අයියණ්ඩි උඹ ඉවසපං

Posted: June 24, 2011 in පබැඳුම්

නොහිතපු විදියට කූඩුවේ හිටපු උඹට කරදර වුනත්
අයියණ්ඩි උඹ ඉවසපං
අපි ඔක්කොම උඹ එක්ක..
කල්පයක් ගිහින් හරි උඹට හොඳ වෙනවනම්…
ඒ වෙනකනුත් අපි උඹ එක්ක ඉන්නවා..
තව ඉවසපං.
පය තියා ඇවිදින්න කිහිලිකරු නැතිවුනත්.
වාරුවට මං ඉන්නවා හැමදාම..
උඹට කල්යයි කියල මට කිරිල්ලි කූඩුවට ගේන්න කිවට
ඒකි ඉගිල්ලිලා ගිහිං අයියණ්ඩි.
අපි ඔක්කොම තව ඉවසමු..
ඒත් බං කෝ අපිට කිරිල්ලියෝ….

මේකත් එක්ක මට මේක කියවන හැමෝටම දෙන්න පොඩි අවවාදයක් තියෙනවා.වරදවා හිතන්නනම් එපා.ඒත් ආතල් එකට සෙට් වෙනකොට වගේම තමන් ඇසුරු කරන යළුවෝ ගැනත් ආයේ පාරක් හිතල බලන්න.මොකද මගෙ සහෝදරය ඔහොම යාළුවෝ වගයක් එක්ක පිස්සු කෙලින්න ගිහින් ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ගොඩක් කල් දුක් විදිනවා.එදා හිටපු යළුවෝනම් අද නෑ.ඒ නිසා පරිස්සමෙන් කල්පනා කරල බලල තීරණ ගන්න.

අද උදේ ඩොක්ටර් කියල තිබ්බ කකුල කපන්න වෙයි කියල.පස්සෙ ගොඩක් කථා කරල තමයි එහෙම නොකප ඉන්න තීරණේ ගත්තෙ.හැබැයි හොඳ වෙන්නනම් තව අවුරුදු ගාණක් යයි…

පරිස්සමෙං රජෝ

Advertisements
Comments
  1. මම පිස්සු කෙලින්නේ නම් තනියෙන් බං. මොකද මට බෑ මගේ ජීවිතේ අවදානම වෙන එකෙක් පිට පටවලා ඌව වැරදි කාරයා කරන්න.

    ඒ වුනාට ෆන් එකක් ගද්දිනම් කට්ටියම සෙට් වෙනවා. ආයෙම ත්‍රිලක් ගද්දී ආයෙමත් තනිවෙනවා.

  2. Pro says:

    හැම සිද්ධියකටම පසුබිම් වුනු තවත් සිද්ධියක් සහ හැම සිද්ධියකටම ඒ හා සබැදි අවසානයක් ද තියෙනවා. නමුත් ඒ සිද්ධියේ අවසානය අපි හිතන තරම් ඉක්මනට එන්නෙත් නැහැ, ඒ වගේම අපි හිතන තරම් පරක්කු වෙන්නෙත් නැහැ. ඒ නිසා මමත් හිතන්නේ ඉවසීම සියල්ලට උත්තර සපයන බවයි.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s