ප්‍රංශ මුල්ලේ ස්පිරිට් හොරකම

Posted: July 19, 2011 in ගෑන්සිය

මෙලෝ රහක් නැති දවස් ටිකක් ගෙවෙන්නෙ ඒ අස්සෙ නෙට් එකත් කපල දාල යන්තම් අමාරුවෙන් කැටේ හොල්ලල බිල ගෙවාගත්තෙ.ඉතිං කාලෙකින් ආපු එකේ අපි හොස්ටල් එකේ ඉන්න කාලෙ පටන් ගත්ත මේ ලගක් වෙනකම්ම ක්‍රියත්මක කරගෙන ආපු වැඩසටහනක් කියල දාන්න හිතුන.ඔන්න සිල් පද කැඩුව කියල වරදවා එහෙම හිතනව නෙවී හොඳද?ඕව ඔය කොළු අකවුන්ට් එකට පටවලා අපිව නිදහස් කොරනවා හොඳා.

කාට කාටත් මතක ඇති නේද ස්පිරිට් කියල ඩෙනිම් කලිසමක් තිබ්බ ඉස්සර.ඔන්න ඕය ස්ටයිල් එක ජනප්‍රිය වෙලා නැගල යන කාලෙ රම්බා සහ ගැන්සිය හිටිය සා/පෙ කරන්න තියෙන අවුරුද්දෙ තමයි.ඔය මොන රෙද්දක් තිබ්බත් අපි බයවෙයියැ.අපි ඉතින් හොරෙන් ස්කෝලෙන් පැනල ඕ/ලෙ කැලෑසි වලටත් යන්නෙපැයි ඉතිං.කෝ ඉතින් අපිට අළුත් ස්ටයිල්.ගෙදරින් හම්බෙන සොච්චමන් ඕව කරාම දුමක් වත් දාන්න කොයින්ද ඉතුරුවක් බොලව්.

ඒ වුනාට අප්පේ බලන්නෙපැයි ඉස්සර හොස්ටල් එකේ කස්ටිය ගාව තිබ්බ ඩෙනිම් කන්දරාව.හෙ හෙ හැබැයි රජෝ ඔය එකක්වත් සල්ලි එහෙම ගෙවල ගෙනාපුව එහෙමනම් නෙවි.හෙ හෙ ඔක්කොම පට්ට හොරු.ඔය අස්සෙ හොරුන්ගෙත් හොරු ඒ කියන්නෙ කම්බා හොරු උනුත් හිටිය අම්බානකට.හැබැයි උන්නම් එහෙම වුනේ පිටකොන්ද කෙලින් තියන් ගිහින් ප්‍රංශ මුල්ලෙන් බඩු පන්නන තිබ්බ බය නිසා කියල තමයි රම්බටනම් හිතෙන්නෙ.

ඒ අස්සෙනුත් ලස්සන ලස්සන සීන් වුනා අම්බනකට පු‍තෝ.ඉස්සෙල්ලම කියල ඉන්නම්කො හොරකම සිද්ධ වුනු හැටි.අලුතෙන් ඩෙනිමක් ගන්න ඕනි වුන එකා මුලින්ම කරන්න ඕනි තමන්ගෙ තරමට වඩා ටිකක් ඇගපත තියෙන සහොදර කොල්ලෙක්ගෙන් ඩෙනිමක් හයර් කරන එක තමා.ඉස්සරත් හැබැයි රජෝ ඔය ටැග් එක හඳුන්වලා දීලා තිබ්බා.ඒත් හඳුනාගත නොහැකි කුමන හෝ හේතුවක් මත ඔය ස්පිරිට් කියන ඩෙනිම් තොගේම ටැග් එකක් තිබුනෙ නෑ කියහල්ලකො.ඉතින් කස්ටිය ෂොපින් කියලා ගිහිල්ල ඉස්සරලාම තමන් කැමති ඩෙනිම තෝරගන්නවා.ඊළඟට කරන්නෙ ඒක අත උඩින දාගන්නවා හොඳට නවලා.දැන් තව ඩෙනිමක් හොයාගන්නෝනි ඇමට දාන්න.ඒ ඩෙනිම හොඳට දිග ඇරල අර කලින් එක පේන්නෙ නැති වෙන්න දාගන්නවා.දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඇඳුම් මාරු කරන ස්පොට් එකට ගිහින් අර ඇඳන් ආපු බායි කලිසමට යටින් තමන් කැමති ඩෙනිම ඇදන් මෙලෝ හසරක් දන්නෑවගේ එන එක තමයි.

හැබැයි දැන්නම් ඔය ඇඳුම් මාරු කරන එකට ගෙනියන කෑලි ගාන බලනවා එකෙන් ඉදන්.ඉස්සර එහෙම නෑ.ඒ නිසා තමයි වැඩේ ලේසි උනේ.

———————————————————————————————————————
වැරඳුන තැන් හා විශේෂ සිද්ධි.


1.අපේ ගැන්සියේ කිරි පුතා තමන් ඇඳන් හිටපු ඩෙනිම ගලවා තබා අළුත් එක පමණක් ඇදන් පැමිනීම.ලොවේ තියෙන කුණුහරුප ඔක්කොම කියල තමා ආයේ ඒකව යවල පරණ ඩෙනිම ගෙන්නගතේ.

2.මේ ක්‍රමේනම් නිර්මතෘම කිරිපුතා තමයි.ඒ ප්‍රංශ මුල්ලෙන් බඩු ගෙනාපු පරන බෑග් එකක් ගෙනිහින් ඇඳුම අරන් කවුන්ටරේ පැත්තට ගිහින් අර ගත්ත ඇඳුම බෑග් එකට දාගෙන දැන් ගත්ත වගේ එන එක.

3.ඉතිහාසයේ ප්‍රථම වතාවට රම්බා නොහොත් මම ඩෙනිම් 2ක් එකවර උස්සන් ඒම.

4.මේවා මාට්ටුවී පොලිසියට පවා ගෙනගිය,වැඩේ චාටර් කරගත්ත හා බඩ කට පුරා කාපු අපේ ගැන්සියේ නම් සඳහන් කලනොහැකි මිත්‍රයන්.හෙ හෙ…

මේවා මේ කස්ටිය කොලු කමට කරා ඇරෙන්න අපි හොරු නෙවී හොඳද.මේකෙන් අපි කොච්චර දියුණු වුනාද කීවොත් දැන් අපේ ගැන්සියේම පොරක් මේවට සිකියුරිට්ය් සිස්ටමුත් හයි කරනවානොවැ.හෙ හෙ.

හැබැයි මේක කියවල එකෙක්වත් අත්හදා බලනවා එහෙම නෙවී හරිද?මාටිටු වුනොත් සදා අනාතයි.

Advertisements
Comments
  1. ඇත්ත කියපන් උබ පුරුද්දට හොරකම් කරන්න ගීහින් මාට්‍ටුවෙලා හිටියා නේද..ඒකනේ උබ ගොඩ දවසකින් බ්ලොග් එකේ මොකුත් ලියුවේ නැත්තේ..ඔන්න ඔහොමලු නේද උනේ..

    දැන් නම් ඕවා කරන්න අමාරුයි.ඉස්සරනම් අපේ එඋනුත් ඔය වැඩ කලා.

    • sithuwam says:

      හෙ හෙ දෙයියන්ගෙ පිහිටෙන් මමනම් කවදාවත් අහුවුනේ නෑ බං.ඔව් දැන්නම් අමාරුයි තමා බන්.ඒත් ඉතින් ඔනිමනම් බැරිත් නෑ.ඒ වුනාට ඉතින් මමනම් ඕවට නෑ දැන්.
      නෑ මචෝ මගෙ නෙට් කපල තිබ්බෙ බිල ගෙවන්නැතුව.ඔෆිස් එකෙන් තමා නෙට් ආවෙ.මේ දවස්වල අළුත් සෙට් එකක් අරන් මම උන්ට උගන්නනවා.ඉතින් ලියන්න විදියක් තිබ්බෙ නෑ බං.

      එහෙනම් උඹලගෙ උන්ගෙත් තියරිය මේකමද?

  2. ඒ කියන්නේ මේ දවස් වල උබ ටීචර් වැඩේ තමා කොරනවා.එළ එළ.
    උබෙන් ඉගෙන ගන්න එඋන්ට බඩුම තමයි..

    අපේ එඋන් ටිකක් මීට වඩා අමුතු තියරි තමා දැම්මේ පස්සේ වෙලාවක ඒවා ලියන්නම් මචං..

    • sithuwam says:

      පිස්සුද බං මගෙන් ඉගෙනගත්ත එකෙක්ට වැරදිලා නෑ.උන් ඉක්මනටම මට වඩා දියුණු වෙනවා.

  3. උඹ දන්නවද දැන් ඕනෙ ඈඳ්මක් පන්නන ක්‍රමය ගැන. ටැග් දෙකක් එකට තියලා අරං වරෙන්. ටැග් ඉන්ඩිකේටරේ සිග්නල් එකක් දෙන්නේ නෑ… මම කරලා නම් නෑ… ටැග් ඉන්ඩිකේටර් හයි ක රන එකෙක් තමා කිව්වේ.

    • sithuwam says:

      ඒකත් වෙන්නඇති සමහර විට.වැඩේ කියන්න පරීක්ශා කොරන එක නොවැ.හිරේ විලංගුවෙ ලගින්න තමා වෙන්නෙ ඕක ඩිටෙක්ට් වුනොත්..

  4. අම්මෝ මෙහෙම හොරකම් කරලා අර සංසලාට උනදේ වෙයිද මන්දා. 🙂

    • සංසලා වැරදි තැනින්නෙ බං ඉස්සුවේ.ඔය අපේ හොදම සෙල්ලම් දාන උන්වත් එතනින් උස්සලා නෑ.ලිමිට් නැති පැත්තට ගියනම් සංසලාට ඔහොම වෙන්නෑ.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s