අන්ධ භක්තිය හා දළදා මාළිගාවේ පෝලිම පැනීම.

Posted: December 30, 2011 in Uncategorized

සිරි ලංකාව අරුම පුදුම රටකි.මේකේ සිද්ධ වෙන කෙලි තේරුම් ගැනීමට වෙනනම මොළයක් ඉම්පෝර්ට් කිරිය යුතුය.අතීතයේ කොරපු මහා කෙරුවාවල් ගැන කටමැත දොඩවීම තරම් මෙහේ බායියන්ට ආතල් එකක් නැත.මමත් කරුමෙට මේ ගොඩේම එකෙක් වීම ගැන හීනි ආතල් එකක්ද නැත්තේ නොවේ.

මේකත් මෙහේ සිදුවුන තවත් කෙලියකි.

මාස ගානක් කඹුරා යාන්තම් හම්බුන නත්තල් නිවාඩුවට ගමේ ගිය මාව දළදා මාලිගාවට දක්කාගෙන යාමට අපේ අම්මා සැදී පැහැදී සිටියාය.

කවදත් ඕවාගේ දේවල් වලට අකුල් හෙලන තාත්තා අම්මාගෙන් ඇහුවේ බුදු හාමුදුරුවෝ බණ කීවෙ වම් පැත්තෙන්ද කියාය.

මා නම් අන්දුන් කුන්දුන් විය.ඒ අහවල් රෙද්දක්ද කියා මා නොදන්නා බැවිනි.

වග විස්තර අසා බලන විට දළදා මාළිගාවේ තියෙන්නේ වම් දන්ත ධාතුව බව තාත්තා කීවේය.මමනම් උපන් තේකට එහෙව් දෙයක් අසා නැත.

ලංකාවේ ඉන්නේ වමට බර මිනිස්සු නිසා වෙන්ඩෑ කියා මම ඒ කතාවෙන් ෂේප් වීමි.

කව්දෑ බොලව් ඕවයේ වංහුං දන්නේ..

මාළිගාවට යද්දී උදෑහන 9.30 පමණි.උඩට යන තරප්පු පෙළ නගිද්දී කොහේදෝ රටකින් ආපු එහෙක් Do you know english කියා ඇහුවේය.පෙනුමේ හැටියට කොහෙදෝ තම්බි රටකින් ආපු එකෙකි..

අප්පට සිරිය.මේකුන් කුණු ලෝබ කමේ ගයිඩෙක්වත් නැතුවම වැද පුදා ගන්න ඇවිත්ය.

අපි නොදන්න කඩ්ඩ.හෙ හෙ.

ඒකා ඇසුවේ 9.30 මොකක්ද වෙන්නෙ මෙතන අර තියෙන්නේ මොකක්ද කියාය.ඌට උත්තර දෙන්න තියා මමවත් ඒවා නොදන්නා නිසා මම අම්මාගෙන් ඇසීය.අම්මා ඒ විස්තර කීවත් මේකාට කඩ්ඩෙන් කීමට තරම් ඒ විස්තරේ ප්‍රමාණවත් නැතිය.ඒ නිසා මා එතනින් ෂේප් නියායා දමා මාරු වීමි.

ඒකා ඇහුවේ තේවාව ගැනය.ඊට පස්සේ උඩට ගොස් මල් පූජා කොර පන්සිල් ගෙන භාවනාත් කර දළදාව බලන්න දෙනවායයි කියන පොලිමේ අගකට සෙට් වීමි.

එතනනම් වෙනමම සගිස්කෘතියකි.සුද්දන් දක්කාගෙනා ආ ගයිඩන් අපේ අහිංසක ගැමියන්ව පාච්චල් කොර උන්ව පෝලිමේ මුලට ගන්න ට්‍රයිය.කඩ්ඩෙන් කෙටූ විට අසරණ වන අපේ ගැමියන්ට මෙසේ කිරීම මහා අපරාදයකි.

ඊටත් අන්ත අපේ සිංහල ඇත්තෝය.අතේ අටපිරිකර,කිරි ආහාරය.අනේ අපොයි නොකියා නොදන්නා ගානට පෝලිමේ ඉස්සරහට පනින්නේ භක්තියේ තරම දෙපිටින් පෙන්වමිනි.

කේන්ති ගොසිනුත් ඇති පලක් නැත යන්නේද හොද කටයුත්තකට නිසා ගොනෙක් මීමෙක් මෙන් ඇස් කන් පියා ගෙන පෝලිමේ ගොස් වැද ආවෙමි.

එතනින් පසුව මාළිගාවේ කෞතුකාගාරය බැලීමට ගියේය.ඇතුල්වන තැනම ටිකට්වල මිල ගසා ඇතත් කවුන්ටරේ බලු බල්ලෙක් නැතිය.ඒකනම් හොඳ වැඩක්ය නිකන්ම ඒකට යාගන්න පුලුවන් වුනාය.

බුදු පිළිම,ස්ථූප,පූජා භාණ්ඩ,පැරණි කාසි,ආභරණ,රජ ඇඳුම්, නිළමේ පිලිම රන් ආභරණ රන් ආලෙපිත ආභරණ එකී මෙකී නොයෙක් දෑ එකේ බලන්න තිබ්බේය.වැදපුදා ගන්න යන එවුන් ඕවා බලා එන එකනම් හොඳය.මටනම් පුංචියට විතර ආඩම්බරේකුත් ආවේය.ඒ අපේ පුරාණ උන්දැලෑගේ වැඩකිඩ වලටය.

අව්ලකට තිබ්බේ ඒවා වීඩියෝ කිරීම හා ජායාරූප ගැනීම තහනම් එකය.ඒ නැත්ත අහවල් එකෙන් ෆොටෝ අල්ලන්නදැයි හිතෙන්නේ කැමරාවක් නැති බැවිනි.

මේකත් කොපි කරපු ස්ටැයිල් එකකි.ඒකත් ලාංකීය අභිමානයකි.

අලුත් අවුරුද්දවත් බොරු නැති සුභම සුභ එකක් වේවායි පතමි.

Advertisements
Comments
  1. Nilantha Karu says:

    ” හොද කටයුත්තකට නිසා ගොනෙක් මීමෙක් මෙන්”

    “දළදා මාලිගාවට දක්කාගෙන යාමට අපේ අම්මා සැදී පැහැදී සිටියාය.”

    – මේ අලුත් බාෂා විලාසයට එකට ලිවීම දැන් හැම එකම හිතන්නේ වීරකමක් කියාය, එහෙත් තමන් ලියන්නේ කුමක්ද කියාවත් තේරුමක් නැති ගනය

    ඔබනම් ලියා තිබෙන දෙය අනුව මී හරකෙක් බව පෙනේ, ඔබගේ මවත් ඔබගේ ජාතකය දන්නා බව ඔබ ලියු දේවල් වලින්ම පෙනේ, තාත්තගේ ප්‍රශ්න වලිනුත් ඒ බව සනාථ වේ, එයට කම් නැත එය ඔබේ කරුමය නොවැ
    එහෙත් ඔබ වැන්නවුන් “දක්කාගෙන” යන්න දළදා මාලිගය හරක් මඩුවක් නොවන බව සිහි තබා ගන්න, එවැනි ස්ථාන වලට අගෞරව නොකර ලියන යමක් ලියන්නේ නම් හොඳයි, එතකොට කියවන්න අස හිතෙයි, නැතිනම් දැනෙන්නේ පිළිකුලකි, හොඳින් ලියන්න බලන්න

    • අහවල් දෙයක් කරන්නද?මටත් වඩා හොඳට මගේ ජාතකය තේරුම් ගැනීම ගැන මටනම් ඇත්තේ පුදුම සතුටකි.ඔබ වැනි පණ්ඩිතයන් ඇසුරට වටී.

      උඩින් තියෙන දේම නැතුව යට තියෙන එකත් තේරුම් ගන්නා ලෙසා ආරාධනය කරමි.ඔය කියන සංස්කෘතියට මම එරෙහි වීම නිසා මෙසේ ලිවීමි.

      ස්තූතියි අදහස් දක්වලා ගියාට.සුභ අවුරුද්දක්.

  2. රාජ් says:

    පෝලිම පැණිමගැන මෙන්න මගේ පෝස්ටුව. මේක හැමතැනම තියන දෙයක්.

  3. දලදා මාලිගාවේ ගියපු කාලයක් මතක නෑ බොල. අපෝ ඔය සුද්දන්ට කඹුරන වැඩේ නම් ආදි කාලේ ඉදන්ම කරනවා.

    රම්බාටත් සුබ නව වසරක් වේවා

    • නරකෙයි අළුත් අවුරුද්දෙවත් වැදපුදාගෙන ආවොත්?
      මධුරංගටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s