ගණිකාව – දෙවන කොටස

Posted: August 6, 2011 in කෙටි කථා
Tags: , , , ,

ඉන් පසු එළඹි දින කිහිපය තුළම මාලක ගණිකාව මුන නොගැසීමට තීරණය කර තිබූ හෙයින් සුපුරුදු බස් නැවතුමට සමු දීමට තීරණය කලේය.

ඒතනින් පසුව එළඹියේ මාලක කවදාවත් නොසිතූ ආකාරයේ මහා මානසික පෙරලියකි.

වේදනාවක් නොමැති වුවද කොර ගසමින් ගමන් කරන කකුල මහා අප්‍රාණික ගතියක් ගෙන දෙන්නට වුනි.ඇගපත තලා දැමුවාක් මෙන් විය.නිරන්තරයෙන්ම හිතට දුක් මුසු කනස්සල්ලක් දැනෙන්නට විය.

මේ ජීවිත රටාව වෙනස් විය යුතු බව මාලක තීරණය කරේ සිතත් එක්ක පොර බැදූ පැය ගණනකට පසුවය.

තාමත් මාලකගේ හදවතේ කොනක දැවටී තිබූ ගණිකාවගේ බුලත් කහට පිරුණු මුව මාලකගේ මොළයේ දඟ කරන්නට වූයේ පෙණ නගිමින් ඇවිස්සෙන දිය සීරාවක් සේය.

ගණිකාවගේ මාලක දුටු විශේෂත්වය අන් කිසිවක් නොව අධික කෙසඟ බවය.ඔබත් මාත් පිලිකුලෙන් කෙළ ගසන්නට පවා පෙලබෙන තරමක වූ කෙසඟ බවය.

නමුත් මාලකගේ හිතේ ආසාවන්වල ලැඟුම් ගෙන සිටියේත් කෙසඟ ගෑණුය.

හවහට යනව අද ඒ පැත්තෙන්…මාලක තමන්ටම කොඳුරා ගත්තේය.හදිසියේම යමක් සිහිවී මෙන් වට පිට බැලුයේ තමන්ගේ සිතුවුලි වෙන කෙනෙක්ගේ අවධානය දිනා ගෙන ඇත්දැයි සැක හැර දැනගැනීමටය.

නැති වැඩ මවාගත් මාලක එදා ඔෆීසියේ අඳුර වැටෙනකන්ම රාජකාරී කරේ හිතේ පහල වූ පාපකාරි සිතුවිල්ලට පව් ගෙවීමක් ලෙස සිතමිනි.

රත්වී උඩ පනින වතුර භාජනයක මතුවී පිපිරෙන දිය බුබුලු මෙන් මාලකගේ හදවත ගැහෙන්නට විය.ජීවිතයේ කවදාවත් නොසිතූ දෛවෝපගත ගමනකට මුල පුරන්නට මාලක ඔෆීසියෙන් එළියට බැස කොර ගසමින් වටපිට බලමින් මාලක ගණිකාව සිටින ඉසව්වට පැද්දි පැද්දී ගමන් කරේය.

ආ මහත්තයා මේ දැන් මට්ටක්කුලියෙ බස් එක ගියා විතරයි..

ආ එහෙමද?අද ටිකක් රෑ වුනා..මාලකගේ හදවතේ ගිඩි ගිඩිය ඔහුගේම දෙසවන රැව් දෙන්නට විය.

මහත්තයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ.ගණිකාව විමසුවාය.

නෑ මට ඇති ප්‍රශ්නයක් නෑ.

එවෙලේ ගණිකාවගේ බොල් දත් පෙන්නා පෑ හිනාවට මාලකගේ කොඳු නාරටිය දිගේ සිහින් සීතල වෙව්ලීමක් දිව ගියේය.

ඇඳුම් ඇදන් තමන් ලෝකයා ඉදිරියේ නිර්වස්ත්‍ර වූ බව මාලකට හැගුනි.

මිනිස්සු සිය ගාණක් එක්ක බුදියගත්ත මට පිරිමි කියන්නෙ තේරුම් ගන්න බැරි අමුතු සත්තු ජාතියක් නෙවී මහත්තයා.

ගාණ කීයද? මාලකගේ හඩේ වූයේ හැඩුම්බර වූ මද වෙව්ලීමකි..

දන්න අදුරන හින්දා 800ක් දෙන්න මහත්තයා.වෙන එවුන්ටනම් මම මේ ගානට විකිනෙන් නෑ..

මිනිස් පුළුටක් නොබලන තරමට කෙසඟ වු ගණිකාව තමන්ගේ පම්පෝරිය මාලකට විදහා දැක්වූවාය.

හපෝ වැඩී 500ක් දෙන්නම්.

එහෙව් ගානට කොහෙද මහත්තයා ගෑණු රෙද්ද උස්සන්නෙ.600ක් දෙන්න.

හා කොහාටද යන්නෙ..

ආයෙ කොහාටවත් යන්න දෙයක් නෑ.මහත්තයා එන්න මගෙ පස්සෙන්

ඇය මාලකව රැගෙන ගියේ එතනින් තිබූ පටු කුණු කානුව දිගේ ගොස් පමනක් පිවිසිය හැකි ගුබ්බෑයමකටය..

දොරක් යැයි පැවසිය හැකි දිරා ගිය දිය සීරාවට පුස් බැදුනු ලීයක් උලුවස්සට අඩවල් කර ඈ චීත්තය උනා දමා කාමරය කොනක තිබූ පැදුරක් දමා තිබී ලෑලි කීපයක උඩුබැල්ලෙන් ඇද වැටුනි.

මාලකගේ හිත මහා අපුලකින් පිරී ගියේය.ගලාගෙන යන දිය සීරාව හා පුස් බැදුනු ලෑලිවල ගඳ නාස් පුඩු පුරා විහිද ගොස් තිබුනි.

තමා මේ සිද්ද කරන්නට යන්නේ මොන තරම් වූ අපුල ක්‍රියාවක්දැයි මාලකට පසක් වුනි.මේ තමන් අනූපමාට ද්‍රෝහී වීමක් නොවේදෝ යන සිතුවිල්ල මාලකගේ හදවතට වද දෙන්නට විය.

මහත්තයා කරන දෙයක් ඉක්මනට කරන්න.තාම බිස්නස් පටන් ගත්තා විතරයි..

ඒ අපුල ස්වරයෙන් මාලකගේ සිතුවුලි දෑන බිදී ගියේය.

නෑ මට ඕනි කථාකරන්න විතරයි ටිකක්..

මොන රෙද්දක්ද ඒ ඇය පැවසුයේ උනා දමා තිබී චීත්තය ඇඟ දවටාගනිමිනි..

වෙන රස්තියාදුකාරයෝ ඇවිත් මහත්තුරු වගේ ගාන දීල වැඩේකරල යනවා.තමුසෙලා මහත්තුරු කියන් ඇවිත් සමහර මාධ්‍යකාරයෝ වගේ අපේ හිත් දැනන් ගිහින් ලෝකෙටම නිරුවත් කොරනවා.රස්තියාදුකාරයෝ නම්බුයි මහත්තයා තමුන්ලට වඩා උන් අපිව නිර්වස්ත්‍ර කරන්නෙ උන් ඉස්සරහ විතරයි ලෝකෙම ඉස්සරහ නෙවේ.

මාලකගේ හිතේ පැල්මක් ඇතිවූයේ ඒ සැනින්මය.

බාගෙට දවටාගත් චීත්තය ඈ අතින් ගිලිහී කාමරයේ එබී තිබූ සැදෑ ආලෝකයෙන් කෙසඟ වත දැකි මාලකට ඉන්පසු ඉතුරු වූයේ දහදියෙන් පෙගී ගිය සිරුරකි.


ප/ලි : තව එකම එක කෑල්ලක් තියේ.අප්සට් ගන්නෙපා හොඳේ..ඒක හෙට බලමු.

Advertisements
Comments
  1. මේකත් මෙගාවක් ද දන්නේ නෑ.
    අර කිව්වත් වගේ ගොඩක් කාන්තාවන්ව නිරුවත් කරන්නේ සමාජයයි !!!
    අර අතවර වලට කරදර වලට ලක් වෙච්ච කාන්තාවන්ගේ ජීවිත කතා නාට්ටි වගේ ඉදිරිපත් කරලා රේඩියෝ වලින් ටීවී වලින් දෙවෙනිපාර අතවර කරනවා !!!!!

    • මෙගාවක් නෙවී බං කෙටි කථාවක්.පලවෙනි එක හින්ද මගෙ අදහස් ඔක්කොම එච්චරටම කෙටි කරන එක ටිකක් අමාරුයි.
      ඉතිං බං දිගට දැම්මම කියනව හැමෝම පොඩි කරපන් කියල.පොඩියට දැම්මම කියනව කොටස් වැඩිකියල.
      අනේ මන්ද මද්දෝ..

      සහතික ඇත්ත බං උන්ගේ දුකෙන් මුලු සමාජයම කුණු ආතල් එකක් ගන්නව ඊට පස්සෙ.

  2. උඹ මේක සිරාවට ලියනවා බං…. මේක හිතලා ලියන එකක්ද?

    • ගොඩාරියක් ස්තූති වේවා.
      ඔව් මචෝ කථාවනම් හිතල ලියන්නෙ.හැබැයි චරිත ආගන්තුක ඒවම නෙවී කීවොත් හරි.

  3. නදී... says:

    මේක ඇත්ත සිද්දියක්ද?

    • එහෙම ඇත්ත එකක් වෙන්නැති කියල හිතෙනවද කිවෙව්වම.සංතෝශයි අහන්නත්.
      නෑ ඇත්ත එකක් නෙවී.මම කීවෙ ඒ චරිත මම අඳුරනවා.ඒවා එකට ගැලපීමක් තමා මම කරන්නෙ.

  4. All In one says:

    හෙටත් කියන්න නම් එපා තවත් කොටසක් තියනවා කියලා.
    ලියන රටාවනම් මරු

    • නෑ නෑ හෙටින් ඉවර කරනවා.උඹල මගෙ ඔළුව කන්න හදනවනෙ මේ වැඩෙන්.
      ගොඩාක් තෑන්ක්යූ වේවා එහෙම කීවට.අහන්නත් සතුටුයි.

  5. දැන්නම් ඊයෙ තිබුන කුතුහලේ ටිකක් විතර සංසිඳුන.ඒත් ඉතින් දැන් උඹ කියනව තව කොටසක් තියනවලු.අවුලක් නෑ.හෙටත් එනව.මේ උඹේ කුළුඳුල් කෙටි කතාවද බං.?කොහොම වුනත් කතාවනම් එළ………..

  6. ඔව් බං ස්කෝලෙ කාලෙට පස්සෙ ලියන කුලුදුල් කෙටිකථාව.එච්චර ඉක්මන් වෙන්නෙපා අවසාන තීරණේට එන්න.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s