රණවිරු බිරිඳ..

Posted: August 17, 2011 in කෙටි කථා

උපැස් යුවල ගලවා දැමූ සමින්ද පුටුවේ දිගෑදුනේ වෙහෙසකර දිනක නිමාව ගැන සිතමින්ය.හන්දියේ ඩිස්පෙන්සරිය දැමූ දා සිටම අත මිට යහමින් හරිහම්බ කරගන්නට සමින්ද හෙවත් පුංචි දොස්තරට හැකිවුනත් ,උපන් දා සිට හැදී වැඩුනු පාසල් ගිය කොළොම්පුරේ මතකයන් හිතේ කොනක පොදි බැද මහඉලුප්පල්ලමේ ගෙවන කටුක ජීවිතය පිලිබද සමින්ද සිටියේ අධික කළකිරීමකිනි.

පාසැල් කාලයේ මෙන්ම සරසවි කාලයේද ඇසුරු කල නා නා විධ සුන්දරියන් පිළිබඳ මතකයන් සමින්දගේ හිතේ පැසවන්නට පටන් ගත්තේ දුෂ්කර පත්වීම ලැබූ දා සිටමය.දණහිසෙන් ඉහලට කොට ගවුම් ඇන්ද බුරිය පෙන්නාගෙන සංකර ජීවිත ගත කල ඉහල පැලැන්තියේ සුන්දරියන්ගේ ඇසුර තාවකාලිකව හෝ නැතිවීම ඉවසාගත නොහැකි වේදනාවක්ය.

ගෝල් ෆේස් එකේ MC එකේ සැවෝයි එකේ විවිධාකාර පෙම්වතියන් සමග විදි රසයන් මේ කර්කස පොලොවේ ගෑවිලාවත් නැති හැටි සමින්ද තමාටම කොඳුරාගත්තේය.මෙතුවක් කල් මතකයෙන් ප්‍රයෝජන ගත්තත් සමින්දට දැන් ඒ හැඟීම් පවා කෙමින් අමතකව ගොස් ඇත.

යනවා මේ වීක් එන්ඩ් එකේ කොළඹ ගිහිල්ල එන්න…

සමින්දට දැනුනේ රටක් රජ්‍යයක් පහල වූවා සේ සැනසීමකි..

සතියේ ගෙවුනු දින කීපය ඒ සිතුවිල්ලෙන්ම ගෙවා දැමූ සමින්දට කිසිම වෙහෙසක් නොදැනිනි.

සෙනසුරාදා පාන්දරම පිබිදුනු සමින්ද ගීයක තාලයට උරුවම් බාමින් ලක ලෑස්ති වූයේ කොලොම්තොට බලා පියාසර කිරීමටය.අලුතෙන්ම ගත් හොන්ඩා කාරයේ හැඩ බලමින් උදෑසන තේ පානය කල සමින්ද තමාගේ පරණ සුරතලියකට දුරකතන ඇමතුමක් ගත්තේ තමාගේ ආගමනය දැන්වීමටය.

බබා මම එනව තව ටික්කින් මෙහෙන්.අද රෑ ෆ්‍රී තියාගන්න හොදද?

අනේ සමින්ද ඔයා එනවද?කාලෙකින් දැක්කෙත් නෑ එන්නකො පැටියෝ ඉක්මනට..

කටහඩින් පවා සමින්ද මුසපත් වූවා සේය.හිසඔසවන්නට වෙර දරන දගකාරයාට මද හිනාවක් පෑ සමින්ද ගමනට ලක ලෑස්ති විය.

දිය නා ගෙන ගෙට පැමිණි සමින්දට ඇසුන දුරකතන රින්ග් ටෝනයට මද හිනාවක් පෑ සමින්ද

මේකුන්ට ඉවසන් ඉන්න බැරු හැටි.මම නැතුව වේලෙනව ඇති

කියා තමන්ටම පවසාගෙන මහ හඳින් කොක් හඬ ලා සිනාවක් පිටකලේය.

ඇමතුමට පිළිතුරු නොදුන් සමින්ද වාහනය පණ ගන්වාගෙම කොළම බලා ධාවනය ඇරඹීය.

නැවතත් දුරකථනයේ නාදය ඇසුනු සමින්ද කේන්තියෙන් මෙන් දුරකථනය දෙස බැලුයේ අහම්බෙන් මෙනි..

හදිසියේම ඇසුනු වේදනාත්මක කෑමොර දීමක් සමගම වාහනයේ බඳ පුරා දැඩිව වැදුනු පහරින් සමින්ද පියවි සිහියට පැමිනිය.

පාරෙන් ඉවතට විසිවී ගිය ලේ පැල්ලමක් සමඟම බිම වැටී සිටි ගැහැණිය පිළිබඳ සමින්දගේ සිතේ ඇතිවූයේ පුදුමාකාර කේන්තියකි.

මේ බැල්ලියෝ පාරක යන්නවත් දන්නෑ සමින්දට කියවිණි.

මොන දේ වුනත් ඒ ක්ෂණයකින්ම රියදුරු කෙනෙක්ගෙන් දොස්තර කෙනෙක් ලෙසට සමින්ද පරිවර්තනය වූයේ ඉබේටම මෙනි.වහාම රථයට නංවාගත් ගැහැණිය රෝහල කරා ගෙන ගිය සමින්දට අවශ්‍ය ප්‍රථිකාර ලබා දිය යුතු හෙයින් කොළඹ ගමන නවතා දමන්නට සිදුවිය.

තමන්ගේ අතින් ගිලිහුන ඒ සතුට ගැන හූල්ලමින් නවාතැනට ගිය සමින්ද ශීතකරණයෙන් ගත් බියර් කෑන් එක මුවට හලාගනිමින් සිගරට්ටුවක් දල්වා ගත්තේ හමායන වියලි සුලඟට උඩුකය සිපගන්නට ඉඩදෙමිනි.

මොනා උනත් ලස්සන ගෑණියෙක්. සමින්දට හිතුනි.

තාම පොඩි කෙල්ලෙක් මුන්ගෙ විසේට මොන සිහියකින් පාරෙ යනවද මන්දා..

එසැනින්ම මුලු ශරීරයම හිරිවැටී වෙව්ලා ගියේ සිදුවුන අනතුර ගැන සිතීමින්ද නැතහොත් ඒ ශරීරය සිහිවීමෙන්ද කියා සමින්දට හිතාගන්නට නොහැකි විය.

පසුදින උදෑසනම රාජකාරියට වාර්තාකර සමින්ද ඒ කාන්තාව සොයා ගියේ මේ සම්බන්දයෙන් තමාගේ වගකීමෙන් මිදිය නොහැකි නිසාය.තමාව ඇයට සහ පවුලේ අයට හඳුනවාදුන් සමින්දට ඇය බැලීමට පැමින සිටි ගැහැණියගේ මුහුනේ තිබූ රෞද්‍ර ස්වභාවය කෙරේ කළකිරුනි.

වේදනාවෙන් බරිත හදවතින් එතනින් නික්ම ගිය සමින්ද නැවතත් රෝහලෙන් පිටව යාමට පෙර ඇය හමුවීමට තීරණය කරේ ඇයිදැයි ඔහුටම සිතා ගත නොහැකි විය.

කොහොමද දැන්.රිදෙනවා එහෙම අඩුද?මම ඒ වෙලාවෙ හෙමීට වාහනේ එළවපු නිසා හොඳට ගියා.මොන සිහියකින්ද පාරෙ යන්නෙ.තව ඩිංගෙන් මැරෙනවා…

හිතේ බුර බුරා නැගුන සිතුවිලි වදන්වලට ගුලිකර සමින්ද ඇගේ සුන්දර මුහුණට දමා ගැසුවේය.

අනේ නෑ දොස්තර මහත්තයෝ මම මේ සල්ලි ගන්න හඳිස්ස්යේම ගියේ..

ඒ මොකද එච්චර හදිස්සියක්…

හදිස්සි නැද්ද දොස්තර මහත්තයෝ පොඩි එකීට බෙහෙත් ගන්න..

සමින්දගේ හඳවත නැවතුන සැටිය.හිසේ සිට දෙපතුල දක්වා නැවතත් හෙලූ බැල්මෙන් සමින්ද අන්දමන්ද විය.සමින්දටත් හොරෙන්ම ඔහුගේ හිතේ කොනක කුමක් හෝ හැගීමක් මෑ කෙරේ මෝදු වෙමින් පවතින බවට සමින්දට රහසක් නොවේ.

මේකි බැඳලා..වෙන්න බෑ..මෙච්චර ලස්සන කෙල්ලෙක් බැඳල කියල හිතන්නවත් බෑ..

ඉවර නෑ හොදේ.තව තියේ…

Advertisements
Comments
  1. මගේ දැක්මට අනුව මෙතන දොස්තරයාගේත් වැරැද්දක් තියෙනවා. මොකද දොස්තරත් ගියේ හොද සිහියකින් නෙමේ නේ. අර කොළඹ රටේ ඉන්න තේඋඩිච්චියක් ගන හිත හිතනේ !!!!

    රම්බාට ලස්සනට ලියන්න පුලුවන් නේ. හරියට කෙටි කතාවක් කියෙව්වා වගේ. අර ගුණදාස අමරසේකර මහත්තයාගේ රතු රෝස මල කෙටි කතා පොතේ එක කෙටි කතාවක් කියෙව්වා වගේ !!!! 🙂

  2. අනිව අනිව ඩොකා වැරදි තමා.ඒත් ඉතිං සමාජ ක්‍රමේ හැටියට මේතනදි වැරැද්ද පැටවෙන්නෙ අනිත් කෙනාටනේ මචෝ.ඒකනෙ හැටි.

    තෑන්ක්යූ කීවලු.අනේ මචෝ එහෙමනම් කියන්නෙපා.ඒ කව්ද මම කව්ද.එච්චර හැකියාවක් කොයින්ද බං මට.තාම මම අළුත් නිසා ඒ අහලකින්වත් තියන්න බෑ මචං.

    මොනා උනත් උඹ කියපු කථාවට මට මාරම සංතෝසයි කියහන්කො.මේ කමෙන්ට් එකම ඇති බං ජීවිත කාලෙම කෙටි කථා ලියන්න.

  3. ඇත්තටම පුංචි පැටික්කියො අතින් එල්ලගෙන යන ලස්සන අවුරුදු 18ක 20 ක කෙල්ලො ගාව පුදුම සුන්දරත්වයක් ගැහැවිලා තියෙනවා.. වල්කමට නෙමෙයි…ඒකයි ගැහැනියෙක්ගෙ සුන්දරම රූපය තියෙන කාලය….හිත දිව්වට දොස්තර මක් කොරන්නද නේද???

    • ඒක නේන්නම් යසියා.ඇත්තටම ඒ අය ලඟ පුදුම සුන්දරත්වයක් තියෙනවා.ඒ වගේම පුංචි පැටියගෙ කිරිකැටි හිනාව දැක්කම පුදුම ආශ්වාදයක් ඇතිවෙනවා මචං.

      එහෙනං එහෙනං ඩොකා කියලා ඉතිං පෘතක්ජන මනුස්පයානොවැ.

      • මචන් ගැහැනියෙක්ගේ සුන්දරත්වය ප්‍රසිද්දියේ විස්තර කිරන එක වලත්තකමක් කියල හිතන මිනිස්සු ඕනතරම් ඉන්නව…

      • උඹ මොකද හිතන්නෙ.රචකයා බය වෙන්නෝනිද සමාජ අපවාදෙට?

  4. මචං මාර එව්වා බං ලියන්නේ… හිරිවැටීගෙන යනවා කියෝගෙන යද්දී…

    • ඒනං පුතේ හොඳකට නෙවී මේකගෙ කොහෙ කොහෙ හිරිවැටෙනවද කව්ද දන්නෙ.විශ්වාස නැති මනුස්පයා.සොරි මාළුවා.

  5. නවම් says:

    කාලෙකින් මේ පැත්තට ආවෙ. පාඩුවක් උනේ නෑ හැඩට ලියාගෙන යනව.

    කුලප්පුව හැදුනම කොහේද බං පාරෙ යන උන් ගැන සිහියක්. ඕකට ඉතිං දොස්තරය, කොන්දොස්තරය කියල වෙනසක් නෑ

    • එහෙනම් එහෙනම් ආයෙත් අහලා මොකා වුනත් ඉතිං එතකොට සිහියක් පතක් තියෙන එකක්යැ.

      එහෙම හරි ගොඩ වැදිලා යන එකම මදෑ.රාජකාරි බහුල මිනිස්සුනොවැ.තැන්ක්යූ වේවා කීව ආවට.

  6. Ravi says:

    සිතුවම්…..රණවිරු බිරිඳ කියල මාතෘකාව දැම්මම කතාව පිළිබඳව මුලින්ම ඉඟියක් දුන්න වෙන්නෙ නැද්ද?

    • ඒකත් ඇත්ත නේද රවී.ගොඩක් ස්තූතුයි ආපු එකටයි උපදේශයටයි දෙකටම.මම ඉතිං තාම අළුත්නෙ මේ වගේකියල දෙන එකනම් ලොකු උදව්වක්.

  7. ලියන්න , ලියන්න…කියවන්න ආස හිතෙනව ලියන විදියට!!

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s