Archive for June, 2011

බැල්ලි

Posted: June 28, 2011 in පබැඳුම්

මූනිච්චාවට ළඟ හිටියට..
වෙන උන් එක්ක සතුටු වුනා නේද
හිතුන්නැද්ද උඹට
පව් කියල මම
ලැජ්ජයි මට ඒත් කමක්නෑ
උඹ සතුටු වුනනෙ
බැල්ලි…..

නොහිතපු විදියට කූඩුවේ හිටපු උඹට කරදර වුනත්
අයියණ්ඩි උඹ ඉවසපං
අපි ඔක්කොම උඹ එක්ක..
කල්පයක් ගිහින් හරි උඹට හොඳ වෙනවනම්…
ඒ වෙනකනුත් අපි උඹ එක්ක ඉන්නවා..
තව ඉවසපං.
පය තියා ඇවිදින්න කිහිලිකරු නැතිවුනත්.
වාරුවට මං ඉන්නවා හැමදාම..
උඹට කල්යයි කියල මට කිරිල්ලි කූඩුවට ගේන්න කිවට
ඒකි ඉගිල්ලිලා ගිහිං අයියණ්ඩි.
අපි ඔක්කොම තව ඉවසමු..
ඒත් බං කෝ අපිට කිරිල්ලියෝ….

මේකත් එක්ක මට මේක කියවන හැමෝටම දෙන්න පොඩි අවවාදයක් තියෙනවා.වරදවා හිතන්නනම් එපා.ඒත් ආතල් එකට සෙට් වෙනකොට වගේම තමන් ඇසුරු කරන යළුවෝ ගැනත් ආයේ පාරක් හිතල බලන්න.මොකද මගෙ සහෝදරය ඔහොම යාළුවෝ වගයක් එක්ක පිස්සු කෙලින්න ගිහින් ඇක්සිඩන්ට් එකක් වෙලා දැන් ගොඩක් කල් දුක් විදිනවා.එදා හිටපු යළුවෝනම් අද නෑ.ඒ නිසා පරිස්සමෙන් කල්පනා කරල බලල තීරණ ගන්න.

අද උදේ ඩොක්ටර් කියල තිබ්බ කකුල කපන්න වෙයි කියල.පස්සෙ ගොඩක් කථා කරල තමයි එහෙම නොකප ඉන්න තීරණේ ගත්තෙ.හැබැයි හොඳ වෙන්නනම් තව අවුරුදු ගාණක් යයි…

පරිස්සමෙං රජෝ

බඩු හම්බුන හැටි

බඩු හම්බුන හැටි

මේකනම්ඉතිං පොඩි කාලෙ ගත්ත හොස්ටල් ෆන් එකක්…
ඔය කාලෙ ඇටෙන් පොත්තෙන් එළියට ආපු කාලෙ වුනාට මොකද පුදුම කැහිල්ලක් තිබුනෙ.අම්මෝ ඒ කාලෙ හෙන ලොකුවෙන්නෙ හිටියෙ.මේ සීන් එක පටන් ගත්තෙන්ම් 10 වසරෙදිද 11 වසරෙදිද කියන එකනම් හරියටම මතක නෑ.කොහොම හරි ඒ කාලෙ මේක පුදුම භීෂනයක් වෙලා තිබ්බේ.ඇයි
දෙයියනේ නිදහසේ හුස්මක් කටක් අරන් නිදාගන්නවත් නිදහවස් නෑ නොවැ මේ මඟුල නිසා.

ඔය හොස්ටල් එකේ රෑ කෑමෙන් පස්සෙ ඔනිනම් කට්ටියට නිදාගන්න පුලුවන් නැත්තම් ලේට් ස්ටඩීස් එහෙම කරන්න පුලුවනි.11 වසරෙ ඉතින් කස්ටියම සා/පෙ ගොඩ දාගන්න කියා රෑට ලේට් ස්ටඩීස් කරල තමයි නිදාගන්නෙ.ඔකෙත් තියෙනව ස්ටෙප් දෙකක්.එකක් රෑ 10.30 වෙනකම් ඉන්න එක.ගොඩක් ඉතින් හරියට පාඩම් කරන උන් ඔය ටයිම් එකට නිදාගන්න යනව.ඔයිට වඩ පාඩම් කොරෑකියෙ මිනිස්සුන්ට.හැබැයි ඉතින් මෙලෝ රහක් නැති රම්බ සහ ගැන්සියේ අයනම් කරන පාඩමක් නෑ.හැබැයි ඒ කස්ටිය සක්‍රීය වෙන්න ගන්නෙ ඔය ටයිම් එක පැන්නම තමයි ඕං.

රෑට හොරෙන් තැඹිලි බෑම තාප්පෙන් පැනල හොරෙන් බටයක් ඉරීම ඇතුලු එකී මෙකී නොකී අමුතුම උණක් තමයි කස්ටියටම ඒ කාලෙ තිබ්බේ.ඒව ඉතින් එහෙම ආවට ගියට කොරන්න දෙන්නෙත් නෑ.වෙනව උප සංස්කෘතියක් තියේ ඔය හැම වැඩකටම.ඒවයෙ විස්තරත් ඉස්සරහට කස්ටිය එක්ක බෙදාගන්නම්කො.ඔන්න ඉතින් කථාවෙන් පිට පැන්නනෙ.රෑ කස්ටියට නින්ද යන වෙලාව වෙනකම් ඉදල කස්ටිය සෙට් වෙනව පුකෑෂ් කිරිල්ලට යන්න.පුකෑෂ් කියන්නෙ වෙන මොකවත් නෙවි ඔය බායිය වගේ නිදන් ඉන්න එකාව ඇද පිටින්ම පෙරලලා දාන එක තමයි.මුලින් මුලින්නම් කස්ටිය බයෙන් කරේ.ඇයි හත්තිලව්වෙ ඔහොම පෙරළනකොට මුගෙ ඔලුවක් එහෙම වැඳුනොත් එහෙම පොලොවෙ කම්මුතුයිනොවැ.හැබැයි කල් යන්න කල් යන්න මෙකෙ එක්ස්පර්ට්ල හිටියා.උන් දන්නව ගානට ගේම දෙන්න.

ඔන්න ඉතින් කථන්දරේ පටන් ගන්නෙ මෙහෙමයි.එකෙක් ඉන්නව ලයිට් එක ලග.ඇයි ඉතින් ඇඳ පෙරලපු ගමන් ලයිට් ඕෆ් කරනෙපැයි.නැත්තම් කස්ටිය මාට්ටු වෙනවනෙ.පෙරළපු ගමන් ලයිට් ඕෆ් කරල කස්ටියම ළග ඇදවල්වලට පැනල දන්නෙ නෑ වගේ දොයි.ඉතිං අර පෙරලුන එකා කස්ටියගෙම අම්ම මුත්ත ඉදන් මතක් කරල තමයි ඇද හදාගන්නෙ.ඔයින් මෙයින් ඇදන් පස්සෙ පස්සෙ හෙලවෙන සයිස් එකට තමයි තිබුනෙ.
සමහර බුවාල ඉන්නව පෙරලුනාට පස්සෙ ඇදට හෙන ගහපන් කියල එහෙමම බිමම නිදාගන්නව.ඇයි ඉතින් ආයෙ කොහාට කියල පෙරළන්නද..හෙ හෙ..

පිංතූරෙ ඩැහැගත්තෙනම් මෙතනින්
http://www.wetbuster.com/

සිල් ගත්තත් පෝයට..
පිං දම් කලත් ලෝකෙට..
දාඩිය සුවඳ දැනෙන බෑනෙක්
දුවට කැපෙන් නෑ කිව්
අම්මණ්ඩි..
මගෙ වෙන්න හිටපු නැන්දම්මා.

ආයෙ බොරු මොකටද මේකනම් මම ලියපු එකක් එහෙම නෙවි ඔන්න…
මේක තිබ්බෙ අපි උ/පෙ කාලෙ ප්‍රොජෙක්ට් කරානෙ.අන්න එහෙම නිසඳැස් ගැන කොල්ලෙක් කරපු ප්‍රොජෙක්ට් එකක.පොරනම් කීවෙ පොර ලිව්ව කියල තමයි.ඔන්න හැබෑ අයිතිකාරයෙක් එහෙම ඉන්නවනම් තරහ අවසර කොරනව හොදයි.

රුවැත්තියකට හිමි
නුඹේ පුළුලුකුල
මුවැත්තියකට තිබුනානම්
වනේ වන්නිල ඇත්තන්ටවත් වටී.

සිංදුව තිබ්බෙ බරයගේ ප්‍රොජෙක්ට් එකේ..