දැල්වී අවසාන වූ දුම් වැටියේ අවසන් උගුරත් ඇද එය විසි කර දමා මාලක නැවත ඔෆීසියට ගියේය.

අහම්බෙන් මෙන් තමන් අතින් එදා සිදුවූ සිදුවීම මාලකට එම ගණිකාවගේ පහස සොයා නැවත නැවතත් යාමට තරම් ප්‍රබල විය.ප්‍රථම දිනවල තිබූ අපුල දැන් මාලකගේ හිතෙන් පහව ගොස් ඇත.එමෙන්ම අනූපමාට තමන් කරන්නේ ද්‍රෝහී ක්‍රියාවක් බව මාලකට දැන් නොසිතෙන තරම්ය.

මාසේ අන්තිම සතියේ හම්බෙන පඩි පැකට් එක ගත් මාලක කිලිටි හම්බෑගය උරේ රඳවාගත්තේය.මාලකගේ පරමාර්ථය අන් සැවොටම හොරෙන් අදත් ගණිකාවගේ පහස විඳීමටය.

මහත ගෑණුන්ගේ අපුල ගන්ධය අප්‍රියකරන මාලකට කෙසඟ ගණිකාවගේ දහදියෙන් තෙමී තිබූ සිසුර පවා අපුලක් නොවූ හැටි.

අඳුරු කුණු කානුව දිගේ පාරට පැමිණි මාලක එකවරම ගල්ගැසුනේ ඔෆීසියේ රම්‍යාබස් නැවතුමේ සිට තමන් දෙස බැලීමත් සමඟය.මාලකගේ සිරුර දහදියෙන් තෙත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

ක්ෂනිකව සාක්කුවට යැවුනු අතින් ලේන්සුව ඩැහැගත් මාලක නළල පිස දැමූයෙන් ලේන්සුව තෙත බරිත විය.

ආ මාලක..මොකෝ මෙතන කරන්නේ.

මේ මේ මෙතන ඉන්නව මගේ නෑදෑ වෙන කෙනෙක් එතනට ගියා.

රම්‍යා කට ඇඳකර පැත්තකින් පොඩි සිනහවක් දැමීය..

ආ එහෙමද හොඳයි හොඳයි..

ජීවිතේ තරුණ සමයේ සිටම අවාසනාව කර පින්නාගෙන ආ මාලකගේ කරමත දෛවයෙන් තවත් සිනහවක් පහල වූයේ ඒ අයුරින්ය.

සුලං හමන වේගයෙන් මාලක සම්බන්ධ සිදුවීම ඔෆීසිය පුරා හමාගෙන යන්නට වූයේ පසුදින රාජකාරි ආරම්භ වීමටත් පෙර සිටමය.

අද්ද අද්දා කොර ගසන මාලකගේ කකුලට වාරුවක් වීමට නොසිටි මිනිසුන් ඔහුට දෙස් දෙවොල් තබන්නට වූයේ තමන්තුළ සැගවී තිබූ රහස් සගවන්නට මෙනි.

මේකගෙ කකුල අබ්බගාත වෙලා මෙහෙමනම් හොඳට තිබ්බනම් මොනා නොකරයිද?අපෝ මෙහෙව් උන් එක්ක ඔෆීසිවල ඉන්නත් බයයි.
පිරිමින් කිහිප දෙනෙක් අතින් අතට හුවමාරු කරන සුන්දරි මාලිනී පවා පැවසුවාය.තම තමන්ගේ වැරදි සේරමමාලකගේ හිස මත පැටවූ ඒ දින කීපය තුළ ඔෆීසියේ තිබුනේ පුදුමාකාර සතුටක් හා නිහඬ බවක්ය.

මාලකට දරා ගත නොහැකි වූයේද නිහඩ බවයි.සියලු දෙනාගේම ඇස් අගින් නැගෙන හොර බැල්ම හා දත් නොපෙන්වා කට කොනින් කෙරෙන හිනාව මාලකගේ හිත හිරිවට්ටයි.

මුන් ඉන්ට ඕනි ගෑණු එක්ක ඉන්නවා මම මට කැමති ගෑණියෙක් එක්ක හිටියම මුන්ට තියෙන රුදාව මොකක්ද

හිතුනත් පිටනොකෙරන එකී මෙකී සිතුවිලි රාශියක් මාලකගේ සිත තුළ ඉපිද සිත තුළම භූමදානය විය.

ලෝකය ගැනම කළකිරුනු මාලක එදා වේලාසනින්ම ගණිකාවගේ පහස විදීමට ගියේය.දැන් හැමෝම දන්නවා මට තව වෙන්න පුළුවන් දේ මොකක්ද මාලකට සිතුනේය.

ජීවිතයේ සතුටක් ලැබූ පැයක්පමණ කාලයකට පසු මාලක කුණුකාණුව දිගේ මහ පාරට පිවිසියේ ගණිකාවත් සමඟමය.

ඈ බොල මිනිහො තෝ එතකොට මේකයි කරන්නේ..

ඇසුනු ගෝරනාඩුවෙන් තුෂ්නිම්භූත වුනු මාලකගේ කටේ කෙළ හිඳුනේ රවාගෙන තමා දෙස බලා සිටි අනූපමාදැකීමෙන්ය.

මාලකගේ ජීවිතය ගැන පුදුමාකාර කැක්කුමක් තිබූ ඔෆීසියේ මිතුරෝ මාලකගෙ කඩා වැටෙන පවුල් ජීවිතය නඟාසිටුවන්නට පුදුමාකාර වෙහෙසක් ගෙන තිබුනි.

කාලකණ්ණි මාලකගේ කටින් ගිලිහිය.

මෙහෙ වර පරට්ටි.

තඩි අනූපමා කෙසඟ ගණිකාවගේ ඉළ ඇට බිදින්නට මෙන් පහර පිට පහර දෙන්නට විය.වේදනාවෙන් කෑමොර නැඟූ ගණිකාව අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් දිව යන්නට විය.

අනූපමාගේ තඩි අතින් කණ පුරා ගිය පහර වේදනාවෙන් රිදුම් දෙන්නට විය.

මාලකව පසෙකට තල්ලු කර දැමූ අනූපමා යන්නට ගිය ලෙසින්ම ප්‍රේක්ෂක ජනතාවද විසිර යන්නට විය.බිමඇඳ වැටුනු මාලකගේ කකුල වේදනාවෙන් පුපුරු ගසන්නට විය.

රිදුම් දෙන කකුලත් ඇඳ ඇඳම මාලක බසයකට නැඟුනේ හිස් සීට් එකක් දුටු නිසාවෙනි.

පෑලියගොඩ බහින්ඩ පෑලියගොඩ බහින්ඩ

කොන්දොස්තරගේ කට හඩින් අවදි වූ මාලක බසයෙන් බැස්සේ තමන් වැරදි බසයකට ගොඩවී තිබූ බව පසක් වීමෙනි.

අරමුණක් නැතිව හිත දරාගත නොහැකි වේදනාවක් පොදි ගසන් රිදුම් දෙන කකුල අද්දමින් මාලක කැළණිපාලම මතට පිවිසියේය.පාලමෙන් පහල දිය කද දෙස ආසාවෙන් එබී බැලූ මාලකගේ හිතේ ක්ෂණිකව කලු රේඛාවක් පහල විය.

හම් බෑගය පසෙකින් තැබූ මාලක පාළමෙ ගැටිය මතින් ආකශයට විසිවුනේ තමන්ට ආරාධනා කෙරූ මහා ජල කඳ වැලද ගැනීමටය.

ජලකඳ තුළ මාලකගේ නොපෙනී යාමට පෙර ඔහුගේ මුවින් එකම එක වදනක් වා තලයට මුසු විය.

තඩි ගෑණු.

Advertisements
Comments
  1. weniwel says:

    මාලකගෙ බොඩි එක හම්බ උනහම අනූපමා ලෝකෙටම ඇහෙන්න බෙරිහන් දීල අඩපු හැටි, රම්‍යා, සුන්දරී, මාලනී ඇතුලු ඔෆිස් කාණ්ඩය බෙරිහන් දීල අඬල මාලකගෙ හොඳ කියවන හැටිත්, හදවත පත්ලේම උපන් බලාපොරොත්තුව කඩා ඉහිරිල ගිය, ජීවිතේම අපේක්ෂා භංගත්වය පිරුනු මාලකගෙ ආත්මය මේවා දැකල හිනා වෙන හඬත් තමයි මටනම් මැවිලා පෙනෙන්නෙ…

    • හරියටම හරි.මාලකගේ ජීවිතේ විනාශ කරපු උන්ගේ විගඩම් නිසා මාලකගේ ආත්මය අනිවාර්යයෙන්ම හිනාවෙයි

  2. පුදුම කතාවක් නේ මේක !!!!
    මෙතන අනූපමාගෙත් වරදක් තියෙනවා. එහෙම නැතුව අච්චර හොදට හිටිය මාකල ගණිකාවක් හොයාගෙන යන්නේ නෑනේ.

    • ඔව් මචෝ.අනූපමාගේ වැරැද්දක් තියෙනවා තමයි.ඒත් මචන් මේ සීන් එකම යන්නෙ මාලකට විදින්න වුන දේවල් එක්ක.මාලක කොහොමත් මානසිකව වැටිල ඉන්න කෙනෙක්.ලේ පැල්ලම ගැන අනූපමාගෙන් ප්‍රශ්න කරන්න තරම් හයියක් නැත්තෙ තමන්ගෙ අබ්බගාතකම නිසා.අනික පොර දන්නව තමන්ගෙ හැටියට එහෙම පිවිතුරු කන්‍යාවක් හම්බෙන්නෙත් නෑ කියල.
      අනූපමාගෙ මහත නෙවී මාලකගෙ ප්‍රශ්නෙ මචං.ඒ මහත කියන එකේ ප්‍රශ්නෙ එන්නෙ අනූපමාට මාලකගෙ තියෙන අකමැත්ත.ඒ නිසා මහත හැමෝටම මාලක වෛර කරනවා.
      මම මචං හොස්පිටල් එකේ ඉන්න අයිය බලන්න යනව හැමදාම.මේ වගේ අත පය කැඩුන ගොඩක් තරුණ ජීවිත තියෙනවා එතන.සමහර අයගේ කකුල් දිහා බලන්නත් මොකක්ද වගේ මචං.
      දවසක් හිටපු කොල්ලෙක් කීව මචං බැඳල එහෙම හිටියනම් මෙහෙට වෙලා ඉන්නවට වඩා කකුල කපන් ගෙදර යනවා හොදයි කියල.
      වෙන මොකටවත් නෙවී ගෑණි පිට යයි කියලා.
      පොඩ්ඩක් හිතලා බලපං උන් මානසිකව කොච්චර විඳවනවා ඇද්ද.
      ඒකයි මේ කථාව ලීවේ.

  3. මම කොහොමත්ම නොහිතපු විදිහට කතාව ඉවර වුනේ.හිතාගන්නත් බෑ.ඔය කියන විදිහට මාලකට මොකක් හරි අප්සට් එකක් තිබුනද දන්නෙ නෑ.කොහොම වුනත් මම ඊයෙ කියපු විදිහටම කතාව එල.දිගටම ලියපන් මචෝ…….

  4. මැක්සා කතාව බං.
    හික්… මචෝ මමනම් කැමතිම දේ… මගෙ අතින් අනිත් එවුන් වැරදියි කියලා දකින ඒත් මට වැරදි නැති දෙයක් කලාම, උංගේ මූනුවල තියෙන කුහක හිනාවටයි… පුපුරන කේන්තියටයි. මං හෙන ජොලියේ ඉන්නේ එහෙම වෙලාවට. මොකද අනිත් එවුන් මගේ වැඩ ගැන හොයන්න ඈවිත් ඊසිරියා කරලා, කෝප වෙලා ලේ පුච්චගන්නවා කියන්නේ පට්ටම වැඩක්නේ බං…

    • තෑන්ක්යූ වේවා ගොඩාක්.
      ඒ ඉතිං උඹට ඉගෙන් බහින රෝගයක් නැති හින්දනේ බං.
      බලපං උන්ගෙ ලේ පුච්චලා මූ සතුටු වෙනවා.මෙහෙව් මිනිස්සු.

  5. Shanika says:

    apulai…grt

  6. හැමෝම සමා වෙන්නෝනි මට කමෙන්ට්වලට පිළිතුරු දෙන්න පමා වුනාට.සරීර සෞඛ්‍යයට යකා ගහල ඉතිං උත්තර දෙන්න තරම් මානසික තත්වෙක හිටියෙ නෑ. Sry හොඳේ

  7. Pro says:

    mata nan peenne, methana waradda wena kaagewath newei, ara apareeksha kaari bus riyaduragei… eee anathura nowenna maalakata saamaanya minihek ge jeewithayak gatha karanna thibba… Anunge jeewitha nothaka riya padhawana ewun kiyawiya yuthu post ekak 🙂

    Habai kohoma unath, jeewithe prashna waladi, thamangee hageem walata ida dunnama oya wage siddi witharak newei… oyita antha gatalu walata pawa muhuna denna puluwan…

    anyway, ela story eka machan…

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s