අම්මේ දූෂණය කරනවා කියන්නෙ මොකක්ද?

Posted: July 24, 2011 in රම්බා'ගේ කතා

රම්බා පොඩි කාලෙ හරිම ආසයි පොත් පත් කියවන්න.කොටින්ම කීවොත් උපන්ගෙයි පොත් ගුල්ලෙක්.ආයෙ කථා පොතක් අතට අහූවුනොත් ඒක කියවලා ඉවරකරල තමයි අනිත් වැඩකරන්නෙ.කොටින්ම කීවොත් කෑමක් බීමක් ගැනවත් හිතක් නැතුව එක දිගට කියවගෙන යන්න පුළුවන් රම්බට පොඩි කොල්ලා කාලෙ.

රම්බගෙ අම්ම දේශපාලනේ කියන විද්‍යාව උගන්නන ගුරුතුමියක් හින්දා ඕනි තරම් ස්කෝලෙ පුස්තකාලෙන් පොත් හම්බෙනවා කියවන්න.ඉතිං රම්බගෙ වැඩේ මේ පොත් කියවන එකම තමයි.මේකෙන් හොඳක් සහ නරකක් දෙකම වුනා කියලා කියන්නත් පුළුවන්.මොකද සමහර වෙලාවට අම්ම පංතියේ උ/පෙල කරන ළමයින්ගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් දැනීමක් සමහර වෙලාවට රම්බට පුලුවන්කම තිබුනා.අනිත් අතට අවාසිය තමයි වයසට ගැලපෙන තරමට වඩා දැනගත්තම වෙන අකරතැබ්බ.

ඔයාලට මතකද දන්නෙ නෑ ඉස්සර තිබ්බ මුතුහර කියල සඟරාවක්.ඉස්සර කීවට තාමත් තියෙනව හැබැයි දැන් ඒක ඒ තරම් ජනප්‍රිය නෑ වගේම හරවත් බවෙනුත් අඩුයි.

දවසක් රම්බා මුතුහර සඟරාවක් කියව කියව ඉන්නකොට මෙන්න බොලේ දන්නෙම නැති වචනයක් තියේ.වෙන මොකවත් නෙවී ඔය දාල තියෙන්නෙ මාතෘකාවෙම ලොකුවට දූෂනය කියලා ඒක තමයි.පුංචි කාලෙ අපි මොනව දන්නවටද ඉතින් දන්නැති කියන හැම දෙයක්ම දැනගන්න දුවල යන්නෙ අම්ම ගාවටනේ.

කෙලින්ම කොල්ල දුවන් ගියා අම්ම ගාවට ගිහින් ඇහුවා අම්මෙ දුෂනය කරනවා කියන්නෙ මොකක්ද කියලා.මෙන්න බොලේ අම්ම සද්දයක් නෑ.මමත් ඉතින් අතාරියි ඒව කොහෙද මාත් එක්ක, අම්ම කියල බැලුවේ නෑ ආයේ ආයෙ අහනව මේකෙ තේරුම.යකඩො අම්මට කන් ඇහෙන්නෙ නැතිවෙලා ගිහිල්ලද?කිසිම සද්දයක් නෑ.

මෙච්චර කාලයක් අහපු හැමදේටම උත්තර දුන්න අම්මට අද මොකක්ද වුනේ බොලව් රම්බට හෙන ප්‍රශ්නයක්.

ඔන්න ඔය වෙලාවට තමයි ඉස්ට දේවතාව වගේ රම්බගෙ අයිය කරළියට ආවෙ රම්බගෙ උදව්වට.පොර ශේප් එකේ ලයින් එකක් දුන්න පුතෝ එන පොට හොඳ නෑ ඕක අහන එක දැන් නවත්තපන් වගේ.මාත් ඉතින් සිද්දිය තේරුම් අරන් පැත්තකට වෙලා හිටියා.

මරුම වැඩේ කියන්නෙ මේකෙ තේරුම දැනගන්න මට වැඩි කාලයක් ගියේ නෑ.පහුවෙනිදා උදේම අයියයි මායි ස්කෝලෙ යනකොට පොර අහනව තමුසෙට අරකෙ තේරුම දැනගන්නම ඕනිද කියලා.මාත් ඉතිං ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කීයා වගේ පැනලා ඔව් කීවා.

පොර ආයෙ මල්ලි කියල බැලුවෙ නෑ සුද්ද සිංහලෙන්ම කියල දුන්න තේරුම මෙන්න මෙහෙම.

අයියා: තමුසෙ හු___ කියන එකේ තේරුම දන්නවද?(ඔව් ඔව් චුට්ටන් කොල්ලා කාලෙ ඉදං ඒවනම් දැනන් හිටිය..)

මම: ඔව්

අයිය: අන්න ඒකම තමයි දුෂනය කරනව කියන්නෙ.

ලොවෙත් නෑ යකෝ මටත් වෙන වැඩ දැන් ගෙදර ගිහින් අම්මගෙ මූණ බලන්නෙ කොහොමද කියා හෙන ලැජ්ජාවක් ඇතිඋනා.

අම්මපල්ල පොඩි උන්ට මේ වගේ ගැටළු නිරාකරණය කරන්න විදියක් ඇත්තෙම නැද්ද?

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
shelton.berkeley.edu
creativequestioncards.com

Advertisements
Comments
  1. මළ හු___ කියුවලු…

  2. ඒ බොල, උඹගේ අයියා මාර පොරක්නේ බං. මං තාම මගේ මල්ලි ඉස්සරහවත් කුනුහබ්බයක් කියන්නේ නෑ… ඒකට උඹගේ අයියා…

    • හෙ හෙ.හපොයි උඹ මගෙ ලියාගෙන යන කතාවටත් පොඩි ප්‍රවේශයක් අරන් තියෙන්නෙ.ඒකත් බලපන්කො.හෙ හෙ.ඔව් බං පොර අයිය උනාට යාළුවෙක් වගේ තමා.

  3. කරුමක්කාරයෙකුගේ දින සටහන් says:

    සිරා අයියෙක්. මට ඔය අයියගෙන් අහන්න ආසයි එතකොට “පරිසර දූෂණය” කියන එකේ තේරුම. හික් 😀

    • ඌ එතකොට කියයි පරිසරේට හි__ කියල.ඇත්තටම පරිසරේට ඕක කොරන එකනොවැ පරිසර දූෂණේ කියන්නෙ.

  4. visituru says:

    ලොවෙත් නෑ.. මාර ප්‍රශ්නයක්නෙ අහලා තියෙන්නෙ! අපි 4 වසරෙ ඉද්දි එකෙක් දූෂණය අර්ථ දැක්වුයේ ” කෙල්ලෙක්ගෙ ඇඳුම් ගලවලා හැම තැනම ඉඹින එක” කියලා. ඒ කාලෙ අපි හින්දි ‍ෆිල්ම් වලින් තමයි ආදර්ශ ගත්තෙ

    • හෙ හෙ මාත් ඕක ඇහුවෙ 3 දි 4 දි විතර තමයි.ඇත්තම නේන්නම් ඉතිං හිංදි ෆිල්ම් එකක ඕව වරදින්නෙම නෑ නොවැ.

  5. සරත් ගුණතුංග says:

    ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට උනත් තවම තේරෙන්නෙ නැහැ. මට අවුරුදු 10 දි පමණ මමත් ඔය ප්‍රශ්නය අහල තියෙනව මතකයි. මම එතකොට හිටියෙ මාතර රාහුල විද්‍යාලයෙ. අබේගුනවර්ධන කියල ඉස්කෝලෙම සර් කෙනෙකුගෙ ගෙදර. මම නවකථාවක් කියවන කොට මට අහුවුනා ගණිකාවක් කියල වචනයක්. මම තේරුම දන්නෙ නැති නිසා අබේගුණවර්ධන සර් ගෙන් ඇහුවා. සර් කිව්ව ගණිකාව කියන්නෙ නගර ශෝභිනියක් කියල. මම ඇහුව ඒ කවුද කියල.. සර් කිව්ව ඒ කියන්නෙ මේ ලස්සනට ඇඳල පැලඳල ඉන්න කාන්තාවන් කියල. ඉතින් මම එක දවසක් තාත්ත එක්ක මාතර බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කොට ලස්සනට ඇඳපු නෝන කෙනෙක් ආව. මම කිව්ව අන්න ගණිකාවක් යනව කියල. ඒවෙලාවෙම මම හොඳ ටොක්කක රස වින්ද තාත්තගෙන්. අර නෝන මට රවල බැලුව. ගෙදර ගියාට පස්සෙ මට වේවැල් කෝටු නාරං සියඹලා අතු වලින් දිගට හරහට කසායක් හම්බ වුනා. ආයෙත් මම කාගෙන් වත් ඒ වචනෙ තේරුම ඇහුවෙ නැහැ. දැනට මගෙ වයස 69 යි.

    • ගොඩක් සතුටුයි මෙහෙම කමෙන්ට් එකක් තියලා ගියාට.ඔබතුමාට ඔච්චර අත්දැමීම් එක්කවත් ඒ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න අමාරුනම් අපි වගේ පොඩි එව්වෝ ගැන කවර කථාද?

  6. මමයි අපේ මලයයි වගේ දෙන්නෙක් !!!!!
    මාත් සමහර ඒවා අම්මගෙන් අහලා තියෙනවා. අර සිංදුවක් තියෙන්නේ “සුදු පිරුවටයයි මංගල යහනයි කදුලින් තෙමනු එපා…..” කියලා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයා කියන. අන්න එකේ තේරුම අහන්න ගිහින් බැනුම් ගොඩක් අහගත්තා.

    ප.ලි. – ඔන්න මම මේ බ්ලොග් එක මගේ රීඩර් එකටත් දාගත්තා. දැන් දිගටම එන්න පුලුවනි. දන්නේ නැති නිසයි අහන්නේ. කවුද රම්බා කියලා කියන්නේ ??? 🙂

    • හෙ හෙ ඒ දවස්වල ඉතිං ඕවගේ එකක් දැනගත්තම පුදුම සතුටක්නෙ බං ඇතිවෙන්නෙ.මම තාම කල්පනා කරනව වෙලාවකට අපේ අම්මත් බඳින දවසෙ සුදු රෙද්දක් දෙයිද දන්නෑ කියා.

      රම්බා කියන්නෙ මම තමයි මචං.ඒ යාළුවෝ කථා කරන නම.සිතුවම් කියන්නෙ මගෙ බ්ලොග් එකේ නම.වැඩිය හිතන්නෙපා ඕනි නමකින් කතා කරපන්.

      ඒ ගැනනම් ගොඩක් සතුටුයි වගේම ගොඩක් ස්තූතියි.ඔය දෙමටගොඩ කොම්පැණියෙ ඉන්න ගමං කම්මැලි කමට ලියන්න පටන් ගත්තෙ ළගකදි ඉදන්.

      ඉතිං ඒක මට ලොකු දෙයක් .

  7. Cheena says:

    Ramba hevath cheena ge yaluva ado loweth na ban niyameta liyanava uba api dennata una vada liyanne nadda?

  8. Pro says:

    සිරා පෝස්ට් එක… හැබැයි ඉතිං පොඩි එවුන්ට ඔය ගැටලු නිරාකරණය කර ගන්න, ලොකු වෙන්නම වෙනවා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s