Archive for July, 2011

හා හා පුරා කියල අපේ හොස්ටල් හිටපු එකෙක් එහෙනම් දෙයියනේ කියල බැන්ඳා කියහල්ලකො.මගෙනම් තුන් හිතකවත් තිබ්බෙ නෑ මේ බඳින්න බලන් ඉන්න අනිත් උන්ට කලින් මෝලා බඳීවි කියලා.ඒ උනාට ඉතින් බොලව් ඒකනෙ ඒකට මෝල කියන්නෙ.හෙ හෙ.හැබැයි අම්මණ්ඩි හිටියේ නැත්තම් ඔය කප් එක මමම තමා උස්සන්නෙ.එහෙනම් මෙලහකට මාත් දරු පවුල් කාරයෙක්.

මෝලට ඉස්සර ඉදන්ම ඩිංගක් විතර මෝල් ගතියක් තියෙනවා.ඒ වුනාට අපරාදෙ කියන්න බෑ කොල්ල ගිත හොඳ කොල්ල.

ඉස්සර හොස්ටල් එකේ අවුරුද්දෙන් අවුරුද්ද ඩෝම් මාරුවෙනකොට මටත් එක්ක ඇදක් අල්ලගන්නෙ පොර තමා.ඉතින් ගොඩක් අවුරුදුවල මගෙ ඇඳේ අසල්වාසියා මෝලා.හැබැයි ඩබල්බෙඩ් එකක්නම්පොර යට ඇදේ මම උඩ.හෙ හෙ එතකොට අසල්වාසියා අනිත් ඩබල් බෙඩ් එකේ උඩ ඉන්න එකානෙ.

හැබැයි මෝලා හොඳට හිතල බලල තමයි වෙඩින්ග් කාර්ඩ් එක එවල තිබ්බේ.ඒ කියන්නෙ ඔය පොල්හේන පැත්ත අපි දන්නෙ නෑ කියල පොර හොදාකාරවම දන්න නිසා වෙඩ්න් කාර්ඩ් එකේම දාල අපිට රෝඩ් මැප් එකකුත් එවල තිබුන කියපන්කො.ලොවෙත් නෑ මමනම් ඔය දැක්කමයි.හැබැයි ඒ අදහසනම් මසුරන් මොකෝ අපිත් ඒක තිබ්බ නිසාම සුටුස් ගානකොට පොට් එක හොයගත්තා.හැබැයි මෝලට ඕක පරිමාණෙටම අදින්න තිබ්බා.එහෙනම් ඉතිං ආයේ සුපිරි.

ඔන්න ඉතිං වෙඩින් කාර්ඩ් එහෙමත් හම්බුනා කියපන්කො දැන් ඉතිං යන්නෙ කවදද, මොකේද බොලව්.ඕන් ඉතිං ෆන් තකා වැඩ කරන අපේ කස්ටියට හිතුනා ට්‍රිපක් එක්කම වෙඩින් යන්න.මටනම් ඉතිං කලිං සෙට් වෙලා තිබ්බ වැඩ කටයුතු නිසා ඕකට සහභාගී වෙන්න බැරි උනානෙ.කස්ටිය ට්‍රිප් එකේ සුපිරුම ෆන් එකක් අරගෙන තිබුනා.මම ඉතින් ගියෙ නෑනෙ මම කොහොමද ඒව කියන්නෙ.

එහෙන්ම් මොන ලබ්බකට පෝස්ට් ලියනවද අහන්නනම් එපා.ඉවසල ඉන්නකො ඉතිං කියනකම්.මේ කියන්න යන්නෙ මම වෙඩිමට ගිය හැටි තමයි.

මමත් ඉතිං ඔය ඇන්ටනාව වටේ පිටේ දාල කරකවල බැලුවා මම වගේ තව පොරක් ඉන්නවද වෙඩිම දවසේ උදේම යන්න කියලා.ආයෙ දන්නවනෙ ඉතිං සොයන්නාට සම්බවේ වගේ මගෙ රික්වයමන්ට් එකටම ගැලපෙන බුලට් එකක් සෙට් වුනා නේ.ඒ මදිවට පොරට බයික් කට්ටකුත් තියෙනවා කියපි.දැන් ඉතිං ආයෙ වෙන මොනවද අපිත් සෙට් උනා බයික් එකේ වෙඩිමට යන්න.ඔන්න සෙනසුරාදා හවස 6ට විතර කොළඹින් යන්න තමයි කථා වුනේ.මේන් එදා උදේ මූ කථා කරල කියාපි උන්ගෙ පුංචි අම්මගෙ දෝණි ජම්බු ගහ පැනලයි කියල.ඒකෙ පාර්ටි එකත් ඉරිදා කියාපි.හත්වලාමයි දැන් මක් කරන්න්නෙයි

මෝල් තඩිය බඳින්නෙත් එදාටමනෙ.කොහොමින් කොහොම හරි සාකච්චා මර්ගයෙන් ඔය දෙකටම කොහොම හරි යමු කියා හිතගෙන ඉන්නවා දැන්.

ඕන් ඉතිං දැන් සෙනසුරාදත් ආව.හවස 6යි.මොන මූ එන පාටක් නෑ.9යි ම්ම්ම්හු මේක එන පාටක් නෑ.මට අම්බානකට දොයිත්මතයි ඒ අස්සෙ.ගත්ත කෝල් එකක් අඩෝ එන්නැද්ද බං ඇහුවම එළ එළ එනවා උඹලගේ ගේ ගාවට ඇවිත් ගන්නම් කියාපි.අන්තිමේ මට බලන් ඉදල දොයි වෙනකම් මේක ආවෙ නෑ කියහන්කො.ඔන්න රෑ2ට විතර කෝල් එකක් එනව මම ආව බන් කියල.හපෝ මුස්පේන්තුවට බැන බැන මාත් නැගල ගියා.යකෝ මේකග ගෑණි රට ඉදන් ඇවිත්ලු.මේක උන්ගෙ ගෙදර බින්න බැහැගෙන ඉදල තමයි පරක්කු වෙල තියෙන්නෙ.මට නේද මාරයා.කොහොමින් කොහොමහරි මහරගමින් යනකොට 4යි.ඔය ඔරලෝසු කණුව ලගින් පිළියන්දල,දෙහිවල පාරට හැරිල චුට්ටක් යනකොට පාර අයිනෙ අටවපු නයිට් කඩයක් තියෙනවා.එතනින් ගැහුව ටී එකකුයි ගෝල්ඩ්ලීෆ් එකකුයි.හෙ හෙ.දැන් ගමනට අවශ්‍ය විටමින් හරි යන්නයි තියෙන්නෙ.

බුවාගෙ ගම දෙණියායෙ මොරවක.අර ලොකු උන නංගි ඉන්නෙත් එහෙම තමයි.කථා වුනේ උදේම එහෙට ගිහින් ඒ ගෙදරටත් ඔලුව දාල මුන්ගෙ ගෙදරටත් ඔලුව දාල වෙඩිමටත් ගිහින් රෑ වෙල ආයෙ කොළඹ එන්න.ඕක ඉතිං ඒ පැත්තට මම යන පළවෙනි විසිට් එක හින්දා ඕවල දුර එහෙම දන්නෑ.දැන් ගියෙ මහරගමින් දාලා කැස්බෑව බණ්ඩාරගම පැත්තෙන් ගෝල් රෝඩ් එකට දාල කළුතර බෝධියට පඩුරක් එහෙම දාගෙන මතුගම පැත්තෙන්.දැන් ඉතිං ඉදේම දාගත්ත විටමින් ඉවරයි.ඒ මදිවට උදේ පාන්දර කඩේකට ගිහින් කටක් ඇරල සිගරට් ඉල්ලන්නත් බෑනෙ.අප් ඉතිං පාර දෙපැත්ත බලන් උපේක්ෂාවෙන් යනවා කඩයක් හම්බෙනකම්

මතක හැටියට ගියේ මතුගම ඉදන් අළුත්ගමට යන පාරෙ ඒකෙ ගිහින් ආයෙ හැරෙනවා පැලවත්ත කියල පොට් එකකින්.අන්න ඒකෙදි තමා කඩයක් හම්බුනේ.උදේ පාන්දරම ආප්ප කාල එතනින් විටමිනුත් අරගෙන තව ස්ටොක් එකටත් දැම්මා.කියන්න බෑනෙ හදිසියේ නියගයක්වත් ආවොත් එහෙම.
එතන ඉඳන්නම් ඉතින් ඔහෙ හෙමීට යන්නයි තිබ්බෙ.එතන ඉදන් හරියටම ටම කිලෝමීටර් 50ක් තියෙනවා උන්ගෙ ගෙදරට.ගමනේ ලස්සනම ටිකත් ඒ ටිකම තමයි.මේ වෙනකොට උදේ 7ට විතර ඇති ඒ වුනාට පාර මීදුමින් වැහිලා මාර ලස්සනයි.ඒ මදිවට අපි යන්න කලින් වැහැලත් තිබ්බා.ඒ හින්දා ඇඟට දැන්න සීතල පුදුම විදියෙ ප්‍රබෝධයක් දෙනවා.මාරම ගති ඒ වෙලාවට.කොහොමින් හරි ඒ ඉසව්ව පන්නලා යාළුවාගෙ ගෙදර ගියා උදේ.

එහෙන් උදෑසන ආහාරය බඩට දාගෙන අපි ගියා මොරවකින් මාතරට යන්න තියෙන පාර දිගේ.ඇත්තටම හරිම ලස්සන පාරක් ඒ වගේම සමහර තැන් වලදි ගඟක් එහෙමත් හම්බුනා.ගිං ගඟ කියලා තමයි යාලුවා කීවෙනම්.කොහොමින් කොහොම හරි පෝරුවේ චාරිත්‍ර එහෙමනම් ඉවරවෙලා අපි යනකොට හැබැයි මෝලා මොනා නැතත් ලස්සන මනාලියක් ගෙනත් තිබ්බා.හෙ හෙ.

ඔන්න කස්ටිය ඉතිං මදුවිත එහෙම සප්පයම් වෙලා ඉන්න වෙලාවෙ මනමාල මහත්තයා ඒ කියන්නෙ අපේ මෝලා කථා බහ කරන්න ආව ළගට.කස්ටියත් ඉතිං ෆුල් ට්‍රයි එක දෙනවා පොවන්න ඌට.අපරාදෙ කියන්න බෑ කොල්ල බීවෙ නෑ.හැබැයි බොනවා වගේ වීදුරුව කටට ලං කරන් ඉන්න ෆොටෝ වලට පෙනී හිටින්න වුනා පොරට ඒ වෙනුවට.

දැන් තමයි වෙඩින් එකේ පට්ටම ආතල් අවස්ථාව උදා වුනේ.කස්ටියට වෙඩින් එකට ඇවිත් කෑවා බීව මදිවට තව උගෙන් ප්‍රශ්න අහන්නත් ඕනි වුනානෙ.

දන්නවනෙ ඉතිං අපේ එව්වො අහන කුප්ප ප්‍රශ්න..

“මෝලා කඩලද? නැත්තම් අදද කඩන්නෙ?”

මනමාල මහත්තයාට ෆුල් අවුල්.”යකෝ මෙතම ඕව අහනවද බං වෙන වුන්ට ඇහෙනවනෙ” කියලා.

ඔන්න එතකොට මගෙ මොලේ පහලවුනා මම කීවා හරි “කඩලනම් එක.නැත්තම් දෙක”

දැන් කට්ටිය කෑ ගහනව මෝලා එකද දෙකද කියලා.

මාර ආතල්.

මනමාලයාටත් ආතල් එක උපරිම වෙලාද කොහෙද කිව්වෙ නැතෑ.

“Normally we go for the first kiyala”

හුටා.ඒ මදිවට “නැත්තම් යකෝ මෙච්චර ඉක්මනට බඳිනවද?” කියපි.

දැන් අනිත් ප්‍රශ්නෙ කස්ටියට ඇතිවුනා.

“මෝලා හිටලද?”

ඔව් ඔව් එහෙම තමයි ආයෙම මෝලා එකද දෙකද?

“මොන පිස්සුද බං නෑ”

කියපි.

මේ යෝධයා පැණි හදේ ගිහින් මක් කොරයිද කියලයි මට කල්පනා වුනේ.

ලස්සනට ගිය හැටි කීවට ආපු හැටිනම් අහන්නෙපා ඕන්.දන්නවනෙ ඩිංගිත්තක් අනුමත වුනා නොවැ මාත්.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
technorati.com
ioffer.com
jeevansworld.blogspot.com

Advertisements

වෙන්ව යාම

Posted: July 28, 2011 in Uncategorized

අපේ අප්පොච්චා මේ ලගකදි තමයි විශ්‍යාම ගියේ.එයා හිටියෙ ඔය පොලොන්නරුව පැත්තෙ.ගෙදර එනකොට අරන් ඇවිත් තිබ්බ දේවල්වලින් මගෙ හිත ගිය දෙයක් තිබ්බා.මේ ඒකෙ ෆොටෝ එකක්.කියවලාම බලන්නකෝ.

ඔන්න මම ලිව්වා ඒක.

ඔබත් මාත් එක්වූ තැන
ලැබූ නිමේෂයක මිහිරියාව
ඔබහද නිබඳ පෙලනා
වේදනාවක් විය
එබැවින්
අප දෙදෙනා
දෙදෙනෙකු ලෙස
වෙන්ව යාමට
කාලයයි
මේ

රම්බගේ පුංචි කාලෙ කතාව අම්මේ දූෂණය කරනවා කියන්නෙ මොකක්ද? තමයි ඔන්න බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදන් දාපු පෝස්ට් වලින් වැඩිම ප්‍රේක්ෂකයො ගානක් බලපු පෝස්ට් එක.ඒ හින්ද මේ සීරීස් එකේම ඉතුරු චාටරුත් මේ එක්කම කියල දාන්න හිතුනා.අනේ ඉතිං අපේ උනුත් කුනුහබ්බයක් තිබ්බොත් විතරනේ අපි වගේ උන්ගේ පෝස්ට් බලන්නෙත්.

මේකත් ටිකක් කලින් එක වගේම තමයි ඔන්න දවසක් මායි අයිය කාරයයි සෙල්ලම් කර කර ඉන්නකොට මේ යකා මොකකද සීන් එකකට( කරුමෙට මට මතක නෑනෙ සිද්ධිය ) හු__ කියල කීව නොවැ.මටත් ඉතිං ෆුල් හැපී දැන් ඉතිං මුගෙ සෙල්ලම් ඉවරයි දෙන්නම් මූට බ්ලැක් මේල් පාර කියලා.ඇයි ඉතිං අයිය කාරයාගෙ ලොකු සීන් වලට බැස්ටිය දුන්නැකිනෙ මට.ආයෙ ඉතිං මම ඕක අම්මට කීවම මූගෙ සීන් එක ඉවරයි කියල තමා මට කල්පනා වුනේම.

මාත් ඉතිං කික් කරලා වාහනේ ස්ටාර්ට් කොරගෙනම කෙලින්ම “අම්මේ” කියල ලව්ඩ් ස්පීකරේ දාගෙන ගියා අම්ම හොයගෙන.මේකත් ඉතිං මගෙම අයියනොවැ මේ යකා ඒ හදිස්සියට මටත් හොරෙන් කලින්ම අම්ම ළඟටම ගිහින්.මාත් කෙලින්ම ගියා අම්ම ලඟට.ගිහින් හොදට උගුර පාදලා එහෙම දුන්න මෙහෙම ටෝක…

මම : අම්මේ…..
අම්ම : හ්ම්ම්ම්..
මම : අම්මෙ අයියා කුණුහරුපයක් කීවා.

කලින් පෝස්ට් එක එහෙම කියවලා තියේනම් මේ වගේ අවස්තාවලට රම්බගෙ අම්ම ප්‍රතික්‍රියා කොරන හැටි දන්නවනොවැ.එලෙසමයි සීන් එක වුනෙත්..ම්ම්ම්හ් අම්ම නෙවී කට ඇරියෙ.මට ඉතින් එදත් හිතුනෙම අම්මට කන් ඇහෙන්නෑ කියලම තමයි හෙ හෙ ..මට ඉතිං උපරිමේ මළ මේ සීන් එකට ඇයි යකඩො දෙන්නෙපැයි අයියා කාරයට හොඳ සබ්බුවක් හරිනම් ආයෙ කුණුහරුප මතක් නොවෙන්නම.

අයියා කීවට මේක හෙනම දසයා.මේකා ඇහුවනවැ අම්ම ඉස්සරහ

“මොකක්ද මම කිව්ව කුනුහරුපෙ කියල”

කාල වරෙන්කො..දැන් දීපංකො ඉතින් උත්තර.රම්බ දැන් විලිලැජ්ජාවෙ ඇඹරෙනවා.අම්මගෙ මූණ බැලුවට අම්මත් ඔහෙ දන්නෑ වගේ ඉන්නව.මහපටගිල්ලෙන් සිමෙන්ති පොළව කන්න හඩන්නවා රම්බ විලිලැජ්ජාව වහගන්න.

ඒ පාර මේක බැලුවා යකඩෙ රත් වුන වෙලාවෙ තලාගන්න ඕනි කියලා පොර දැන් අම්ම ඉස්සරහ වීරය වගේ මගෙන් ප්‍රශ්ණ කරනවා.

“මම මොකක්ද කිව්වෙ,තමුසෙ කොහොමද දන්නෙ” කිය කියා.

ඔන්න ඉතිං පුතේ මගෙත් රතු කට්ට පැන්න. මාත් ඇදල ඇරියා අම්ම ඉස්සරහම ..

අම්මෙ අයියා හු__ කිව්වා කියලා.

අම්ම ඒත් සද්දයක් නෑ බොලව්..මෙන්න ඒ අතරේ අයිය කාරය

“හරි හරි දැන් තමුසෙත් කුණුහරුපයක් කීවා කියලා හෙන සතුටින් එතනින් දුවන් ගියා නොවැ.”

කාලා වරෙන්කො ඉතිං මමත් ෆුක් තක්බීර්

මට ආතක් පාතක් හිතාගන්න බැරිවුනා ඒ වුන වැඩේට.කිව්වත් වගේ දැන් මාත් කුණුහබ්බයක් අතෑරලා නොවැ.ඒකත් අම්ම ඉස්සරහම.ඔහොම අට මඟුලක් තමයි වුනොත් වෙන්නෙ මටත්.

ඊට පස්සෙ ඉතිං රම්බත් හීන් සීරුවේ ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ එතනින් ලිස්සලා ගියා.

මට ඒත් තාම හිතාගන්න බැරි මටත් කලින් අයියා කාරයා අම්ම ළඟට ගිහින් මොකක්ද කීවෙ කියලා.

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
stockphotos.it
livestrong.com

රම්බා පොඩි කාලෙ හරිම ආසයි පොත් පත් කියවන්න.කොටින්ම කීවොත් උපන්ගෙයි පොත් ගුල්ලෙක්.ආයෙ කථා පොතක් අතට අහූවුනොත් ඒක කියවලා ඉවරකරල තමයි අනිත් වැඩකරන්නෙ.කොටින්ම කීවොත් කෑමක් බීමක් ගැනවත් හිතක් නැතුව එක දිගට කියවගෙන යන්න පුළුවන් රම්බට පොඩි කොල්ලා කාලෙ.

රම්බගෙ අම්ම දේශපාලනේ කියන විද්‍යාව උගන්නන ගුරුතුමියක් හින්දා ඕනි තරම් ස්කෝලෙ පුස්තකාලෙන් පොත් හම්බෙනවා කියවන්න.ඉතිං රම්බගෙ වැඩේ මේ පොත් කියවන එකම තමයි.මේකෙන් හොඳක් සහ නරකක් දෙකම වුනා කියලා කියන්නත් පුළුවන්.මොකද සමහර වෙලාවට අම්ම පංතියේ උ/පෙල කරන ළමයින්ගෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් දැනීමක් සමහර වෙලාවට රම්බට පුලුවන්කම තිබුනා.අනිත් අතට අවාසිය තමයි වයසට ගැලපෙන තරමට වඩා දැනගත්තම වෙන අකරතැබ්බ.

ඔයාලට මතකද දන්නෙ නෑ ඉස්සර තිබ්බ මුතුහර කියල සඟරාවක්.ඉස්සර කීවට තාමත් තියෙනව හැබැයි දැන් ඒක ඒ තරම් ජනප්‍රිය නෑ වගේම හරවත් බවෙනුත් අඩුයි.

දවසක් රම්බා මුතුහර සඟරාවක් කියව කියව ඉන්නකොට මෙන්න බොලේ දන්නෙම නැති වචනයක් තියේ.වෙන මොකවත් නෙවී ඔය දාල තියෙන්නෙ මාතෘකාවෙම ලොකුවට දූෂනය කියලා ඒක තමයි.පුංචි කාලෙ අපි මොනව දන්නවටද ඉතින් දන්නැති කියන හැම දෙයක්ම දැනගන්න දුවල යන්නෙ අම්ම ගාවටනේ.

කෙලින්ම කොල්ල දුවන් ගියා අම්ම ගාවට ගිහින් ඇහුවා අම්මෙ දුෂනය කරනවා කියන්නෙ මොකක්ද කියලා.මෙන්න බොලේ අම්ම සද්දයක් නෑ.මමත් ඉතින් අතාරියි ඒව කොහෙද මාත් එක්ක, අම්ම කියල බැලුවේ නෑ ආයේ ආයෙ අහනව මේකෙ තේරුම.යකඩො අම්මට කන් ඇහෙන්නෙ නැතිවෙලා ගිහිල්ලද?කිසිම සද්දයක් නෑ.

මෙච්චර කාලයක් අහපු හැමදේටම උත්තර දුන්න අම්මට අද මොකක්ද වුනේ බොලව් රම්බට හෙන ප්‍රශ්නයක්.

ඔන්න ඔය වෙලාවට තමයි ඉස්ට දේවතාව වගේ රම්බගෙ අයිය කරළියට ආවෙ රම්බගෙ උදව්වට.පොර ශේප් එකේ ලයින් එකක් දුන්න පුතෝ එන පොට හොඳ නෑ ඕක අහන එක දැන් නවත්තපන් වගේ.මාත් ඉතින් සිද්දිය තේරුම් අරන් පැත්තකට වෙලා හිටියා.

මරුම වැඩේ කියන්නෙ මේකෙ තේරුම දැනගන්න මට වැඩි කාලයක් ගියේ නෑ.පහුවෙනිදා උදේම අයියයි මායි ස්කෝලෙ යනකොට පොර අහනව තමුසෙට අරකෙ තේරුම දැනගන්නම ඕනිද කියලා.මාත් ඉතිං ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කීයා වගේ පැනලා ඔව් කීවා.

පොර ආයෙ මල්ලි කියල බැලුවෙ නෑ සුද්ද සිංහලෙන්ම කියල දුන්න තේරුම මෙන්න මෙහෙම.

අයියා: තමුසෙ හු___ කියන එකේ තේරුම දන්නවද?(ඔව් ඔව් චුට්ටන් කොල්ලා කාලෙ ඉදං ඒවනම් දැනන් හිටිය..)

මම: ඔව්

අයිය: අන්න ඒකම තමයි දුෂනය කරනව කියන්නෙ.

ලොවෙත් නෑ යකෝ මටත් වෙන වැඩ දැන් ගෙදර ගිහින් අම්මගෙ මූණ බලන්නෙ කොහොමද කියා හෙන ලැජ්ජාවක් ඇතිඋනා.

අම්මපල්ල පොඩි උන්ට මේ වගේ ගැටළු නිරාකරණය කරන්න විදියක් ඇත්තෙම නැද්ද?

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
shelton.berkeley.edu
creativequestioncards.com

විලිලැජ්ජාවක් නැතුව ඔන්න ඔහෙ මේකත් කියලා දානව කියලා හිතුවා මම.අම්මප මේ වගේ දෙයක් කියාගන්න කොහොම හිත හදාගත්තද කියල මටම හිතාගන්න බෑ.මේ සිද්ධිය වුනේ මම ගොඩක් පොඩි කාලෙ නිසා මට හරියටම කාලෙනම් මතක නෑ.ගමේදි වුන සිද්ධියක් තමයි මේක.

ඉස්සර අපේ ගමේ හවසට කොල්ලො කුරුට්ටො වයසක නාකි ඔය හැමෝම හවස් වෙනකොට කඩමණ්ඩියට සෙට් වෙනවා.කොල්ලේ ක්‍රිකට් ගහනවයි වොලිබෝල් ගහනවයි එක සීන් එකයි.නාකි උන්දල ඉතින් විටක් පාරක් කාගෙන බීඩියක් සුරුට්ටුවක් උරාගෙන ඔය සෙල්ලම් බලන් ඉන්නවා.
ඇත්තටම ගමක් වගේ තමයි ඒ කාලෙ තිබ්බෙ අපේ ගම.

කොහොමින් කොහොම හරි ඔය අපේ ගමට අල්ලපු ගමේ හිටියා මනුස්සයෙක් නම චූටියා.අපිනම් ඇච්ච කොල්ල හින්ද කීවෙ චූටි මාමා කියලා.පොරගේ එක කකුලක් අනිත් එකට වඩා චූටියි.ඇවිදින්නෙ පැත්තකට වැඩියෙන් නැවිලා තමයි.ඒ වුනාට මොකද පොර කරන්නෙ ඔය වල් ඌරන්ට මදු අටවනව වගේ අංජබජල් වැඩ තමයි.

මාත් ඉතිං හුජ්ජ කොල්ල හින්දා මාවත් ඔය සෙල්ලම් වලට ගන්නෙ නෑ.ආයෙ බොරු මොකටද මම කරන්නෙත් ඕව බලන් ඉන්න එක තමයි.

ඔන්න ඉතිං දවසක් සෙනඟ මැද්දෙ මේ යකා මට කතා කරල කිව්වනොවැ කොල්ලො කඩේට ගිහින් අහුලුමුයි මුලුවාසනුයි අරන් වරෙන් කියලා.මම තක්බීර් කියන්නෙ ඒකෙත් උපරිම මේ පොඩි එකා කාලෙ මගෙ ජීවි තේටම අහල නැතිමඟුලක් කඩෙන් ගේන්න කීවම කාටද අන්දුන් කුන්දුන් වෙන්නැත්තෙ.

මාත් ඉතිං මී හරක වගේ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉදල ගිහිල්ල ඇහුවෙ නැතෑ ළගම තියෙන කඩෙන්.ම්..හෙ හෙ මුදලාලිය කින්ඩි හිනාවක් දාලා ඒව නෑ කීවෙ නැතෑ.මාත් ඉතිං වීරයා වගේ ගිහින් කිව්වා චූටි මාමේ කඩේ නෑ කිව්ව කියලා.ආහ් එහෙනම් කොල්ලො අර කඩෙනුත් අහල බලපන් කියල මාව පිටත් කරේ නෑතෑ අනිත් කඩේට.මාත් ඉතිං මුල් වතාවෙ ගටත් ඇගට අරන් ගිහින් ඇහුවා අක්කෙ අහුමුලුයි මුලුවාසනුයි ගන්න තියෙනවද කියලා.

විලිලැජ්ජාවෙ බෑ අක්ක බඩ පැලෙන්න හිනා වෙන්න ගත්තා.ඒ මදිවට අර මට ටොපිය සෙට් කරපු චූටියයි අනිත් වයසක උන්දැලයිත් බඩවල් අල්ලන් හිනාව.මටනම් හතර විලිලැජ්ජාවෙ පන ගියා ඒ සීන් එකට.ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ගමම ඉස්සරහා රම්බ චාටර් වෙලා හැමෝටම පේන්න ඇඩුවෙ ඔන්න එදා තමයි.

තාමත් මේ අහුමුලුයි මුලුවාසනුයි කියන්නෙ මොකක්ද කියල දන්නැති අය ඉන්නවනම් ඔය වචන දෙකම කටවහරෙ එන වචන.අහුමුලු කියන්නෙ ඔය අස්සක් මුල්ලක් වගේ තේරුමක් මුලුවාසන් කියන්නෙ හැමතැනම කියන එක.යකෝ ඕව ගන්න තියෙනවායැ කඩවල්වල.