කර්මය, නැවත ඉපදීම, ලැබීම හා ඉගෙනීම.

Posted: July 5, 2011 in Uncategorized

කර්මය, නැවත ඉපදීම, ලැබීම හා ඉගෙනීම.

කර්මය, නැවත ඉපදීම, ලැබීම හා ඉගෙනීම.

මේකනම් ටිකක් වෙනස් මම මෙච්චර දවසක් ලියපු පෝස්ට් වලට වැඩිය.මට නිකමට වගේ හිතුනා අද මේ වගේ දෙයක් ගැන කථා කරොත් හොඳයි කියල.

ඇත්තටම මේ කියන විදියට නැවත උප්පත්තියක් තියෙනවද කියන එක දුරාතීරෙ ඉදන් විවාදවලට භාජනය වෙලා තියෙන හින්ද වගේම තාමත් මේ ගැන ඔප්පු කරන්න විද්‍යාත්මක හේතු සාධක නැති හින්දා පුනරුප්පත්තිය ඇත්තද බොරුද කියන එක ගැන අමතක කරල මේක ඇත්තක් කියන තැන ඉදල ඉදිරියට කථා කරන්න තමයි මගෙ බලාපොරොත්තුවනම්.
ගොඩක් ජාතක කථා ඇරුනම අපිට මෑත කාලීනව පුනරුප්පත්තිය ගැන කථා කරන එඩ්ගාර් කේසි වගේ කට්ටිය විසින් ඒ හා සමානවම වගේ යන ගොඩාක් කථා කියල තියෙනව කියන එක දකින්න පුලුවන්.

ඇත්තටම හැමදේම වෙන්න කර්මය නිසාද?මේකනම් උත්තර දෙන්න ටිකක් විතර අමාරු ප්‍රශ්ණයක්.ගොඩක් වෙලාවට වෙන හැමදේම කර්ම බලපෑමක් කියා මමනම් හිතන්නෑ.ඒත් මට හිතෙන හැටියට යම් කිසි දෙයක් හෝ සිද්දියකින් අපේ ජීවිතයට බලපෑමක් වීම කියන්නෙ පෙර තිබූ කර්මයක් ක්‍රියාත්මක වීම හෝ අළුත් කර්මයක් ඇතිවීමක් කියන හැටියට දකිනන්න පුලුවන්.
ඉතිං මෙහෙම කර්ම බලපෑමක් හරි එහෙම නැත්තම් අළුතෙන්ම හරි කර්මයක් ඇති වීමේ හේතුව මොකක්ද?මේ වගේ දේකින් වෙන්නෙ දැනට තියෙන තමන්ගෙ අදහස් හා ආකල්ප වෙනස් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එක තමයි.මොකද අපි හැමවෙලාවෙම ජීවත් වෙන්න ඕනි යහපත් විදියට කියන එක තමයි මේකෙ මූලිකම දේ හැටියට මම දකින්නෙ.අන්න ඒ මාර්ගයෙන් අපි පිට පැනීම මත මෙවෙනි සිද්ධි ඇතිවෙනව කියා තමා මගේ දැනීමනම්.

ඉතිං මේ සිද්ධ වුන දෙයින් පාඩමක් ඉගෙන ගෙන තමන් තුල තියෙන/තිබ්බ ඒ අහිතකර සිතුවිලි පරාජය කරන්න කෙනෙක්ට පුලුවන් වුනොත් අන්න එතකොට ඒ කර්මය ජයගත්ත වෙනවා.කොටින්ම සරල උදාහරණයකින් කිවොත් හිතන්න මම මේ ආත්මෙ කාට හරි ගහල තුවාල කරනවා.එතකොට ඒ තුලින් මම තුළ ඇතිවෙන් ද්වේෂය,වෛරය අපේ හිතේ තැන්පත් වෙනව.අපි කවද හරි මේ තැන්පත් වුන දේට පිළියමක් කරනකම් මොන ආත්ම භවයක හරි අපි අපේ සිතුවිලි යහපත් කරගන්නකම් අපිට මේ නිසා කර්ම විපාක වලට මූණ දෙන්න වෙනවා.

එතකොට අපිට යහපත් විදියකට ජීවත් වෙන්න පුලුවන්නම් තමන් තුළ තියෙන ආකල්ප වෙනස් කරගන්න පුලුවන්නම් ගොඩක් යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන්.අනික තමන් හැම දෙයක්ම කරන්න කලින් හිතල බලන්න මේ කරන දෙයින් කාට හරි අහිතකර ප්‍රථිපල ඇතිවෙනවද කියලා.ඒ කරන දෙයින් තමන්ගෙ හිත අපිරිසිදු වෙනවද කියල.නැත්තම් අපි නොහිත කරන දෙවල් නිසා ඇතිවෙන අහිතකර ප්‍රථිපලවලට අපිට තව ආත්ම ගානක් දුක් විදින්න වෙයි.

කොටින්ම කර්මය කියන්නෙ නරක දෙයක් නෙවී.තමන්ව හදන්න, තමන් තුළ තියෙන දුර්ගුණ නැති කරන්න ආව, උදේ හවහ තමන්ව බලන් ඉන්න ගුරුවරයෙක් වගේ ,නැවතඉපදීම කියන්නෙ අපි හදන්න යන කාලය,ලැබීම කියන්නෙ අපි වපුරපු දේවල්වල අස්වැන්න,ඉගෙනීම කියන්නෙ මේ දේවල්වලින් පාඩමක් ඉගෙනගෙන මේ ගමන ඉක්මන් කරගන්න පුලුවන් එකම විදිය..

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
spiritandsky.com

Advertisements
Comments
  1. මැක්සා පෝස්ට් එකක්….

  2. යාළුවා එහෙනම් ධර්මය පැත්තත් ටිකක් දන්නවා නේද..කොහොම උනත් කරුමෙ කර්මයත් එක්ක පටලගන්නේ නැතුව ලියලා තියෙනවා.ආතල් ගන්න හරි පන්සල් ගිය එකෙන් වරදක් වෙලා නෑ එහෙනම් උබට.

  3. හැබැයි කතෝලික ආගමේ නම් ඔය පුනරුත්පත්තිය කියන කතාව නෑලු.

    • ඒකම තමයි මචං ඔය එඩ්ගාර් කේසී වගේ අය මුලුන්ම ඒ ගැන බයෙන් ඉදලා තියෙනවා.ඒ තමන්ට තියෙන හැකියාව ආගමට පටහැනි නිසා.හැබැයි ඔය සම්බන්ධ මිනිහගේ සියලුම පරීක්ශන වාර්ථා එකතු කරල තියෙනවලු.ඕනිම් කෙනෙකුට ඒවා පරීක්ශා කොරන්න පුලුවන් කියා තමයි කියන්නෙනම්.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s