උපන්දිනේ

Posted: September 16, 2011 in Uncategorized

හෙට මට සතුටු දවසක්ද දුක් දවසක්ද කියන්න මටවත් තේරෙන්නැති වෙලාවක මොන අවාසනාවකටද මන්ද මගේ උපන්දිනේ හෙටට වැටිලා.

මේ දවස්වල තියෙන දුක වේදනාව අස්සෙ පොඩ්ඩක් විතර අතීතෙට ගිහින් මගෙ ජීවිතේ දිහා බලන්න හිතුනා මට.අතීතෙට කීවට ගොඩාක් දුර අතීතෙට නෙවී අවුරුදු 4ක විතර පොඩි අතීතයකට..මම හිටියෙ උ/පෙ ට පස්සෙ පිස්සු කෙල කෙල විනාශ වෙවී.අම්මලා තාත්තල ගැන වගේම මේ ලෝකෙ අනිත් කිසිම දෙයක් ගැන හැඟීමක් තිබ්බෙ නෑ.මම ඒ දවස්වල අදහපු දේ තමයි ඇයි අපි අපේ ජීවිත වලට නීති දාලා නිදහස නැති කරගන්නෙ කියන එක.

ඒ තීරණය මත ගොඩක් මගෙ ජීවිතේ විනාශ වුනා කියන්න පුළුවන්.අරක්කු සිගරට් ගංජා පැණි ගුලි මේ හැම එකක්ම මගේ ජීවිතයේ සාමාන්‍ය දේවල් වුනා.කොන්ඩෙ වවාගෙන පාට කරලා කාලකන්නියෙක් වගේ රට වටේ තැන් තැන්වල මම මගේ ජීවිතේ විනාශ කර ගත්තා.

ඒත් මට මගේ ජීවිතේ හැමදේම එක බැල්මකින් එක හිනාවකින් වෙනස් කරන්න පුලුවල් කෙනෙක් මට හම්බුනා.ඒ එක බැල්මකට මාව සුනුවිසිනු කරලා දාන්න පුලුවන්.පුංචි ඇස් දෙකක් තියෙන චුට්ටි කෙලි පොඩ්ඩියක්..

ජීවිතේ හරසුන් වෙලා හිටපු මම ජීවිතේ තෙරුම් ගන්න පටන් ගත්තේ ඒ ඇස් වලින්.ඒ ඇස් වලින් පෙනුනෙ මම දැකපු දේවල්වලට වඩා ගොඩක් වෙනස් දේවල්.

ජීවිතේ අත්පොත මට හම්බුනේ එදා දවස හරියටම කියනවනම් 2007 සැප්තැම්බර් 11 වෙනිදා.දවස් 6කින් එළඹෙන්න තිබ්බ මගෙ උපන් දිනේට ඒ කෙල්ල මට දුන්න තෑග්ග ඒක.මගෙ ජීවිතේ මට හම්බුන ලොකුම තෑග්ග වගේම මගෙ ජීවිතේ මම පුදුම ලෝබකමකින් බදාගත්ත තෑග්ග.

එතනින් එහාට මම අද ඉන්න තැන වෙනකම් මගෙ ජීවිතෙ හැඳුන හැටි මමවත් දන්නෑ.මම හැදුනද මාව හැඳුවද මට නොදැනිම මාව මෙතෙන්ට ගෙනාවද කියන එක අදටත් මට ප්‍රශ්ණයක්.

ඒත් ඉර හද වගෙ මට කියන්න පුළුවන් ඒ පුන්චි කෙල්ල මේ හැම දේකම පිටිපස්සෙ හිටියා..

ඒත් අද ඊට අවුරුදු 4කට පස්සෙ හෙට මම ආස නැති වුනත් මගෙ උපන් දිනේ එනවා.

අද මම කොන්ඩෙ හාමුදුරු කට් එක ගහගෙන දවසට සිගරට් 5 හ 6ක් උරල පනපිටින් ජීවත් වෙන මළ මිනියක් වගේ ජීවත් වෙනවා.

අමතක වුන අරක්කු මගෙ ජීවිතේට හෙමින් හෙමින් ඇදීගෙන එනවා..මගේ හිත වේදනාවෙන් හිරිවැටිලා.හැම තත්පරයක්ම ඒක රිදෙනවා.හැමෝටම හොරෙන් ඇස් වල කඳුලු පිහදාන්න මම පුදුම දුකක් විදිනවා.

එදා දුන්න වගේ තවත් එකම එක උපන්දින තැග්ගක් මට හෙට ඔයාගෙන් හම්බෙනවා.ඒ ඔයා වෙන මිනිහෙක් බඳින්න කැමැත්ත දෙනවා කියන එක..

මම වෛර කරන්නෙ කොහොමද මගෙ ජීවිතේට.ඇත්තටම මට ජීවිතයක් තිබ්බද?මේ ප්‍රශ්න අතරෙ මම අතරමං වෙලා.

ප.ලි:- මට යාලුවෝ සමාවෙන්න මගෙ කටිකථාව අතරමග නැවතුන එකට.මම ජීවත් වෙලා හිටියොත් ඒක ලියනව අනිවා.

Advertisements
Comments
  1. මම උපන්දිනේට සුබ පතන්න කියලා කට අරින්න හැදුවා විතරයි. මලා.
    කියවපු එකේ මගේත් අත්දැකීම් කියලම ඉන්නම්.

    පොඩි කාලේ ඉදන් මට කවුරුවත්ම උපන්දිනේට තෑග්ගක් දීලා නෑ.අපේ දෙමවුපියන්ට තෑගි දෙන්න සල්ලි නෑ. මොකද අපේ තාත්තා කරන රස්සාව අපි කට්ටියට ජීවත් වෙන්න විතරක්ම සෑහෙන තරමේ එකක්. ඒ නිසා අනන් මනන් වියදම් කරන්න වෙන්නේ නෑ.

    එහෙම ගෙවපු ජීවිතයේ මට පලවෙනිම උපන්දින තෑග්ග මම් ආදරේ කරපු කෙනාගෙන් ලැබුනා. දුකත් ආදරයත් සතුටත් මුසු වෙච්ච අමුතුම හැඟීමක් එදා මගේ හිතට දැනුනා. මම් ඒ තෑග්ගට ගොඩක් ආස කලා. ආදරේ කලා. එදා පටන් ගත්ත උපන්දින තෑග්ග අවුරුදු තුනක් පිට පිට ලැබුනා.

    නමුත් ආයේ මට තෑගි දෙන්න මම් ආදරේ කරපු කෙනා මා ලඟ නෑ. ඒයැයි මාව දාලා යන්න ගිහින්. ලොකු උත්සහයක් ගත්තා ආයෙම ඒ ආදරේට පණ දෙන්න. ඒත්…. හරි ගියේ නෑ.

    අද වෙනකොට හිතේ එච්චර දුකක් නෑ. මොකද අපිට නැති උන දෙයක් වෙනුවෙන් දුක් වෙන්න මේ ජීවිතයේ ඉඩක් නෑ. කාලයක් නෑ. මොකද මේ ජීවිතය ගොඩක්ම කෙටි එකක් !!!!

    ප.ලි – මේක තමන්ගේ අත්දැකීමක් ද නැත්නම්. ප්‍රබන්ධයක් ද !!!!!
    පෝස්ට් එකේ අකුරු සයිස් එක ටිකක් ලොකු කරන්න පුලුවන් නම් එල. කියවන්න ලේසියි.

    • නෑ මචං ප්‍රබන්ධයක් නෙවී මේක මගෙ ඇත්ත කථාව..උඹ වගේම මාත් ආදරේට පණ දෙන්න දැගලුවා මෙච්චර කල් මචං.ඒත් මම පරාද වුනා.ජීවකට කියලවත් ආයේ ගොඩදාගන්න බැරි තරමටම ඒ ආදරේ මියැදිලා ගිහින්..
      සමාවෙයන් මට ඒක අමතකම වුනා ෆොන්ට් සයිස් එක.මම හදන්නම්.

  2. මටත් අාදරේ අහිමි වීමක් උනා, ඊට පස්සෙ මාවත් ප්‍රබල කඩාගෙන වැටීමකට ගොදුරු උනා!

    මට දැනගන්න ලැබුනා මට උගන්නපු සර් කෙනෙකුත් කැම්පස් එකේ දි බූට් දෙකක්ම කාපු බව, මම දවසක්ද සර් ගෙන් අැහුව මෙහෙම කතාවක් යනව මේක අැත්තද කියල, සර් ඊතිං ඔක්කොම විස්තරේ කියල අන්තිමටම කිව්ව, “ඔයාලට දැන් ඔයවගේඑකක් උනාම අායෙත් ගොඩනැගෙන්න ඔ්න තරම් කල් තියනව කියල”

    2008 දි සිද්ද උන මේ අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස මට 2011 දී තුන්වෙනි වතාවටත් A/L ලිව්වා!

    දීප ෆිසික්ස් පේපර් එකටත් ලිව්ව, මම දෙවෙනිපාර ෆිසික්ස් අැණගත්තා, රචනා පේපරේට වෙලා මදි උනා, නමුත් මට මේපාර රචනා පේපරේ සම්පූර්ණයෙන්ම කරල ව්‍යුහගත පේපරෙත් බාගෙකට වඩා චුට්ටක් වැඩියෙන් කරල, උඩ බලද්දි බාල්කෙ ගහල තියනව

    “ජීවිතය ඔ්නෑම තැනක සිට නැවත සකස් කළ හැකිය”

    වෙන මුකුත් කියන්නෙ නෑ, නමුත් කතාව අැත්ත සිද්ධියක් කියල උපකල්පනය කරල මෙහෙම කියනවා! වෛද්්‍ය උපදෙස් සහිතව බෝතලේට ගුඩ්බායි කියන්න!

    උරන දුම් උගුරක් ගානෙ කොටවෙන්නෙ තමංගෙම ජීවිතේ බව මතක තියාගන්න, එ් ගමන්ම, ඔයාට ලෝකය වෙනුවෙන්, මානව වර්ගයා වෙනුවෙන් කරන්න පුලුවන් දේ එ් විදියට කරන්න වෙන කාටවත් බැරි බවත් මතක තියා ගන්න. ඉපදුන හැම මිනිහෙක්ම මහපොලවට ණයයි කියලත් මතක තියාගන්න.

    -ස්තූතියි-
    තනි අලියා

    • ගොඩාක් ස්තූතියි මචං එහෙම කීවට.ඇත්තටම මම අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.මට තියෙන එකම දුකත් ඒකම තමයි.මම කවදාවත් නොහිතපු තරම් දුරට මාව ගෙනත් මෙහෙම අතරමග තනිකරල ගියපු එක තමයි ඉවසන්න බැරි.

      • මමත් ඔය දුර ගෙනල්ල අතරමග දාල ගිය රෙකොඩ් එක කාපු එකෙක් තමා, මටත් ඉතිං ඉවසන්න අමාරුයි. දෙයියනේ කියල බොන්න, දුං උරන්න, කෝච්චියට පයින්න නං හිතිල නෑ! ඉන්න තැන ගැන සතුටුනං ඔයා මට වඩා හොඳයි, මොකද මම ඉන්න තැන ගැන මට සතුටක් නෑ, හැබැයි…….

        ජීවිතය ඔ්නෑම තැනක සිට නැවත සකස් කල හැකිය! 🙂

  3. මධුරංගත් සීන් එක කියලා තියෙන නිසා මාත් කියලා දාංනං. මේවා කියවලා හිනා වෙන්න එපා. උඹ වගේ තව එවුන් ඉන්නවා කියලා හිත හදාගනින්. ඔය අරක්කු වලට සිගරුට් වලට පුරුදු වෙන්න එපා මචං. බොක්කෙං කියන්නේ, එක නවත්තපං. උඹට කවුරු නැතත්, අපිව දැකලා නැති වුනත් අපි ඉන්නවනේ බං.

    දැනගනින්… මට මුලින්ම උපන් දින තෑග්ගක් හම්බුනේ යශෝධරාවගේ මවුතුමියගෙන්. දැන් දෙන්නම මාත් එක්ක කතාවක් නෑ… හැබැයි මට දුන්න ලා නිල් පාට ෂර්ට් එකනම් තාම තියෙනවා. ඒ හම්බුන තෑග්ග විතරයි අද වෙනකම්ම….!

  4. weniwel says:

    ඔය අටලෝ දහම අතරෙමයි ජීවිතය කැරකෙන්නෙ! ඒ නිසා බලාපොරොත්තු තියා ගෙන අදින් ලබන උපන් දිනේ ම ජීවිතෙ වෙනස් කර ගන්න ..අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක ඉස්සරහට යන්න අධිශ්ඨාන කර ගන්න.. ඔබට සුභ උපන් දිනයක් !

  5. malmi says:

    සුභම සුභ උපන්දිනයක්

    අදමයි මම මේ පැත්තට ආවේ. goldfish කියන කතාව ඇත්ත. දුක සැප බෙදාගන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. හිතේ තියෙන හැමදේම ලියන්නත් පුළුවන්. ඒවා කියවන අය ගොඩක් ඉන්නවා. ඔයාට බාධා කරන්න කවුරුත් නැහැ. ඉතින් ඇයි ලතවෙන්නේ.

    ජීවිතය ජීවත් කරවන්න ආදරේ ඕන. ඒත් ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් ආදරේ කරන්න එපා. එයාගෙන් ඔයාට ලැබුණු හොද දේවල්ම ඇති සතුටු වෙන්න. අපි කෙනෙකුට අවංකවම ආදරේ නම් බලාපොරොත්තු වෙන්න ඕන ඒ කෙනාගේ සතුට මිසක් එයාව ලබාගැනීමම නෙමෙයි. ඈත ඉදනුත් ආදරේ කරන්න පුළුවන්. ජීවිතේ කියන්නේ දුකයි සැපයි දෙකම මල්ලියේ.

    ඔයා බෞද්ධ නම් පන්සල පැත්තේ ගිහින් කවුරුත් නැති තැනක බොධිය ලග ටික වෙලාවක් බලාගෙන ඉන්න. හිතට දැනෙන සතුට අසීමිතයි. ඔයාට නැතිවුනේ කෙල්ලෙක් විතරයි. ඒත් ජීවිතේ බොහෝ දේ අහිමි අය තව ඉන්නවා. මට එහෙම නොවුනත් මම එහෙම අය දන්නවා. ඒ අත්දැකීම් පසුව බෙදාගන්න කැමතියි. ඔයාගේ බ්ලොග් එක ලස්සනයි. ඉදිරියටත් ලියන්න. සුභ අනාගතයක්

  6. Blank says:

    ow oyata nathiuna kellek witharai. oya hamomam kollage pathen witharai hithanna. kollage duka witharai penna. kellage pathenuth balanna. ethakota theri mokakada wela tiyenna kiya. aurudhu 25k le kiri karala powala hama widihakinma parissam karala,hodata ugannala, puduma dukak widala loku mahath karapu ammata virudha wela kohomada e kella thamange adare wenuwen kiya ammawa atharinna. e kella wena kollek ekka yalu unane. e kellata wena karanna deyak thibbene gedara kiyana ekakata kamathi wenawa arenna. e kellath godak adare kala. Karanna deyak nathi kamata e kellata e decision ganna oni. kamathakin asawakin e de kala newi.

  7. Blank says:

    ewagema e kolla dan wena kello passe yana eka. ara marenawa kiya kiyapu kena ma lassnata wena kello passe yanawa. ethakota oya kiyana widihata kollo e kellata oya kiyana tharam adare karalada??? meka thama loke thathwe. hamoma boru karanna. kauruwath hithata egawa wada karalane. menna loka sowabhawaya!!!!!!! kohomaunath kamakne!!!!!! kauru unath kamakne!!!!! e kollata sada jaya!!!!!!!!!

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s