මෝලත් එහෙනම් බැන්ඳා (මෝලා එකද දෙකද?)

Posted: July 29, 2011 in ගෑන්සිය

හා හා පුරා කියල අපේ හොස්ටල් හිටපු එකෙක් එහෙනම් දෙයියනේ කියල බැන්ඳා කියහල්ලකො.මගෙනම් තුන් හිතකවත් තිබ්බෙ නෑ මේ බඳින්න බලන් ඉන්න අනිත් උන්ට කලින් මෝලා බඳීවි කියලා.ඒ උනාට ඉතින් බොලව් ඒකනෙ ඒකට මෝල කියන්නෙ.හෙ හෙ.හැබැයි අම්මණ්ඩි හිටියේ නැත්තම් ඔය කප් එක මමම තමා උස්සන්නෙ.එහෙනම් මෙලහකට මාත් දරු පවුල් කාරයෙක්.

මෝලට ඉස්සර ඉදන්ම ඩිංගක් විතර මෝල් ගතියක් තියෙනවා.ඒ වුනාට අපරාදෙ කියන්න බෑ කොල්ල ගිත හොඳ කොල්ල.

ඉස්සර හොස්ටල් එකේ අවුරුද්දෙන් අවුරුද්ද ඩෝම් මාරුවෙනකොට මටත් එක්ක ඇදක් අල්ලගන්නෙ පොර තමා.ඉතින් ගොඩක් අවුරුදුවල මගෙ ඇඳේ අසල්වාසියා මෝලා.හැබැයි ඩබල්බෙඩ් එකක්නම්පොර යට ඇදේ මම උඩ.හෙ හෙ එතකොට අසල්වාසියා අනිත් ඩබල් බෙඩ් එකේ උඩ ඉන්න එකානෙ.

හැබැයි මෝලා හොඳට හිතල බලල තමයි වෙඩින්ග් කාර්ඩ් එක එවල තිබ්බේ.ඒ කියන්නෙ ඔය පොල්හේන පැත්ත අපි දන්නෙ නෑ කියල පොර හොදාකාරවම දන්න නිසා වෙඩ්න් කාර්ඩ් එකේම දාල අපිට රෝඩ් මැප් එකකුත් එවල තිබුන කියපන්කො.ලොවෙත් නෑ මමනම් ඔය දැක්කමයි.හැබැයි ඒ අදහසනම් මසුරන් මොකෝ අපිත් ඒක තිබ්බ නිසාම සුටුස් ගානකොට පොට් එක හොයගත්තා.හැබැයි මෝලට ඕක පරිමාණෙටම අදින්න තිබ්බා.එහෙනම් ඉතිං ආයේ සුපිරි.

ඔන්න ඉතිං වෙඩින් කාර්ඩ් එහෙමත් හම්බුනා කියපන්කො දැන් ඉතිං යන්නෙ කවදද, මොකේද බොලව්.ඕන් ඉතිං ෆන් තකා වැඩ කරන අපේ කස්ටියට හිතුනා ට්‍රිපක් එක්කම වෙඩින් යන්න.මටනම් ඉතිං කලිං සෙට් වෙලා තිබ්බ වැඩ කටයුතු නිසා ඕකට සහභාගී වෙන්න බැරි උනානෙ.කස්ටිය ට්‍රිප් එකේ සුපිරුම ෆන් එකක් අරගෙන තිබුනා.මම ඉතින් ගියෙ නෑනෙ මම කොහොමද ඒව කියන්නෙ.

එහෙන්ම් මොන ලබ්බකට පෝස්ට් ලියනවද අහන්නනම් එපා.ඉවසල ඉන්නකො ඉතිං කියනකම්.මේ කියන්න යන්නෙ මම වෙඩිමට ගිය හැටි තමයි.

මමත් ඉතිං ඔය ඇන්ටනාව වටේ පිටේ දාල කරකවල බැලුවා මම වගේ තව පොරක් ඉන්නවද වෙඩිම දවසේ උදේම යන්න කියලා.ආයෙ දන්නවනෙ ඉතිං සොයන්නාට සම්බවේ වගේ මගෙ රික්වයමන්ට් එකටම ගැලපෙන බුලට් එකක් සෙට් වුනා නේ.ඒ මදිවට පොරට බයික් කට්ටකුත් තියෙනවා කියපි.දැන් ඉතිං ආයෙ වෙන මොනවද අපිත් සෙට් උනා බයික් එකේ වෙඩිමට යන්න.ඔන්න සෙනසුරාදා හවස 6ට විතර කොළඹින් යන්න තමයි කථා වුනේ.මේන් එදා උදේ මූ කථා කරල කියාපි උන්ගෙ පුංචි අම්මගෙ දෝණි ජම්බු ගහ පැනලයි කියල.ඒකෙ පාර්ටි එකත් ඉරිදා කියාපි.හත්වලාමයි දැන් මක් කරන්න්නෙයි

මෝල් තඩිය බඳින්නෙත් එදාටමනෙ.කොහොමින් කොහොම හරි සාකච්චා මර්ගයෙන් ඔය දෙකටම කොහොම හරි යමු කියා හිතගෙන ඉන්නවා දැන්.

ඕන් ඉතිං දැන් සෙනසුරාදත් ආව.හවස 6යි.මොන මූ එන පාටක් නෑ.9යි ම්ම්ම්හු මේක එන පාටක් නෑ.මට අම්බානකට දොයිත්මතයි ඒ අස්සෙ.ගත්ත කෝල් එකක් අඩෝ එන්නැද්ද බං ඇහුවම එළ එළ එනවා උඹලගේ ගේ ගාවට ඇවිත් ගන්නම් කියාපි.අන්තිමේ මට බලන් ඉදල දොයි වෙනකම් මේක ආවෙ නෑ කියහන්කො.ඔන්න රෑ2ට විතර කෝල් එකක් එනව මම ආව බන් කියල.හපෝ මුස්පේන්තුවට බැන බැන මාත් නැගල ගියා.යකෝ මේකග ගෑණි රට ඉදන් ඇවිත්ලු.මේක උන්ගෙ ගෙදර බින්න බැහැගෙන ඉදල තමයි පරක්කු වෙල තියෙන්නෙ.මට නේද මාරයා.කොහොමින් කොහොමහරි මහරගමින් යනකොට 4යි.ඔය ඔරලෝසු කණුව ලගින් පිළියන්දල,දෙහිවල පාරට හැරිල චුට්ටක් යනකොට පාර අයිනෙ අටවපු නයිට් කඩයක් තියෙනවා.එතනින් ගැහුව ටී එකකුයි ගෝල්ඩ්ලීෆ් එකකුයි.හෙ හෙ.දැන් ගමනට අවශ්‍ය විටමින් හරි යන්නයි තියෙන්නෙ.

බුවාගෙ ගම දෙණියායෙ මොරවක.අර ලොකු උන නංගි ඉන්නෙත් එහෙම තමයි.කථා වුනේ උදේම එහෙට ගිහින් ඒ ගෙදරටත් ඔලුව දාල මුන්ගෙ ගෙදරටත් ඔලුව දාල වෙඩිමටත් ගිහින් රෑ වෙල ආයෙ කොළඹ එන්න.ඕක ඉතිං ඒ පැත්තට මම යන පළවෙනි විසිට් එක හින්දා ඕවල දුර එහෙම දන්නෑ.දැන් ගියෙ මහරගමින් දාලා කැස්බෑව බණ්ඩාරගම පැත්තෙන් ගෝල් රෝඩ් එකට දාල කළුතර බෝධියට පඩුරක් එහෙම දාගෙන මතුගම පැත්තෙන්.දැන් ඉතිං ඉදේම දාගත්ත විටමින් ඉවරයි.ඒ මදිවට උදේ පාන්දර කඩේකට ගිහින් කටක් ඇරල සිගරට් ඉල්ලන්නත් බෑනෙ.අප් ඉතිං පාර දෙපැත්ත බලන් උපේක්ෂාවෙන් යනවා කඩයක් හම්බෙනකම්

මතක හැටියට ගියේ මතුගම ඉදන් අළුත්ගමට යන පාරෙ ඒකෙ ගිහින් ආයෙ හැරෙනවා පැලවත්ත කියල පොට් එකකින්.අන්න ඒකෙදි තමා කඩයක් හම්බුනේ.උදේ පාන්දරම ආප්ප කාල එතනින් විටමිනුත් අරගෙන තව ස්ටොක් එකටත් දැම්මා.කියන්න බෑනෙ හදිසියේ නියගයක්වත් ආවොත් එහෙම.
එතන ඉඳන්නම් ඉතින් ඔහෙ හෙමීට යන්නයි තිබ්බෙ.එතන ඉදන් හරියටම ටම කිලෝමීටර් 50ක් තියෙනවා උන්ගෙ ගෙදරට.ගමනේ ලස්සනම ටිකත් ඒ ටිකම තමයි.මේ වෙනකොට උදේ 7ට විතර ඇති ඒ වුනාට පාර මීදුමින් වැහිලා මාර ලස්සනයි.ඒ මදිවට අපි යන්න කලින් වැහැලත් තිබ්බා.ඒ හින්දා ඇඟට දැන්න සීතල පුදුම විදියෙ ප්‍රබෝධයක් දෙනවා.මාරම ගති ඒ වෙලාවට.කොහොමින් හරි ඒ ඉසව්ව පන්නලා යාළුවාගෙ ගෙදර ගියා උදේ.

එහෙන් උදෑසන ආහාරය බඩට දාගෙන අපි ගියා මොරවකින් මාතරට යන්න තියෙන පාර දිගේ.ඇත්තටම හරිම ලස්සන පාරක් ඒ වගේම සමහර තැන් වලදි ගඟක් එහෙමත් හම්බුනා.ගිං ගඟ කියලා තමයි යාලුවා කීවෙනම්.කොහොමින් කොහොම හරි පෝරුවේ චාරිත්‍ර එහෙමනම් ඉවරවෙලා අපි යනකොට හැබැයි මෝලා මොනා නැතත් ලස්සන මනාලියක් ගෙනත් තිබ්බා.හෙ හෙ.

ඔන්න කස්ටිය ඉතිං මදුවිත එහෙම සප්පයම් වෙලා ඉන්න වෙලාවෙ මනමාල මහත්තයා ඒ කියන්නෙ අපේ මෝලා කථා බහ කරන්න ආව ළගට.කස්ටියත් ඉතිං ෆුල් ට්‍රයි එක දෙනවා පොවන්න ඌට.අපරාදෙ කියන්න බෑ කොල්ල බීවෙ නෑ.හැබැයි බොනවා වගේ වීදුරුව කටට ලං කරන් ඉන්න ෆොටෝ වලට පෙනී හිටින්න වුනා පොරට ඒ වෙනුවට.

දැන් තමයි වෙඩින් එකේ පට්ටම ආතල් අවස්ථාව උදා වුනේ.කස්ටියට වෙඩින් එකට ඇවිත් කෑවා බීව මදිවට තව උගෙන් ප්‍රශ්න අහන්නත් ඕනි වුනානෙ.

දන්නවනෙ ඉතිං අපේ එව්වො අහන කුප්ප ප්‍රශ්න..

“මෝලා කඩලද? නැත්තම් අදද කඩන්නෙ?”

මනමාල මහත්තයාට ෆුල් අවුල්.”යකෝ මෙතම ඕව අහනවද බං වෙන වුන්ට ඇහෙනවනෙ” කියලා.

ඔන්න එතකොට මගෙ මොලේ පහලවුනා මම කීවා හරි “කඩලනම් එක.නැත්තම් දෙක”

දැන් කට්ටිය කෑ ගහනව මෝලා එකද දෙකද කියලා.

මාර ආතල්.

මනමාලයාටත් ආතල් එක උපරිම වෙලාද කොහෙද කිව්වෙ නැතෑ.

“Normally we go for the first kiyala”

හුටා.ඒ මදිවට “නැත්තම් යකෝ මෙච්චර ඉක්මනට බඳිනවද?” කියපි.

දැන් අනිත් ප්‍රශ්නෙ කස්ටියට ඇතිවුනා.

“මෝලා හිටලද?”

ඔව් ඔව් එහෙම තමයි ආයෙම මෝලා එකද දෙකද?

“මොන පිස්සුද බං නෑ”

කියපි.

මේ යෝධයා පැණි හදේ ගිහින් මක් කොරයිද කියලයි මට කල්පනා වුනේ.

ලස්සනට ගිය හැටි කීවට ආපු හැටිනම් අහන්නෙපා ඕන්.දන්නවනෙ ඩිංගිත්තක් අනුමත වුනා නොවැ මාත්.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
technorati.com
ioffer.com
jeevansworld.blogspot.com

Advertisements
Comments
  1. උඹටත් මාර අමාරුවක් තියෙනවා වගේ. මේ අයිය බැඳලා නැත්තං උගේ ෆයිල් එක පැත්තකට දාලා උඹේ එක උඩට දාගනින්. අපිටත් මැප් එකක් එක්ක කාඩ් එකක් එවපං…

    • ඔව් ඔව් මේ පාරනම් ප්‍රියම්භිකාවක් සැටමෝල් වුන ගමන් අයියා කාරයගේ ප්‍රොෆයිල් එකට පහර දීලා මමත් පවුලක් පන්සලක් වෙනවා.අනිවා පරිමාණෙට ඇඳපු එකක් එවන්නම් උඹලට.

  2. පෝස්ට් එක දිග වැඩිද මන්දා
    අගට යනකොට මුල ඒවා අමතක වෙනවා බං..
    ඒ නිසා හරියම කමෙන්‍ටුවක් දාන්න අමාරුයි..

    කොහොම හරි උබත් හොදට අනුමත වෙලා වගේ..
    වෙරි බැස්සට පස්සෙද මේක ලියුවේ..

    • ඔව් බං ඒකනම් මටත් තේරුනා.මම මේක කොටස් 2කට දාන්න හිතලා ආයෙම එකකට දැම්ම.ඒක ඇත්ත බං මුලයි අගයි පොඩි අවුලක් තියෙනවා මොකද පටන් ගත්ත සීන් ඔක්කොම කිව්වෙ නෑ.ඒක පල් හෑල්ලක් වෙයි කියල හිතලා.

      සොරි වෙන්නෝනි මොළේ අවුල් උනානම් ආයෙ එහෙම පෝස්ට් නොදා ඉන්නම්කෝ.

      ඔව් බන් සති 2ක් ලියලා තමයි මේක දැම්මෙ.ඒකයි අවුල.

      • මොළේ නම් අවුල් උනේ නෑ කතාව බෝරින් නැති නිසා ඊළග පාර දිග ඒවා දානවනම් දෙක තුනකට කඩලා දාපන් අහිංසක අපි ගැන හිතලා…

  3. යාලුවන්ටත් තියෙන ප්‍රශ්න. හික්ස් 🙂

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s