අහුමුලුයි මුලුවාසනුයි

Posted: July 23, 2011 in රම්බා'ගේ කතා

විලිලැජ්ජාවක් නැතුව ඔන්න ඔහෙ මේකත් කියලා දානව කියලා හිතුවා මම.අම්මප මේ වගේ දෙයක් කියාගන්න කොහොම හිත හදාගත්තද කියල මටම හිතාගන්න බෑ.මේ සිද්ධිය වුනේ මම ගොඩක් පොඩි කාලෙ නිසා මට හරියටම කාලෙනම් මතක නෑ.ගමේදි වුන සිද්ධියක් තමයි මේක.

ඉස්සර අපේ ගමේ හවසට කොල්ලො කුරුට්ටො වයසක නාකි ඔය හැමෝම හවස් වෙනකොට කඩමණ්ඩියට සෙට් වෙනවා.කොල්ලේ ක්‍රිකට් ගහනවයි වොලිබෝල් ගහනවයි එක සීන් එකයි.නාකි උන්දල ඉතින් විටක් පාරක් කාගෙන බීඩියක් සුරුට්ටුවක් උරාගෙන ඔය සෙල්ලම් බලන් ඉන්නවා.
ඇත්තටම ගමක් වගේ තමයි ඒ කාලෙ තිබ්බෙ අපේ ගම.

කොහොමින් කොහොම හරි ඔය අපේ ගමට අල්ලපු ගමේ හිටියා මනුස්සයෙක් නම චූටියා.අපිනම් ඇච්ච කොල්ල හින්ද කීවෙ චූටි මාමා කියලා.පොරගේ එක කකුලක් අනිත් එකට වඩා චූටියි.ඇවිදින්නෙ පැත්තකට වැඩියෙන් නැවිලා තමයි.ඒ වුනාට මොකද පොර කරන්නෙ ඔය වල් ඌරන්ට මදු අටවනව වගේ අංජබජල් වැඩ තමයි.

මාත් ඉතිං හුජ්ජ කොල්ල හින්දා මාවත් ඔය සෙල්ලම් වලට ගන්නෙ නෑ.ආයෙ බොරු මොකටද මම කරන්නෙත් ඕව බලන් ඉන්න එක තමයි.

ඔන්න ඉතිං දවසක් සෙනඟ මැද්දෙ මේ යකා මට කතා කරල කිව්වනොවැ කොල්ලො කඩේට ගිහින් අහුලුමුයි මුලුවාසනුයි අරන් වරෙන් කියලා.මම තක්බීර් කියන්නෙ ඒකෙත් උපරිම මේ පොඩි එකා කාලෙ මගෙ ජීවි තේටම අහල නැතිමඟුලක් කඩෙන් ගේන්න කීවම කාටද අන්දුන් කුන්දුන් වෙන්නැත්තෙ.

මාත් ඉතිං මී හරක වගේ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉදල ගිහිල්ල ඇහුවෙ නැතෑ ළගම තියෙන කඩෙන්.ම්..හෙ හෙ මුදලාලිය කින්ඩි හිනාවක් දාලා ඒව නෑ කීවෙ නැතෑ.මාත් ඉතිං වීරයා වගේ ගිහින් කිව්වා චූටි මාමේ කඩේ නෑ කිව්ව කියලා.ආහ් එහෙනම් කොල්ලො අර කඩෙනුත් අහල බලපන් කියල මාව පිටත් කරේ නෑතෑ අනිත් කඩේට.මාත් ඉතිං මුල් වතාවෙ ගටත් ඇගට අරන් ගිහින් ඇහුවා අක්කෙ අහුමුලුයි මුලුවාසනුයි ගන්න තියෙනවද කියලා.

විලිලැජ්ජාවෙ බෑ අක්ක බඩ පැලෙන්න හිනා වෙන්න ගත්තා.ඒ මදිවට අර මට ටොපිය සෙට් කරපු චූටියයි අනිත් වයසක උන්දැලයිත් බඩවල් අල්ලන් හිනාව.මටනම් හතර විලිලැජ්ජාවෙ පන ගියා ඒ සීන් එකට.ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ගමම ඉස්සරහා රම්බ චාටර් වෙලා හැමෝටම පේන්න ඇඩුවෙ ඔන්න එදා තමයි.

තාමත් මේ අහුමුලුයි මුලුවාසනුයි කියන්නෙ මොකක්ද කියල දන්නැති අය ඉන්නවනම් ඔය වචන දෙකම කටවහරෙ එන වචන.අහුමුලු කියන්නෙ ඔය අස්සක් මුල්ලක් වගේ තේරුමක් මුලුවාසන් කියන්නෙ හැමතැනම කියන එක.යකෝ ඕව ගන්න තියෙනවායැ කඩවල්වල.

Advertisements
Comments
  1. මෙන්න මූ කින්ඩි වෙලා අඩනවෝ…
    හූ හූ..

  2. පට්ට චාටර් වැඩේ නේ.
    කතාවේ අන්තිම කෑල්ල තිබ්බ හින්දා හොදා.
    මට නැත්නම් ඇටි කෙහෙල් කාපු මොකද්ද එකාවගේ ඉන්න වෙන්නේ 🙂

  3. Pro says:

    මට හිතෙන්නේ චුටි මාමටත් රම්බට සෙට් වෙච්ච ගුලිය කාගෙන් හරි සෙට් වෙලා තියෙන්න ඇති. හැබැයි කොහොම වුනත් අපේ රම්බට වෙලා තියෙන්නේ පට්ට චාටරයක්. මොනා වුනත් උඹ ඇත්ත කියල තියෙනවා. එල එල.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s