අම්මේ අයියා කුණුහරුපයක් කීවා.

Posted: July 26, 2011 in රම්බා'ගේ කතා
Tags: , , , ,

රම්බගේ පුංචි කාලෙ කතාව අම්මේ දූෂණය කරනවා කියන්නෙ මොකක්ද? තමයි ඔන්න බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදන් දාපු පෝස්ට් වලින් වැඩිම ප්‍රේක්ෂකයො ගානක් බලපු පෝස්ට් එක.ඒ හින්ද මේ සීරීස් එකේම ඉතුරු චාටරුත් මේ එක්කම කියල දාන්න හිතුනා.අනේ ඉතිං අපේ උනුත් කුනුහබ්බයක් තිබ්බොත් විතරනේ අපි වගේ උන්ගේ පෝස්ට් බලන්නෙත්.

මේකත් ටිකක් කලින් එක වගේම තමයි ඔන්න දවසක් මායි අයිය කාරයයි සෙල්ලම් කර කර ඉන්නකොට මේ යකා මොකකද සීන් එකකට( කරුමෙට මට මතක නෑනෙ සිද්ධිය ) හු__ කියල කීව නොවැ.මටත් ඉතිං ෆුල් හැපී දැන් ඉතිං මුගෙ සෙල්ලම් ඉවරයි දෙන්නම් මූට බ්ලැක් මේල් පාර කියලා.ඇයි ඉතිං අයිය කාරයාගෙ ලොකු සීන් වලට බැස්ටිය දුන්නැකිනෙ මට.ආයෙ ඉතිං මම ඕක අම්මට කීවම මූගෙ සීන් එක ඉවරයි කියල තමා මට කල්පනා වුනේම.

මාත් ඉතිං කික් කරලා වාහනේ ස්ටාර්ට් කොරගෙනම කෙලින්ම “අම්මේ” කියල ලව්ඩ් ස්පීකරේ දාගෙන ගියා අම්ම හොයගෙන.මේකත් ඉතිං මගෙම අයියනොවැ මේ යකා ඒ හදිස්සියට මටත් හොරෙන් කලින්ම අම්ම ළඟටම ගිහින්.මාත් කෙලින්ම ගියා අම්ම ලඟට.ගිහින් හොදට උගුර පාදලා එහෙම දුන්න මෙහෙම ටෝක…

මම : අම්මේ…..
අම්ම : හ්ම්ම්ම්..
මම : අම්මෙ අයියා කුණුහරුපයක් කීවා.

කලින් පෝස්ට් එක එහෙම කියවලා තියේනම් මේ වගේ අවස්තාවලට රම්බගෙ අම්ම ප්‍රතික්‍රියා කොරන හැටි දන්නවනොවැ.එලෙසමයි සීන් එක වුනෙත්..ම්ම්ම්හ් අම්ම නෙවී කට ඇරියෙ.මට ඉතින් එදත් හිතුනෙම අම්මට කන් ඇහෙන්නෑ කියලම තමයි හෙ හෙ ..මට ඉතිං උපරිමේ මළ මේ සීන් එකට ඇයි යකඩො දෙන්නෙපැයි අයියා කාරයට හොඳ සබ්බුවක් හරිනම් ආයෙ කුණුහරුප මතක් නොවෙන්නම.

අයියා කීවට මේක හෙනම දසයා.මේකා ඇහුවනවැ අම්ම ඉස්සරහ

“මොකක්ද මම කිව්ව කුනුහරුපෙ කියල”

කාල වරෙන්කො..දැන් දීපංකො ඉතින් උත්තර.රම්බ දැන් විලිලැජ්ජාවෙ ඇඹරෙනවා.අම්මගෙ මූණ බැලුවට අම්මත් ඔහෙ දන්නෑ වගේ ඉන්නව.මහපටගිල්ලෙන් සිමෙන්ති පොළව කන්න හඩන්නවා රම්බ විලිලැජ්ජාව වහගන්න.

ඒ පාර මේක බැලුවා යකඩෙ රත් වුන වෙලාවෙ තලාගන්න ඕනි කියලා පොර දැන් අම්ම ඉස්සරහ වීරය වගේ මගෙන් ප්‍රශ්ණ කරනවා.

“මම මොකක්ද කිව්වෙ,තමුසෙ කොහොමද දන්නෙ” කිය කියා.

ඔන්න ඉතිං පුතේ මගෙත් රතු කට්ට පැන්න. මාත් ඇදල ඇරියා අම්ම ඉස්සරහම ..

අම්මෙ අයියා හු__ කිව්වා කියලා.

අම්ම ඒත් සද්දයක් නෑ බොලව්..මෙන්න ඒ අතරේ අයිය කාරය

“හරි හරි දැන් තමුසෙත් කුණුහරුපයක් කීවා කියලා හෙන සතුටින් එතනින් දුවන් ගියා නොවැ.”

කාලා වරෙන්කො ඉතිං මමත් ෆුක් තක්බීර්

මට ආතක් පාතක් හිතාගන්න බැරිවුනා ඒ වුන වැඩේට.කිව්වත් වගේ දැන් මාත් කුණුහබ්බයක් අතෑරලා නොවැ.ඒකත් අම්ම ඉස්සරහම.ඔහොම අට මඟුලක් තමයි වුනොත් වෙන්නෙ මටත්.

ඊට පස්සෙ ඉතිං රම්බත් හීන් සීරුවේ ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ එතනින් ලිස්සලා ගියා.

මට ඒත් තාම හිතාගන්න බැරි මටත් කලින් අයියා කාරයා අම්ම ළඟට ගිහින් මොකක්ද කීවෙ කියලා.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
stockphotos.it
livestrong.com

Advertisements
Comments
  1. හික්ස්. පට්ට කතාව 🙂
    අපේ මල්ලිත් දවසක් ඔහොම කියලා මම් කටවහගෙන හිටියා. මොකද මම ඔයිට වැඩියෙන් කියලා තියෙනවනේ.. මූ ඒවා ටිකත් කියලා දැම්මොත්. 🙂

  2. ගනන් ගන්න එපා බං උඹේම අයියනේ…

  3. අම්මට අයියා කියන්න ඇති බං ඔන්න අද මම මලයට කියලා කුනුහබ්බයක් කියවනවා කියලා කොහොම හරි..
    කොහොම හරි උබත් අම්මා ඉස්සරහම කියලනේ මෝඩයා වගේ..
    උබට ටිකිරි මොළේ නෑනේ අදවත් කාපන් ටිකිරි මාරි එකක්..නැත්තම් නානකතා එකක් කාපන්…

    • අම්මපල්ලා මට ඕක කල්පනා වුනේ නෑනෙ බං.උඹනම් උපදෙස් ගන්න දෙයියෙක්.අර බැල්ලිගෙ සීන් එකේ වගේම මේකෙත් උඹෙන් කලින් උපදෙස් අරන් තිබ්බනම් අපිත් මිනිස්සු බං.

      උඹ ටිකිරි මාරියි ඥාණ කතායි කාලද ඔය මොලේ ගත්තෙ?හිටුකො අද ඉදන් මාත් කනවා.

      • ඒකනේ කියන්නේ උබට විතරයි මගේ වටිනාකම තේරුනේ..ආයේ උපදෙස් ගන්න ඕනි උනොත් මට ලියපන්.dinukacom@gmail.com
        මම කාපු ඇති මාරියක් නෑ බං මම මේක ඉපදෙනකොටම ගෙනාපු මොළේ..

      • අනිවා අනිව කිව්වත් වගේ උඹට ඊයක් දාන්නම්කෝ

  4. මෙච්චර දවසක් උබගේ බ්ලොගේ කියෙව්වා කමෙන්ට් දැම්මා …
    උබත් මගෙ බ්ලොග් එක කියවලා කමෙන්ට් දැම්මා ඒත් තාම මම උබගේ නම වත් දන්නේ නෑ.එවපන්කෝ උබගේ විස්තර ටිකක්.ෆේස් බුකියේ ඇඩ්ඩස් එක එහෙම එවපන්..

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s