Archive for August, 2011

හිත තුල හිරවුන පැසව පැසවා තිබෙන මේ ආසාව කුමක්දැයි සමින්දටම හිතගන්නට බැරි තරමටම දුර දිග ගොස් ඇති බව සමින්දට වැටහුනි.මේ තියෙන්නේ ආසාවක්ද රාගයක්ද කියන එක ඔහුටම තීරණය කල නොහැකි විය.නමුත් ටක්කෙටම කිව හැක්කක් ඇත ඒ තමන්ට ඈ අවශ්‍ය බවය.

සමින්ද තමාගේ රෝගීන්ගේ වගතුග සෙවීම නොකල නමුත් මේ කාන්තාව තමාගේ සිත තුළ ඇති කල හැඟිම නිසාම ඇය පිළිබද තව තවත් විස්තර දැනගැනීමට සමින්දගේ සිතේ තිබුනේ නොතිත් ආසාවකි.

මේ කියන පරිදි ඈ විවාහකනම් හා දරුවෙක් සිටීනම් තමන්ට තවම ඔවුන් දක්නට නොහැකි වූයේ මන්ද යන්න සමින්දගේ සිත කැළඹූ තවත් ප්‍රශ්නයකි.

ඈ බැලීමට පැමිනෙන්නාවූ එකම පුද්ගලයා වූයේ රෞද්‍ර පෙනුමකින් යුතු ගැහැණිය පමණි.එනමුත් ඈනම් මැයගේ මව් නොවන බැව් සමින්දට පමණක් නොව ඔබට හා මටද දුටු සැනින් පැවසිය හැකි තරමක වෙනසක් ඒ දෙදෙනා අතර විය.

ඔබට සුරදූතියක හා යමපල්ලෙකු අතර වෙනස හිතා ගත හැකිනම් එවන් ආකාරයේ වෙනසක් මේ දෙදෙනා අතරින් විද්‍යාමාන වන බව සමින්ද දැනටමත් තීරණය කර හමාරය.

තමාගේ පෞද්ගලික ජීවිතය මෙන්ම රාජකාරී ජීවිතයද පසුබෑමකට ලක්වී ඇති බව සමින්දට පසක් වුනේ ඉබේටම මෙනි.කුඩා කාලයේ සිටම ඕනෑම අභියෝගයකට තනිවවම මුහුන දීමට ඉගෙනගෙන තිබූ සමින්ද වහාම තමන්ගේ ජීවිතය හරිමගට ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරිමට ඉටා ගත්තේය.

අවාසනාවක මහත, තමාගේ තීරණය සමඟ පසු දින රාජකාරියට වාර්ථාකල සමින්දට දැනගන්නට ලැබුනේ ලොකු දොස්තර මහතා විසින් ඇගේ ටිකට් කපා ඈ ගෙදර ගොස් ඇති බවය.

සමින්ද හෙදියගෙන් මේ විස්තර ඇසූ විගසම මුහුන අඳුරු වලා පටලයකින් වැසී ගියේය.ඒ සමගම හෙදිය කියූ දෙයින් අන්ද මන්ද වූ සමින්දට කර කියා ගත යුතු දෙයක් සිහියට නොගැනුනි.

ඔය ගෑණි ඉන්නවයි කියන්නෙ අර වාරිමාර්ග දෙපාර්තුමෙන්තුවෙ ඔෆීස් එක ලඟින් ඇතුලට තියෙන පාරෙලුනෙ.චරිතෙ හොඳ නැති ගෑණියෙක්ලු.

සමින්දගේ ඉහ මොළ ගිනිගත්තේ මෙවිටය.

තමුසෙට කව්ද කීවෙ..??

ඇයි සර් අර බලන්න එන ගෑණු කෙනා නොවැ.ඒ මුන්දැගෙ නැන්දම්මලු.මිනිහා මැරිලයි කියන්නේ.

සමින්ද එදින නවාතැන බලා ගියේ අධික වේදනාවක් මෙන්ම හීන් සතුටු බලාපොරොත්තුවක්ද හිත තුළ සඟවාගෙනය.

මිදුලේ තිබූ සියඹලා ගහ යට පුටුවක් තබාගත් සමින්ද කාස්ටක ඉර ඈතින් අමාරුවෙන් හුස්ම අඳිනවා බලාගෙන මොහොතක් ගෙවා දැම්මේය..නිරුවත් උඩුකය හරහා ඇදීයන මේ වි‍යළි සුළග සමින්දගේ අතේ තිබූ දුම්වැටියෙන් වැඩි ප්‍රමානයකට වග කියන බවක් සිතුවිලු සයුරේ ගිලී සිටි සමින්දට නොතේරුනි.

බියර් කෑන් එකෙන් උඟුරක් ගිල දැමූ සමින්ද

ඒකට මොකෝ මම කියලත් පිවිතුරු මිනිහෙක්යැ.ගෑණු කීයක් එක්ක ඔට්ටුවෙලා තියෙද

තමාටම පවසාගත්තේය.

මේකට හරියන මිනිහා ධර්මේ ඒ වුනාට ඕකුන් ලං කරගන්නව කියන එකත් ඒ හැටි හොඳ දෙයක් නෙවී.

බියර් මතින්ම එදා සමින්ද ඇඳට වැටුනේ මහා ලොකු බලාපොරොත්තු ගොන්නක්ද පොදිගසාගෙනමය.

පසුදින සවස් කාලයේ ඩිස්පෙන්සරිය අසල ත්‍රීවීලරයේ ධර්මේ සමඟ සමින්ද කථා බහ කලේ ඇය ගැන විස්තරයක් දැන ගැනීමට ඇති කුතුහලය නිසාමය..

බලනවකො ධර්මේ මට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනානෙ අයිසෙ.

ආ ඒ මොකක්ද ඒ පොඩි දොස්තර මහත්තයා මම දන්නෙත් නෑනෙ..මහත්තයාට කරදරයක් නෑනෙ..

නෑ නෑ අයිසෙ මට කරදරයක් නෑ.අර අතන මහඉලුප්පල්ලම වාරිමාර්ගෙ හරියෙ ඉන්න ගෑනියෙක් ඕයි.ගෑනියෙක් කීවට තරුණ කෙල්ලෙක්…

අප්පට උඩු මහත්තය කියන්නෙ අර සොපියගේ ලේලි ගැන වෙන්ඩ ඇති. මට ආරංචි වුනා පහුගිය දොහේ ඒකි ඇක්සිඩන්ට් වෙනා හිටිය කියලා..
කව්ද දන්නෙ මහත්තයගෙ අතින් හැප්පුනේ කියලා.

සමින්දගේ හදවත ගැහෙන රාවය ඔහුටම පාලනය කර ගත නොහැක.නමුත් තමාගේ හැඟීම් සඟවා තබා ගැනීමට නිරර්තක උත්සාහයක නිරතවීම සමින්ද දිගටම කරගෙන ගියේය.

ආහි එතකොට ධර්මෙ දන්නවද ඔය කියන ගෑණු කෙනාව.

මොකෝ මහත්තයා මං නොදන්නෙ ඔය අපේ ආමි එකේ හිටපු චතුරංග මලයගෙ ගෑනි වෙච්චි.රූපෙනම් ඉටිවලින් හඳලා වගේ තමයි ඒත් ඕකි මහ අවාසනාවන්ත ගෑණි.කොටින්ම ඕකි ගෙනාවත් හරි චතුරංග මලය වෙඩි වැදිල මැරුනා.

ඉවර නෑ හොදේ.තව තියේ…

Advertisements

උපැස් යුවල ගලවා දැමූ සමින්ද පුටුවේ දිගෑදුනේ වෙහෙසකර දිනක නිමාව ගැන සිතමින්ය.හන්දියේ ඩිස්පෙන්සරිය දැමූ දා සිටම අත මිට යහමින් හරිහම්බ කරගන්නට සමින්ද හෙවත් පුංචි දොස්තරට හැකිවුනත් ,උපන් දා සිට හැදී වැඩුනු පාසල් ගිය කොළොම්පුරේ මතකයන් හිතේ කොනක පොදි බැද මහඉලුප්පල්ලමේ ගෙවන කටුක ජීවිතය පිලිබද සමින්ද සිටියේ අධික කළකිරීමකිනි.

පාසැල් කාලයේ මෙන්ම සරසවි කාලයේද ඇසුරු කල නා නා විධ සුන්දරියන් පිළිබඳ මතකයන් සමින්දගේ හිතේ පැසවන්නට පටන් ගත්තේ දුෂ්කර පත්වීම ලැබූ දා සිටමය.දණහිසෙන් ඉහලට කොට ගවුම් ඇන්ද බුරිය පෙන්නාගෙන සංකර ජීවිත ගත කල ඉහල පැලැන්තියේ සුන්දරියන්ගේ ඇසුර තාවකාලිකව හෝ නැතිවීම ඉවසාගත නොහැකි වේදනාවක්ය.

ගෝල් ෆේස් එකේ MC එකේ සැවෝයි එකේ විවිධාකාර පෙම්වතියන් සමග විදි රසයන් මේ කර්කස පොලොවේ ගෑවිලාවත් නැති හැටි සමින්ද තමාටම කොඳුරාගත්තේය.මෙතුවක් කල් මතකයෙන් ප්‍රයෝජන ගත්තත් සමින්දට දැන් ඒ හැඟීම් පවා කෙමින් අමතකව ගොස් ඇත.

යනවා මේ වීක් එන්ඩ් එකේ කොළඹ ගිහිල්ල එන්න…

සමින්දට දැනුනේ රටක් රජ්‍යයක් පහල වූවා සේ සැනසීමකි..

සතියේ ගෙවුනු දින කීපය ඒ සිතුවිල්ලෙන්ම ගෙවා දැමූ සමින්දට කිසිම වෙහෙසක් නොදැනිනි.

සෙනසුරාදා පාන්දරම පිබිදුනු සමින්ද ගීයක තාලයට උරුවම් බාමින් ලක ලෑස්ති වූයේ කොලොම්තොට බලා පියාසර කිරීමටය.අලුතෙන්ම ගත් හොන්ඩා කාරයේ හැඩ බලමින් උදෑසන තේ පානය කල සමින්ද තමාගේ පරණ සුරතලියකට දුරකතන ඇමතුමක් ගත්තේ තමාගේ ආගමනය දැන්වීමටය.

බබා මම එනව තව ටික්කින් මෙහෙන්.අද රෑ ෆ්‍රී තියාගන්න හොදද?

අනේ සමින්ද ඔයා එනවද?කාලෙකින් දැක්කෙත් නෑ එන්නකො පැටියෝ ඉක්මනට..

කටහඩින් පවා සමින්ද මුසපත් වූවා සේය.හිසඔසවන්නට වෙර දරන දගකාරයාට මද හිනාවක් පෑ සමින්ද ගමනට ලක ලෑස්ති විය.

දිය නා ගෙන ගෙට පැමිණි සමින්දට ඇසුන දුරකතන රින්ග් ටෝනයට මද හිනාවක් පෑ සමින්ද

මේකුන්ට ඉවසන් ඉන්න බැරු හැටි.මම නැතුව වේලෙනව ඇති

කියා තමන්ටම පවසාගෙන මහ හඳින් කොක් හඬ ලා සිනාවක් පිටකලේය.

ඇමතුමට පිළිතුරු නොදුන් සමින්ද වාහනය පණ ගන්වාගෙම කොළම බලා ධාවනය ඇරඹීය.

නැවතත් දුරකථනයේ නාදය ඇසුනු සමින්ද කේන්තියෙන් මෙන් දුරකථනය දෙස බැලුයේ අහම්බෙන් මෙනි..

හදිසියේම ඇසුනු වේදනාත්මක කෑමොර දීමක් සමගම වාහනයේ බඳ පුරා දැඩිව වැදුනු පහරින් සමින්ද පියවි සිහියට පැමිනිය.

පාරෙන් ඉවතට විසිවී ගිය ලේ පැල්ලමක් සමඟම බිම වැටී සිටි ගැහැණිය පිළිබඳ සමින්දගේ සිතේ ඇතිවූයේ පුදුමාකාර කේන්තියකි.

මේ බැල්ලියෝ පාරක යන්නවත් දන්නෑ සමින්දට කියවිණි.

මොන දේ වුනත් ඒ ක්ෂණයකින්ම රියදුරු කෙනෙක්ගෙන් දොස්තර කෙනෙක් ලෙසට සමින්ද පරිවර්තනය වූයේ ඉබේටම මෙනි.වහාම රථයට නංවාගත් ගැහැණිය රෝහල කරා ගෙන ගිය සමින්දට අවශ්‍ය ප්‍රථිකාර ලබා දිය යුතු හෙයින් කොළඹ ගමන නවතා දමන්නට සිදුවිය.

තමන්ගේ අතින් ගිලිහුන ඒ සතුට ගැන හූල්ලමින් නවාතැනට ගිය සමින්ද ශීතකරණයෙන් ගත් බියර් කෑන් එක මුවට හලාගනිමින් සිගරට්ටුවක් දල්වා ගත්තේ හමායන වියලි සුලඟට උඩුකය සිපගන්නට ඉඩදෙමිනි.

මොනා උනත් ලස්සන ගෑණියෙක්. සමින්දට හිතුනි.

තාම පොඩි කෙල්ලෙක් මුන්ගෙ විසේට මොන සිහියකින් පාරෙ යනවද මන්දා..

එසැනින්ම මුලු ශරීරයම හිරිවැටී වෙව්ලා ගියේ සිදුවුන අනතුර ගැන සිතීමින්ද නැතහොත් ඒ ශරීරය සිහිවීමෙන්ද කියා සමින්දට හිතාගන්නට නොහැකි විය.

පසුදින උදෑසනම රාජකාරියට වාර්තාකර සමින්ද ඒ කාන්තාව සොයා ගියේ මේ සම්බන්දයෙන් තමාගේ වගකීමෙන් මිදිය නොහැකි නිසාය.තමාව ඇයට සහ පවුලේ අයට හඳුනවාදුන් සමින්දට ඇය බැලීමට පැමින සිටි ගැහැණියගේ මුහුනේ තිබූ රෞද්‍ර ස්වභාවය කෙරේ කළකිරුනි.

වේදනාවෙන් බරිත හදවතින් එතනින් නික්ම ගිය සමින්ද නැවතත් රෝහලෙන් පිටව යාමට පෙර ඇය හමුවීමට තීරණය කරේ ඇයිදැයි ඔහුටම සිතා ගත නොහැකි විය.

කොහොමද දැන්.රිදෙනවා එහෙම අඩුද?මම ඒ වෙලාවෙ හෙමීට වාහනේ එළවපු නිසා හොඳට ගියා.මොන සිහියකින්ද පාරෙ යන්නෙ.තව ඩිංගෙන් මැරෙනවා…

හිතේ බුර බුරා නැගුන සිතුවිලි වදන්වලට ගුලිකර සමින්ද ඇගේ සුන්දර මුහුණට දමා ගැසුවේය.

අනේ නෑ දොස්තර මහත්තයෝ මම මේ සල්ලි ගන්න හඳිස්ස්යේම ගියේ..

ඒ මොකද එච්චර හදිස්සියක්…

හදිස්සි නැද්ද දොස්තර මහත්තයෝ පොඩි එකීට බෙහෙත් ගන්න..

සමින්දගේ හඳවත නැවතුන සැටිය.හිසේ සිට දෙපතුල දක්වා නැවතත් හෙලූ බැල්මෙන් සමින්ද අන්දමන්ද විය.සමින්දටත් හොරෙන්ම ඔහුගේ හිතේ කොනක කුමක් හෝ හැගීමක් මෑ කෙරේ මෝදු වෙමින් පවතින බවට සමින්දට රහසක් නොවේ.

මේකි බැඳලා..වෙන්න බෑ..මෙච්චර ලස්සන කෙල්ලෙක් බැඳල කියල හිතන්නවත් බෑ..

ඉවර නෑ හොදේ.තව තියේ…

ඔන්න එහෙනම් මම ආයෙම හොස්ටල් කථාවක් ගෙනාවා.පුකෑෂ් කිරිල්ල කියද්දි මම කීවනෙ හැම දේටම වෙනම උප සංස්කෘතියක් තියෙනවා කියලා.

මේකත් ඒ වගේ උප සංස්කෘතියක් තිබ්බ වැඩක් තමයි.වෙන මොකවත් නෙවී හොරෙන් රෑට තැඹිලි බෑම.

සාමාන්‍යයෙන් ලස්සනට වලු(තැඹිලි වලු හොදේ) දිලිසි දිලිසි තියෙන පොට් දෙකක් තියෙනවා.එකක් ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ.අනික අල්ලපු වත්තෙ තියෙන පල්ලියේ තැඹිලි ගහ.

මේ ගස් නගින වැඩේට හිටපු හොඳම එකා තමයි කොටා හෙවත් මීයා.අපේ සෙට් එකේ හිටමු මිටිම එකා.අපි මේකව මෝරා කරන් ගස් නග්ගනව කියලා මීයා හිටියෙ වැඩි හිත හොදකින් නෙවී.

කොහොමටත් ඉල්ලුම වැඩිවුනාම අපේ වුන්ගේ අහවල් එක ඉහලට එනවනොවැ.මේකා දැන් ගස් නගින්න බෑම කියනවා.

මටත් ඉතිං මේ කෙරුවාව බලන් ඉන්න බැරිම තැන ආව.තොට බැරිනම් ඉඳපන් මම නඟිනවා කියල මම සෙට් වුනා.

මේ කීවට ප්‍රින්සිපල් උතුමාණණ්ගෙ කාර්යාලය ඉස්සරහ තිබ්බ තැඹිලි ගහේ යට ටිකේම කම්බි කටු ඔතල තිබ්බ නිසා මේක නගිනව කියන්නෙ ලේසි පහසු කෙරුවාවක් නෙවෙයි.

ලේට් ස්ටඩිය එහෙම ඉවර වෙලා රාත්‍රී ජාමේ අපි පිටත්වුනා හොර තැඹිලු බෑමට.සද්දෙ ඇහෙන නිසා මම කඩල දාන තැඹිලි ගෙඩි කවුරු හරි අල්ලන්නෝනි කියලා කතාවෙලා මම අර කටු කම්බි තරණය කරලා හෙනම ගේමක් දීල කරටියට ළගා වුනා.

ඔන්න පුතේ පළවෙනි ගෙඩිය කැඩුවා.යකෝ අල්ලන්න එකෙන් නෑ කියාපියව්කො.නගින්න කලින් හැමෝම පොරකෑව මම අල්ලන්නම් ඕක මොකක්ද කියලා.

මට නේද මාරයා.මම බහිනවා යකෝව් එකෙක්ව්ත් අල්ලන්නැත්තම්.

පිස්සිද බංඋඹට යකෝ ඔච්චර උඩ ඉදන් දාන තැඹිලි අල්ලන්න පුලුවන් කාටද මේ කළුවරේ ඔන්න ඔහෙබිමට දාපන් බං.
යටින් කියාපි.

මට තවත් මල.මචං සුසිල් උඹ අල්ලපන්..පොර තමා මම තැඹිලි අල්ලන්න ඔෆීසියලි බාරදීල ගහට නැගපු පොර.

එළ එළ උඹ දාපන් මම අල්ලන්නම්.

මටත් හෙන සැටිස්.ඔන්න මචෝ එහෙනම්.

මොන එකෙක්වත් පේන තෙක් මානෙක නෑ.තැඹිලු ගෙඩිය බිම..

අඩේ ඒක මිස් වුනා බං අනික අල්ලනව අනිවා..

එළ ඔන්න එහෙනම්..

එකත් බිමනෙ යකෝ කව්ද අල්ලන්නෙ.

කොහොමින් කොහොම හරි ඔහොම ගෙඩි ටිකක් බෑව.

හරි ඔන්න එහෙනම් මේකත්..

මචෝ සුසිල් සුසිල් අල්ලපං…

මම කීවත් එක්කම මෙන්න කරටියට ටෝච් එළියක්..

මට හීන් දාඩිය දාල දෙලෝ රත් වුනා.

හුටා ස්කෝලෙන් දොට්ට තමයි පුතේ..

කරුමෙ කියන්නෙ මේ ආපු පොරගෙත් නම සුසිල් කියපන්කො..පොර ස්කෝලෙ සේවකයෙක්..මම අපේ සුසිලට කථා කොරාට ඇවිත් තියෙන්නෙ මේ සුසිලා.

ආ මහත්තයා පරිස්සමෙන් බහින්නකො කියල මේකා කියාපි.

මම බහී ඒව කොහෙද?

ටික වේලාවක් බලන් ඉදල ඒ සුසිල යන්න ගියා.

මම දඩි බිඩි ගාල ගහෙන් බැහැලා අපේ වුන් හොයන් ගියා.

මුන්නම් මහා පාදඩ රෑනක් අම්මපල්ල මම එන්නත් කළින් සුසිලට බයේ දුවපු මුන් තැඹිලි ගෙඩි ටිකට වග කියලනොවැ.මට යන්තං ඩිංගිත්තක් උඟුරක් හම්බුනා.

කටු කම්බි තරණයෙන් යටිපතුලෙ ඇතිවුන හිල් ටිකට පහන් තිරේක තෙල් රත් කොරලා වක් කරගත්තෙ අම්මා අතින් ගමේ ගියාම.

දැල්වී අවසාන වූ දුම් වැටියේ අවසන් උගුරත් ඇද එය විසි කර දමා මාලක නැවත ඔෆීසියට ගියේය.

අහම්බෙන් මෙන් තමන් අතින් එදා සිදුවූ සිදුවීම මාලකට එම ගණිකාවගේ පහස සොයා නැවත නැවතත් යාමට තරම් ප්‍රබල විය.ප්‍රථම දිනවල තිබූ අපුල දැන් මාලකගේ හිතෙන් පහව ගොස් ඇත.එමෙන්ම අනූපමාට තමන් කරන්නේ ද්‍රෝහී ක්‍රියාවක් බව මාලකට දැන් නොසිතෙන තරම්ය.

මාසේ අන්තිම සතියේ හම්බෙන පඩි පැකට් එක ගත් මාලක කිලිටි හම්බෑගය උරේ රඳවාගත්තේය.මාලකගේ පරමාර්ථය අන් සැවොටම හොරෙන් අදත් ගණිකාවගේ පහස විඳීමටය.

මහත ගෑණුන්ගේ අපුල ගන්ධය අප්‍රියකරන මාලකට කෙසඟ ගණිකාවගේ දහදියෙන් තෙමී තිබූ සිසුර පවා අපුලක් නොවූ හැටි.

අඳුරු කුණු කානුව දිගේ පාරට පැමිණි මාලක එකවරම ගල්ගැසුනේ ඔෆීසියේ රම්‍යාබස් නැවතුමේ සිට තමන් දෙස බැලීමත් සමඟය.මාලකගේ සිරුර දහදියෙන් තෙත් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

ක්ෂනිකව සාක්කුවට යැවුනු අතින් ලේන්සුව ඩැහැගත් මාලක නළල පිස දැමූයෙන් ලේන්සුව තෙත බරිත විය.

ආ මාලක..මොකෝ මෙතන කරන්නේ.

මේ මේ මෙතන ඉන්නව මගේ නෑදෑ වෙන කෙනෙක් එතනට ගියා.

රම්‍යා කට ඇඳකර පැත්තකින් පොඩි සිනහවක් දැමීය..

ආ එහෙමද හොඳයි හොඳයි..

ජීවිතේ තරුණ සමයේ සිටම අවාසනාව කර පින්නාගෙන ආ මාලකගේ කරමත දෛවයෙන් තවත් සිනහවක් පහල වූයේ ඒ අයුරින්ය.

සුලං හමන වේගයෙන් මාලක සම්බන්ධ සිදුවීම ඔෆීසිය පුරා හමාගෙන යන්නට වූයේ පසුදින රාජකාරි ආරම්භ වීමටත් පෙර සිටමය.

අද්ද අද්දා කොර ගසන මාලකගේ කකුලට වාරුවක් වීමට නොසිටි මිනිසුන් ඔහුට දෙස් දෙවොල් තබන්නට වූයේ තමන්තුළ සැගවී තිබූ රහස් සගවන්නට මෙනි.

මේකගෙ කකුල අබ්බගාත වෙලා මෙහෙමනම් හොඳට තිබ්බනම් මොනා නොකරයිද?අපෝ මෙහෙව් උන් එක්ක ඔෆීසිවල ඉන්නත් බයයි.
පිරිමින් කිහිප දෙනෙක් අතින් අතට හුවමාරු කරන සුන්දරි මාලිනී පවා පැවසුවාය.තම තමන්ගේ වැරදි සේරමමාලකගේ හිස මත පැටවූ ඒ දින කීපය තුළ ඔෆීසියේ තිබුනේ පුදුමාකාර සතුටක් හා නිහඬ බවක්ය.

මාලකට දරා ගත නොහැකි වූයේද නිහඩ බවයි.සියලු දෙනාගේම ඇස් අගින් නැගෙන හොර බැල්ම හා දත් නොපෙන්වා කට කොනින් කෙරෙන හිනාව මාලකගේ හිත හිරිවට්ටයි.

මුන් ඉන්ට ඕනි ගෑණු එක්ක ඉන්නවා මම මට කැමති ගෑණියෙක් එක්ක හිටියම මුන්ට තියෙන රුදාව මොකක්ද

හිතුනත් පිටනොකෙරන එකී මෙකී සිතුවිලි රාශියක් මාලකගේ සිත තුළ ඉපිද සිත තුළම භූමදානය විය.

ලෝකය ගැනම කළකිරුනු මාලක එදා වේලාසනින්ම ගණිකාවගේ පහස විදීමට ගියේය.දැන් හැමෝම දන්නවා මට තව වෙන්න පුළුවන් දේ මොකක්ද මාලකට සිතුනේය.

ජීවිතයේ සතුටක් ලැබූ පැයක්පමණ කාලයකට පසු මාලක කුණුකාණුව දිගේ මහ පාරට පිවිසියේ ගණිකාවත් සමඟමය.

ඈ බොල මිනිහො තෝ එතකොට මේකයි කරන්නේ..

ඇසුනු ගෝරනාඩුවෙන් තුෂ්නිම්භූත වුනු මාලකගේ කටේ කෙළ හිඳුනේ රවාගෙන තමා දෙස බලා සිටි අනූපමාදැකීමෙන්ය.

මාලකගේ ජීවිතය ගැන පුදුමාකාර කැක්කුමක් තිබූ ඔෆීසියේ මිතුරෝ මාලකගෙ කඩා වැටෙන පවුල් ජීවිතය නඟාසිටුවන්නට පුදුමාකාර වෙහෙසක් ගෙන තිබුනි.

කාලකණ්ණි මාලකගේ කටින් ගිලිහිය.

මෙහෙ වර පරට්ටි.

තඩි අනූපමා කෙසඟ ගණිකාවගේ ඉළ ඇට බිදින්නට මෙන් පහර පිට පහර දෙන්නට විය.වේදනාවෙන් කෑමොර නැඟූ ගණිකාව අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් දිව යන්නට විය.

අනූපමාගේ තඩි අතින් කණ පුරා ගිය පහර වේදනාවෙන් රිදුම් දෙන්නට විය.

මාලකව පසෙකට තල්ලු කර දැමූ අනූපමා යන්නට ගිය ලෙසින්ම ප්‍රේක්ෂක ජනතාවද විසිර යන්නට විය.බිමඇඳ වැටුනු මාලකගේ කකුල වේදනාවෙන් පුපුරු ගසන්නට විය.

රිදුම් දෙන කකුලත් ඇඳ ඇඳම මාලක බසයකට නැඟුනේ හිස් සීට් එකක් දුටු නිසාවෙනි.

පෑලියගොඩ බහින්ඩ පෑලියගොඩ බහින්ඩ

කොන්දොස්තරගේ කට හඩින් අවදි වූ මාලක බසයෙන් බැස්සේ තමන් වැරදි බසයකට ගොඩවී තිබූ බව පසක් වීමෙනි.

අරමුණක් නැතිව හිත දරාගත නොහැකි වේදනාවක් පොදි ගසන් රිදුම් දෙන කකුල අද්දමින් මාලක කැළණිපාලම මතට පිවිසියේය.පාලමෙන් පහල දිය කද දෙස ආසාවෙන් එබී බැලූ මාලකගේ හිතේ ක්ෂණිකව කලු රේඛාවක් පහල විය.

හම් බෑගය පසෙකින් තැබූ මාලක පාළමෙ ගැටිය මතින් ආකශයට විසිවුනේ තමන්ට ආරාධනා කෙරූ මහා ජල කඳ වැලද ගැනීමටය.

ජලකඳ තුළ මාලකගේ නොපෙනී යාමට පෙර ඔහුගේ මුවින් එකම එක වදනක් වා තලයට මුසු විය.

තඩි ගෑණු.

ඉන් පසු එළඹි දින කිහිපය තුළම මාලක ගණිකාව මුන නොගැසීමට තීරණය කර තිබූ හෙයින් සුපුරුදු බස් නැවතුමට සමු දීමට තීරණය කලේය.

ඒතනින් පසුව එළඹියේ මාලක කවදාවත් නොසිතූ ආකාරයේ මහා මානසික පෙරලියකි.

වේදනාවක් නොමැති වුවද කොර ගසමින් ගමන් කරන කකුල මහා අප්‍රාණික ගතියක් ගෙන දෙන්නට වුනි.ඇගපත තලා දැමුවාක් මෙන් විය.නිරන්තරයෙන්ම හිතට දුක් මුසු කනස්සල්ලක් දැනෙන්නට විය.

මේ ජීවිත රටාව වෙනස් විය යුතු බව මාලක තීරණය කරේ සිතත් එක්ක පොර බැදූ පැය ගණනකට පසුවය.

තාමත් මාලකගේ හදවතේ කොනක දැවටී තිබූ ගණිකාවගේ බුලත් කහට පිරුණු මුව මාලකගේ මොළයේ දඟ කරන්නට වූයේ පෙණ නගිමින් ඇවිස්සෙන දිය සීරාවක් සේය.

ගණිකාවගේ මාලක දුටු විශේෂත්වය අන් කිසිවක් නොව අධික කෙසඟ බවය.ඔබත් මාත් පිලිකුලෙන් කෙළ ගසන්නට පවා පෙලබෙන තරමක වූ කෙසඟ බවය.

නමුත් මාලකගේ හිතේ ආසාවන්වල ලැඟුම් ගෙන සිටියේත් කෙසඟ ගෑණුය.

හවහට යනව අද ඒ පැත්තෙන්…මාලක තමන්ටම කොඳුරා ගත්තේය.හදිසියේම යමක් සිහිවී මෙන් වට පිට බැලුයේ තමන්ගේ සිතුවුලි වෙන කෙනෙක්ගේ අවධානය දිනා ගෙන ඇත්දැයි සැක හැර දැනගැනීමටය.

නැති වැඩ මවාගත් මාලක එදා ඔෆීසියේ අඳුර වැටෙනකන්ම රාජකාරී කරේ හිතේ පහල වූ පාපකාරි සිතුවිල්ලට පව් ගෙවීමක් ලෙස සිතමිනි.

රත්වී උඩ පනින වතුර භාජනයක මතුවී පිපිරෙන දිය බුබුලු මෙන් මාලකගේ හදවත ගැහෙන්නට විය.ජීවිතයේ කවදාවත් නොසිතූ දෛවෝපගත ගමනකට මුල පුරන්නට මාලක ඔෆීසියෙන් එළියට බැස කොර ගසමින් වටපිට බලමින් මාලක ගණිකාව සිටින ඉසව්වට පැද්දි පැද්දී ගමන් කරේය.

ආ මහත්තයා මේ දැන් මට්ටක්කුලියෙ බස් එක ගියා විතරයි..

ආ එහෙමද?අද ටිකක් රෑ වුනා..මාලකගේ හදවතේ ගිඩි ගිඩිය ඔහුගේම දෙසවන රැව් දෙන්නට විය.

මහත්තයාට මොකක්ද තියෙන ප්‍රශ්නෙ.ගණිකාව විමසුවාය.

නෑ මට ඇති ප්‍රශ්නයක් නෑ.

එවෙලේ ගණිකාවගේ බොල් දත් පෙන්නා පෑ හිනාවට මාලකගේ කොඳු නාරටිය දිගේ සිහින් සීතල වෙව්ලීමක් දිව ගියේය.

ඇඳුම් ඇදන් තමන් ලෝකයා ඉදිරියේ නිර්වස්ත්‍ර වූ බව මාලකට හැගුනි.

මිනිස්සු සිය ගාණක් එක්ක බුදියගත්ත මට පිරිමි කියන්නෙ තේරුම් ගන්න බැරි අමුතු සත්තු ජාතියක් නෙවී මහත්තයා.

ගාණ කීයද? මාලකගේ හඩේ වූයේ හැඩුම්බර වූ මද වෙව්ලීමකි..

දන්න අදුරන හින්දා 800ක් දෙන්න මහත්තයා.වෙන එවුන්ටනම් මම මේ ගානට විකිනෙන් නෑ..

මිනිස් පුළුටක් නොබලන තරමට කෙසඟ වු ගණිකාව තමන්ගේ පම්පෝරිය මාලකට විදහා දැක්වූවාය.

හපෝ වැඩී 500ක් දෙන්නම්.

එහෙව් ගානට කොහෙද මහත්තයා ගෑණු රෙද්ද උස්සන්නෙ.600ක් දෙන්න.

හා කොහාටද යන්නෙ..

ආයෙ කොහාටවත් යන්න දෙයක් නෑ.මහත්තයා එන්න මගෙ පස්සෙන්

ඇය මාලකව රැගෙන ගියේ එතනින් තිබූ පටු කුණු කානුව දිගේ ගොස් පමනක් පිවිසිය හැකි ගුබ්බෑයමකටය..

දොරක් යැයි පැවසිය හැකි දිරා ගිය දිය සීරාවට පුස් බැදුනු ලීයක් උලුවස්සට අඩවල් කර ඈ චීත්තය උනා දමා කාමරය කොනක තිබූ පැදුරක් දමා තිබී ලෑලි කීපයක උඩුබැල්ලෙන් ඇද වැටුනි.

මාලකගේ හිත මහා අපුලකින් පිරී ගියේය.ගලාගෙන යන දිය සීරාව හා පුස් බැදුනු ලෑලිවල ගඳ නාස් පුඩු පුරා විහිද ගොස් තිබුනි.

තමා මේ සිද්ද කරන්නට යන්නේ මොන තරම් වූ අපුල ක්‍රියාවක්දැයි මාලකට පසක් වුනි.මේ තමන් අනූපමාට ද්‍රෝහී වීමක් නොවේදෝ යන සිතුවිල්ල මාලකගේ හදවතට වද දෙන්නට විය.

මහත්තයා කරන දෙයක් ඉක්මනට කරන්න.තාම බිස්නස් පටන් ගත්තා විතරයි..

ඒ අපුල ස්වරයෙන් මාලකගේ සිතුවුලි දෑන බිදී ගියේය.

නෑ මට ඕනි කථාකරන්න විතරයි ටිකක්..

මොන රෙද්දක්ද ඒ ඇය පැවසුයේ උනා දමා තිබී චීත්තය ඇඟ දවටාගනිමිනි..

වෙන රස්තියාදුකාරයෝ ඇවිත් මහත්තුරු වගේ ගාන දීල වැඩේකරල යනවා.තමුසෙලා මහත්තුරු කියන් ඇවිත් සමහර මාධ්‍යකාරයෝ වගේ අපේ හිත් දැනන් ගිහින් ලෝකෙටම නිරුවත් කොරනවා.රස්තියාදුකාරයෝ නම්බුයි මහත්තයා තමුන්ලට වඩා උන් අපිව නිර්වස්ත්‍ර කරන්නෙ උන් ඉස්සරහ විතරයි ලෝකෙම ඉස්සරහ නෙවේ.

මාලකගේ හිතේ පැල්මක් ඇතිවූයේ ඒ සැනින්මය.

බාගෙට දවටාගත් චීත්තය ඈ අතින් ගිලිහී කාමරයේ එබී තිබූ සැදෑ ආලෝකයෙන් කෙසඟ වත දැකි මාලකට ඉන්පසු ඉතුරු වූයේ දහදියෙන් පෙගී ගිය සිරුරකි.


ප/ලි : තව එකම එක කෑල්ලක් තියේ.අප්සට් ගන්නෙපා හොඳේ..ඒක හෙට බලමු.