දාඩිය පෙරාගෙන ඔෆීසියට පැමිනි මාලකට දැනුනේ මහත් ඔක්කාරයකි.බස් එකේ තමන් ළග කිටි කිටියේ තෙරපි තෙරපි පැමිණි කළු මහත ගෑණිගේ දහඩිය ගඳ තාමත් නාස් පුඩු අඟින් දැනෙනවා වැනිය.කප්පරක් වැඩ මේසය මත ගොඩ ගැසී තිබුනද ආ සැනින්ම කැන්ටිමේ මුල්ලේ තිබුන දුර්වර්ණ ටැප් එකෙන් මූණ හෝදාගත්තේ ඒ නිසාය.ඒත් තවමත් දහදිය සමග මුසුව තිබූ අපුල ගඳ පහව ගොස් නැත.

කුෂන් පුටුවේ දිගෑදුනු මාලකගේ මතකය කෙමෙන් අතීතයට දිව ගියේය.

තමන්ට මහත ගෑණු මේතරම් අපුල වීමට හේතුව අවුරුදු කිහිපයකට ඉහතදී කැන්දන් ඒමට සිදුවූ භාර්යාව බව සිහියට නැගුනු මාලකට තමන් ගැනම ඇතුවුනේ මහත් වේදනාත්මක කළකිරීමකි.

තමන් කෙලිලොල් වියේදී ගත කළ ඒ සුන්දර නිදහස් ජීවිතයට කණකොකා හඩවපු අනතුර තාමත් මාලකගේ සිත තුළ දරුණු වේදනාත්මක වෛරයක් පමනක් ඉතුරු කර ඇත.

අපරීක්ෂාකාරී බස් රියදුරකුගේ පාපයකට තමන්ට ගොදුරු වීමට සිදුවූ නිසා ජීවිත කාලයකටම තමන්ගේ කකුලේ ඇතිවුන කොරය මෙතරම් පසුපසට තමන්ගේ ජීවිතය තල්ලුකර දැමීම මාලකගේ දෛවයේ සරදමක් වැනිය.

මඟුල් තුලාවක් හොයා අවුරුදු ගානක් දැගලුවද තමන්ගේ හිත ගත් කෙසඟ සුන්දරියන් එකෙකුගේවත් කැමැත්ත මාලකට නොලැබුනේ කකුලේ වු අබ්බගාතය නිසාවෙනි.

අවසානයේ තමන්ට කැමති වූයේ වෙන මිනිහෙක් සමගඩ් දීග දීමට බැරි තත්වයේ කඳ බඩ මහත කළු ගෑනියෙක් වූ අනූපමාය.

ඒකත් හිත හදාගෙන ඉන්න පුලුවනි.ඒත් මේකිගේ චරිතෙවත් හොඳනම්.මංගල රෑ තමන්ට අනූපමාගෙන් නොලැබුන ඒ ලේපැල්ලම මාලකගේ හිත අපායක් තරමටම කිළිටි කරන්නට සමත් විය.

දැනුන කේන්තිය පිට කිරීමට අතේ කිටි කිටියේ මිරිකුන පෑනින් කොලයක බලියක් ඇඳුනේ මාලකගේ ඇස අද්දරට කඳුලක් නංවමිනි.

මේතරම් වේදනාවක් කාර්යාලය තුළ පිට කීරිමට නොහැකි නිසා පිටි අල්ලෙන් කඳුල පිසදැමූ මාලක මහත් හඬකින් සුසුමක් පිටකරේ දෝරේ ගලන වේදනාව පිටාර ගැලීමටය.

පුටුව පසැකට කර නැඟිටි මාලකගේ ඊළග නැවතුම වූයේ කැන්ටිම අසල තිබූ අරලියා ගස යටයි.මිලදී ගත් සිගරැට්ටුවේ එක හුස්මක් ඇද ගත් මාලක දුම් කැරැල්ලක් පිට කරේ බිම බලාගෙනමය.

මොකක්ද ඒ

බිම තිබූ බුලත් කෙල පැල්ලම මාලකව ජීවිතේ තවත් ඉසව්වකට ගෙනගියේ නිරායාසයෙන්මයි.

රාජකාරිය නිමාවී බසයට දුව යන අතරමග දක්නට ලැබුනු ඒ කෙසග ගණිකාව මාලකගේ දින චර්යාවේ සුපුරුදු අංගයකි.

අවුරුදු ගානක් දුටුවද ඒ පිලිබඳ තැකීමක් නොකල මාලකගේ සිත හදිසියේම වෙනස් වූයේ පුදුමාකර ලෙසටය.

වෙහෙසකර මෙන්ම අපුල විවාහ ජීවිතයෙන් කළකිරී තිබූ මාලකගේ හිත රාජකාරියෙන් පස් නිවෙස බලා යාමට ප්‍රතිරෝදයක් ඇති කර තිබුනේ මාලකටත් නොදැනීමය

හදිසියේ ඇතිවූ මහ වැස්සෙන් බේරීමට එදින මාලකට පිහිට පතන්නට වුයේ කෙසඟ ගණිකාවගේ රාජකාරී ස්ථානය අසලය.

බුලත් කෙල දැවටිනු දුර්වර්ණ බොල්ලෑ දත් විහිදා “මහත්තයාට අද බස් එක අල්ලගන්න බැරිවුනා නේද” කියා ගණිකාව පැවසුවාය.

“ඔව්.මේ වැස්ස.”


මාලකට කියවුනේ ඉබේටම මෙනි.අත් නැති හැට්ටයක් ඇද සිටි ඈ ඔලුව කසන්නට අත එසවුන දෙස නිරායාසයෙන්ම බැලුනු මාලකට කිහිල්ල වසා තිබූ මවිල් දැක කුමක්දෝ හැඟීමක් හිත තුළ තෙරපෙන්නට විය.

“කොහෙටෙයි මහත්තයා යන්නෙ”

“මට්ටක්කුලියට”

“අදනම් බිස්නස් නෑ මහත්තයා.”

“හ්ම්ම්ම්..”

එවිටම පැමිණි බසයට මාලක ගොඩවිය.


ප/ලි:හෙට එන්න අනිත් කෑල්ල කියවන්න.හිතුන දෙයක් තියේනම් පහලින් කියලා යන්න.ඒක මේ කෙටි කථා එකතුවට රුකුලක් වේවි.

Advertisements
Comments
  1. අනේ……………කැත වැඩ කලන්න අපා බං….අපිව අව්ස්සල අව්ස්සල දැන් කියනව ඉතුරු ටික කියවන්න හෙට එන්නලු…….ඉක්මනට ඉතුරු ටිකත් දාපියෝ……………

    • හෙ හෙ ඇවිස්සුවේ නැත්නම් උඹල එන්නෑනෙ බං.වරෙන්කො හෙටත් උදේ ජාමේ මම උඹේ කුතුහලේට උත්තර දීල තියන්නම්.

  2. අනිවා හෙටත් එන්නම්.
    මම නම් මේ මනුස්සයා කරපු දෙයින් වැරැද්දක් දකින්නේ නෑ. මොකද තමන් කසාද බැදපු ගෑනිගෙන් ලැබෙන්නේ නැති දෙයක් වෙනකෙනෙකුගෙන් ලබාගන්න එක වැරදියි කියලා මම් හිතන්නේ නෑ.
    අනිත් එක තමයි මේ ගෑනිත් එච්චර හොද චරිතවත් ගෑනියෙකුත් නෙමේ නෑ. ඔන්න ලේ පැල්ලම නැති උනේ කාගෙහරි කරදරයකින් එහෙමත් නැත්නම් පොඩි කාලේ කරපු ක්‍රීඩාවකින් (බයිසිකල් පැදීම වගේ) නම් සමාවක් දෙන්න තිබුනා. ඒත් කොයිම උනත් ඒ ගෑනිට යුතුකමක් තිබුනා ඒකට කරුණු පහදන්න. මොකද අඹු සැමියන් අතර රහස් තියෙන එක විවහා ජීවිතය දෙදරා යන්න රුකුලක් වෙනවා.

    සංවාදයට විවෘතයි !!!!!

  3. නදී... says:

    කෝ ඉතුරු ටික.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s