මීටර් ටැක්සියකට අසුවුනෙමි

Posted: January 10, 2012 in Uncategorized
Tags: , , , , ,

මුලින්ම කිව යුත්තේ මේ කථාව කිසිම රැකියාවකට එරෙහිව සමාජ පෙළගැස්වීමක් උදෙසා නොව සියල්ලන්ගේම දැන ගැනීම පිනිස පල කරන එකක් බවයි.

පුරවැසියෙක් වශයෙන් මෙවැනි දෑ පිලිබදව සමාජය දැනුවත්කිරීම මාගේ වගකීමක් බව සිතමි.

විශේෂයෙන්ම මට එවැනි අත්දැකීමකට මුහුන දීමට සිදුවීම නිසා එය පිළිබදව දැනුවත් කිරීම අවැසි බව සිතමි.

මගේ දින චර්යාවේ සුපුරුදු අංගයක් වන්නේ හදිසි අනතුරකට මුහුන දී රෝහල් ගතවී සිටින සොහොයුරා බලා අවසන වැඩට යාමය.

ගොඩක් වේලාවට දිවා කාලයේ තිබෙන අධික රස්නය නිසා කාලයක් තිස්සේම මා පුංචි බොරැල්ලේ සිට ඔරුගොඩවත්තට ගියේ තී වීලරයකය.කොහොමටත් ත්‍රී වීලර් පාර්ක් වල ඒවායේ අස්ප ගනන් නිසා බොහෝ වේලාවට පාරේ ගමන් කරන ත්‍රීවීල් එකක් නවතාගෙන යාම පර්ස් එකට වාසිදායකය.

මේ කෝකටත් වඩා ලාබදායීම ක්‍රමය මීටර් ටැක්සිය.ඇත්තෙන්ම එම සේවාව අගය කල යුත්තේ මීටර් ටැක්සියක එම දුරට අය වෙන ප්‍රමාණය මෙන් 50%ක් වැඩිපුර වෙනත් ත්‍රීවීල් වල අය කරන බැවිනි.

එදින මා ඔෆීසියේ ලැපී මෙන්ම සහෝදරයාගේ රෙදිද රැගෙන අතින් කටින් බෑග් එල්ලන් ගියේ අදනම් කොහොමටත් වීල් එකක යනවායයි සිතාගෙනය.සිතූ සේම පුංචි බොරැල්ල හංදියට ගිය වහාම මීටර් ටැක්සියක් දුටුවෙමි.

එයට නැඟුනු වහාම මා වෙනදා මෙන්ම කරේ මීටරය 0 කරාදැයි කියාය.ඒ වෙනූවට දකින්න ලැබුනේ මීටරය ක්‍රියාත්මට කර නැති බවයි.ඒ ගැන විමසූ විට රියදුරු කියා සිටියේ

මහත්තයා මේ ලග හයර් එකක්නේ මේ වෙලාවට මීටර් එක ඔන් කරොත් ඒක ඔෆීස් එකේ අය දැනගන්නවා.එතකොට ආයෙම එකක් හම්බෙන්න නෑ පැය ගානකට ලෙසයි.

මට මේ පිලිබදව සැකයක් ඇති වුනේ එයට පසුවය.මොකද සමහර අවස්තාවලදී ඒ මීටර් ටැක්සි සේවාවේ ඔෆීස් එකෙන් කථා කර ඉන්න තැන රියදුරු ගෙන අහනවා මට මතකයක් තිබුනි.නමුත් ඒ මොහොතේ තිබූ අවස්ථාව අනුව මට වෙන එකක යාමට තරම් සිතක් නොතිබුනි.රැගෙන යාමට තිබූ බෑග් ප්‍රමාණය මෙන්ම ඒ වේලාවට තියෙන අධික රස්නයද මෙයට හේතුවකි.

කෙසේ නමුත් අදාල තැනට පැමිණි පසු මොහු වෙනත් ත්‍රීවීල් වල අය කරණ ප්‍රමානයම ඉල්ලා සිටියේය.නමුත් මා පැවසුවේ මීටර් ටැක්සියකට මෙතරම් ගාණක් අයකිරීම අසාධාරණ බවය.

අවසානයේ ඔහු ඉල්ලූ ගාණ දී මා පවසා සිටියේ වරද මගේය.ඒ මම විසින් මීටර් ත්‍රීවිලරයක මීටරය ඔන් නොකර පැමිණීමට ඉඩ ලබාදීමය.ඒ නිසා පමණක් මා මේ මුදල ගෙවන බවටත් මිනිස්සුන්ට වංචා නොකරන ලෙසටත් ඔහුට පවසමිනි.

අවසානයේ මා බැලුවේ මොහු වැඩ කරන මීටර් ටැක්සි සේවය කුමක්ද කියාය.ඒ මොහු පිළිබඳව පැමිනිල්ලක් කිරීමටය.අහෝ ඛේදයකි! මා නැවත රැවටී ඇත.එහි ඇත්තේ Metered Taxi කියා පමණකි.

මදෑ කොලා.

මම කවදාවත් ඔය Metered Taxi කියල ගහල තියෙන ඒවගෙයි කම්පැණියක් මඟින් නඩත්තු කරන Metered Taxi වලයි වෙනසක් දැක්කෙ නෑ.එදා තමයි ඒ දෙකේ වෙනසක් තියෙනවා කියල තේරුනේ.ඇත්තටම එහෙම මොකක් හරි කම්පැණි එකක් මඟින් නඩත්තු වෙන වල යම් තරමක ගුනාත්මක ප්‍රමිතියක් තියෙනවා කියලා කියන්න පුලුවන්,ඒ මොකද මෙච්චර කාලෙකට එහෙම එකකින් කිසිම ආකාරයේ අසාධාරණ ක්‍රියාවක් සිදුවුනා කියන එක මම අහල නැති නිසා.

ඒ නිසා කවුරු කවුරුත් මීටර් ටැක්සියක ගමනක් යන්න පෙර මේ ගැනත් අවධානයක් යොමු කලොත් හොඳයි.

Advertisements
Comments
  1. ඔය කරගෙන තියෙන්නේ….

  2. jackson says:

    ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න… ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

  3. Oneshot says:

    ඕකුන් ඔහොමම තමයි. නැනෝ කාර් එකක ගියානම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.

    • නැනෝ කාර් එකක් ඉතිං එහෙම හැම තිස්සෙම හොයාගන්න අමාරුයිනෙ මචං.මෙහෙම සීන් එකක් අහලවත් තිබ්බේ නෑ නොවැ.නැත්නම් මුලින්ම කියනවා හයර් යනවනම් මීටර් දාගෙන යමු නැත්නම් නිකාඉන්න කියල.කොහෙද ඉතිං.

  4. මීටර් ටැක්සියක යන එක අනිත් ත්‍රීවිලර් වල යනවට වඩා ලාබයි.
    නමුත් එහෙම එකක් සෙට් උනොත් ඉවරයි !

  5. ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට….

  6. දැනුවත් කිරීමට ස්තුතියි

  7. GNS says:

    මීටර් ටැක්සියෙත් හොර කොපි ගහලද.. අඬෙනවා..

  8. දුකා says:

    හොඳ ලිපියක්.
    මින් පස්සේ මේ ලිපිය බලපු අය නම් මීටරේ සීරෝ නොකරපු මීටර් ටැක්සියක යන එකක් නෑ.
    ස්තූතියි.

  9. sinlix says:

    නොමිලේ .com .net .org .info ආදි තමන් කැමති paid Domains සහ hosting දිනාගන්න.

    ඔයාගේ බ්ලොග් එකේ දිග නම වෙනුවෙට, .com .info .org ආදි domain එකක් එකතුකරගන්න.

    නැත්නම් අලුත්ම වෙබ් අඩවියක් සදහා paid Domains සහ paid Hosting දිනාගන්න.

    http://www.sinlix.org/info/free_domain_hosting.html

  10. Observer says:

    මේ පැත්තේ ආවමයි මේ පලවෙනි වතාවට.

    එහෙමත් රැවටිල්ලක් තියෙනව එහෙනං, දැනගත්ත එකත් හොඳයි.

    • ආයෙ ඔබා මාමාට අහවල් එකක් මේක දැනගෙන.ඔහෙ මේව තියේ කියලයැ.හප්පේ කාටද ඉතින් සංතෝශ නැත්තෙ මේ පැත්තෙත් ආවා කීවම.පුලු පුලුවන් හැටියට ගොඩ වැදිල යන එකයි තියෙන්නෙ ඉස්සරහටත්.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s