කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා…

Posted: June 20, 2011 in Uncategorized

ඇත්තටම හිතේ දුක යන්න කියල පටන් ගත්ත මේ බ්ලොග් ලියන එකෙන් තවත් වේදනාවක් හදවතට දාගත්තද කියල හිතුන අද.අලුතෙන්ම බ්ලොග් ලියන්න පටන් ගත්තට සින්ඩියකට බ්ලොග් එක ඇඩ් කරාට තාම කවුරුවත් මගෙ බ්ලොග් එකට ඇවිත් නෑ.එකම එක කොමෙන්ටුවක් වත් නෑ.දුකයි ඒත් මම ලියන එක නවත්තන්නෑ.
ජීවිතේ ගෙවන වේදනාත්මකම කාලෙ මේකත් තවත් ටෙස්ට් එකක් වෙන්න ඇති මගෙ ජීවිතේ ගැන.මට මේක පටන් ගන්න හිතුන අරමුණ නම් වෙනස් උනා.මම ගොඩක්ම බලාපොරොත්තු උනේ අධ්‍යාපනික වටිනාකමක් තියෙන විදියෙ බ්ලොග් එකක් ලියන්න.නමුත් ගොඩක් බ්ලොග් වල තියෙන අත්දැකීම් බෙදා ගන්න එක ගැන මගෙ ආසාවක් ඇති වුන නිසා මේ විදියෙන් පටන් අරන් ටිකෙන් ටික අධ්‍යාපනික වටිනාකමක් තියෙන විදියෙ බ්ලොග් එකක් කරන එක තමා මගෙ අරමුණ උනේ.
ඒත් දැන් දැන් හිතෙනවා ඒ අරමුණ කරා ළගා වෙන එක හීනයක්ම වෙයිදත් කියලා.
ඒ වගේම අළුත් කෙනෙකුට බ්ලොග් අවකාශය තුළ ගමණක් අරඹන්න තියෙන බාධක ගැන ටික ටික දැනීමක් මේ හරහා මට එකතු වෙනවා.ඇත්තටම මේ වගේ බාධක දුක් විදගෙන දෙයක් කරණ එකෙත් සුන්දරත්වයක් විදින්න තියෙනවා.මම වගේ ආධුනිකයෙකුට මෙ සම්බන්ධව උපදෙසක් දෙන්න හෝ ගන්න තැනක් තියෙනවද ඇත්තටම..

Advertisements
Comments
  1. නදී... says:

    දුක් වෙන්න එපා දිගටම ලියන්න.එකපාර කොමෙට්න්ස් වලින් බ්ලොග් එක පිරෙන්නෙ නැනේ.ටිකක් කල් යනව තමා.ඉවසන්න.සින්ඩි වලටත් බ්ලොග් එක දාන්න. 🙂

    • sithuwam says:

      ඔව් ඒකනම් ඇත්ත තමයි.හැබැයි ඔය පෝස්ට් එක දැම්මට පස්සෙනම් මම ගොඩක් ආස කරන බ්ලොග් ලියන දෙන්නම සිත්තමට අඩිය තියල යන්න ආවා.ඒකෙන් පස්සෙ මම මොන බාධක ආවත් දිගටම කියනව කියල හිතාගත්තා.
      ගොඩක් ස්තූතියි මේ වගේ මාව දිරිමත් කරාට.අනිව මම දිගටම මේක කරගෙන යනවා.මෙහෙම ධෙර්යමත් කරාම කාටද ආස හිතෙන්නැත්තෙ දිගටම කරගෙන යන්න.

  2. අලුතෙන් බ්ලොග් ලියනකොට කොහොමත් ඔහොම තමයි යාළු මමත් මගේ කුනුබක්කිය ලියන්න අරන් දවස් 10ක්වත් නෑ තාම.. මුලදි තිබ්බ හිට් ගාන එතකොට කමෙන්ට් එහෙම ටික ටික අඩු වෙනවා ඒත් මම නම් ලියන එක අතෑරලා නෑ..ඉඩලා හිටලා මඩ කුප්ප කතා එහෙමත් ලියන නිසා මම සින්ඩි වල මේක දාන්නත් ගියේ නෑ..

    කවුරු නැතත් මම හැමදාම උබගේ බ්ලොග් එක බලනවා මචන් අනිවා කමෙන්ට් එකකුත් දානවා ඒ නිසා වැඩේ දිගටම කරගෙන යන්න..

    • sithuwam says:

      ඇත්ත මචං.මම ඔය කමෙන්ට් එක ලිව්වට පස්සෙ මචං ඒ තිබ්බ ආකල්පෙ වෙනස් වුනා.මම ආසාවෙන්න කියනව බ්ලොග් 2කේම උන් බලල කමෙන්ට් කරලත් තිබ්බා.මම එහෙම ඒව පස්සෙ එළවන්නෑ බං.මම ලියන්නෙ මගෙ සතුටට.සතුටට කීවට මේ හිතේ තියෙන දුක පිට කරගන්න.මමත් හැමදාම බලන බ්ලොග් 4ක් විතර තියෙනවා.අනිව හැමදාම උඹේ එකටත් යනවා මම.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s