රණවිරු බිරිඳ..දෙවෙනි කොටස

Posted: August 24, 2011 in කෙටි කථා

හිත තුල හිරවුන පැසව පැසවා තිබෙන මේ ආසාව කුමක්දැයි සමින්දටම හිතගන්නට බැරි තරමටම දුර දිග ගොස් ඇති බව සමින්දට වැටහුනි.මේ තියෙන්නේ ආසාවක්ද රාගයක්ද කියන එක ඔහුටම තීරණය කල නොහැකි විය.නමුත් ටක්කෙටම කිව හැක්කක් ඇත ඒ තමන්ට ඈ අවශ්‍ය බවය.

සමින්ද තමාගේ රෝගීන්ගේ වගතුග සෙවීම නොකල නමුත් මේ කාන්තාව තමාගේ සිත තුළ ඇති කල හැඟිම නිසාම ඇය පිළිබද තව තවත් විස්තර දැනගැනීමට සමින්දගේ සිතේ තිබුනේ නොතිත් ආසාවකි.

මේ කියන පරිදි ඈ විවාහකනම් හා දරුවෙක් සිටීනම් තමන්ට තවම ඔවුන් දක්නට නොහැකි වූයේ මන්ද යන්න සමින්දගේ සිත කැළඹූ තවත් ප්‍රශ්නයකි.

ඈ බැලීමට පැමිනෙන්නාවූ එකම පුද්ගලයා වූයේ රෞද්‍ර පෙනුමකින් යුතු ගැහැණිය පමණි.එනමුත් ඈනම් මැයගේ මව් නොවන බැව් සමින්දට පමණක් නොව ඔබට හා මටද දුටු සැනින් පැවසිය හැකි තරමක වෙනසක් ඒ දෙදෙනා අතර විය.

ඔබට සුරදූතියක හා යමපල්ලෙකු අතර වෙනස හිතා ගත හැකිනම් එවන් ආකාරයේ වෙනසක් මේ දෙදෙනා අතරින් විද්‍යාමාන වන බව සමින්ද දැනටමත් තීරණය කර හමාරය.

තමාගේ පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරී ජීවිතයද පසුබෑමකට ලක්වී ඇති බව සමින්දට පසක් වුනේ ඉබේටම මෙනි.කුඩා කාලයේ සිටම ඕනෑම අභියෝගයකට තනිවවම මුහුන දීමට ඉගෙනගෙන තිබූ සමින්ද වහාම තමන්ගේ ජීවිතය හරිමගට ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට ඉටා ගත්තේය.

අවාසනාවක මහත, තමාගේ තීරණය සමඟ පසු දින රාජකාරියට වාර්ථාකල සමින්දට දැනගන්නට ලැබුනේ ලොකු දොස්තර මහතා විසින් ඇගේ ටිකට් කපා ඈ ගෙදර ගොස් ඇති බවය.

සමින්ද හෙදියගෙන් මේ විස්තර ඇසූ විගසම මුහුන අඳුරු වලා පටලයකින් වැසී ගියේය.ඒ සමගම හෙදිය කියූ දෙයින් අන්ද මන්ද වූ සමින්දට කර කියා ගත යුතු දෙයක් සිහියට නොගැනුනි.

ඔය ගෑණි ඉන්නවයි කියන්නෙ අර වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ ඔෆීස් එක ලඟින් ඇතුලට තියෙන පාරෙලුනෙ.චරිතෙ හොඳ නැති ගෑණියෙක්ලු.

සමින්දගේ ඉහ මොළ ගිනිගත්තේ මෙවිටය.

තමුසෙට කව්ද කීවෙ..??

ඇයි සර් අර බලන්න එන ගෑණු කෙනා නොවැ.ඒ මුන්දැගෙ නැන්දම්මලු.මිනිහා මැරිලයි කියන්නේ.

සමින්ද එදින නවාතැන බලා ගියේ අධික වේදනාවක් මෙන්ම හීන් සතුටු බලාපොරොත්තුවක්ද හිත තුළ සඟවාගෙනය.

මිදුලේ තිබූ සියඹලා ගහ යට පුටුවක් තබාගත් සමින්ද කාස්ටක ඉර ඈතින් අමාරුවෙන් හුස්ම අඳිනවා බලාගෙන මොහොතක් ගෙවා දැම්මේය..නිරුවත් උඩුකය හරහා ඇදීයන මේ වි‍යළි සුළග සමින්දගේ අතේ තිබූ දුම්වැටියෙන් වැඩි ප්‍රමානයකට වග කියන බවක් සිතුවිලු සයුරේ ගිලී සිටි සමින්දට නොතේරුනි.

බියර් කෑන් එකෙන් උඟුරක් ගිල දැමූ සමින්ද

ඒකට මොකෝ මම කියලත් පිවිතුරු මිනිහෙක්යැ.ගෑණු කීයක් එක්ක ඔට්ටුවෙලා තියෙද

තමාටම පවසාගත්තේය.

මේකට හරියන මිනිහා ධර්මේ ඒ වුනාට ඕකුන් ලං කරගන්නව කියන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙවී.

බියර් මතින්ම එදා සමින්ද ඇඳට වැටුනේ මහා ලොකු බලාපොරොත්තු ගොන්නක්ද පොදිගසාගෙනමය.

පසුදින සවස් කාලයේ ඩිස්පෙන්සරිය අසල ත්‍රීවීලරයේ ධර්මේ සමඟ සමින්ද කථා බහ කලේ ඇය ගැන විස්තරයක් දැන ගැනීමට ඇති කුතුහලය නිසාමය..

බලනවකො ධර්මේ මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනානෙ අයිසෙ.

ආ ඒ මොකක්ද ඒ පොඩි දොස්තර මහත්තයා මම දන්නෙත් නෑනෙ..මහත්තයාට කරදරයක් නෑනෙ..

නෑ නෑ අයිසෙ මට කරදරයක් නෑ.අර අතන මහඉලුප්පල්ලම වාරිමාර්ගෙ හරියෙ ඉන්න ගෑනියෙක් ඕයි.ගෑනියෙක් කීවට තරුණ කෙල්ලෙක්…

අප්පට උඩු මහත්තය කියන්නෙ අර සොපියගේ ලේලි ගැන වෙන්ඩ ඇති. මට ආරංචි වුනා පහුගිය දොහේ ඒකි ඇක්සිඩන්ට් වෙනා හිටිය කියලා..
කව්ද දන්නෙ මහත්තයගෙ අතින් හැප්පුනේ කියලා.

සමින්දගේ හදවත ගැහෙන රාවය ඔහුටම පාලනය කර ගත නොහැක.නමුත් තමාගේ හැඟීම් සඟවා තබා ගැනීමට නිරර්තක උත්සාහයක නිරතවීම සමින්ද දිගටම කරගෙන ගියේය.

ආහි එතකොට ධර්මෙ දන්නවද ඔය කියන ගෑණු කෙනාව.

මොකෝ මහත්තයා මං නොදන්නෙ ඔය අපේ ආමි එකේ හිටපු චතුරංග මලයගෙ ගෑනි වෙච්චි.රූපෙනම් ඉටිවලින් හඳලා වගේ තමයි ඒත් ඕකි මහ අවාසනාවන්ත ගෑණි.කොටින්ම ඕකි ගෙනාවත් හරි චතුරංග මලය වෙඩි වැදිල මැරුනා.

ඉවර නෑ හොදේ.තව තියේ…

Advertisements
Comments
  1. blog gadol says:

    ලස්සනට ලියලා තියෙනවා…බලමු ඉතුරු ටිකත්

    • අම්මොච්චියේ මෙන්න පූසොත් ඇවිත්.මම උඹේ බ්ලොග් එක මුල සිට අගට කියවලා තියෙනවනොවැ.පුදුම සංතෝශයක් මේ පැත්තෙ ඇවිත් සටහනකුත් තිබ්බයි කියන එක.

  2. නවම් says:

    බොහොම අගෙයි සිතුවම් ! අළුත් විදියක කතාවක් වගෙයි. කලබල වෙන්නෙ නැතුව ලස්සනට ලියාපන්. අපි එන්නම් කියවන්න.

    • ස්තූතියි නවම්.අනිවා හෙමීට කලබලයක් නැතුව ලියන්නම්.මේ දවස්වලනම් ගොඩාක් රාජකාරි නිසා අතපසු වීමක් තියෙනවා.අනිවා ඉඩක් හම්බුන ගමන් ලියනවා.

  3. මධුරංග says:

    නියමයි !!!!!
    සුපිරියතම ලියලා තියෙනවා. මම් හිතන්නේ මේ දොස්තර මහත්තයා ඒ ගෑනිව හොයාගෙන යනවා ශුවර් !!! තව දෙයක් තමයි මට හිතෙන්නේ දොස්තර මහත්තයාගේ සල්ලාල ජීවිතයත් මේ සිද්දියෙන් පස්සේ කෙලවරක් දකින්න පුලුවන් වෙයි.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s