ඔන්න එහෙනම් මම ආයෙම හොස්ටල් කථාවක් ගෙනාවා.පුකෑෂ් කිරිල්ල කියද්දි මම කීවනෙ හැම දේටම වෙනම උප සංස්කෘතියක් තියෙනවා කියලා.

මේකත් ඒ වගේ උප සංස්කෘතියක් තිබ්බ වැඩක් තමයි.වෙන මොකවත් නෙවී හොරෙන් රෑට තැඹිලි බෑම.

සාමාන්‍යයෙන් ලස්සනට වලු(තැඹිලි වලු හොදේ) දිලිසි දිලිසි තියෙන පොට් දෙකක් තියෙනවා.එකක් ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ.අනික අල්ලපු වත්තෙ තියෙන පල්ලියේ තැඹිලි ගහ.

මේ ගස් නගින වැඩේට හිටපු හොඳම එකා තමයි කොටා හෙවත් මීයා.අපේ සෙට් එකේ හිටමු මිටිම එකා.අපි මේකව මෝරා කරන් ගස් නග්ගනව කියලා මීයා හිටියෙ වැඩි හිත හොදකින් නෙවී.

කොහොමටත් ඉල්ලුම වැඩිවුනාම අපේ වුන්ගේ අහවල් එක ඉහලට එනවනොවැ.මේකා දැන් ගස් නගින්න බෑම කියනවා.

මටත් ඉතිං මේ කෙරුවාව බලන් ඉන්න බැරිම තැන ආව.තොට බැරිනම් ඉඳපන් මම නඟිනවා කියල මම සෙට් වුනා.

මේ කීවට ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ තිබ්බ තැඹිලි ගහේ යට ටිකේම කම්බි කටු ඔතල තිබ්බ නිසා මේක නගිනව කියන්නෙ ලේසි පහසු කෙරුවාවක් නෙවෙයි.

ලේට් ස්ටඩිය එහෙම ඉවර වෙලා රාත්‍රී ජාමේ අපි පිටත්වුනා හොර තැඹිලු බෑමට.සද්දෙ ඇහෙන නිසා මම කඩල දාන තැඹිලි ගෙඩි කවුරු හරි අල්ලන්නෝනි කියලා කතාවෙලා මම අර කටු කම්බි තරණය කරලා හෙනම ගේමක් දීල කරටියට ළගා වුනා.

ඔන්න පුතේ පළවෙනි ගෙඩිය කැඩුවා.යකෝ අල්ලන්න එකෙන් නෑ කියාපියව්කො.නගින්න කලින් හැමෝම පොරකෑව මම අල්ලන්නම් ඕක මොකක්ද කියලා.

මට නේද මාරයා.මම බහිනවා යකෝව් එකෙක්ව්ත් අල්ලන්නැත්තම්.

පිස්සිද බංඋඹට යකෝ ඔච්චර උඩ ඉදන් දාන තැඹිලි අල්ලන්න පුලුවන් කාටද මේ කළුවරේ ඔන්න ඔහෙබිමට දාපන් බං.
යටින් කියාපි.

මට තවත් මල.මචං සුසිල් උඹ අල්ලපන්..පොර තමා මම තැඹිලි අල්ලන්න ඔෆීසියලි බාරදීල ගහට නැගපු පොර.

එළ එළ උඹ දාපන් මම අල්ලන්නම්.

මටත් හෙන සැටිස්.ඔන්න මචෝ එහෙනම්.

මොන එකෙක්වත් පේන තෙක් මානෙක නෑ.තැඹිලු ගෙඩිය බිම..

අඩේ ඒක මිස් වුනා බං අනික අල්ලනව අනිවා..

එළ ඔන්න එහෙනම්..

එකත් බිමනෙ යකෝ කව්ද අල්ලන්නෙ.

කොහොමින් කොහොම හරි ඔහොම ගෙඩි ටිකක් බෑව.

හරි ඔන්න එහෙනම් මේකත්..

මචෝ සුසිල් සුසිල් අල්ලපං…

මම කීවත් එක්කම මෙන්න කරටියට ටෝච් එළියක්..

මට හීන් දාඩිය දාල දෙලෝ රත් වුනා.

හුටා ස්කෝලෙන් දොට්ට තමයි පුතේ..

කරුමෙ කියන්නෙ මේ ආපු පොරගෙත් නම සුසිල් කියපන්කො..පොර ස්කෝලෙ සේවකයෙක්..මම අපේ සුසිලට කථා කොරාට ඇවිත් තියෙන්නෙ මේ සුසිලා.

ආ මහත්තයා පරිස්සමෙන් බහින්නකො කියල මේකා කියාපි.

මම බහී ඒව කොහෙද?

ටික වේලාවක් බලන් ඉදල ඒ සුසිල යන්න ගියා.

මම දඩි බිඩි ගාල ගහෙන් බැහැලා අපේ වුන් හොයන් ගියා.

මුන්නම් මහා පාදඩ රෑනක් අම්මපල්ල මම එන්නත් කළින් සුසිලට බයේ දුවපු මුන් තැඹිලි ගෙඩි ටිකට වග කියලනොවැ.මට යන්තං ඩිංගිත්තක් උඟුරක් හම්බුනා.

කටු කම්බි තරණයෙන් යටිපතුලෙ ඇතිවුන හිල් ටිකට පහන් තිරේක තෙල් රත් කොරලා වක් කරගත්තෙ අම්මා අතින් ගමේ ගියාම.

Advertisements
Comments
  1. weniwel says:

    ඔහොම යාලුවොම තමයි අපිට ඉන්නෙ නම්..

  2. අර ඩුප්ලිකේට් සුසිල් ප්‍රින්සිපල්ට කිව්වේ නැද්ද බං?

  3. අම්මෝ පුදුම වැඩ තමයි වෙන්නේ. ඒකගේ නම මාරු කලොත් මොකෑ වෙන්නේ. නැත්නම් ආයෙම දවසක තැබිලි කඩනවා බොරු !!!!
    ඔය පොල්තෙල් පාණ්කඩයක් දානවා කියන එක පුදුම අමාරු වැඩක්. කම්බියක් අනෙනෙ එක ලේසි උනාට පොල්තෙල් පාන්කඩ සීන් එක අමාරුයි.

    • අපේ මචෝ ඒකනම් ඇත්ත තමයි.ඇඩෙනවා ඒක මතක් වෙනකොටනම්.
      ආයේ ඉතිං ඒකෙ තැඹිලි බාන්න වෙන්නෑ බං.එහෙනම් තව අවුරුදු 8ක් 9ක් පස්සට යන්න වෙනවා.

  4. තෑන්ක්ස් මචන් දැනුවත් කලාට…..අපිටත් ඉන්නෙ ඔය වගේ යාලුවොනෙ…..ඒක නිසා දැන් ඔය වගේ වැඩකට යනවනම් පරිස්සම් වෙන්න පුලුවන්.

  5. සාතන් says:

    මේං තැඹිලි හොරු….

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s