දෙවනි කසාදේ

Posted: February 29, 2012 in කෙටි කථා
Tags: ,

බෑ අයියෙ මට රවිඳුව අමතක කරන්න මගේ හිත පුරාම ඉන්නෙ එයා.මම කොහොමද හිත හදාගෙන වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්නෙ.

සංචලාගේ බෝල ඇස් කෙවෙනි තුළින් ගලා ගිය මහ විශාල කඳුලු බිදුව පිහමින් ඇය පැවසුවාය.

මට තේරෙනවා නංගි මම හදන්නෙ ඔයාට නපුරක් කරන්න නෙවීනෙ.මම ඔයාව දැක්ක දවසෙ ඉදලම ඔයා ගැන බලාපොරොත්තු තියන් හිටියා කියලා ඔයා දන්නවනේ නංගි.රවිඳු මගෙ හොදම යාලුවා මම හැමදාල ඌ පස්සෙ හිටියා හැම දේකදිම.එහෙව් එකේ මට බෑ නංගි ඔයාට ඔහොම ජීවිතේ විඳවන්න දෙන්න.

අපි හැමෝගෙම අවාසනාවට තමා ඒ වගේ යහපත් මනුස්සයෙක් හදිසියේම ඒ වගේ හදිසියේම අපෙන් වෙන්වෙලා ගියේ

ඒ වදන් පෙලත් සමගම සංසලාගේ මතකයේ ඒ අඳුරු රාත්‍රියේ සිඳුවූ දෑ සියල්ලම නැවතත් පෙල ගැසෙන්නට විය.

එපා අයියේ ඒ දවස මතක් කරන්නවත් එපා.සංසලා වහාම එයට මැදිහත් වී ඔහුගේ කථාව නවතා දැමුවේය.

මම හින්දා නෙවෙයි රවිඳුගෙයි මගෙයි පොඩි පුතා ප්‍රශාන් වෙනුවෙන් පුතු පැටියගෙ අනාගතේ වෙනුවෙන් මම හොඳට හිතලා තීරණයක් ගන්නම්.

ඒත් අයියේ එතකම් මට නිදහසේ ඉන්න දෙන්න.මට එහෙම අයියගෙ ඉල්ලීමට කැමති වෙන්න පුලුවන් කමක් ආවොත් හරි මට එහෙම හිත හඳාගන්න පුලුවන් වුනොත් විතරක් එදට මම කියන්නම් අයියට.

—————————————————————————————-
කියන්න නංගි දැන්වත් ඔයාගෙ තීරණේ ඔයා දන්නවනෙ මම මොන තරම් දේවල් කැප කරලද මේ ඔයා වෙනුවෙන් තාම බලන් ඉන්නෙ කියලා.ඔයා හිතන්නෙපා මම කවදාවත් ඔයාටවත් ප්‍රශාන්ටවත් අඩුපාඩුවක් වෙන්න තියයි කියලා.

අනික නංගි ඔයා උනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නෝනි නේද මේ පුතු පැටියගෙ අනාගතේ නේද මේ ඔයාගෙ හිතුවක්කාරකම් වලින් විනාශ වෙන්නෙ.පුතාට අප්පච්චි කෙනෙක් ඔනි නේද?මට පුලුවන් කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඒ දේ කරන්න නංගි.

අනේ අයියේ එහෙම වැරදියට හිතන්නෙපා මගෙ ගැන.සංචලා කීවේ බැගෑපත් හඩිනි.මටත් තේරෙනවා තමා අයියේ පුතු පැටියගෙ අනාගතේ ගැන මට තීරණයක් ගන්න වෙනවා කියලා.ඒත් අයියෙ රවිඳු තමා මගෙ හිත පුරාම ඉන්නෙ.අයියා මට ඒ ගැන කරදර කරන්න හඳන්නෙපා මම එකඟ වෙන්නම් අයියගෙ ඉල්ලීමට මට අවශ්‍ය නිසා නෙවී මේ පුතූගෙ අනාගතේ වෙනුවෙන්…

හැබැයි අයියේ මට මහ ලොකුවට මඟුල් කන්නනම් බෑ ආයෙම.ඒකයි මම අයියට කියන්නෙ එහෙම ඔයාගෙ තියෙන ආසාවල් මගෙන් පිරිමහන්න බෑ කියලා.

අයියෝ නංගි එහෙම නෑ.මට ඔය මහ ලොකුවට මඟුල් කන්න අවශ්‍යතාවයක් නෑ.අපි ගෙවල් දෙකේ කට්ටියට කියලා පොඩියට කසාදෙ රෙජිස්ටර් කරමු.

—————————————————————————————-

අධික වෙහෙසකට පසු දහදිය පෙඟුනු සිරුරෙන් ඇදේ පසකට පෙරලුනු ඔහු කට කොනකට නන්වාගත් මද සිනහවෙන් යුතුව ප්‍රශ්නයකින් සංචලාට දමා ගැසුවේය..

මොකද නංගි කියන්නෙ රවිඳුද හොඳ මමද හොඳ??

අසුරු සැනින් දෙකම්මුල් පෙති පුරා ගලාගිය කඳුලු වැල් මැද විසිවී ගිය ඈ ඇඳ පොරෝනය ළඟට ඇදගෙනම කාමරයේ අඳුරු මුල්ලේ ගුලි ගැසුනි…

Advertisements
Comments
  1. Ravi says:

    අපූරු කතාව සිතුවම්…..ලස්සනට ඔයා ලියල තියනව…

    සංචලා වෙනුවෙන් මගෙ ඇහේ තාම කඳුළු 😦

    මෙතන පොඩ්ඩක් පැහැදිලි මදි හැබැයි……

    / අසුරු සැනින් දෙකම්මුල් පෙති පුරා ගලාගිය කඳුලු වැල් මැද විසිවී ගිය ඇඳ පොරෝනය ළඟට ඇදගෙනම කාමරයේ අඳුරු මුල්ලේ ගුලි ගැසුනි…/

    ඇඳ නෙවෙයි ඈ වෙන්න ඕන මට හිතෙන්නෙ…..

    • කිව්වත් වගෙ එතන අවුල් තමා..මට ඕනි වුනේ සංචලා පැත්තකට විසිවෙලා තිබ්බ bedsheet එකෙන් ඇඟ වහගත්තා කියන්න.ඈ කෑල්ලක් මැදට දැම්ම.දැන් හරි ඇති මයෙ හිතේ..

      ගොඩක් ස්තූතියි රවී අයියා මේ පැත්තෙ ආවට

  2. පොඩියට කසාදේ රෙජිස්ටර් කරන එක හොද වැඩක් !
    දැන් ජීවන වියදමුත් එක්ක බලනකොට කසාදයක් ගන්න එක සෑහෙන්න අලාභයි ! හික්ස් 🙂

    ලස්සන කතාව !

    • ඒකනම් ඇත්ත තමා.ඊට ලාබයි හඳපානේ හොරෙන්ම ගමන් ගියානම්..

      හ්ම්ම්..කථාව ලස්සන වුනාට මචන් ඒ සංචලාගේ පවුල් ජීවිතේට ඊට පස්සෙ වුන දේනම් ලස්සන නෑ..

  3. සෝරෝ says:

    කවුරු කවුරුත් අනුන්ට වඩා තමන්ට තමා ආදරේ….

  4. asaranaya says:

    කතාව ලස්සනට ගලපලා තියෙනවා.ප්‍රශ්නයක් තියෙනවා.සන්සලගේ පළමු සැමියාට මොකද වුනේ.

    • හ්ම්ම්..පළවෙනි කෙනා ගැන නොලියෑවෙ ඒක මේ කථාවට අදාල නැති නිසා මචං.දෙවෙනියාගෙ නමත් කථාවට අදාල නෑ.උඹට ඒක මිස් වෙලා.දෙවෙනියාගෙ නමත් නෑ කථාවෙ.කථාව තියෙන්නෙ දෙවෙනි පාරට බඳින ගෑණුන්ට වෙන දෙයක්නෙ මචං.ඒකයි හිතාමතාම ඒ දෙකම අයින් කරේ.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s