙමින් හිස කසන බවය.

නමුත් ඇත්තටම සිදුවූයේ මැනේජර් විසින් කරණු ලැබූ දෝශාරෝපණයන් රැසක් සමඟ ඔහුට half day එකක් ලැබීමය.

කළමනා ටික අකුලාගත් ඔහු වහ වහා ඔෆීසියෙන් පිටවූයේ හැකිතාක් ඉක්මනට නිවස බලා යාමටය..

ඒ අතරවාරයේ ඊයේ රාත්‍රී ආහාර ගත් සයිවර් කඩේ උන්ගේ ඤාතී පරම්පරාවටම පින් පෙත් පුදකිරීමටද අමතක නොකල ඔහු පැමිනි ප්‍රථම බසයටම ගොඩවිනි.

සෙනග අඩු බසට සිසාරා බැල්මක් හෙලූ ඔහුට දක්නට ලැබුනේ පාසල් නිල ඇඳුමින් සැරසී හුන් පිරිකරු යුවතියන් කිහිප දෙනෙක් පිටිපස්සෙම සීට් එකේ සිටින බවය.දෙවරක් නොසිතා ඔහු ඊට ඉදිරිපස අසුනේ හිඳගත්තේ ඒ වනවිට බඩේ අමාරුව පිළිබඳව වගක්වත් සිහියට නොනැගීම නිසාමය.

බඩ කොරවීගෙන පිටවීමට ආ වාතයක් ඔහුගේ සිතුවිලි දැහැන සසල කරවීය.ඒ මේ අත ඇඹරුනු ඔහු ඉතා සෙමින් හඬ නොනැගෙන සේ වාතය්ක් පිටකරේය.

හප්පා ගඳ… මුකුත් නොදන්නා විලාසෙන් වීදුරුව ඉදිපස කෙලවරටම තල්ලු කර දැමූ ඔහු හමා ආ හුළඟින් පපුව පුරවා ගත්තේය.

අලි මදිවාට හරක් කීවාලු.ඒ සමඟම හදිසියේම ඔහුටත් නොදැනීම අධෝ වාතයක් පිටවූයේ මහා සද්දයක්ද සමඟයි…

බ්බ්බ්බ්‍රරාස්ස්….

සියල්ලම සිදුවූයේ නිමේශයකිනි.හාත්පස කිංකිණි රාවයක් පැතිර ගියේ පාසල් සිසුවියන්ගේ ප්‍රථිචාරයක් ලෙසිනි.

එකෙනිහිම පහල වූ කපටි සිතුවිල්ලට ප්‍රථිචාරයක් වශයෙන් කටින් විවිද ශබ්ද අනුකරනයන් කිරීමට ඔහු පෙලඹුනේ පෙර නැගුනු ශබ්ධය හුදු මුවින් නැගුනු ශබ්ධයක් බව අනෙකුන්ට පසක් කරවීමටය.

මෙලෙස විනාඩි කිහිපයක්ම ඔහුගේ රඟපෑම දැක්වූ ඔහු නිහඬ වූවා පමණි බසයෙන් බැසීමට බෙල් එක නාද කල යුවතියන් අතර සිටි එක් කටකාර යුවතියක්.

අයියෙ කටින් දාන සද්ද ඔක්කොම හොඳයි හැබැයි එකක්වත් අර පඩේ තරම් ගතියට ආවෙ නෑ

පවසා බසයෙන් බැස නොපෙනී ගියාය.

—————————————————————————————-

නම අමතක එක් ප්‍රසිද්ධ කලා කාරයකුට සිදුවූ සත්‍ය සිදුවූමක් මසිත පහළ වූ ආකාරය මෙසේය..

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..
php සිංහලෙන්

පිංතූර හම්බුනේ…

fart-sounds.net
smosh.com

හුළඟ දරුණුවටම ඇල්ලුවේ නැතිවුනත් මොකද කුඩේකින්වත් පාරෙ බැහැලා යන්න විදියක් තිබුනෙ නෑ.කැඩි කැඩී එන හුළඟ හිරිකඩවලින් මුලු සර්වාන්ගෙම තෙත් කලේ ඇඳුම් ඇඟටම අලවමින්.

තෙත රෙදි ඇතිල්ලෙද්දි දැණුන අපුල ගතියත් එක්කම ප්‍රදේශය පුරාම තිබ්බ ගොම ගද ඒ අපුල බව තවත් වැඩි කරා.වෙනදට මේ වැස්සට වෙල් යායෙන් එන හිත පිරෙනකම් හුස්මක් උඩට ඇදල හිරකරන් ඉන්න ඒ පුස්ඹ මැකිලා ගිහිල්ල කියල ක්ෂණික සිතුවිල්ලක් අසංකගෙ හිතට ඇවිත් එහෙමම වැස්සට හේදිලා ගියා.

උසාවියේදි තමන්ට උන ඒ මදි පුංචිකම් හැම එකකටම හේතුව තමන්ගේ අවංකකමද නැත්නම් තමන්ගෙ සබකෝලයද කියන එක අසංකට මේ වන තෙක් හිතාගන්න බැරි වෙලා හිටියේ.

මිනිස්සු කිහිප දෙනෙක් ඉන්න තැනකවත් උස් හඬකින් කථා කරන්න බැරි තරමෙ නොහැකියාවක් තමන්ට ඇති වුනේ කොහෙන්ද කියලා මතක් කරගන්න උත්සාහ කරපු අසංකගෙ නළල රැළි වැටෙනවාත් එක්කම වැහි බිංදුවක්ද මන්ද නෙත් කෙවෙනි වලින් පිට පැනල ලුණු රසට අසංකගෙ දෙතොල්වල වැදුනා..

තමන්ට වඩා අවුරුදු 2ක් විතර බාල නෑනා ඉන්න මොන්ටිසෝරියට තමන් මුලින්ම ගිය දවස අසංකට මතක් වුනා.තමන් මේ ගම් පළාතට අලුතෙන් ආව නිසා එදා තමන් පංතිය ඉස්සරහා සිංදුවක් කියන්න දෙන්න කියලා ඉල්ලපු ඉල්ලීම ප්‍රතික්ෂේප වුන හැටි අසංකට මතක් වුනා.

ඒ වෙනුවට ඒ අවස්ථාව මොන්ටිසෝරියේ ටීච දුන්නෙ අසංකගෙ නෑනාට.

පුංචි කාලෙම තමන්ට වුන ඒ දේ තමන්ගෙ පෞරුෂය විනාස කරන්න අඩිතාලම බව ඔහුට පසක් වුනා..

ඉන් පසුව තමන්ගේ හිතේ වැඩිහිටියකුට අදහසක් පළ කිරීමට තිබූ බියේ උච්චතම අවස්ථාව වූයේ ඉතා අධිකව අසනීප වී සිටි ගෙදර සැදූ සුරතල් බල්ලා මළා යයි සියල්ලන්ම උපකල්පනය කළ දාය.එයට හෙතුව වූයේ බල්ලා හුස්ම ගන්නවා නුදුටු අසංක ඒ බව දෙමව්පියන්ට දැන්වීමය.

දෙමව්පියන් බල්ලා වැලලීමට කුලී කාරයෙකුට පවරූ පසු ඔහු විසින් වල ලෑමට මොහොතකට පෙර බල්ලා තමන් දෙස හෙලා නගුට වැනූ හැටි අසංකගේ හදවත කීතු කීතු කළේය.

මේ ආකාරයෙන් හුදකලී වූ සිතත් සමඟ සිටි අසංක ඉන්පසු දෙමව්පියන් සමඟවත් කිසි දෙයක් නොකීමට පුංචි සන්ධියේ පටන් පුරුදු විය.

මේ ආකාරයෙන් පෞරුෂය ගරා වැටීමකට ලක් වුයේ පුංචි සන්ධියේ හැමදේටම ඉදිරිපත් වුන තමාමද යන්න තවමත් අදහා ගන්නට අසංකට නොහැකිය..

අවසන සිදු වීයේ ජීවිතයේ කවරමදාකවත් තමන්ට ආදරය අත් විදීමට නොහැකි වීම නේද යනුවෙන් අසංක අවසන් නිගමනයත් කලේය.

චික් මේ වතුරෙබලු ගූත් ඇති.ක්ෂණිකව ආ ඒ සිතුවිල්ල ඔක්කාරයක් තරම් දික් ගැස්වීමට එතරම් වේලාවක් ගත නොවිනි.

ඇඟිලි කරු කසනවාක් මෙන් හැඟීමක්ද ඒ සමඟම වාගේ පිට පැන්නේ ගාල් කඩා ගත් හරකෙක් දිව එන්නා සේමය.

දෙමව්පියන්ට එරෙහිව හඬක් නැගීමට තරම් පෞරුෂයක් නොතිබූ තමාට අවසන විවාපත් වීමට සිදුවූයේ පුංචි සන්ධියේම තමන්ට මදිපුංචි කමක් කරමින් ගී ගැයූ නෑනාම වීම ඔහුගේ ජීවිතයේ තවත් ශෝකාන්තයක් විය.

ඉන්පසු සිදුවූයේ තමාට සමාජයට පවා මුහුණ දිය නොහැකි තත්වයක් ඇය විසින් ඇති කිරීම නොවේද සිතී අසංක පාවෙමින් තිබූ පොල් කෝම්බයකට පා පහරක් දුන්නේය.

අවසන ගෙදරටම ගාල්වූ තමාව අද දින උසාවියට ඉදිරිපත් කළ ඇය ලෝකයම ඉදිරියේ තමාව ලැජ්ජාවට පත් කලාය.

ඒ ඔක්කොම හොඳයි මාසෙකට 4000ක් දෙන්න මම සල්ලි ගස්වලින් කඩනවා කියලද දන්නෑ නඩුකාර හාමුදුරුවො හිතන් උන්නෙ…

අසංක කිව්වා නොව ඉබේම කියවුනි.ඒ වහාම තමාගේ උස් වචන භාවිතය පිළිබද සබකෝලයට පත් ඔහු වටපිට බලා කිසිවෙක් නොදුටු හෙයින් සැනසුම් සුසුමක් හෙලුවේය.

ඈතින් පැමිණෙන සයිමන් සහ පිරිසගේ බොන්ද ජායාව දුටු අසංක ඔවුන්ගෙන් සැඟවීමට සිතා නියර දිගේ දිවීම ආරම්භ කලා පමනි..

ඩෝං…. හඬින් පිපිරූ මහා ආලෝකයක් තමා දෙසට එනු නෙත් පියවීමට ක්ෂණයකට පෙර අසංක දුටුවේය…

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..php සිංහලෙන්

ඔන්න ඉතිං කිරියගෙ සීරීස් එකේ දෙවෙනි කොටසත් මෙහෙමම ලියලා දාන්න හිතුවා.

අපේ ගැන්සියේ කට්ටියගෙ කටවල් වල කාලෙන් කාලෙට එන කෑලි වලට අමතරව අපේම වචන සෙට් එකකුත් වෙනම තියෙනවා.

ඒවයින් ආපු අලුත්ම එක තමා තත්වෙකට එනවා කියන එක.මේක හඳුන්වා දෙන්න මූලික වුනේ වෙන කවුරුවත් නෙවී කථානායක කිරියාම තමයි.

සාමාන්‍යයෙන් සෑහෙන තරමකට බීමකට වග කියන්න පුළුවන් කිරියට මේ ළඟකදි ඉදන් මූඩියක් පෑගුනත් වෙරි වෙන සීන් එකක් ඇවිත්.

මූ ඒකට කියන්නෙ තත්වෙකට එනවා කියලා.මෙහෙම ක්ෂණිකව තත්වෙකට එන කිරියා මේ දවස්වල රෑට රෑට පෙරේතයා පොලොවෙ ගැහුවා වගේ ටයිල් පොලොවෙ වැටිල ඉන්න එක සාමාන්‍ය සීන් එකක්.

ඔන්න දවසක් රෑ 10ට විතර මට කිරියාගෙන් කෝල් එකක් එනවා.

අඩෝව්ව් රම්ම්බා උඹා කොහෙද බං….

මම මේ ගමේ යනවා බං.මොකෝ සීන් එක..

අඩෝව්ව් බිව්වා ඩෝ හොඳටම උඹ කොහෙද දැන් ඉන්න්නෙ..

දැන් මේ අවිස්සාවේල්ල පහු කරලා යනවා බං..එළ එළ උඹ බීලානෙ බං පිස්සෙක් වගේ…

අම්මට උඩු එහෙමද..හරි මං කියන්නම් උඹ ඔහොමම වරෙන් අවිස්සාවේල්ල පහු කරන් නුගේගොඩ හන්දියට.මම විනාඩි 15න් එනවා….

ඈ… පිස්සුද යකෝ අවිස්සාවේල්ල පහු කරන් කොහෙද නුගේගොඩ තියෙන්නේ….??

ආ එහෙමද එළ එළ එහෙනම් උඹ එනවානේ…

පිස්සුද යකෝ මම එන්නෑ මම ගමේ යනවා.තෝ පලයං ගෙදර…

එළ එළ මචාන් එහෙනම්..

යන්තම් හෙන ගේමක් දීලා ෆෝන් එක තිබ්බවාගත්තා…මේන් තව විනාඩි 30කට විතර පස්සෙ ආයෙම කෝල් එකක්..

ඒ මචං රම්බා උම්ම්ඹ කොහෙද බං.මම මේ කළුබෝවිල බං.හොඳට බීවා.

ඇයි බන් දැන් පැය භාගෙකට කලිනුත් කලුබෝවිල කිව්වා නේද?

මොනා කරනවද බන් පලයන් ගෙදර…

අඩෝ ඒ මම කථා කරාද බන්….උඹ එනවද එතකොට නුගේගොඩට..

පිස්සුද බන් පලයන් තෝ ගෙදර මම එන්නෙ නෑ…

ආ එහෙමද එහෙනම් එළ මචං..මම මේ කාණුවක වැටුනා මචන්….

ඔන්න ඔහොම හෙන කථාවකට පස්සෙ පට්ට අමාරුවෙන් තමයි මූ ලව්වා ෆෝන් එක තිබ්බවාගත්තෙ.

දැන් මාසෙකට විතර කලින් අපේ මද්දා බැන්දා.උගේ හෝම් කම්න්ග් එකට ගියපු කිරියා මුලින්ම කරේ ගෑණු ටික මඟ ඇරලා බොන්න ගියපු උන්ව දැකලා මූ ඒ කෙල්ලො ටික එක්කරන් ගිහින් අරුන් බොන තැනට..

එතන එක ජංජාලයයි.කොල්ලො අම්ම මෝ නැතුව බනිනවා කිරියට.

ඕන් මුගෙ විචාර බුද්ධියේ තරම.

මේ ඔක්කොම කෙලි කරලා ගැලවිලා මුකුත් නොදන්නවා වගේ ඉන්න කිරියගෙ තියෙනවා පොරට ආවේණිකම defence mechanism එකක්.

ඒ තමයි මූට ඒ වෙලාවට මුකුත් ඇහෙන්නෑ වගේ ඉන්න එක.කොටින්ම බනින්න නෙවී නිකම් කථාවට මුගේ කණට කරලා කෑ ගහල කීවත් මෙලෝ සංසාරයක් ඇහුන්නෙ නෑ වගේ ඉන්නවා කිරියා.

එහෙම තමා මෙච්චර හරියක් කරලා කිරියා තාම අපෙන් ගැලවිලා හිත් අමනාපකමක් නැතුව ඉන්නේ.

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..php සිංහලෙන්

මේ බොලොගේ පටන්ගත්තා කියලා දැන ගත්තට පස්සෙ යාලුවෝ අහන්නෙ අඩේ මම ගැන ලියල නෑ නේද උඹ කියලා..ඔය කලින් එක යාලුවෙක්ගෙ කෙරුවාවක් ලියලා තියෙනවනෙ..මේ ඒකෙම දිගුවක්..අපේ සෙට් එකේ යාළුවන්ගේ විස්තර.

කිරියා කියන්නෙ අපේ කට්ටියගෙන් ඉන්න හිත හොඳම එකෙක්.ඒ වුනාට අව්ලකට තියෙන්නෙ පොරම වෙලාවකට මෙලෝ සංසාරයක් නොතේරෙන එක තමයි.

මෙන් පොරගෙ වැඩ කිඩ ස්වල්පයක් පොරගේම හඬින් කියවලාම බලන්නකො.

මචං පට්ට චූ බරක හිටියෙ බං.මම කෙලගෙන ගියා මචං.දෙපැත්තෙම කෙල්ලෝ සූ ගාලා.උනුත් හිනාව දාගෙන හිටියා.මාත් සැරට ගියා දන්නවනෙ ඉතිං ආයෙ.ගිහින් බැලුවා හිටගෙන කරන ඒවා එකක්වත් නෑ.කෙලින්ම ගිහින් දොර තියෙන එකක දොර වහගත්තා.අප්පට උඩු ටික්කින් තමා බං මීටර් වුනේ මේ ගිහින් තියෙන්නෙ ගෑණු ටොයිලට් එකට කියලා.මම එහෙමම හිටියා ඉන්ටවල් ඉවර වෙනකම්ම බන්.කව්ද යකෝ දන්නෙ මේවා ගෑණු ඒවද නැද්ද කියලා අපි මොකෝ කලින් රොටරියට ගිහින් තියෙනවායෑ.

හිතාගන්න පුලුවන් නේද පුත්‍රයාගෙ තරම.

මේං අනිත් සීන් එක.මේ ඊයෙ පෙරේදා වුනේ.

මම වැඩ ඇරිලා බෝඩිමට එනකොට මේසෙ උඩ කෑම එකක්.දවල් ගෙදර හිටියෙ කිරියා විතරයි.ඕකගෙ හැටි ඉතින් ආයෙ මට කියලා දෙන්න දෙයක් නෑ නොවැ.මම දන්නවා අමතක වෙලා කියලා.ගත්තා පොරට කෝල් එකක්.

මචං කෑම එකක් මේසෙ උඩ තියෙන්නෙ මොකෝ බං.

මේන් පොරගෙ උත්තරේ.

ආ බං ඒ මම මේ දවල් වෙලානෙ කන්න ගියෙ.ඉතින් උදේට එකකුයි දවල්ට එකකුයි දෙකක් ගෙනාවා.මම එනකොට බඩගිනි තිබ්බෙත් නෑ බං.ඉතින් මම ඕක තියලා ආවා.

මට ඉතිං…. මේකා පිලිගත්තෙම නෑ නොවැ මූට අමතක වෙලා කියලා.

එක මම ඔය ඇහුවමයි දවල්ට කඩේට ගිහින් උදේටයි දවල්ටයි කෑම දෙකක් ගේන එකෙක්.ඕන්න උදේටයි දවල්ටයි කෑම එකක්නම් කනවා.

අනික මේ යකා මේක හොඳට පාර්සල් කරල බෑග් එකකට දාල බඩගිනි නෑ කියලා තියලා ගියපු එකනොවැ අනිත් වැඩේ.

කස්ටිය කලින් ලියපු මේක බලලා තියෙද?ඔය සෙල්ලමේ Bench mark එකක් තියපු එකෙක් තමා මේ කිරියා.මෙතුවල් කල් කවුරුත් අනුගමනය නොකරපු ක්‍රම හඳුන්වා දුන්නෙ කිරියා.

ඔන්න දවසක් හම්පඩ ඩෙනිමක් ඇඳන් ගියපු එකා එනවලු හොස්ටල් එකට පට්ට අලුත් ඩෙනිමක් දාගෙන.කට්ටියම ඉතිං දන්නවානෙ මේක උස්සලා කියලා.එකෙක් ඇහුවලු

කෝ බං ඇඳන් ගියපු එක?

ආ ඒක මම නවලා තියලා ආවා කීවලු.කට්ටියට ඉතිං මාරයා.ඇයි යකෝ තෝ කරන්නෙ අපිට කෙලවන්නද කියලා බැනල යන්තම් ආයෙ යවලා පරණ ඩෙනිම ඌට කියලා හොරකම් කෙරෙව්වලු.කොහොමද කිරියගෙ සීන්.තමන්ගෙම පරණ ඩෙනිම කඩේකින් හොරකම් කොරපු එකෙක් මේ සම්මජ්ජාතියේ ඇති කියලා මමනම් හිතන්නෑ.

ඔය මොනා වුනත් කොල්ලා ඉගෙනනීමට බර ඇති කියලා හිතෙනවද?මෙන්න කිරියගෙ අධ්‍යාපන සුදුසුකම්.

O/L රිසල්ට් බලන්න යනකොට මෙන්න බොලේ අහම්බෙන් වගේ කිරියත් ඒ ජොයින්ට් එකටම ඇවිත් රිසල්ට් බලන්න කියලා.බැලුවම දෙන්නටම A3 යි තිබ්බෙ.

ඔන්න රිසල්ට් එහෙම බලාගෙන හොස්ටල් එකට ආවම කස්ටිය බලා ගත්ත අත බලාගෙන ඉන්නවා.දන්නවනෙ ඉතින් ඔ/ල් රිසල්ට් ආවම කොල්ලන්ගෙ මූණු කොහොමද කියලා.

ඒ අස්සෙ එකෙක් කියනවා අඩෝ කිරියනම් සිරා පොරක් බන් බලපන්කො A8ක් අරන් කියලා.මම තක්බීර් වුනා යටි හක්ක පොළොවෙ හැපුන්නැති ටික විතරයි.පිස්සුද බං ඒකට A3යි.මාත් එක්කමෙ ගිහිල්ලනෙ බැලුවෙ.අම්මට උඩු කොල්ලො @#$!@%&*%$….

ඔය ස්කෝලෙ කාලෙන පස්සෙන් පහු කිරියා මාත් එක්කම ඩිග්‍රිය කොරන කාලෙ අපි ගියා IDH පැත්තෙ පොරකගෙන් සයිට් හඳන්න ඉගෙනගන්න.ඔනන් ඉතින් මාස 4කට වඩා ගෑටුවට පස්සෙ දවසක් හදන එකක පොඩි අවුලක් ඇවිත් මම කිරියට කිව්වා අඩේ මචං මේක පොඩ්ඩක් බලන් වරෙන් ගිහින් කියලා.අපරාදෙ කියන්න බෑ කොල්ලා දවසක්ම ගිහින් හඳන් ආවා.

හවස මම බලනකොට site එක ලොන්ත වෙලා.image එකක් රිපීට් වෙලා.මම කිව්වා මචං උඹ මේ ඉමේජ් එක රීසයිස් කරේ නැද්ද බං කියලා.

නලියා දුන්න සුපිරි උත්තරයක්.

අනේ මට තේරෙන්නෑ බං ඔය මඟුලෙ html…

හුටා අපේ වෙබ් සිහිනයට කෙළ වුනා.

යකෝ මේකට මේක තේරෙන්න මාස 4ක් ගියාද???

අනික නලියගෙ ඉංග්‍රීසි.මූට බැරි කමක් නෑ හොඳට පුලුවන්.වැඩේ කියන්නෙ ඉඳල හිටලා මූගේ අර අවුල ඉංග්‍රීසිවලටත් ගහනවා.

මූයි මායි කාලයක් වෙබ් සයිට් එකක් හඳන්න කියලා හොරණ පැත්තෙ ගෙදරක හොඳට කාල බීලා හිටියා.ඒ අන්කල්ට ඕනි වුනේ wildlife සයිට් එකක් කරන්න.මේන් දවසක් රෑ ඉමේජස් බලන වෙලාවක මූ අන්කල්ට කියනවා.

අන්කල් ලියෝපැස්ඩ්ස්ලා සර්ච් කරානම් හරි කියලා.

අන්කල්ල පිස්සු වගේ වුනා මූණ අමුතු වුනා.

කිලියෝපැට්‍රා ඒ අහවල් එකකටද?

අන්කල්ට හිතෙන්න ඇත්තේ මූ වැලක් සර්ච් කරන්න කියනවා කියලද මන්දා …සංසාරේ..

නෑ නෑ අංකල් අර ලියොපැඩ්ලා…

ආහ් මේ ලෙපඩ්ලා කියලා අන්කල් ලොවෙත් කින්ඩි හිනාවක් දැම්මා..මටත් එක්ක විලි ලැජ්ජාවේ බෑ.මේ යකා නොදන්න මඟුල් වලට කට නොදා ඉන්න හැටි..

ඔහෙ ඉන්න කාලෙ දවසක් අන්කල් නස්තා වෙන්න ගහල ඇවිත් අපිට මෙහෙම ටෝකක් දුන්නනෙ.

ඔය පුතා හෝටල් කාරයෝ ඉන්නවවනෙ.ඕකුන් හරියට ෂර්ලොක් හෝම්ස් වගේ මස් රාත්තලමයි ඉල්ලන්නෙ…

හි හි මට ඉතින් ලොවෙත් ආපු හිනාව ගිලලා තව ටිකෙන් මැරෙනවා.

පොඩ්ඩක් දිග වැඩි වුනා නොවැ.ආයෙ පස්සෙ වෙලාවක කිරියගෙ ඉතුරු කථා ටිකත් ලියන්නම්කො..

මේන් ෆොටෝ හොයාගත්ත තැන්.

itsyowyow.com

crazytownblog.com

පිස්සෙක්….

ඔව් හරියටම හරි පිස්සෙක් තමයි වචනේ..

ඔය උඩිනුත් මාතෘකාවට දාල තියෙන්නෙ..

හිතනවද ඒක බහු වචනයක් නෙවී කියලා…

මාත් එහෙම හිතපු කාලයක් තිබ්බා..ඒ මෙතනට එන්න කලින් විතරයි..

මෙතන ඉන්න හැමෝටම කියන්නෙ පිස්සෙක් කියලා…

නම් ගම් පරම්පරා වාසගම් හණ ගැහිලි ඔය මොකුත් වලංගු නෑ.උඹලා ඇඟිල්ල දික් කරල පිස්සෙක් කියල පෙන්නන හැම වාරෙම අපි හැමෝටමයි ඒ ඇඟිල්ල දික් වෙන්නෙ.ආයෙම කියනවා වචනෙ පිස්සෙක්.ඒක බහු වචනයක්…

මොකක්..නෑ පිස්සෝ කියන්නෙ බහු වචනේ නෙවේ.පිස්සු තොපිට..බහු වචනේ වෙන්නෙ පිස්සෙක්..

බීඩියක් ගන්න සල්ලි තියෙනවානම් මේකෙ තමන් වටා කැරකැවෙන ප්‍රජාවක් හදාගන්න එක මහ ලොකු කජ්ජක් නෙවී..රුපියල් දෙකක් ඔව් හරියටම රුපියල් දෙකක් ඇති මට මෙතන ලොක්කෙක් වෙන්න..

උඹලට සල්ලි මලු ගනන් හොයලත් මේක ඇතුලෙ මට තියෙන තත්වෙට ලන් වෙන්න තියා හිතන්නවත් බෑ…

හිතන්නෙ මෙතන ඉන්න උන්ට ඇත්තටම පිස්සු කියලද?මහ ලොකු දාර්ශනිකයෝ මෙතන නැහැයි කියලද?මෙතන ඉන්න උන් උඹලට වඩා කොච්චර උසස් කියලා දන්නවද?වෙලාවට බෙහෙත් කරන්න තියෙන අකමැත්ත හින්දම ආයෙ ආයෙ මේකට එනවා කියලද හිතාගෙන ඉන්නෙ.ගෙවල්වලට ගියාම අපේ කොල්ලන්ට හොඳට සලකනවද කවුරුත්.මේක ඇතුලෙ තියෙන මේ තත්වය උඹලගේ ඔය කුණු ගඳ ගහන ලොකෙට වඩා උසස්..

ගියපු එවුන් තමන් ලෙඩ වෙනවා කියන එක දැන දැනම බෙහෙත් නොබී ඉන්නෙ තොපේ කුහකකම් වලට මූණ දෙන්න බැරි කමට.උන්ට ඕනි කොහොම හරි ආයෙම මේකට එක්ක.එක බීඩියක් දහදෙනෙක් එක්ක විතර එකතුවෙලා බොන්න.වත්තෙ තියෙන අඹ ගහේ ගැට පැහෙන්නත් කළින් කාල ඒ සතුට ගන්නයි අපිට ඕනි.

අපිව උඹලගේ ලෝකෙන් කොන් කරන්නේ උඹලගෙ තියෙන කුහකකම් නිසා නෙමේද?අපේ පපු කැණතුවල තියෙන අවංක ගතිය උඹලා කා ගාවවත් තියෙනවද?

කවදහරි අපේ ලෝකෙට ඇවිත් මේ ඇත්ත අත්විඳල තියෙනවද උඹලා.අපිව හරියට දන්නෙ නැතුව ඇඟිල්ල දික් කරලා පිස්සෙක් කියන්න හේතුවක් දන්නවද?

මම ඉන්න තැන දන්නැත්නම් උඹ පිස්සෙක් වෙන්නෝනි.ඔව් එතන තමයි පිස්සන් කොටුවෙ..

කවදහරි පුළුවන් වුනොත් ඇවිත් අපිව බලලා ආශ්‍රය කරලා අපිව අදුරගෙන පලයන්.

පිස්සෙක් වුන අපි ගැන උඹලගෙ ආකල්ප වෙනස්කරගන්න පුලුවන් වෙයි එදාට..