උඹලගෙ අම්මයි තාත්තයි ඕවා කරන්නැති

Posted: August 1, 2011 in හොස්ටල් සිතුවම
Tags: , , , , ,

දන්නවනෙ රම්බට කලින් වුන චාටර් සීන් මේකත් ටිකක් ඒ වගේ.හැබැයි මේ චාටරේ අනිත් පැත්තට හැරෙන්න අවුරුදු 2 ක 3ක් රම්බට බලන් ඉන්න වුනා.හෙ හෙ බොරු බයිලා නැතුව එහෙනම් සිද්ධියට බහිමු.

මේක වුනේ රම්බා හා හා පුරා කියල හොස්ටල් එකට ආපු අවුරුද්දෙ.ඒ කියන්නෙ අපි එතකොට 6 වසරෙ.ඒ වෙනකන් අපි කොච්චර දැනුම එකතු කරල තියෙනවද කියනවනම් කුණුහබ්බ එහෙම හොඳට දන්නව රම්බනම් ඒ කාලෙ.

ඒත් ඉතිං හැමෝම එක වගේ නෑනෙ.හොද හුරතලේට ගෙවල් අස්සෙම හැදිලා කුනුහබ්බයක් අහලවත් නැති උනුත් ඉන්නවනේ.

ඔන්න ඉතිං දවසක් රම්බා කස්ටියටම තෙලක් බෙද බෙද ඉන්නකොට එකෙක්ට ඇති වුනා ප්‍රශ්නයක්.වෙන මුකුත් නෙවී ළමයි හම්බෙන්නෙ කොහොමද කියල.(මේකට මේක ඇතිවෙන්න 6 වසර වෙනක් ඉන්න ඕනිද කියල හිතෙනවද?).

මාත් ඉතිං හුදී ජන පහන් කරවන්න දැනුම බෙදා හදා ගන්න ආස හින්ද පැනල කියපි
“ළමයි හම්බෙන්නෙ හි___ කියල.”

හප්පොච්චියේ කස්ටියගෙම මූණවල් දෙක තුන වෙලා බෙරි වෙලා ගියා.කස්ටියටම ෆුල් අප්සැට් වැඩේට.මුන් කුණුහබ්බෙ දන්නවා උනාට තමන්ගෙ අම්මයි තාත්තයි සම්බන්ධයි කියල හිතල නෑ මෙච්චර කල්.

ඕන්න දැන් හැමෝම එක පැත්තක් මම අනිත් පැත්තෙ.ඔය අස්සෙ අර තක්බීර් වෙලා ඉන්න වුන් වෙනුවෙන් නියොජිතයෙක් නැගිටල (බිග් තොලා) මෙන්න මෙහෙම අදහස් ප්‍රකාශ කරා.

“උඹලගෙ අම්මල තාත්තලානම් ඕවා කරන්නැති අපේ අම්මල තාත්තලානම් ඕව කරලා අපිව හදලා නෑ.මම දන්න නැන්ද කෙනෙකුයි මාමෙකුයි හිටිය එයාල ඕව කරේ නෑ එක ඇදේ නිදියලා එයාලට ළමේකුත් හම්බුනා.”

හුටා කෙළල වරෙන්කො එහෙනම් අල්ලපු ගෙදර එකාද කරෙ බොලං.

ඔන්න ඉතිං මාත් හඬ අවදි කරා “උඹ කොහොමද එහෙම කියන්නෙ ඒ අය කරද නැද්ද කියල උඹ දන්නෙ කොහොමද කියලා?”

මේ යකා ඉත්තේරුවෙන්ම සපථ කොරනවානොවැ උන් 2න්න වැඩේ නොකර තමයි ළමයි හම්බුනේ කියා ඒ මදිවට අලි මදිවට හරක් කියලා අනිත් වුනුත් කියනවනොවැ ඒ 2න්න ඕක කොරේමනෑ කියලා.

කොහොමින් කොහොම හරි මම පිලිගත්තා අනේ අපේ අම්මයි තාත්තයිනම් කරල තමයි මාව හැදුවෙ කියලා.අනිත් පැත්තෙ තිබ්බ මහා ජන බලවේගය උන් එහෙම නැතෙයි කියලා මාව චාටර් කරලා පුදුමාකාර සතුටින් විසිර ගියා.මාත් ඉතිං ඔහේ හිටියා.

කොකාට වාරයක්නම් තිත්තයාටත් වාරයක් තියෙනවා කියනවනෙ ඔන්න පුතෝ කාලෙ ගත වෙලා කස්ටියම මේවා ගැන සක්සුදක් සේ පැහැදිලි කරගත්ත කාලේ ආවා.දැන් මගේ වාරෙ මාත් දෙනව බැස්ටිය දුටු තැන.

:අඩෝ උඹලගෙ අම්මයි තාත්තයි ඕව කරල නෙවේද උඹ හම්බුනේ”

හි හි කොල්ලා ශේප් නියාය දාල මාව මඟ ඇරල යනවා එතකොට.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්.
crushable.com
ehow.com

Advertisements
Comments
  1. ඕක ඉතිං අමුතුවෙන් කියන්න දෙයැක්යෑ බං. උඹලාගේ හොස්ටල් එකේ හිටිය වුන් නම් හැදිච්චි එවුන් පාටයි. උඹ තමා නරක් කරන්න ඈත්තේ…

  2. උබනම් හෙන කුප්පයෙක් මම නරක් උනාද මංදා මේක කියවලා..

  3. ඔන්න මමත් මේක කියෙව්වේ නෑ හරිද ? පුදුම කතානේ මෙවුන් අතරත් තියෙනේ. අපිත් ඔහොම හොස්ටල් රූම් වලට සෙට් උනාම ඔයවගේ සීන් අතාරින්නේ නෑ. 🙂

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s