පුකෑෂ් කිරිල්ල

Posted: June 24, 2011 in හොස්ටල් සිතුවම

බඩු හම්බුන හැටි

බඩු හම්බුන හැටි

මේකනම්ඉතිං පොඩි කාලෙ ගත්ත හොස්ටල් ෆන් එකක්…
ඔය කාලෙ ඇටෙන් පොත්තෙන් එළියට ආපු කාලෙ වුනාට මොකද පුදුම කැහිල්ලක් තිබුනෙ.අම්මෝ ඒ කාලෙ හෙන ලොකුවෙන්නෙ හිටියෙ.මේ සීන් එක පටන් ගත්තෙන්ම් 10 වසරෙදිද 11 වසරෙදිද කියන එකනම් හරියටම මතක නෑ.කොහොම හරි ඒ කාලෙ මේක පුදුම භීෂනයක් වෙලා තිබ්බේ.ඇයි
දෙයියනේ නිදහසේ හුස්මක් කටක් අරන් නිදාගන්නවත් නිදහවස් නෑ නොවැ මේ මඟුල නිසා.

ඔය හොස්ටල් එකේ රෑ කෑමෙන් පස්සෙ ඔනිනම් කට්ටියට නිදාගන්න පුලුවන් නැත්තම් ලේට් ස්ටඩීස් එහෙම කරන්න පුලුවනි.11 වසරෙ ඉතින් කස්ටියම සා/පෙ ගොඩ දාගන්න කියා රෑට ලේට් ස්ටඩීස් කරල තමයි නිදාගන්නෙ.ඔකෙත් තියෙනව ස්ටෙප් දෙකක්.එකක් රෑ 10.30 වෙනකම් ඉන්න එක.ගොඩක් ඉතින් හරියට පාඩම් කරන උන් ඔය ටයිම් එකට නිදාගන්න යනව.ඔයිට වඩ පාඩම් කොරෑකියෙ මිනිස්සුන්ට.හැබැයි ඉතින් මෙලෝ රහක් නැති රම්බ සහ ගැන්සියේ අයනම් කරන පාඩමක් නෑ.හැබැයි ඒ කස්ටිය සක්‍රීය වෙන්න ගන්නෙ ඔය ටයිම් එක පැන්නම තමයි ඕං.

රෑට හොරෙන් තැඹිලි බෑම තාප්පෙන් පැනල හොරෙන් බටයක් ඉරීම ඇතුලු එකී මෙකී නොකී අමුතුම උණක් තමයි කස්ටියටම ඒ කාලෙ තිබ්බේ.ඒව ඉතින් එහෙම ආවට ගියට කොරන්න දෙන්නෙත් නෑ.වෙනව උප සංස්කෘතියක් තියේ ඔය හැම වැඩකටම.ඒවයෙ විස්තරත් ඉස්සරහට කස්ටිය එක්ක බෙදාගන්නම්කො.ඔන්න ඉතින් කථාවෙන් පිට පැන්නනෙ.රෑ කස්ටියට නින්ද යන වෙලාව වෙනකම් ඉදල කස්ටිය සෙට් වෙනව පුකෑෂ් කිරිල්ලට යන්න.පුකෑෂ් කියන්නෙ වෙන මොකවත් නෙවි ඔය බායිය වගේ නිදන් ඉන්න එකාව ඇද පිටින්ම පෙරලලා දාන එක තමයි.මුලින් මුලින්නම් කස්ටිය බයෙන් කරේ.ඇයි හත්තිලව්වෙ ඔහොම පෙරළනකොට මුගෙ ඔලුවක් එහෙම වැඳුනොත් එහෙම පොලොවෙ කම්මුතුයිනොවැ.හැබැයි කල් යන්න කල් යන්න මෙකෙ එක්ස්පර්ට්ල හිටියා.උන් දන්නව ගානට ගේම දෙන්න.

ඔන්න ඉතින් කථන්දරේ පටන් ගන්නෙ මෙහෙමයි.එකෙක් ඉන්නව ලයිට් එක ලග.ඇයි ඉතින් ඇඳ පෙරලපු ගමන් ලයිට් ඕෆ් කරනෙපැයි.නැත්තම් කස්ටිය මාට්ටු වෙනවනෙ.පෙරළපු ගමන් ලයිට් ඕෆ් කරල කස්ටියම ළග ඇදවල්වලට පැනල දන්නෙ නෑ වගේ දොයි.ඉතිං අර පෙරලුන එකා කස්ටියගෙම අම්ම මුත්ත ඉදන් මතක් කරල තමයි ඇද හදාගන්නෙ.ඔයින් මෙයින් ඇදන් පස්සෙ පස්සෙ හෙලවෙන සයිස් එකට තමයි තිබුනෙ.
සමහර බුවාල ඉන්නව පෙරලුනාට පස්සෙ ඇදට හෙන ගහපන් කියල එහෙමම බිමම නිදාගන්නව.ඇයි ඉතින් ආයෙ කොහාට කියල පෙරළන්නද..හෙ හෙ..

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
http://www.wetbuster.com/

Advertisements
Comments
  1. ඔය ඇදෙන් පෙරලිච්ච එකෙක්ගෙ කොන්දක් එහෙම කැඩුනෙ නැද්ද බං….

    • sithuwam says:

      හෙ හෙ මුල් කාලෙනම් මචං මෙට්ටයක් බිම දාල තමයි ගේම දුන්නෙ.පස්සෙ තමා අපිට තේරුනේ කිසි හෙනයක් වෙන්නෑ කියල නිකං පුකෑෂ් කරත්.

  2. කෙසේ වෙතත් මරු නම මචං කොහොමද ඔය සෙල්ලමට ඔය නම වැ‍ටුනේ..?
    වෙලාවක් තිබුනොත් මගේ කුනු බක්කිය පැත්තෙත් ඇවිත් යන්න වරෙන් යාළු…
    කුනු බක්කිය

    • sithuwam says:

      ඇත්තටම නම වැටුන හැටිනම් මතක නෑ මචං.කස්ටිය සෙට් වුනාම අනිව අහල කියන්නම් නම වැටුන හැටි.

  3. […] එහෙනම් මම ආයෙම හොස්ටල් කථාවක් ගෙනාවා.පුකෑෂ් කිරිල්ල කියද්දි මම කීවනෙ හැම දේටම වෙනම උප […]

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s